sticky_note_PNG18952.jpg

Monday, October 17, 2016

Fiber Optic Technology

ඔන්න අදත් කතා කරන්න ගත්තා අපිට හුරුපුරුදු ඇහිලා තියෙන තාක්ෂණයක් එහෙමත් නැත්නම් කේබල් වර්ගයක් Fiber Optic Cable ගැන. මේ වචන කලින් ඇහිලා ඇති නේද? ඔව් හැබැයි මේක ටිකක් විතර advance technology එකක්. කතා කරමු නිදහසේ ඒ ගැන

මොකද්ද මේ Fiber Optic තාක්ෂණය කියන්නේ. සරල විදියට දෙන්න පුළුවන් උත්තරේ තමයි රටවල් අතර , එහෙමත් නැත්නම් රටවල් පුරා අන්තර්ජාලය බෙදා හැරීම උදෙසා පාවිච්චි කරන තාක්ෂණයක්. එ කියන්නේ කලින් අපි කතා කරපු කේබල් වගේ අඩි ගණන් මීටර් ගණන් වගේ කෙටි දුර දත්ත සම්ප්‍රේෂණය කරන්න භාවිතා කරන්න නෙමේ.කෙලින්ම කිලෝමීටර් දස දහස් ගණන පුරා දත්ත බෙදා හැරීමට යොදා ගන්නා විදියක් තමයි මේ. සාගර හරහා අන්තර්ජාල සේවා සැපයීම උදෙසා එලා ඇති කේබල්ද මේ ගණයට අයත් වෙනවා.

ලංකාවේ ඕගොල්ලෝ දැකලා ඇති ඔය පොලොව හාරලා මග දෙපස ෆයිබර් කේබල් ඇදලා තියෙනවා කොළඹ හරියේ එහෙම මෙන්න මේ විදියට
හරි දැන් අපි තාක්ෂණික පැත්ත ගැන කතා කරන්න පටන් ගනිමු. මේ කේබල් වල දත්ත සම්ප්‍රේෂණ වේගය එහෙමත් නැත්නම් data transfer speed  එක මනින්නේ GB වලින්.හොදට මතක තියාගන්න GB කියලා කියන්නේ ගිගා බයිට් (Giga Byte) නෙමේ ගිගා බිට් හොදද(Giga Bit). තත්පරේට ගිගා බිට් ස්පීඩ් එකෙන් තමයි වේගය මනින්නේ.කොහොමට ඇත්ද නේද වේගේ? (Gbps) මේකේ ස්පීඩ් එක

  • කේබල් එකේ ප්‍රමාණය
  • වර්ගය
  • තන්තුවේ ප්‍රමාණය 

                              කියන සාධක මත වෙනස් වීමට ඉඩ තියෙනවා.

අපි මේ කියන Optical Fiber නැත්නම්  Fiber Optic  ගැන ගැඹුරට කතා කරගෙන යමු. හරි මේ කියන Optical Fiber එකක් හරියටම මිනිස් හිසකෙස් ගසක විෂ්කම්භයට සමාන කිලොමීටර් ගානක් දිග අති පිරිසිදු වීදුරු මාදිලියකින් තනන ලද කඹයක් වගේ එකක්



හොදින් මතක තියාගන්න මෙහිදී ගමන් කරන්නේ ආලෝක ධාරාවක්. එකියන්නේ දත්ත ගමන් කරන්නේ ආලෝක සංඥාවක් විදියට. ඒ සංඥාව වීදුරු නාලය දිගේ එහි බිත්ති මත වර්තනය වෙමින් එක දිගට ගමන් කිරීමක් සිදුවෙනවා. මෙන්න මේ වගේ



