sticky_note_PNG18952.jpg

Thursday, January 5, 2017

OSI Layers (Open System Interconnect)

මේ කියන්න යන්නේ ජාලයක එහෙමත් නැත්නම් නෙට්වර්ක් එකක තොරතුරු එහෙමත් නැත්නම් දත්ත ගලායන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඒ කියන්නේ කොහොමද පරිගණක ජාලයක තොරතුරු එකින්එක පියවරයන් ඔස්සේ ඉදිරියට ගමන්කරන්නේ කියන දේ තමයි අද පැහැදිලි කරන්න යන්නේ.මුලින්ම අපි අඳුරගමු මේ කියන තට්ටු එහෙමත් නැතිනම් ලේයර්ස් මොනවද කියලා.මේක ජාලගත පාඩම් වල වැදගත්ම පාඩමක් කියලා ඔළුවට දාගත්තත් වැරැද්දක් නෑ.

ඇත්තටම මේකේදී අපට ජාලය තුලින් දත්තය ගමන් කිරීම ආරම්භ කළ ස්ථානයේ සිට අවසන් වන ස්ථානය දක්වා සිදුවන ක්‍රියාවලිය පැහැදිලිව හඳුනාගන්න හැකියාව ලැබෙනවා වගේම අන්තර්ජාතික වශයෙන් පිළිගත්තු සම්මතයක් නිශ්පාදකයන්ට වගේම පාරිභෝගිකයන්ටත් ලබාදෙනවා.

මේ ලැයිස්තුවේ තට්ටු 07 ඔයාලට හඳුනගන්න පුළුවන්. එ වගේම බලන්න ඒ එක් එක් ලේයර්ස් වලට වෙන වෙනම නම් ලබා දී තියෙනවා.මේ ලැයිස්තුව කටපාඩමින් තියාගන්න ඔනේ වෙනවා ඔයාලා නෙට්වර්ක් ෆීල්ඩ් එකේ ඉන්නවානම්.

හරි අපි දැන් මේ ලේයර්ස් ටික වෙන වෙනම සාකච්ඡා කරමු.
මුලින්ම අපි යට ඉඳන් උඩට එමු පිළිවෙලට.ආහ් තව දෙයක්.මේ ලේයර්ස් ටික අමතක නෙවානම් මතක් කර ගන්න පුංචි සුත්‍රයක් කියලා දෙන්නම්.

Please Do Not Throw Sausage Pizza Away..මෙන්න මේ සුත්‍රයෙන් ඔයාලට මේ ලේයර්ස් ටික පැහැදිලිව මතක තියාගන්න පුළුවන්.

හරි.අපි දැන් ගම්මු මුල්ම ලේයර් එක.

Physical Layer (භෞතික ස්ථරය)

මෙන්න මේ ලෙයර් එක තමයි භෞතිකව ජාලය සම්බන්ධ කරන ලේයර් එක. මේකෙදි තමයි වයර් සහිතව හෝ වයර් රහිතව දත්ත ගමන් කිරීම පෙන්වන ලේයර් එක. ඒ කියන්නේ දත්ත bit(බිට්) ආකාරයට ගමන් කිරීම. 1,0 විදියට තමයි තමයි මේ දත්ත ගමන් කරන්නේ.වයර් සහිත නම් කම්බිය දිගේ විදුලි ධාරාවක් ලෙසින් හෝ වයර් රහිතව නම් තරංග ඔස්සේ තමයි මේ කියන දත්ත ගමන් කිරීම සිද්ධ වෙන්නේ.මෙන්න මේ කියන ලේයර් එකේදී තමයි අපිට Hub, Connectors, Repeaters, Cables මුණ ගැහෙන්නේ.

දැන් ඔයාලා අහයි ඇයි Hub විතරක්. Switch නැද්ද කියලා. අපි ඒ ගැන වෙනම ඉදිරි පාඩමකින් කථා කරමු.මතක තියා ගන්න Hub එක කියන ඩිවයිස් එක ප්‍රාථමිකයි.Hub එකෙන් කරන්නේ ප්‍රාථමික ආකාරයේ බෙදාහැරීමක් පමණයි කියලා.Switch එකෙන් ඊට වඩා සංකීර්ණ විදියට ජාලය කළමණාකරනය කිරීමක් සිදු වෙනවා වගේම දත්ත හුවමාරු කිරීමේදී වඩාත් සඵලදායී ලෙස බෙදා හැරීම සිදු කරනු ලබනවා.




