sticky_note_PNG18952.jpg

Monday, January 30, 2017

Transmission Ways (සම්ප්‍රේක්ෂණ විධි)

හැකින් වලින් පස්සේ ඔන්න අද ආයේම පාඩමට ආවා.අද මොනවද ඉගෙන ගන්නේ. අද අපි Transmission ක්‍රම පිළිබඳ ඉගෙන ගම්මු. ඒ කියන්නේ දත්ත සම්ප්‍රේක්ෂණය කරන ක්‍රම ගැන ඉගෙන ගමු. මේ විදියේ Transmission ways 03ක් අපිට අඳුරගන්න පුළුවන්.

1. Uni-cast Transmission
2. Multicast Transmission
3. Broadcast Transmission

ඔන්න ජාති 03.අපි දැන් මුලින්ම ගමු බලන්න Uni-cast Transmission ගැන කථා කරන්න

Uni-cast Transmission -  මේකෙන් කියන්නේ මේ ජාතියේ ජාලයක සන්නිවේදනය සිදුවන්නේ එකක සිට තවත් එකකට බවයි. ඒ කියන්නේ පණිවිඩයක් හෝ දත්තයක් යැවීම සිදු කරනු ලබන්නේ එක් නොඩ් එකක සිට තවත් නොඩ් එකට පමණක් බවයි. හොඳම උදාහරණේ ඔයාගේ මොබයිල් එකෙන් කාට හරි කෝල් එකක් ගැනීම.එතකොට මේ කතාබහට සම්බන්ධ වෙන්නේ ඔයා සහ ඔයා ඇමතුම ලබා ගත් කෙනා විතරයි. තේරුණාද වැඩේ හරියට මේ වගේ. 

බලන්න මෙතැනදී නෙට්වර්ක් එකට නොඩ් කිහිපයක් සම්බන්ධ වෙලා තිබුණත් මේ රතු පාට ඊතලෙන් පෙන්වන නොඩ් 02 අතර තමයි දත්ත හුවමාරුව සිදුවෙන්නේ.අනික් නොඩ් මේ කතාවට සම්බන්ධ වෙන්නේ නෑ. මේ connection එක one to one එකක්.❤


Multicast Transmission - මෙතැනදී අපි කථා කරන්නේ කලින් එකට වඩා ටිකක් වැඩියෙන් ප්‍රමාණයක් එක්ක එකවර සම්බන්ධ වෙන අවස්ථාවක් ගැන.ඒ කියන්නේ එක්කෙනෙක් කිහිපදෙනෙක්ව ඇමතීම ගැන තමයි අපි මේ කථා කරන්නේ. තේරුණද. ඒ කියන්නේ එක නොඩ් එකක් නොඩ් කිහිපයක් වෙත එකවර දත්ත යැවීම. උදා - එක් නොඩ් එකක ඉදන් ඊමේල් පනිවිඩයක් එම ජාලයේ තවත් නොඩ් කිහිපයකට යැවීම ගන්න පුළුවන්.මෙතැනදී connection එක පෙන්වන්න පුළුවන් one to many විදියට. මේ වගේ


බලන්න එක නොඩ් එකක ඉඳන් නොඩ් 02කට එක්වර දත්ත යැවීම සිදුකරනු ලබනවා. කථාව තේරුණද ඔයාලාට.මේකේදී ජාලයේ පවතින සියළුම නොඩ්  වලට එකවර දත්ත සම්ප්‍රේක්ෂණය නොකරන අතර Uni-cast Transmission වලට වඩා වැඩි ප්‍රමාණයකට දත්ත සම්ප්‍රේක්ෂණය සිදුකරනු ලබනවා.