ඔන්න ඔය විදියට වීදුරු නාලය දිගේ වර්තනය වෙමින් එක දිගට ගමන් කරනවා.තවත් දෙයක් තමයි කොච්චර බාහිරින් වංගු වගේ තිබ්බත් මේ රූපේ විදියට නාලයට ඇස් මට්ටම තියලා බලන්න හැකියාවක් තියේනම් අනිත් කෙලවර පැහැදිලිව දැක ගැනීමේ හැකියාව තියෙනවා. පුදුමයි නේද. හැබැයි මේ Optical Fiber  ශරීරයටනම් බෙහෙවින් අහිතකරයි කියලා තමයි පැවසෙන්නේ.මොකද ලේසර් බීම් එකක් තමයි ගමන් කරන්නේ.එක නිසා අපි ඒකට නිරාවරණය උනොත් බෙහෙවින් දරුණු පිළිකා තත්වයන් පවා ඇති වීමේ ඉඩකඩ සහිතයි.ඒ හේතුව නිසාම තමයි ගුවන්මගින් කණු මත පිහිටවන්නේ නැතුව සෑමවිටම භුගත ක්‍රමේට මේ කේබල් එලන්නේ.

දැන් බලමු කොහොමද මේ Optical Fiber හැදිලා තියෙන්නේ කියලා


මෙන්න තියෙනවා Optical Fiber එකක හරස්කඩක්. බලන්න මේක දිහා.
මේකේ core කියලා හදුන්වලා තියෙන වීදුරු නාල මගින් තමා ආලෝක සංඥා හරහා දත්ත සම්ප්‍රේෂණය වන්නේ. ඒක තමයි දත්ත ගමන් කරන මාධ්‍යය මේ කේබල් එකේ.

සැයු- Optical Cable එකක් කියලා කියන්නේ ලමයිනේ හැම තිස්සෙම තනි (එක්) ප්‍රකාශ තන්තුවක් වෙන අතර,  Fiber Optical කේබල් එකක් කියලා හදුන්වන්නේ මේවගේ ප්‍රකාශ තන්තු සිය ගාණකින් සමන්විත කේබල් එකක් කියලා තදින් හිතට ගන්න.

Cladding - මේක තමයි core නමින් හැදින්වෙන වීදුරුනාලය වටේ දිවෙන ආරක්ෂක පටලය තමයි මේ. මේකේ ක්‍රියාවලිය තමයි core නමින් හඳුන්වනු ලබන වීදුරු නාල දීගේ ගමන් කරන ආලෝක ධාරා මේ cladding කියන ආරක්ෂක පටලයේ වැදිලා නැවතත් core එක තුළටම පරාවර්ථනය වෙනවා. ඔන්න ඕකයි සිස්ටම් එක. නැවත නැවතත් cladding එකේ වැදිලා වැදිලා පරාවර්ථනය වීම නිසා ආලෝක ධාරා අඩු වීමක් (lose) සිදු වෙන්නේ නෑ.දිගටම මේ ක්‍රියාවලිය ස්ථායීව සිදුවීම නිසා බොහෝ දුරක් දත්ත ක්ෂය වීමකින් තොරව ගමන් කරවන්න පුළුවන්.

Strength Member - මේක Optical කේබල් එකේ ආරක්ෂාවට යොදන ආවරණයක් කිව්වෝත් වඩාත් නිවැරදියි. ඒ කියන්නේ තෙතමනයෙන් හා ජල කාන්දුවලින් ආරක්ෂා වීමට තමයි මේ ආවරණය තියෙන්නේ.

Outer Jacket - Optical කේබල් සිය දහස් ගණනක් එකතු වෙලා තමයි Fiber Optical කේබල් එක හැදිලා තියෙන්නේ.ඒ වගේ සැදුම් ලත් කේබල් එකක ආරක්ෂාවට තමයි මේ Outer Jacket එක නිපදවලා තියෙන්නේ.

‍මේ විදියට සදහන් කරපු Optical ‍Fiber කේබල් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය


  1. Single Mode Fiber
  2. Multi Mode Fiber


මෙන්න තියෙනවා මේ කියන මාදිලි දෙක පිළිබද සවිස්තර සටහනක්. මේක කියවලා බලන්න පුළුවන් නේද. ආයේ මම මේකම ටයිප් කරන්න ඕනේ නෑනේ.


මේ විදියට කතා කරපු Fiber Optical කේබල් වලින් මොනවද අපි ගන්න වැඩ කියලා බලමුද?