Datalink Layer 

අපේ නෙට්වර්ක් එකේ කලින් ලේයර් එකේ මොකක් හරි වැරැද්දක් සිද්ධ වෙලා නම් අපිට දැනුම් දෙන්නේ මෙන්න මේ ලේයර් එකේදී තමයි.මතක තියා ගන්න අපේ දත්ත සම්ප්‍රේක්ෂණය LAN එක හරහා ගමන් කිරීම ආරම්භ වෙන්නෙත් මෙන්න මේ ලේයර් එකේදී කමයි. ඒ යන්නේ NIC (Network Interface Card) එක හරහා.එතකොට තමයි මෙන්න මේ කතාවට MAC Address (Media Access Control) සම්බන්ධ වෙන්නේ. එ කිව්වේ?? එකිව්වේ Mac Address එක තමයි නෙට්වර්ක් කාඩ් එකේ Identification Address එක. මේ Address එක ඔයාටයි මටයි ඩිසයින් කරන්න නම් බෑ ඔන්න.මේක ඩිසයින් කරලා එවන්නේ NIC එකේ නිහ්පාදකයා තමයි.මම කලින් කිව්ව ඇඩ්වාන්ස් අයිටම්ස් ඒ කිව්වේ Switch, NIC, Bridges පාවිච්චි වෙන්නෙත් මෙන්න මේ ලේයර් එකේදී



Network Layer 

ඔන්න 03 වැනි ලේයර් එක ගැනත් කියන්න පටන් ගත්තා.මේක තමයි නෙට්වර්ක් එක තුල දත්ත යැවීම ආරම්භ කරන ලේයර් එක.ඒ කියන්නේ මේ හාදයා තමයි දත්තය යවන නොඩ් එකේ ඉදන් දත්තය ලබා ගන්නා නොඩ් එක වෙත යන ගමන ආරම්භ කරන ලේයර් එක.මේකේදී තමයි අපිට Routerඑක හම්බු වෙන්නේ.මෙන්න මේකෙදී තමයි IP Address එක සංවාදෙට එන්නේ. ඒ කියන්නේ නොඩ් එකක් හඳුනාගැනීමේ කේතය විදියට IPඑක යොදා ගැනීම පටන් ගන්නේ මේ ලේයර් එකෙන් තමයි.මේ ලේයර් එකෙදී තමයි අපිට ගොඩාක් Protocols එහෙමත් පාවිච්චි කරන්න වෙන්නේ. Protocol ගැන වෙනම කතා කරමු නේද.ටිකක් සංකීර්ණ විදියට.මතක තියා ගන්න මේ පියවරයන් වලින් සිද්ධ වෙන්නේ ජාලයක් හරහා දත්තයක් ගමන් කිරීම.ඒක සම්පුර්ණ වෙන්න මේ සියළු දේ සිදු විය යුතුයි කියලා.


Transport Layer 

මේ ලේ්යර් එකේදී තමයි නෙට්වර්ක් ෆ්ලෝ (Flow) එක පාලනය කරන්නේ. ඒ කියන්නේ Flow Control එක සිද්ධ වෙන්නේ.ඒ කියන්නේ දත්ත යවන හා ලබා ගන්නා නොඩ් හෝ ඩිවයිස් අතර කළමනාකරණය සිදු කරනු ලබන්නේ මේ කියන ලේයර් එකෙන් තමයි.මෙකෙන් තමයි දත්ත නිසිපරිදි ගමන් කලාද කියලා චෙක් කරලා බලන්නේ.ඇත්තටම මේකේදී භාවිතා කරන්නේ process to process සම්බන්ධතාවය.එහිදී අපි කලින් කථාකළ data packet එක segment වලට හැරවීම සිදුවන්නේ මේ ලේයර් එකේදී.(මේ segment වලට හැරවීම ඇතුළු අනිකුත් සියළු කතා වල එකතුවට භාවිතා කරන ටෙක්නිකල් වර්ඩ් එක තමයි data encapsulation & data decapsulation කියන්නේ.මේ ටේබල් එක උඩ සිට පහලට data encapsulation වන අතර පහල සිට ඉහලට data decapsulation වේ.) මෙතැනදී සැලකිල්ලට ගනු ලබන්නේ segment header එකයි.කලින් ලේයර් එකෙන් ලැබුණ දත්තය (data) segment වලට කඩලා තමයි header එක සකස් කරගනු ලබන්නේ.මේකත භාවිතා කරන ටෙක්නිකල් වර්ඩ් එක තමයි segmentation කියන්නේ.
මෙන්න මේ ක්‍රියාවලියට මූලිකවම උර දෙන ප්‍රධාන protocol සෙට් දෙකක් තියෙනවා. ඒවා තමයි TCP (Transmission Control Protocol) සහ UPD (User Datagram Protocol) කියන protocols. මේකෙනුත් TCP කියන protocol එක තමයි විශ්වාසනීයව ජොබ් එක කරන්නේ.ඒ කියන්නේ අවශ්‍ය දත්තය ඉල්ලීම, දත්තය ගමන් කරවීම හා දත්තය ලැබුණ බවට සනාථ කිරීම කරනු ලබන්නේ මේ කියන TCP කියන protocol එකෙන් තමයි.තව දෙයක් කියන්න ඕනේ TCP කියන්නේ protocols bundle එකක් කිව්වොත් නිවැරදියි.ඒ TCP වල තියෙන ICMP (Internet Control Message Protocol )කියන protocol එකෙන් තමයි ඉහත කියන ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ.

