sticky_note_PNG18952.jpg

Wednesday, March 22, 2017

Subnet Mask ගැන කථා කරමුද

මම අද කථා කරන්න හදන මාකෘකාවට අඩිතාලම දාලා තියෙන්නේ මේ බ්ලොග් එකේ මුලම හරියේ පළ කරපු IP Address කියන පෝස්ට් එකෙන්. ඒකෙන් කිව්වා හැකි ඉක්මනින් මේ කියන subnet mask එක ගැන කියලා දෙනවා කියලා. කොහෙද ඉතින් ඒකට වෙලාවක් හම්බු උනේ නෑනේ. ඔන්න අද හිතාගත්තා ඒ කථාවත් කියලා ඉවරයක් කරන්න ඕනේ කියලා.මුලින්ම කියනවා මට මේක එක දවසින් නම් ලියලා ඉවරයක් කරන්න බැරිවෙයි.ඒකට තරහ අවසර.මොකද විභාගේ අත ලඟ.අත පොත ලඟ. ඒක නිසා.මොකක්ද මේ subnet mask එක. මොකටද ඒක භාවිතා කරන්නේ. ප්‍රශ්ණ නේද

Subnet mask එකක් අපිට වැදගත් වෙන්නේ අපි නෙට්වර්ක් එකක් ඩිසයින් කරද්දී ඒකේ ඇතුළත් කරන්න පුළුවන් host ගණන (ඔව්.නොඩ්ස් කිව්වෙත් ඒකටම තමයි) තීරණය කරන්න අපිට මේ subnet mask එක භාවිතයට ගන්න පුළුවන්. කොහෙමද ඒ කියලා අපි ටිකින් ටික කතාව පැහැදිලි කරගෙන යමු.

මේ පහලින් දාලා තියෙන කථාව දැන් වෙද්දි ක්ලියර් නේද.මේක ඉස්සුවේ කලින් පොස්ට් එකෙන්

අපි A Class එක උදාහරණයක් විදියට ගම්මු. අපි A Class එකේ network id එකයි host id එකයි වෙන වෙනම වෙන් කලොත් ඒක එන්නේ මේ විදියට නේද

network id     host id       host id        host id

අපි ඒක binary no වලින් කන්වර්ට් කරලා කිව්වොත් මේ විදියට තමයි එන්නේ
11111111      00000000       00000000       00000000

එතකොට මේ binary nos ටික values වලට කන්වර්ට් කලොත් එහෙම මෙන්න මේ විදියටයි පෙන්නන්නේ.

255.0.0.0

හරියටම මේ පහල තියෙන රූපේ වගේ

කථාව clear උනා නේද. මම හිතන්නේ මේක හොදටම පැහැදිලි වෙන්න ඇති කියලා. මේ තියරියම අනෙක් class වලටත් අප්ලයි කරලා බලන්න.ඒවාටත් මේ වගේම හදලා බලන්න.

මෙන්න class B එකට ඒක ඇප්ලයි කළාම


අදට ගිහින් එන්නම් තාම ඉවර නෑ හොඳේ. තව ටිකක් තියෙනවා නිරස උනාට ❤❤❤❤

මොනවද මේ Broadband ?



ඔන්න අද මම කථා කරන්න හිතුවා තවත් ලස්සන වචනයක් ගැන. මේකත් නිතරම ටීවී එකේ පත්තරේ සහ එක එක තැන්වල බහුලව කියවෙන වචනයක්. ඒ තමයි Broadband කියන වචනේ. හරි ඒ ගැන කථා කරන්න කලින් අපි පහුගිය පාඩම් වල කතා කරපු තවත් වචන කිහිපයක් ගැනත් කෙටියෙන් දැනගනිමුකෝ නේද එකෙන්ම.
Bandwidth - මොකක්ද මේ හරුපේ. සෑහෙන්න කතා කලා කලින් පාඩම් වල. මේකෙන් කියන්නේ අප විසින් බාවිතා කරනු ලබන ජාල මාධ්‍යයේ(කම්බියේ) ගෙන යා හැකි දත්ත ප්‍රමාණය කියලා කිව්වොත් වඩාත් පැහැදිලි වෙයි කියලා හිතනවා. මේක Hz (හර්ට්ස්) වලින් හෝ b/s (තත්පරේට කිලෝ හෝ මෙගා හෝ ගිගා හෝ ටෙරා බිට් වේගයෙන්) ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා.
ඒකත් ඉවරයි. දැන් කථා කරමු media ගැන. මොනවද මේ bandwidth එක ගෙන යාහැකි මාධ්‍යයන්. සරලයි. අපි කලින් පාඩම් වලින් කථා කලා වගේ
·         Twisted pair copper cable
·         Fiber optic
·         Wave
වගේ මාධ්‍යයන් බාවිතා කරනවා. සමහ තැන්වල Bandwidth කියන පදේ Band කියලා කෙටි කරලත් කියනවා වචන ඉතුරු කරගන්න වෙනටැති.දැන් එමු Broadband වලට. මේකෙන් කියන්නේ විශාල Bandwidth සහිත සම්බන්ධතාවය කියලයි. ඒ කියන්නේ Bandwidth එක විශාල වශයෙන් ඇති ජාල කරණයක් මේ නමින් හඳුන්වනු ලබනවා. සරලයි නේද.ඔයාලත් අහලා ඇතිනේ ඇඩ් යනවා අධීවේගී Broadband අන්තර්ජාල සම්බන්ධතාව ඔබත් අදම මිලදී ගන්න කියනවා එකෙන්ම SLT ලා එහෙම.
අන්තර්ජාල සම්බන්ධතාව සහිතව ඉදිරිපත් කරන Broadband සම්බන්ධතා පහත විදියට බෙදලා වෙන් කරනවා
·  Narrow Broadband   - ඒ කියන්නේ ස්පීඩ් එක අවම Kb/s වලින් යන Broadband connections
· Broadband  - ස්පීඩ් එක මධ්‍යම Mb/s වලින් යන Broadband connections
·  Ultra Broadband    - හරියටම කිව්වොත් ස්පීඩ් එක පට්ට උපරිම Gb/s වලින් යන Broadband connection