  • පරිගණක ජාල ගත කිරීම් සිදුකිරීම සදහා 
  • කේබල් ටීවී පහසුකම් ව්‍යාප්ත කිරීම 
  • විදුලි සංදේශ කටයුතු ව්‍යාප්ත කිරීම සදහා
  • සාගර මාර්ග ඔස්සේ අන්තර්ජාල රැහැන් පද්ධති සකස් කිරීම සදහා
  • cctv කැමරා පද්ධති සදහා
                                                     තව මේ වගේ එකී මෙකී නොකී දහසකුත් දේවල් සදහා මේ කියන Fiber Optical  කේබල් භාවිතා කරනවා.

ප.ලි -
මේක තව පොඩි අප්ඩේට් එකක්. එකතු කරන්නේ 2017.02.19
WDM නොහොත් wave division multiplexing කියන්නේ එක් fiber optic එකක් තුලින් අපි කලින් කථා කලාවගේ එක් සිග්නල් එකකට අමතරව සිග්නල් කිහිපයක් එක එක තරංග ආයාමයෙන් යුතුව (wave length )ගමන් කරවීම.මෙන්න සෙනාරියෝ එක


Related Posts:

  • IP Address අද නම් කතා කරන්නේ හැමෝම ජීවිතේ එක පාරක් හරි අහලා තියෙන වචනයක් ගැන.මේක මේ තරම් කලින් කතා කරන එක සැර වැඩිද මන්දා.එත් මේක කතා කරන්නම හිතුන හින්දා ඔන්න පටන් ගත්තා. මොකක්ද මේ IP Address එකක් කියලා කියන්නේ  IP Addres… Read More
  • Transmission Media (හුවමාරු මාධ්‍යය) මේ කියන්න යන්නේ ඔයාලගේ පරිගණක පද්ධතියේ පරිගණක සම්බන්ධවන මාධ්‍යය ගැන විස්තරයක්. එ් කියන්නේ මොන විදියටද පරිගණක ජාල පද්ධතිය සකස් වෙලා තියෙන්නේ, එහෙමත් නැත්නම් මොන මාධ්‍යය හරහාද පරිගණක සම්බන්ධ වෙලා තියෙන්නේ යන වග මේකෙන් විස්තර … Read More
  • වයර් රහිත දත්ත සම්ප්‍රේක්ෂණ සම්මතයන් මාස ගානක් එකදිගට රස්සාව නිසා කාර්යබහුල උන නිසා මේ පැත්තේ එන්නවත් ඉඩක් ලැබුණේ නෑ.හරි ඒ කොහොම උනත් මම හිතුවා මේ බ්ලොග් එක පිළිවෙලට යනවට වඩා ඉඩක් ලැබෙන අවස්ථාවල දන්න උපරිම දේ ඔයාලට කියලා දෙන්න යොදා ගන්න එක ඵලදායී වෙයි කියලා. … Read More
  • OSI Layers (Open System Interconnect) මේ කියන්න යන්නේ ජාලයක එහෙමත් නැත්නම් නෙට්වර්ක් එකක තොරතුරු එහෙමත් නැත්නම් දත්ත ගලායන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඒ කියන්නේ කොහොමද පරිගණක ජාලයක තොරතුරු එකින්එක පියවරයන් ඔස්සේ ඉදිරියට ගමන්කරන්නේ කියන දේ තමයි අද පැහැදිලි… Read More
  • Network Topology (පරිගණක ජාලගත කිරීමේ ක්‍රමවේද) අද මම හිතුවා කලින් දවසේ පොරොන්දු උනා වගේම පරිගණක ජාලගත කිරීමේ ක්‍රම එහෙමත් නැත්නම් Network Topology ගැන කතා කරන්න.Topology කියන වචනය සිංහල ඩික්ෂනරියක ටයිප් කලාමනම් දෙන්නේ ස්ථලකය කියලා තේරුමක්.එක තේරුම් ගන්න සිංහල සි… Read More

0 අදහස්:

Post a Comment

 
Angry Birds -  Help