sticky_note_PNG18952.jpg

සිංහල මෘදුකාංග ( MS Home )

මම මේ කියන්න යන්නේ කව්රුවත් ලිව්ව මහා දරුණු පරිමාණයේ software ගැන එහෙම නෙමේ.මේ page එකේ දලා තියෙන හැම ඇප්ලිකේෂන් එකම මම විසින් C# හා VBS වලින් ලියන ලද softwares තමයි.ගොඩාක් ලොකු වැඩ කැලී තියෙන software නම් නෑ මෙතැන. එත් ඔයාලගේ පුංචි පුංචි අවශ්‍යතාවයන්ට සරිලන software කෑලි මෙතැනින් අහුලගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.තව දෙයක් තමයි මේ මම ලියලා තියෙන හැම දෙයක්ම 100% නිදහස් මෘදුකාංග කියලත් කියන්නම ඔනේ. ඒ වගේම ඔයාලගේ අවශ්‍යතාවයන් තියේනම් මේ විදයට මේ ආකාරයට මේ වැඩේ වෙන්න software එකක් ලියා ගන්න ඔනේ කියලා මම එකත් අනිවා ට්‍රයි කරනවා හොදේ.

හරි එහෙනම් වැඩි කථා නැතිව වැඩේට බහිමු. 
මුලින්ම දෙන්නම් Youtube Downloader software එකක්.

1.MS Youtube Downloader

මේ ඇප් එක youtube එකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්නමයි හැදුවේ.දැනටමත් ඔයාලා ss ගහලා යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරනවා ඇති.හැබැයි save.net එක ගෙඩාක් වෙලවට ඩවුන් යනවා.ඒ වගේ වෙලාවට මලාට ඩවුන්ලොඩ් කරගන්න බෑ.අන්න ඒ නිසයි මේ ඇප් එක හැදුවේ.ඔයාලට ඕනේ කරන resolution size එකෙන්(240p, 360p, 480, 720, 1080p) වීඩියෝ එක play කරලා ලින්ක් එක කොපි කරගෙන app එකේ ටෙක්ස්ට් බොන්ක් එකේ paste කරලා download කියන button එක click කරලා ඔයාලට ෆයිල් එක download කරගන්න අවශ්‍ය ස්ථානය select කරන්න.Automatically තත්පර කිහිපයකින් download වෙන්න පටන් ගනී.

මෙන්න screens-
  


























මෙන්න mediafire වල ලින්ක් එක downloads වලට



2. Remind Me Sticky Note

අද දෙන්න හදන්නේ sticky note එකක්. මේක c# වලින් ලියපු එකක්.නිර්මාතෘ මම තමයි. හරි ඒ වැල් බයිලා ඕනේ නෑ. මේකෙන් ඔයාලට එදිනෙදා වැඩ අමතක නොවී තියාගන්න reminders දාගන්න පුළුවන්. තව මේකට වෙලාව දාලා save කලාම ඇප් එක close වෙලා අදාල වෙලාව ආවහම auto open වෙලා ඔයාලා සේව් කරපු මැසේජ් එක display කරනවා එකෙන්ම.

පාවිච්චි කරලා බලන්න. සරලයි.පොඩි ෆයිල් සයිස් එකක් තියෙන්නේ.මෙන්න ස්ක්‍රීන්ස්






මෙන්න download ලින්ක් එක.සරලයි

මෙතැන ක්ලික් කරන්න


3. MS Reminder

ඔන්න අද මම ගේනව තවත් C# ඇප් එකක්. මේකත් ඔයාලට හොඳ රිමයින්ඩරයක් වෙයි කියලා හිතනවා. මොකද පරිගණකය shutdown උණත් ඔයාලා save කරපු reminders ඔක්කොම මෙයා මතක තියාන ඉන්නවා. ආයේම අදාළ දවසේ පරිගණකය on උන ගමන් මෙයා ඒ දවසට අදාල reminders ඔක්කොම ඔයාට මතක් කරනවා.වැඩේ ලේසියි නේද.හරියටම දින පොතක් maintain කරනවා වගේ සරලයි. තව දෙයක් තමයි මේක startup programms වලට යනවා install කරපු ගමන්. එක නිසා මැෂින් එක on වෙද්දී මේ ඇප් එක auto on වෙනවා.ආයේ අළුතෙන් open කරන්න දෙයක් නෑ සහ එහෙම open උණ ඇප් එක දිගටම notification tray එකේ රන් වෙනවා minimize කලාම. ඒකෙන් ඔයාලට වැඩ ලේසි කරලා තියෙන්නේ තවත්.

මෙන්න ස්ක්‍රීන්ස්

 


පොඩි ෆයිල් එකක් මේකත්
මෙන්න ලින්ක් එක

ක්ලික් කරන්න


4. MS Alarm

ඔන්න දෙයියනේ කියලාඅදත් ගෙනාවා අළුත් ඇප් කෑල්ලක්.මේක එලාම් එකක්. එකක් නෙමේ.අර ෆෝන් වල වගේ එලාම් 03ක්ම එකපාර තියන්න පුළුවන් ඇප් කෑල්ලක්.සරලයි.පාවිච්චි කරලා බලන්න.ගුණදොස් කියන්න.ලියලා තියෙන්නේ C#වලින්.

මෙන්න ස්ක්‍රීන්ස් - 












මෙන්න ලින්ක් එක .පොඩි ෆයිල් එක් තියෙන්නේ

මෙතැන ක්ලික් කරන්න



අදහස් උදහස් වලට එකෙන්ම විවෘතයි.කමෙන්ට් කරන්න.අළුත් ඇප් එකක් අරන් ඉක්මනට එන්නම්....

0 අදහස්:

Post a Comment

 
Angry Birds -  Help