sticky_note_PNG18952.jpg

Thursday, June 29, 2017

Ransomware (රැන්සම්වෙයා)

අද මේ ගෙඩි පිටින් උස්සලා දාන්නේ දඩි බිඩියේ ටයිප් කරපු එකක් නම් නෙමේ. සුද්දා හැක් කොරන්න පටන් ගත්ත කාලේ ගහපු පෝස්ට් එකක් මේක මගේ පරණ බ්ලොග් එකේ දාපු. මම මේ පෝස්ට් එක මගේ පරණ බ්ලොග් එකේ දාලා තියෙන්නේ 

Monday, June 20, 2016 කියන දවසේ. මට ඒ දවස් වල නිකමට හිතුනා මේ කියන Ransomware නම් පට්ටම ඇණයක් වෙයි කියලා. ඔන්න ඒක දැන් වෙලා යාළුවනේ.මේ තියෙන්නේ මම එදා දාපු සම්පුර්ණ පෝස්ට් එක. බලන්න. අදට ගැලපෙන විදියට වෙනස් කරගන්න. ඒක ඔයාලට බාරයි.Ransomware ගැන ලස්සනට කියවෙන ඉමේජ් එකකුත් සෙට් උනා. ඔන්න ඒකත් දැම්මා. 






අර වෛරස්, මේ වෛරස් කියලා එක එක ජාතියේ පරිගණක වෛරස් අපිට මේ වෙද්දී හම්බු වෙලා තියෙනවානේ නේද? හැබැයි එ් එකම වෛරස් එකක්වත් අපිට ආදරේට අපේ පරිගණකයට ආව එව්වනම් නෙමේ.පැහැදිලිවම අපිට ඇණයක් වෙන්න, පරිගණකය ෆෝමැට් කරන තත්වයට ගෙන එන තරමටම ඇණයක් වෙන්න පෙළක් වෛරස් දක්ෂතාවක් දක්වන බවත් ඔයාලා අත්දැකීමෙන්ම දන්නවා ඇතිනේද? වෛරස් ගාඩ් දාලා, රේස්කියු ඩිස්ක් හදලා , බැකප් ගහලා පට්ට ගේම්ස් දීලා වෛරස් වලට ගේම දෙන්න අපි හූගාක් ට්‍රයි කරලත් ඇති. හැබැයි මම මේ අද කියන්න යන වෛරස් එක ගැනනම් එ විදියට සෙලලම් ආලා ගොඩ දාගන්න පුළුවන් එකක් නෙමේ.

Ransomware කියන වෛරස් එකට තියෙන්නේ අමුතුම මුහුණුවරක්. හිතන්න කෙනෙක් ඔයාලාගේ ගෙදරට ඇවිත් වටිනා කියන බඩු සියල්ලම ගේ ඇතුලේ තියෙද්දී ගෙයි යතුරු දාලා ලොක් කරලා යතුර අපසු දෙන්න සල්ලි වලින් කප්පමක් ඉල්ලනවා කියලා. එතකොට ඔයාලට මොකද්ද හිතෙන්නේ? අම්බානෙක ඇඩෙනවා නේ. සිංහලෙන් කියනවානම් Ransomware කියන වෛරස් එකේ සිංහලෙන් කථාව ඔන්න ඕකයි. මෙයා (වෛරස් එක) අපේ මැෂින් එක ඇතුලට ඊමේල් එකක් හෝ පෙන් ඩ්‍රයිව් එකක් හෝ * ඇප් එකක් සමඟ * අපේ මැෂින් එකට පැමිණිමේ බෙහෙවින් ඉහළ ඉඩ කඩක් තියෙනවා.

මෙතැනදී සිදුවන්නේ අපි බෙහෙවින් පාවිච්චි කරන පොදු හා හොදින් හඳුනන ප්‍රසිද්ධ ඇප්ලිකේෂන් වලට හැකර්ලා විසින් තමන්ගේ වෛරස් ප්‍රෝගැම්ස් එකතු කරනු ලබනවා.එවිට අපි ඉහතින් සඳහන් කල මෘදුකාංගය ඉන්ස්ටෝල් කරද්දී නොදැනුවත්වම වෛරස් මෘදුකාංගය ක්‍රියාත්මක වී හැකර් විසින් ලබා දී ඇති උපදෙස් මත ක්‍රියාකාරී වීමට පටන් ගනි. බෝහෝ විට මෙවන් වෛස් ඇප් වලට අපේ පරිගණකයේ විස්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කර ඇති කොටස ක්ෂේම භූමියක්. මුලින්ම ඔවුන් ආක්‍රමණය කරන්නේ සිස්ටම් ෆයිල්ස්.*