Broadcast Transmission - මේ කියන්නේ network එකක තියෙන එක ඩිවයිස් එකකට අනෙක් සියළුම ඩිවයිස් සමඟින් එකවර සම්බන්ධ වීමට හැකි අවස්ථාවයි. මෙහිදී එක වර සියළුම නොඩ් වෙත එක නොඩ් එකකට දත්ත යැවීමට ඇති හැකියාවයි.ඒක one to any කියන connection type එකයි. මේකටඋදාහරණයක් විදියට ඔයාලට ගුවන් විදුලි, රූපවාහිණී, දුරකථන වැනි සම්ප්‍රේක්ෂණ කුළුණු වලින් බෙදා හරින සංඥා සියළුම උපකරණ වලට ලැබීම ගෙන හැර දක්වන්න පුළුවන්.මෙන්න මේ වගේ


දැන් තේරුණද වැඩේ මොකක්ද කියලා.ඔන්න සමස්ථය එක රූපසටහනකින්. බලන්න මේක.සරලව තේරුම්ගන්න පුළුවන් ඔයාලට මේ කියන කථාව






ඔන්න අදට වැඩේ ඉවරයි.තවත් අළුත්ම පෝස්ට් එකකින් ඉක්මනට හමුවෙමු

Sunday, January 29, 2017

හැකින් සම්බන්ධවයි (About Hacking)



ඔන්න අදත් ආවා ඔයාල හමුවෙන්න නෙට්වර්ක් අසපුවෙන්.හැබැයි අද නම් මම අළුත් දෙයක් ඔයාලට උගන්නන හිතන් නෙමේ අවේ. අපේ කට්ටිය කරන පොඩි නරක වැඩක් ගැන සැරට විවේචනයක් කරන්න තමයි ආවේ. ඇත්තටම මම ගිය සතියේ අන්තර්ජාලේ සැරිසරද්දී සිංහල වෙබ් අඩවියකට අහම්බෙන් ගියාම දුටු දෙයක් තමයි මේක How to hack facebook. ඇත්තටම මේ ක දැක්කම මේ සයිට් එක කරන හාදයා මේ කියලා තියෙන්නේ සිරා කථාවක්ද කියලා ආයේම සරයක් පියවරෙන් පියවර බැලුවා.හැබැ නේන්නම්.ලස්සනට fb එකවුන්ට් එකකට phishing attack එකක් දෙන විදිය මේ යෝදයා පැහැදිලි කරලා තිබ්බ පින්තූරත් එක්කම. ඒක දැක්කම ඇත්තටම කෑ ගැස්සෙනවා ඒකේ බලපතල කම තේරේන ඕනෑම මනුස්සයෙකුට. ඇත්තටම ඒ වෙබ් අඩවිය අළුතෙන් යමක් වගේ අදහසක් එනනමකින් පවත්වාගෙන යන සයිට් එකක් .ඒකේ කතෘ තුමා මේ ලිපිය බලනවා නම් මේ කියන දේවල් ඇත්තද බොරුද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.

ඇත්තටම හැකින් කියන දේ 100% නරක පැත්තට ලෝකේ භාවිතා වෙන්නේ නෑ හැකර්ලා ලෝකෙට ජාති 02ක් ඉන්නවා


  1. White Hat Hacker
  2. Black Hat Hacker

දැන් සරලව කියන්නම් මේ ජාති 02 ගැන.

White Hat Hacker කෙනෙක් කියලා කියන්නේ තමන් අන්තර්ජාලය පිලිබඳ , ජාලගත කිරීම් පිළිබඳ සහ වෙනත් මේ ක්ෂේත්‍රයට අදාළ වූ දැනුම උපයෝගී කරගෙන මේ ජාලකරණයේ පවතින අඩුපඩු, සිදුරු, දුර්වල තැන් යනාදිය පෙන්වා දී ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන හොඳ පිරිසකට.බෝහෝ විට මෙයාලා මෘදුකාංග සමාගම් වල, වෛරස්ගාඩ් නිපදවන සමාගම් වල හා වෙනත් ඉහල පරිගණක සම්බන්ධ ආයතන වල සේවය කරනවා.මෙයාලා ඒ ඒ නිශ්පාදන මිනිසුන්ට ලබා දෙන්න කලින් ඒවායේ ඇති අඩුපාඩු යනාදිය පෙන්වා දී වැරදි අවම කරන්න කටයුතු කරනවා තමන්ගේ දැනුමෙන්.