සරලයි නේද වැඩේ. අදට ගිහින් එන්නම් යාළුවනේ..

ප.ලි - මේක ඔයාලගේ අමතර දැනුමට. මේ වෙනකම් හැක් කරලා තිබුනේ නැති ඒත් විද්‍යාඥයින් නිරතුරුවම අනතරු අඟවලා තිබුණු අන්තර්ජාලයට සම්බන්ධිත මුද්‍රණ යන්ත්‍ර එහෙමත් නැතිනම් PRINTERS විශාල ප්‍රමාණයක් පසුගිය පෙබරවාරි මාසයේදී හැක් කිරිල්ලකට යටත් වෙලා තිබ්බා කියලා ආරංචියක් ආවා. හොයලා බැලුවම කතාව ඇත්ත. හැබැයි මේ හැකර් දරුණු දෙයක් නම් කරලා තිබ්බේ නෑලූ. එයාගේ TWITTER එකවුන්ට් එකයි EMAIL ලිපිනයයි තව සංකේත වලින් අදිනු ලැබූ රොබෝවෙකුයි මේ හැක් කිරිල්ලට ලක් උණ මුද්‍රණ යන්ත්‍ර වලින් මුද්‍රණය වෙන විදියට ක්‍රියා කරලා විතරලු තිබුණේ. බලන්නකෝ එකෙත් හැටි. හරියට එයා මෙහෙමත් අවදානමක් ලෝකෙට තියෙනවා කියලා පෙන්නන්න කළ වගේද කියලත් හිතෙනවා. 

Thursday, March 9, 2017

කවුරුත් දන්න ඒත් නොදන්න ADSL

මොකක්ද අප්පා මේ කවුරුත් දන්න ඒත් නොදන්න ADSL කියන්නේ.? දන්නේ කියලා කිව්වේ ADSL කියන වචනේ අද ඉන්න පුංචිම ලමයත් අහලා තියෙන නිසා. ඒත් ගොඩාක් දෙනෙක් ADSL ගැන හරියට දන්නේ නෑ නේද? දන්න එකම දේ මේකෙන් ඉන්ටනෙට් යනවා කියන එක විතරනේ.

ඇත්ත තමයි. මේකෙන් Internet යන්න පුළුවන් තමයි. හැබැයි මේ තාක්ෂණය ඇතුලේ ගොඩාක් කථා තියෙනවා අපි නොදන්න. උදාහරණයක් විදියට කොහොමද මේ තඹ කම්බිය දිගේ ටෙලිෆෝන් ලයින් එක, ඉන්ටනෙට් සහ පියෝටීවී(IPTV) කියන තාක්ෂණ 03ම ගමන් කරන්නේ? ප්‍රශ්ණ නේද? හරි දැන් පිළිවෙලට ඉගෙන ගම්මු.

