sticky_note_PNG18952.jpg

Sunday, January 8, 2017

Duplex Communication ගැන

අද මම මේක ගැන කථා කරන්න හිතුවේ කලින් දවසේ දාපු පෝස්ට් එකේ OSI Layers වල මේ ගැන පුංචියට කතා කරපු නිසා. මේක ඇත්තටම ලොකු ත්‍රෙඩ් එකක් වෙන්න ඔනේ නෑ සරලව කියලා දෙන්නම්.මෙතැනදී කතා කරන්නේ සන්නිවේදනය ගලා යන ආකාරය සම්බන්ධව. ඒ කියන්නේ මේ සන්නිවේදන කාර්යයට පාර්ශව දෙකක් සම්බන්ධයි කියලා අපි දැන් දන්නවා. ඒ දත්තය යවන කෙනා සහ ලබන කෙනා. මේ දෙන්නා අතර සිද්ධ වෙන සන්නිවේදනය අතර තුර දත්තය යැවීම සහ ඒ සම්බන්ධව ප්‍රතිපෝෂණ දැක්වීම යන කාරණා දෙක සිදු වීම සම්බන්ධව තමයි මේ කතාව ගොඩ නැගෙන්නේ. මුලින්ම මේ සම්බන්ධයෙන් අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ

Simplex Communication 

මෙතැනදී එක පැත්තකට පමණයි දත්ත යැවීම සිදුවන්නේ. දත්තය යවන කෙනා දිගින් දිගටම තම කාර්යය කරන අතර දත්තය ලබන කෙනා නිහඩ පිළිවෙතක් අනුගමනය කරයි. මෙන්න මේවගේ සිද්ධි වලදී තමයි Simplex Communication භාවිතා වෙන්නේ.


Half-Duplex Communication 

මෙතැනදී කථා කරන්නේ එක් වරකට එක් පැත්තකට පමණක් දත්ත යවන නමුත් දෙපාර්ශවයටම දත්ත හුවමාරු කිරීමට ඉඩ ලැබෙන අවස්ථාවකි.උදාහරණයක් විදියට වෝකිටෝකි යන්ත්‍රය ගෙන හැර දැක්විය හැකිය. මෙහිදි A හා B විසින් වෝකිටෝකි භාවිතාකරන්නේනම් A විසින් තම අදහස ප්‍රකාශ කර අවසන් වන තෙක් B හට තම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොමැත.A විසින් දත්තය යැවීම අවසන් කළ පසු B හට දත්ත යැවීමට අවස්ථාව උදාවේ.



Full-Duplex Communication 

මෙතැනදී දෙපාර්ශවයටම එක වර දත්ත හුවමාරු කිරීමේ අවකාශය ලැබෙනවා.ජංගම දුරකථනය, පරිගණක ජාල උදාහරණ ලෙස ගෙනහැර දැක්විය හැකිය.




ඔන්න සරලව ඒ පාඩම ඉවරයක් කළා.අදට ගිහින් එන්නම්.

Related Posts:

  • Networking Devices ගැන ටිකක් ඔන්න අද කියන්න යන්නේ නෙට්වර්ක් වලට අදාල වෙන Devices ටිකක් ගැන හඳුන්වා දෙන්න.මේ දේවල් නෙට්වර්ක් එකක මූලිකාංග කිව්වොත් වඩාත් නිවැරදියි. මේ දේවල් ටිකත් ඉදිරියට යන්න අපිට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා එකෙන්ම. එහෙනම් ඒ මොනවද ක… Read More
  • Duplex Communication ගැන අද මම මේක ගැන කථා කරන්න හිතුවේ කලින් දවසේ දාපු පෝස්ට් එකේ OSI Layers වල මේ ගැන පුංචියට කතා කරපු නිසා. මේක ඇත්තටම ලොකු ත්‍රෙඩ් එකක් වෙන්න ඔනේ නෑ සරලව කියලා දෙන්නම්.මෙතැනදී කතා කරන්නේ සන්නිවේදනය ගලා යන ආකාරය සම්බන්ධව. ඒ කියන්… Read More
  • Network Types (ජාල වර්ග).. අද මම කියන්න යන්නේ network එහෙමත් නැත්නම් ජාල පිහිටන්න පුළුවන් විදි ගැන.ඒ කියන්නේ මොනවද මේ network types කියලා.මේ කෙන් එකක් නම් ඔයාලා නිතරම අහලා ඇති .අනික්වනම් ටිකක් විතර අමුතුත් ඇති.හරි අපි බලමු මේ වර්ග ගැන.මූලිකව කථාවෙන n… Read More
  • හැකින් සම්බන්ධවයි (About Hacking) ඔන්න අදත් ආවා ඔයාල හමුවෙන්න නෙට්වර්ක් අසපුවෙන්.හැබැයි අද නම් මම අළුත් දෙයක් ඔයාලට උගන්නන හිතන් නෙමේ අවේ. අපේ කට්ටිය කරන පොඩි නරක වැඩක් ගැන සැරට විවේචනයක් කරන්න තමයි ආවේ. ඇත්තටම මම ගිය සතියේ අන්තර්ජාලේ සැරිසරද්දී සිංහල… Read More
  • Protocol පිළිබද හැඳින්වීම මම කලින් දාපු පෝස්ට් වලත් මේ කියන වචනේ සැරටම ඇහුණා නේද.අනිත් තැන් වලත් මේ කියන වචනේ නිතර ඇහිලා ඇති.පෙළක් කට්ටිය මේ ගැන දන්නවත් ඇති.නොදන්න අයත් අම්බානෙක ඇති.හරි මොකක්දමේ කියන්නේ.මොකක්ද Protocol එකක් කියන්නේ.දැවෙන … Read More

0 අදහස්:

Post a Comment

 
Angry Birds -  Help