sticky_note_PNG18952.jpg

Monday, January 16, 2017

Networking Devices ගැන ටිකක්

ඔන්න අද කියන්න යන්නේ නෙට්වර්ක් වලට අදාල වෙන Devices ටිකක් ගැන හඳුන්වා දෙන්න.මේ දේවල් නෙට්වර්ක් එකක මූලිකාංග කිව්වොත් වඩාත් නිවැරදියි. මේ දේවල් ටිකත් ඉදිරියට යන්න අපිට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා එකෙන්ම. එහෙනම් ඒ මොනවද කියලා දැන් බලමු

Network Interface Card (NIC)



මේක ගැන අළුතෙන් කියන්න දෙයක් නෑනේ. මේක හැමෝම දැකලා තියෙනවනේ. මේක ගැන ටිකක් විතර දන්නවත් ඇති.මේක හරහා තමයි නේද ඔයාලා අන්තර්ජාලේ යන්නේ.මේ ඩිවයිස් එක කාලෙකට ඉහතදී අපි අතරේ ජනප්‍රිය උනේ මේ විදියේ කාඩ් එකකින්. හැබැයි දැන් එන අළුත් පරිගණක වලනම් මේක on-board තමයි දැකගත හැකිවන්නේ.ඒ කියන්නේ ඉස්සරහට මේ කියන නෙට්වර්ක් කාඩ් එක වඳ වෙලා යයි කියලා තමයි හිතන්නේ. ඒ වෙනුවට RJ45 port එක මවුපුවරුවට සම්බන්ධ වෙලා එයි මේ විදියට 


හරි අපි දැන් මේකේ technical side එකට එමු. අපි මේ කථා කරන Network Card එකට නිශ්පාදකයා විසින් කාවද්දන ලද Hardware address එකක් තියෙනවා. එකට අපි කියන්නේ MAC Address එක කියලා. මොකක්ද මේ කියන MAC Address එක.කලින් කිව්වා වගේම මේක Network Card හදන නිශ්පාදකයා විසින් කාඩ්පතට කාවද්දන බැවින් වෙනස් කරන්න බෑ කියලා තමයි කිව්වේ(අවාසනාව කියන්නේ දැන් මේකත් හැක් කොරනවලූ) .මේක තමයි.OSI Layer එකේ පරිගණකය Network interface එකත් එක්ක සන්නිවේදනය කරන්න උපයෝගී කරගන්නේ මේ අපි කථා කරපු MAC Address එක. IEEE 802 ජාලකරණ තාක්ෂණය තුළ ජාල ලිපිනය (Network Address) එක විදියට ගන්නෙත් මේ කියන MAC Address එකම තමයි.(Ethernet , wifi වගේ). MAC Address එක දිගට කියෙව්වොත් එහෙම Media Access Control කියලා තමයි කියන්නේ. මේ කියන MAC Address එක NIC (Network Interface Card) එකේ read only memory එකේ හෝ firmware එකේ තමයි දාලා එවනවා කියලා කියන්නේ. මේ තියෙන්නේ MAC Address එකක්.


MAC Address ගණනය කිරීම් වෙන්නේ Hexa-Decimal වලින් තමයි. ඒ කියන්නේ 16 පාදයෙන්. මේක බැලුවම පේනවනේ ඉංග්‍රිසි අකුරු ටික එක්ක.9 පාදයෙන් පස්සේ  A,B,C,D,E,F  කියලනේ එන්නේ.

මේ කියන NIC වල වේගයන් පහත ආකාරයෙන් දක්වන්න පුළුවන්. මේ එක එක ස්පීඩ් එකෙන් නෙට්වර්ක් සපෝට් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ.