ADSL එහෙමත් නැත්නම් දිගට ඇදලා කිව්වම Asymmetric digital subscriber line කියලා අපි හඳුන්වන තාක්ෂණය ISDN කියන තාක්ෂණයට පස්සේ (ඇත්තටම කිව්වොත් ISDN විනාශ කරමින්) කරළියට ආව සහ තවමත් දෙයියනේ කියලා තැනක ඉන්න තාක්ෂණයක්. ඒකට හේතුව ඉහතින් සඳහන් කළ 03 in 01 සීන් එක.ඔයාලා දැකලා ඇති slt වගේ ISP කෙනෙක්ගෙන් දුරකථන ,අන්තර්ජාල පහසුකම් ගත්තහම වයර් මාර්ගයෙන් (රැහැන් මාර්ගයෙන්) සම්බන්ධතාවය ලබාදෙනවා. හරි ඒ රැහැන් ඇතුලේ තඹ කම්බි 02ක්. සමහරවිට ඔයාලා දැකලත් ඇති. අන්න තඹ කම්බි වලින් තමයි ඔය ඔක්කොම ගේම් දෙන්නේ.මේ කිව්ව copper cable එකේ bandwidth එක විදියට පෙන්වලා දෙන්න පුළුවන් 4Khz. එවගේම මතක තියාගන්න අපේ කටහඩේ ප්‍රමාණය 04Khz. එතකොට අපි මේ කථා කරන තඹ කම්බි දිගේ දෙයියනේ කියලා කටහඩ යවන්න එහෙමත් නැත්නම් දුරකථන ඇමතුමකට සෑහෙනවා නේද? හැබැයි එතනින් එහාට විශේෂිත වූ සේවාවන් සදහා මේ කියන සංඛ්‍යාතය ප්‍රමාණවත් වෙන්නේ නම් නෑ. අන්න එතැනදී තමයි මේ කියන තාක්ෂණික පැත්ත දිගහැරෙන්නේ.

අපි මේ කථා කරපු කිලෝ හර්ට් 04 (Khz)තඹ කම්බිය තුළින් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙන විශේෂිත වූ සේවාවන් ලබා ගන්න මේ copper cable එක හරහා යන 4khz සිග්නල් එක අනිවා වැඩි කරගන්න ඕනේ. එ කියන්නේ කම්බියේ bandwidth එක expand කරගන්න සිද්ධ වෙනවා. එතකොට මොකක්ද කරන්නේ තාක්ෂණික පැත්තෙන්. මේකයි වෙන්නේ. ADSL Modem 02 ක් මගින් මේ copper cable එක modulate සහ demodulate කිරිම කරනු ලබනවා.ඒ කියන්නේ exchange එකෙ සිට subscriber (user) දක්වා සහ subscriber (user) සිට exchange එක දක්වා මේ කියපු modulate / demodulate ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න රූපසටහන පැහැදිලි කරගන්න

එතකොට අර කලින් කියපු 4khz පමණක් ගමන් ගත්ත කම්බියේ bandwidth එක විශාල ප්‍රමාණයකින් වැඩි කරගැනීමේ හැකියාව ලැබෙනවා. හැබැයි මේ කියපු modulate / demodulate ක්‍රියාවලියට දුර ප්‍රමාණය කියන සාධකය බෙහෙවින් බලපානූ ලබනවා. එ කිව්වේ khz ප්‍රමාණය(සංඛ්‍යාතය) වැඩි වෙන්න වැඩි වෙන්න ගමන් කළ හැකි දුර අඩුවන අතර, සංඛ්‍යාතය අඩුවන්න අඩුවන්න ගමන් කළහැකි දුර ප්‍රමාණය වැඩිවෙනවා. මෙන්න මේ වගේ.


දැක්කද ඒ කේස් එක. ඒ කියන්නේ වැඩි සංඛ්‍යාතයක් ගනු ලබන විශේෂිත සේවාවන් (ip ටීවි සම්බන්ධතා, අන්තර්ජාල) වැනි සේවාවන් ආවරණය කළ හැකි පරාසය අඩු සීමාවක් විදියට තමයි දක්වන්න පුළුවන්.අපි මේ කථාකරපු ADSL තාක්ෂණය භාවිතා කළත් copper cable එකේ තියෙන limitation එක නවත්තන්න නම් බෑ පුතේ එකෙනුත්.ඒක නිසා ADSL service එකේ පරාසය කිලෝමීටර් 05 ට අඩු වපසරියකට සීමා වෙලා තියෙනවා.ඊට වැඩි සේවාවන් (ඒ කියන්නේ විශාල සංඛ්‍යාතයක් ඉල්ලන සේවාවන්) තවත් අඩු වපසරියකින් යුතුව තමයි බෙදා හැරීම සිදුවෙන්නේ.