රැන්සම්වෙයා වලින් ආක්‍රමණය කළ අපේ මැෂින් එකේ ඇති ලිපිගොණු, ෆයිල්ස් වැනි දෑ එන්ක්‍රිප්ට් (encrypt) කිරීමක් සිදු කරනු ලබනවා. එ කියන්නේ අපි භාවිතා කරන අපේ පෞද්ගලික ගොණු හැකර් විසින් තමන්ගේ භාරයට ගනු ලබනවා.එවිට අපට එම ගොණු විවර කිරීමට, වෙනස් කිරීමට, ඩිලිට් කිරීමට කිසිම අවසරයක් නෑ. අපි හරියට අනුන්ගේ පරිගණකය අඳේට වැඩ කරනවා වගේ තමයි දැනෙන්නේ.

මෙම රැන්සම්වෙයා කෙතරම් වේගයෙන් ලොව පුරා පැතිරෙමින් තිබෙන්නේද කියා පෙන්වන වාර්තාවක් පසුගියදා ඕස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඉන් කියවුණේ, ඔවුන් 2015 දී සමීක්ෂණයට ලක් කළ වෙළද ව්‍යාපාර අතරින් 71%ක් පමණ රැන්සම්වෙයා ප්‍රහාරවලට ලක්ව ඇති බවයි. වසර 2013දී මෙම ප්‍රතිශතය 13%ක් වීමෙන්ම එහි පැතිරීමේ වේගය පෙනේ.

#මෙම රැන්සම් වෙයා ක්‍රියාත්මකවීමේදී මූලික වශයෙන්ම අවවාදාත්මක දැනුම්දීම් සිදකරයි. විටෙක පරිගණකයේ හොර ලයිසන් සහිත ඇප්ලිකේෂන් ඇතැයි කියයි. තවත් විටෙක පරිඝනකයේ අසැබි විඩියෝ ,ෆෝටෝ ඇතැයි කියමින් අවවාදාත්මක නිවේදන නිකුත් කරමින් පරිගණකය අකර්මණ්‍ය කිරීමෙන් වැලැක්වීමට අසවල් ගණනක මුදලක් ගෙවිය යුතුයැයි යෝජනා කෙරේ.

#තවත් විටෙකදී පරිගණකය මන්දගාමි කිරීම හෝ ක්‍රියාවිරහිත තත්වයට පත් කිරීම සිදුවේ. මෙහිදි පරිගණකය යථා තත්වයට ගෙන ඒමට නම් අදාල කප්පම් මුදල ලබා දිය යුතුයැයි හැකර් විසින් යෝජනා කෙරේ.

$ නොඑසේනම් පරිගණකයේ වින්ඩෝස් ස්ථාපිත කර ඇති ඒකකයට පහර දී එක කොටස අක්‍රිය කොට සම්පුර්ණ පරිගණකයම සියතට ගැනීමට හැකර් පෙළඹේත මෙවිට තමන්ගේ පෞද්ගලික දත්ත , පින්තුර, වීඩියෝ යනාදිය ප්‍රසිද්දියට පත්වීමේ අනතුරුදායක තත්වයෙන් බේරීම සඳහා පරිගනකයේ හිමිකරු විසින් අදාළ කප්පම් මුදල ගෙවීමට පෙළඹෙන්නේ නිතැතින්මය.

බලන්න එදා දාපු පෝස්ට් එක අදට කොච්චර ගැලපෙනවද කියලා.රැවුල ඉදුනේ නිකමටද නේද? හහ් හහ්. එහෙනම් අදට ගිහින් එන්නම්. මොනවා උනත් හැකර්ලා ආයේ එනවා. ඇස් ඇරගෙන ඉන්න. අපි 3වෙනි ලෝකේ සිඟන ආදයම් ලබන්නෝ නිසා තර්ජන අඩුයි. ඒත් නැත්තෙම නෑ. අවදියෙන් ඉන්න. ආරක්සාව තරකරගන්න. එච්චරයි

 
Angry Birds -  Help