ඉහතින් සඳහන් කරනු ලැබූ UDP protocol එකෙන් සිදු කරනු ලබන්නේ දත්තය ඉක්මනින්ම යැවීම පමණයි.අනික් නොඩ් එකෙන් ලැබෙන ප්‍රතිචාරය ගැන සැලකීමක් UDP protocol එකෙන් සිද්ධ වෙන්නේ නෑ.හරි දන් එතකොට TCP කියන හාදයනේ නිවැරදිව මේ දත්ත ගමන් කිරීමේ කාර්යය භාර ගන්නේ.දැන් අපි බලමු කොහොමද මේකියන කාර්යය කොහොමද සිදු වෙන්නේ කියලා. මේකට පාවිච්චි කරන ටෙක්නිකල් වචනේ තමයි flow control කියන්නේ. flow control එක සඳහා Buffering, Windowing, Congestion, Avoidance කියන ක්‍රම භාවිතා කරනු ලබනවා. Buffering කියන්නේ කලින් ලැබෙන දත්තයන් ඉදිරියට භාවිතා කිරීම සඳහා තාවකාලික මතක තුළ ගබඩා කර තබා ගැනීම. අපි slow internet line එකකින් Youtube එකේ video එකක් බලද්දී අපිට ඒ video එක සැරින් සැරේ buffer වෙනවා වගේ අත්දැකීම් අනිවා තියෙනවා නේද.Windowing කියන්නේ දත්තය යවන නොඩ් එකට දත්තය ලැබෙන නොඩ් එකෙන් එන ප්‍රතිචාර අඩු කරලා හැකිතාක් ග්‍රාහකයාට දත්ත සම්ප්‍රේක්ෂණය කරන එක.Congestion, Avoidance වලින් ජාලයේ traffic එක අඩු කරන එක තමයි කරන්නේ.

Session Layer 

මේ ලෙයර් එකෙන් තමයි transport layer එකෙන් ගමන් කරවනු ලැබූ දත්ත සම්ප්‍රේක්ෂණ ක්‍රියාවලිය සිදුවනඅතරතුරේ ඒ නොඩ් 02 අතර ක්‍රියාත්මක applications මනා ලෙස කළමනාකරණය කරන්නේ.මෙම කළමනාකරණ ක්‍රියාවලිය සඳහා
simplex
half duplex
full duplex කිියන විධික්‍රම බාවිතා කරනු ලබනවා

මොනාද මේ කියන අමුතු වචන
simplex -  මේ කියන්නේ යවන එක පාර්ශවයක් විසින් දිගින් දිගටම තමන්ගේ කාර්යය සිදු කිරීම.මෙතැනදී අනික් කෙනා නිහඩව සිටින අතර ඒක පාර්ශවීයව දත්ත යැවීම සිදු වෙනවා.හරියට මෙන්න මේ වගේ.මෙතැනදී අම්බානෙක වැරදීම්, දත්ත ලොස් වීම් සිදු විය හැකිය.


half duplex - මෙතැනදී නොඩ් දෙක මාරුවෙන් මාරුවට දත්ත යැවීම සහ ප්‍රතිපෝෂණ දැක්වීම සිදුකරන බව පෙන්නුම් කරනවා.මෙන්න මේ වගේ.


full duplex - මෙතැනදී දත්ත යැවීම සහ ප්‍රතිපෝෂණ දැක්වීම එක වර සිද්ධ වෙනවා.මෙන්න මේ වගේ.



