sticky_note_PNG18952.jpg

C Language සිංහලෙන්



ඔන්න අද ඔයාලට ටිකක් විතර වැදගත් දෙයක් ඉදිරිපත් කරන්න හිතා ගත්තා.මොකද මේ කියන්න යනදේඇත්තටම හරියට ඔළුවට දා ගත්තොත් එක පරින් ආයේ ලෝකේ තියෙන ඕන programming language එකක් නතින්. මොකද වර්තමානය වන විට පිළිගන්න දෙයක් තමයි programming පැත්තට අළුතෙන් එන කෙනෙක්ට අත් පොත් තබන්න හොඳම ක්‍රම ලේඛණ භාෂාවක් විදියට C කියන භාෂාව.මේක එහෙමත් නැත්නම් C කියන පරිගණක භාෂාව 3වෙනි පරම්පරාවට අයිති පරිගණක භාෂාවක් විදියට තමයි පිළිගන්නේ.ඇත්තවශයෙන්ම “C” පරිගණක ක්‍රමලේඛණ භාෂාවට ප්‍රථම පැමිණි පැස්කල් නමින් හදුන්වනු ලබන ක්‍රමලේඛණ භාෂාව මෑතක් වන තුරුම ආධුනිකයින් සදහා උපයෝගී කරගත්තද වර්තමානය වන විට පැස්කල් වෙනුවට “C” පරිගණක ක්‍රමලේඛණ භාෂාව වැඩිදුර යොදා ගැනීම හේතුකොටගෙන මෙම අඩවිය තුළින් “C” පරිගණක ක්‍රමලේඛණ භාෂාව පිළිබද දැනුමක් ලබා දීම සිදුකරනු ලැබේ.

“C” පරිගණක ක්‍රමලේඛණ භාෂාවේ නිර්මාපකයින් වශයෙන් ඩෙනිස් රිචි සහ බ්‍රයන් කනිංහැම් යන පරිගණක විද්‍යාඥ්‍යවරුන් හදුන්වාදීමට හැකිය.වර්මානය වනවිට මේ කියන C ක්‍රමලේඛණ භාෂාව දියුණු වී C++, C# වැනි දියුණු භාෂාවන් කරලියට පැමිණියද අත්දැකීම් හා පලපුරුද්ද ලබා ගැනීමට නම් මෙවන් සංකීර්ණ භාෂාවක් හදාරා තිබීම වැදගත් කියලා තමයි හිතන්නේ.මොකද අද වන විට Visual Studio වැනි මෘදුකාංග හරහා සරලව මෘදුකාංග නිර්මාණය කරගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා තිබුණද නව්‍යතා අත්හදා බැලීම සඳහා මුලිකාංග ගැන අත්‍යාවශ්‍යෙයන්ම දැනුමක් ලබා තිබිම වැදගත් කියලයි මම නම් හිතන්නේ.
මම සරලව ටිකක් කෙටියෙන් පරිගණක භාෂා වල විකාශණයත් මෙතැනින්ම කියන්නම්.අපේ පරිගණක භාෂා විකශණයේ අරම්භය සටහන් වෙන්නේ චාල්ස් බැබේජ් මහත්තයාගේ Analytical Engine එකෙන්. ඒ මැෂින් එකට වැඩසටහනක් ලියපු ඇඩා ඔගස්ටා (මෙයා බැබේජ් මහත්තයාගේ ගැණු ලමයා කියත් කියනවා :D.ඒවා අදාළ නෑනේ.  ) තමයි මුල්ම ක්‍රම ලේඛණ ලියන්නිය විදියට ඉතිහාස ගත වෙන්නේ. ඒ කියන්නේ මුල්ම Programmer ඇත්තටම ගෑණු කෙනෙක්.මේ නෝනා ලියපු පරිගණක භාෂාව තමයි මිනිස්සු Machine code කියලා හඳුන්වන්න ගත්තු මුල්ම පරම්පරාවේ ක්‍රමලේඛණ භාෂා වර්ගය. හරියටම ඒක මේ වගේ.
A - 01000001  B - 01000010   C - 01000011  D - 01000100
ඔන්න සරල වාක්‍යයක් Machine code එකෙන් 
This is my blog - 01010100 01101000 01101001 01110011 00100000 01101001 01110011 00100000 01101101 01111001 00100000 01100010 01101100 01101111 01100111
ඇඩෙනවා නේද. මේක තමයි අපේ පරිගණකයේ processor එක තේරුම් ගන්න භාෂාව.තේරුම් ගන්න හරිද.අප අපි මොන software හැදුවත් interpreter එකක් හරි translator එකක් හරි ආධාරයෙන් machine code වලට පරිවර්තනය කරලා තමයි පරිගණකයට ලබා දෙන්නේ. නැුතුව අපි මේ software හදන advance programming language වලින් එන output ඒ විදියටම පරිගණකයට නම් තේරුම් ගන්න බෑ.ඒක නිසා ඒ හැම output එකට අනිවා 0,1 කියන binary value වලට පරවර්තනය වෙන්නම වෙනවා.
හරි දැන්කාලයක් යද්දී මිනිස්සුන්ට තේරුම් යනවා මේ වගේ භාෂාවක් අළුතෙන් ක්ෂේත්‍රයට එන කෙනෙක්ට ලේසියෙන් තේරුම් ගන්න බෑ කියන දේ. ඒක නිසා ෆීල්ඩ් එකේ දියුණුවත් පමා වෙනවා.අන්න ඒ නිසා මිනිස්සු අළුත් පරම්පරාවක් එහෙමත් නැත්නම් 02වන පරම්පරාව ලෝකෙට හඳුන්වා දෙන්න උත්සහ ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ලෝකෙට assembly Language හඳුන්වා දෙනු ලබනවා.මේ කථාව ලෝකෙට එන්නේ මට මතක විදියට නම් 1942 වගේ කාලයේදී John V Atanasoff  කියන මහත්මයා විසින්.හැබැයි මේ කියන assembly Language එකත් අර වගේමයි.මේකෙදිත් ඉලක්කම් වලින්මයි ගේම ගියේ.
අර වගේම කෙටි කාලයකින් මිනිස්සුන්ට එපා උණා.මිනිස්සු 3 වෙනි පරම්පරාවක් ගැන හිතන්න උත්සහ ගත්තේ මේ වකවානුවෙදී. මෙන්න මෙතැනදී තමයි.මිනිස්සුන්ට කියවන්න පුළුවන් විදියට human readable language බිහිවෙන්නේ මෙන්න මේ කියන පරම්පරාවෙදී. මේ යුගයේදී මුලින්ම ලෝකෙට ආව language එක තමයි 1950 දී විතර ආව Fortran, Algol, Cobol කියන පරිගණක භාෂා.මේවා ඉංග්‍රිසී භාෂාවේ වචන ඇතුළත් කරමින් භාවිතා උණ නිසා දෙයියන්ගේ පිහිටෙන් මිනිස්සුන්ට සරලව අවබෝධ කරගැනීමට හැකියා ලැබුණා. ඒ වගේම ක්ෂේත්‍රෙය් දියුණුව ඉතාම ඉක්මනින් සිද්ධ වෙන්නත් මේ කියන සොයා ගැනීම ඉහවල් උනා කිව්වොත් නිවැරදියි. 
දැන් අපි සරලව C ඉගෙන ගන්න ට්‍රයි එකක් දෙමු
මෙන්න පාඩම් මාලාව
1. C Programming Language පළමු පාඩම

0 අදහස්:

Post a Comment

 
Angry Birds -  Help