sticky_note_PNG18952.jpg

Sunday, January 1, 2017

වයර් රහිත දත්ත සම්ප්‍රේක්ෂණ සම්මතයන්

මාස ගානක් එකදිගට රස්සාව නිසා කාර්යබහුල උන නිසා මේ පැත්තේ එන්නවත් ඉඩක් ලැබුණේ නෑ.හරි ඒ කොහොම උනත් මම හිතුවා මේ බ්ලොග් එක පිළිවෙලට යනවට වඩා ඉඩක් ලැබෙන අවස්ථාවල දන්න උපරිම දේ ඔයාලට කියලා දෙන්න යොදා ගන්න එක ඵලදායී වෙයි කියලා.

අද මම කතා කරන්න හිතුවේ වයර් රහිත දත්ත සම්ප්‍රේක්ෂණ සම්මතයන් ගැන.මොකද අද මේ ක්‍රම විධි තමයි වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නේ.මේ වයර් රහිත දත්ත සම්ප්‍රේක්ෂණ මාධ්‍යයන් සංඛ්‍යාතය, තාක්ෂණය, වේගය හා වෙනත් සාධක මත එකින්එකට වෙනස් වෙනවා.හරි අපි දැන් වඩාත් ජනප්‍රිය වයර් රහිත දත්ත සම්ප්‍රේක්ෂණ සම්මතයන්/මාධ්‍යයන් කිහිපයක් ගැන කතා කරමු.


  • BlueTooth (බ්ලූටූත්)
  • Wifi (වයිෆයි)
  • Wi-Max (වයිමැක්ස්)
BlueTooth (බ්ලූටූත්)



මොකක්ද මේ බ්ලූටූත් කියන්නේ. මේ කියන්නේ කූඩා වපසරියක් තුල දත්ත සම්ප්‍රේක්ෂණය සඳහා භාවිතා කළ හැකි අන්තර්ජාතිකව පිළිගත් සම්ප්‍රේක්ෂණ මාධ්‍යයක් එහෙමත් නැතිනම් සම්මතයක්.මේ කියන බ්ලූටූත් වල අතීත කතාව මේන්න මෙහෙමයි.

බ්ලූටූත් තාක්ෂණය ලොවට හඳුන්වා දෙන ලද්දේ දුරකතන සඳහා සුප‍්‍රකට ස්වීඩන් සමාගමක් වන එරික්සන් සමාගමයි(දැන්නම් මේ සමාගම සෝනි සමාගම යටතේ තමයි තියෙන්නේ). ක‍්‍රි.ව.958 සිට 985 අතර කාලයේ ඩෙන්මාර්කයේ රජ කල හැරල්ඩ් ‘බ්ලූටූත්’ ගොම්සන් රජුගේ නමින් මෙම තාක්ෂණය නම් කර ඇත. මෙම රජතුමා ඩෙන්මාර්කය, ස්විඩනය, නෝර්වේ යන රටවල් තුන එක්සේසත් කර එකම රාජ්‍යයක් ලෙස පාලනය කර ඇත. හැරල්ඩ් ‘බ්ලූටූත්’ රජතුමා තමාගේ රාජධානිය එක්සේසත් කලා මෙන් විවිධ සංනිවේදන විධික‍්‍රම එකට සම්බන්ධ කරන මෙම තාක්ෂණයට රජුගේ නම වන බ්ලූටූත් යන්න යොදා තිබේ. බ්ලූටූත් සඳහා ලාංඡනය වශයෙන් තෝරාගෙන ඇත්තේ පැරණි ජර්මානු භාෂාවක් වූ රූන් භාෂාවෙන් ලියන ලද මේ රජුගේ නම් වල මුල් අකුරු දෙකෙහි එකතුවකි.