10 Mbit/s
100 Mbit/s

1 Gbit/s
10 Gbit/s
up to 160 Gbit/s


මම මුල්ම කාලේ කිව්වා වගේ මේ ස්පීඩ් එක කැල්කියුලේට් කරන්නේ Megabit Per Second කියලා හොදේ.ඒ කියන්නේ අපේ අයියලා 42Mbps කියලා කිව්වොත් ඇත්තටම

42Bits/8 = 5.25 Mb

42Bits මම 8න් බෙදුවේ ඇයි . මොකද Bit 08 = Byte කියන තියරිය නිසා මට මෙගාබයිට් වලින් ස්පීඩ් එක හදාගන්න තමයි 42 කියන සංඛ්‍යාව 8න් බෙදුවේ. අපේ අන්තර්ජාල සපයන කොම්පැණි 42Mbps කියලා දාහක් උඩ පැන පැන කිව්වට ඇත්තටම ලයින් එක සපෝට් කරන උපරිම වේගය මෙගා බයිට් වලින් නම් 5.25mb වගේ තමයි තත්පරේට. දැන් තේරුනද මගඩිය.කතාව පටන් ගත්තේ NIC වලින්. ඉවර උනේ ISP ලගෙන්

මොනවද මේ NIC හදන ආයතන

Intel
Realtek
Broadcom
QLogic
Mervell Technologies මේ ආයතන මේවා හදන්න ප්‍රසිද්ධයිලූ.. (මේ ලිපියට කනින් කොනින් විකියෙත් සපෝට් එක ගත්තා හරිය)
දැනට මේ ටික ඇති නේද NIC සම්බන්ධව.ඊ ලඟට Hub ගැන කතා කරමුද??



Network Hub 




මොකක්ද මේ hub එකක් කියන්නේ. ඇත්තටම මේක නෙට්වර්ක් එකේ Central Connection Point එකක්, ඒ කියන්නේ ජාලය තුළ සියළු ඩිවයිස් / උපාංග සම්බන්ධ කරන අයිතමය විදියට තමයි ක්‍රියාකරන්නේ. හැබැයි මේක ප්‍රාථමික උපාංගයක් විදියට තමයි පිළිගැනෙන්නේ.එහෙම කියන්න සෑහෙන්න හේතුනම් තියෙනවා. හරි මුළින්ම කියන්න ඕනේ අපේ අර OSI Layers වල මේ හාදයා වැඩ කරන්නේ Physical Layer එකේ. අපි අර Duplex Communication ගැන කතා කරද්දී කිව්ව Half Duplex method එක තමයි මෙයා දත්ත සන්නිවේදනය කරන්න භාවිතා කරන්නේ.මේ හාදයා ප්‍රාථමිකයි කියලා කිව්වේ එක Nod එකක ඉදන් කිසියම් data packet එකක් hub එකට ලැබුණොත් මේ හාදයා (Hub) තමන්ට සම්බන්ධ වෙලා තියෙන හැම device එකටම මේ data packet එක යවනවා. ඒ කියන්නේ මේයා ලඟ management method එකක් නෑ. ඒකෙන් අපේ Network එකේ Bandwidth එක නිකරුනේ බෙදිලා ගිහින් Line එක මන්දගාමී වෙන එක විතරයි සිදුධ වෙන්නේ. මොකද මෙයාට බුද්ධියක් නෑ data packet එක ඇත්තටම යැවිය යුත්තේ මොන device එකටද කියලා තීරණයක් ගන්න.බලන්න පහත රූප සටහන



(එච්චර දෙයක්  කරගන්න පුළුවන් උනානම් මේ හාදයා මෙච්චර අඩු වෙන්නෙත් නෑනේ නේද). හරි තව දෙයක් තමයි මේ විදියට Hub ඔකකින් වැඩ ගනිද්දී මෙයා එක පාරටම අවුල් යන සීන්(Collisions) එහෙමත් තියෙනවා. ඒ කියන්නේ මේ විදියට Hub එකක් ගහලා කියෙන නෙට්වර්ක් එකක එක් වර Devices කිහිපයක් දත්ත යවන්න ගත්තොත් මේ හදයා ප්‍රාථමික ගණයේ නිසා අනිවා අන්දුන් කුන්දුන් වෙනවා.අන්න ඒ තැන්වලදී නම් නෙට්වර්ක් එකත් අන්දොස් වෙනවා තමයි.දැන් ඔයාලට හබ් එක ගැන දළ අදහසක් ලැබුණා නේද? මේක කුඩා පරිමාණ නෙට්වර්ක් වලට ගැලපුණත් එකෙන්ම ලොකු නෙට්වර්ක් වලටනම් set වෙන්නේ නැත යාළුවනේ. 



0 අදහස්:

Post a Comment

 
Angry Birds -  Help