Presentation Layer 

මේ ලේයර් එකෙන් තමයි දත්තයන් එම දත්ත අදාළ වෙන වලට වෙන් කිරීම සිදු කරනු ලබන්නේ. හිතන්න යැවීම සිදුකළ පරිගණකය network එක දිගේ එව්වේ video ෆයිල් එකක් කියලා. මේ දත්තය session layer එකට එනකම්ම ආවේ packet හරි segment විදියටනේ.එතැන්වලදී මේ දත්තය කුමක්ද කියලා අඳුැගන්න බෑ ලොවෙත්. මෙන්න මේ ලේයර් එකේදී මේ video file එකට අදාල file format එක ලබාදීම සිදු කරනු ලබනවා.ඒ කියන්නේ video file එක අයත් වන file format එක Mpegද Avi ද Xvid ද Mkv ද කියලා වෙන් කරනු ලබන්නේ මෙන්න මේ ලේයර් එකෙදී තමා.මේකට භාවිතා කරන ටෙක්නිකල් වචනේ තමා data translation කියන්නේ.මේ විදියට දත්තය ආදාල form එකට translate කරලා ඒ දත්තය මීටත් උඩින් ලේයර් එකේ (application layer )එකේ ඉන්න පරිගණකය හසුරුවන කෙනාට කියවිය හැකිද කියලා චෙක් කරන එකත් මෙයාගේ කාර්යභාරයේ කොටසක්. තව මෙයාම Data Compression හා Data Encryption කිරිල්ලත් සිදු කරනු ලබනවා.

දැන් අනිවා අහනවා නේද මොනාද මේ Data Compression හා Data Encryption කියන්නේ කියලා.හරි කියලා දෙන්නම් මෙතැනදි සරලව.පස්සේ වෙනම පෝස්ට් එකක් දාන්නම්.

Data Compression කියලා කියන්නේ දත්ත හකුලුවා ලීම (හැකිලීම/සිප් කිරීම).මේ තුළින් දත්තයේ bit ගාණ අඩු කරන්න උත්සහ කළ හැකියි.

Data Encryption කියලා කියන්නේ යම් දත්තයක් පිටස්තර පුද්ගලයන්ට කියවිය නොහැකි පරිද්දෙන් වෙනස් කර ගෙනහැර දැක්වීම.කේතනය කිරීම.දත්තය යවන කෙනා මේ පණිවිඩයට digital signature එකක් ඇතුලත් කරලා යැවීම සිදු කළ විට එම පණිවිඩය ලැබිය යුතු කෙනාට එම digital signature එක ලබා දිය යුතු වෙනවා.එවිට පමණයි පණිවිඩය ලැබෙන කෙනාට එම දත්තය හෝ පණිවිඩය විකේතනය (decrypt ) කිරීමේ හැකියාව ඇත්තේ.පහල රූපසටහන බලන්න.මේ ලෙයර් එක උඩ ඉදන් පහලට හා පහල ඉඳන් උඩට දෙන සේවාව ඒකේ පැහැදිලිව දක්වලා තියෙනවා.


Application Layer 

ඔන්න අන්තිම ලේයර් එකටත් ආවා එහෙනම්.මේක තමයි ඔයාලා , මම වගේ පරිගණකය හෝ නෙට්වර්ක් එක පරිශීලනය කරන අය ඉන්න ලේයර් එක.මෙතැනදී තමයි එක එක  network සීන් වලට අවශ්‍ය වෙන programs එහෙම පාවිච්චි කරන්න පුළුවන් ඉසව්ව.ඒ කිව්වේ email බැලිල්ල වගේ එව්වා මෙව්වා. තව මේකේදී තමයි user authentication & privacy ගැන කට්ටිය කතා කරන්නේ.user authentication කිව්වේ තම අනන්‍යතාවය තහවුරු කිරීම account එකකට log වගේ.

මේ ලේයර් එකේදී බහුලව භාවිත වෙන protocol තමා HTTP, FTP,Telnet, SMTP, POP3,VOIP වගේ protocol.




සැ.යු - මේ ලේයර් තියෙන පිළිවෙල දත්තය යවන විට හා ලැබෙන විට උඩ යට මාරු විය යුතු බව අනිවා හිතට ගන්න ඔනේ.එක ඔළුවේ තියාගෙන වැඩ කරන්න.අන්තිමට ඇඩ් කරපු රූප සටහනෙන් එ්ක ඔයාලාට පැහැදිලි වෙයි කියලා හිතනවා

ඔන්න එහෙනම් දන්න සහ කියන්න පුළුවන් උපරිම සරල විදියට OSI Layers ගැන කථාව කියලා ඉවර ලකා.කට්ටියට අපැහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා ඇහුවත් කමක් නෑ.මොකද මේක Clear කරගන්න එක ඒතරම් වටින නිසා.අදට ගිහින් එන්නම්.

1 අදහස්:

 
Angry Birds -  Help