පල්ලෙහා තියෙන ප්‍රස්ථාරයෙන් බලාගන්න පුළුවන් කොහොමද තනි ලයින් එකේ කටහඩ සහ දත්ත බෙදිලා යන්නේ කියලා


දැක්කා නේද සිද්ධිය. මේකේ නිල් පාටින් දක්වලා තියෙන්නේ voice පරාසය.හරි දැන් බලන්න data කියලා තියෙන කොටසේ upstream හා downstream කියලා 02ක් තියෙනවා නේද? හැබැවි ඒ 02කේ ප්‍රමාණයන් අසසමිතිකයි නේද? මොකක්ද ඒකට හේතව කියලා හිතන්නේ. හරිම සරලයි. ඔයාලා මොකක් හරි ඉන්ටර්නෙට් පැකේජ් එකක් ගත්තොත් ඔයාලට ඒකෙන් වැඩිපුරම අවශ්‍ය වෙන්නේ දත්ත නැත්නම් data ඩවුන්ලොඩ් කරගන්න නේද? අපි හැමෝම අප්ලෝඩ් (upload) එහෙමත් නැත්නම් පිරිසිදු සිංහලෙන් කියනවා නම් උඩුගත කරන ප්‍රමාණය අවමයි නේද? අන්න ඒක නිසා තමයි upstream එකට ලබා දෙන ප්‍රමාණය අඩු කරලා downstream එකේ ප්‍රමාණය වැඩි කරලා තියෙන්නේ.දැන් තේරුණද නියමෙටම.

තව දෙයක් මතක තියාගන්න මේක ADSL කියලා කියන එකේ A අකුරෙන් හඳුන්වනු ලබන්නේ Asymmetric එහෙමත් නැතිනම් අසසමිතිකයි කියන තේරුම. ඒ කියන්නේ up & down streams සමාන නෑ කියන එක. එක හින්දා තමයි ප්‍රමාණයන් 02කින් එම streams යුක්ත වෙන්නේ. හැබැයි ඔයාලට අවශ්‍ය නම් SDSL ලයින් උනත් ගන්න බැරිකමක් නෑ. ඒ කියන්නේ Symmetric එහෙමත් නැත්නම් ඉහතින් සඳහන් කළ streams 02ක එක සමාන ලයින්ස්.ඒ කියන්නේ අප්ලොඩ් ස්පීඩ් එක සහ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක සමාන කියන එක.

මේ කථාවම මම දිගටම ඉස්සරහට ගෙනියන්නම්. ඔයාලා දන්නවනේ ටෙලිෆෝන් ලයින් එක exchange එකට ගිහින් සම්බන්ධ වෙනවා කියලා. එතකොට data line එකට මොකද වෙන්නේ. දෙයියන්ගේ පිහිටෙන් data line එක voice line එකත් එක්ක කලවම් වෙලා දෙකම එකට යන්නේ නැත. ඒ කියන්නේ DSLAM (digital subscriber line access multiplexer)  නමින් හදුන්වනු ලබන වෙනම ඒකකයකට තමයි මෙම data line එක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ එතැනින් තමයි core network එකට සහ ISP ගේ network එකට සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ රූපය බලන්න(මතක ඇතිව දකුණේ ඉඳලා වමට බලාගෙන එන්න)


දැන් වැඩේ ක්ලික් නේද. හරි ඔන්න ඔය විදියට තමයි ADSL ලයින් එක වැඩ කරන්නේ. හැබැයි මතක තියා ගන්න මේ ලයින් එකේ අදටත් ගොඩාක් දුවන්නේ තඹ කම්බි.(twisted pair) ඉතින් ඒක නිසා කොච්චර කළත් විවිධාකාර බාධක (crosstalks, interferences, attenuation  ) අම්බානෙක තියෙන්න පුළුවන්. ඒ නිසා ලයාන් එකෙන් සපොට් කරන වේගය සීමා වෙන්නත් පුළුවන්. මෙකට හොඳම විසඳුමක් විදියට හඳුන්වලා දෙන්න පළුවන් fiber optic තමයි. මොකද fiber වල අපි ඉහතින් සඳහන් කළ බාධක (crosstalks, interferences, attenuation  )  වගේ දේවල් ඉතාමත් සීමිත ප්‍රමාණයක් පමණයි ඇතිවීමට හැකියාවක් තියෙන්නේ. ඒක නිසා ගෙදරට කේසේ වෙතත් අඩු ගානේ exchange එක වෙනකම් වත් core network එකේ ඉඳන් fiber වලින් ඇඳගන්න පුළුවන් උනොත් ටිකක් හරි ස්පීඩ් එක වැඩිකරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හැබැයි ඉතින් exchange එකෙන් සේවාව බෙදා හරින ග්‍රාහක පිරිස අනුව තමයි මේකේ වේගය ඉහලින්ම තීරණය වෙන්නේ කියලත් මතක තියාගන්න.

එහෙනම් මේ ලිපිය මේ විදියට හමාර කරන්නම්. තව මොකක් හරි මතක් උනොත් අනිවා මේ පොස්ට් එක අප්ඩේට් කරන්නම්. අළුත් ලිිපියකින් ඉක්මනටම හමුවෙමු..

 
Angry Birds -  Help