බ්ලූටූත් වලට වෙන්කරලා තියෙන සංඛ්‍යාත පරාසය ගිගාහර්ට්ස් 2.40 - 2.48 අතරේ තමයි තියෙන්නේ.බ්ලූටූත් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම සඳහා භාවිතා කරන්නේ ද ඉතා කුඩා බලයන් සහිත ගුවන් විදුලි සංඥාය.  ඇතැම් අවස්ථා සඳහා මිලි වොට් එකක බලයක් වුවද ප‍්‍රමාණවත් වේ. අඩු බලයක් සහිත තරංග භාවිතා කරන බැවින් බ්ලූටූත් මගින් ආවරණය කරන කලාපය අඩි 30 ත් අඩි 300 අතර ප්‍රමාණයකට කට පමණ සීමා වේ.එහෙම කිව්වට බොහෝවිට ඉතා කෙටි දුරකට පමණයි මේක මාධ්‍යය යොදා ගත හැකි වන්නේ.  එනිසාම බ්ලූටූත් උපකරණ ක‍්‍රියාත්මක කිරීම සඳහා කුඩා ප‍්‍රමාණයේ බැටරියක් සෑහේ. තවද එකම තැනක ඇති  රූපවාහිණි, ගුවන්විදුලි, ජංගම දුරකතන වැනි අනෙකුත් විද්‍යුත් උපකරණ භාවිතා කරන සංඥා වලටද මෙම සංඥා මගින් බලපෑමක් සිදුනොවේ.මෙම මාධ්‍යය මගින් දත්ත හුවමාරුව සඳහා ලබාදෙන උපරිම වේග සීමාව 1mbps - 2mbps අතරේ තමයි තියෙන්නේ.(mbps - කියන්නේ තත්පරේට මෙගා බිට් කියද යන්න (Mega bit per second).මේ සම්ප්‍රෙක්ෂණ මාධ්‍යයට ආරක්ෂාව යටතේ දත්ත සම්ප්‍රේක්ෂණය සඳහා 128 බිට් ආකාරයේ ගුප්ත කේතනයන්(Encryption - ඉදිරියේදී කියා දීමට නියමිතය) යොදා ගැනීමට හා මුරපද සහිත ප්‍රවේශ භාවිතා කළ හැකිය.බ්ලූටූත් සඳහා IEEE ( Institute of Electrical and Electronics Engineers )කට්ටිය එහෙමත් නැතිනම් අන්තර්ජාතික ලෙස සම්මතයන් සාදන මේ අය හඳුන්වාදුන් සම්මතය තමයි  IEEE 802.15.1. හැබැයි දැන්නම් මේක පවත්වාගෙන යෑමක් සිදුවෙන්නේ නෑ කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

Wifi (වයිෆයි)





මේ ක්‍රමය තමයි වර්තමානයේ ජාලගත කිරීම් වල බහුල ආකාරයෙන් යොදාගනු ලබන්නේ. ඒ මක් නිසාද යත් ඉහතින් සඳහන් කල බ්ලූටූත් මාදිලියට වඩා සෑම අතින්ම ඉදිරියෙන් සිටින සම්ප්‍රේක්ෂණ මාධ්‍යයක්  වන බැවිනි. මෙම මාධ්‍යය තුළින්ද දත්ත හුවමාරු කර ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙනු ලබන අතර එහිදී පරාසය හා බලය අතින් බ්ලූටූත් වලට සාපේක්ෂව ඉහළ තලයක රැදීසිටී. මෙම මාධ්‍යය භාවිතාකරන සංඛ්‍යාත පරාසය ගිගාහර්ට්ස් 2.4 පරාසය වන අතර මෙහි වේගය ලෙස 11mbps - 54mbps අතරේ අගයන් දැක්විය හැකිය.ඇත්තෙම්ම වර්තමාන සමාජය තුළ මෙම ජාල මාධ්‍යය ජනප්‍රිය වීමට වේගයද මහත් රුකුලක් වී තියෙනවා.බ්ලුටූත් වලට සාපේක්ෂව මෙම Wifi (වයිෆයි) මාධ්‍යය ආයතන , ගොඩනැගිලි, කර්මාන්තශාලා යනාදී අයිතමයන් ජාලගත කිරීම සඳහා පහසුවෙන් යොදාගනු ලබනවා.මෙම ජාලගත ක්‍රමයද අඩි 300 හා ඊට ඉහළ පරාසයන් සඳහා භාවිතා කිරීමට හැකියාව තියෙනවා.Wifi (වයිෆයි) සඳහාද ආරක්ෂිත ක්‍රම/මුරපද භාවිතා කිරීමේ හැකියාවක් පවති.එනම් WPA/WPA2 PSK ලෙසින් මුරපද භාවිතා කිරීමේ හැකියාව ඇත.Wifi (වයිෆයි) සඳහා IEEE ( Institute of Electrical and Electronics Engineers )කට්ටිය එහෙමත් නැතිනම් අන්තර්ජාතික ලෙස සම්මතයන් සාදන මේ අය හඳුන්වාදුන් සම්මතය තමයි  IEEE 802.11. බහුල වශයෙන් භාවිතා වන සම්මතයක් තමයි IEEE 802.11g☺☝

Wi-Max (වයිමැක්ස්)



ඉතිරිය ඉක්මනින්ම ලියන්නම්

0 අදහස්:

Post a Comment

 
Angry Birds -  Help