Black Hat Hacker කෙනකේ කියන්නේ මෙයා තමන් සතු දැනුම බොහෝ නරක, සමාජයට අවැඩ වන, විනාශයන් වෙනුවෙන් යොදා ගන්නා කෙනාට. මේ ජාතියේ අය සමාජය ඉදිරියට එන්නේ නෑ. හැංගිලා තමයි ජීවත් වෙන්නේ. ඒ එක්කම කණ්ඩායම් වශයෙන් සහ තනි තනිව ජීවත් වෙනවා. සයිබර් අවකාශයේ ත්‍රස්තවාදය පතුරවන්නේ මෙයාලා තමයි.ක්‍රෙඩිට් කාඩ්පත් වංචා වල ඉදන් FBI එකට යනකම් ගේම් දෙන එක මෙයාලගේ අරමුණ සහ ජීවනෝපාය. හැබැයි සමහර හැකර්ලා සමාජ අසාධාරණයන් වෙනුවෙනුත් මේ විදියට BLACK HAT ගණයට වැටෙන වැඩ කරනවා පාලන තන්ත්‍රයන්ට දැනෙන්න කියලත්. ලෝකේ ප්‍රසිද්ධ හැකර් ටීම් එකක් තමයි අනෝනිමස්ලා මේ එයාලා ගැන විකිය කියන දේ    සහ  මේ එයාලා ගැන එයාලා කියන දේ කොහොම උනත් කවුද හරි කවුද වැරදි කියලා ආයේම හිතන්න වෙනවා.මෙයාලගේ ක්‍රියාකාරකම් Deep net තමයි වැඩිපුර තියෙන්නේ. ඒකේ වීරයෝ වගේ ඉන්නේ අපි මේ කථා කරන Black Hat Hackers ලා තමයි
(*Deep net / Dark net ගැන අනිවා ඉදිරියේදි කියන්නම්.අතිශයින්ම අනාරක්සිත තැනක්)

කොහොම උනත් දැන් ආයේම මාතෘකාවට එමු.ඇත්තටම හැකින් කියන්නේ විෂයක් විදියට ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ජාල කරණය, අන්තර්ජාල ආරක්ෂාව වැනි ක්ෂේත්‍රයන් වල අධ්‍යයන කටයුතු කරන අයට Ethical Hacking වැනි දේ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි මේ දේවල් යොදා ගන්න ඕනේ යහපතට මිසක් අයහපතට නම් නෙමේ.මොකද දැන් මේ පහල මට්ටමින් දෙන ගේම් ඉතා සරලව අල්ලගන්න පුළුවන් නිසා එහෙම ගේමක් දීලා ඔයාට වීරයෙක් වගේ ඉන්න ඉඩ ලැබෙන්නේ පුංචි වෙලාවයි.

දැන් යමු ආයේම How to hack Facebook කියන කතාවට.ඇත්තටම ඔය කියන විදියට fb එක හැක් කරන්නද ඔය හාදයා උගන්නන්නේ.අනේ නෑ. ඒ කියලා දෙන්නේ කෙහොමද මොකක් හරි ලොගින් එකක user name එකයි password එකයි හොරෙන් ගන්නේ කියලා. මේ කියන දේ hacking වල මිනිස්සු බහුලව යොදා ගන්න විදියක්.මේකට phishing කියන තාක්ෂණික වචනේ භාවිතා කරනවා. ඒ කෙන් කරන්නේ අපිට ලබා ගන්න ඕනේ පාඩ්වර්ඩ් එකට අදාල ලොගින් පේජ් එක වගේ පේජ් එකක් අපි පරිගණකයේ සේව් කරගන්නවා .html කියන format එකෙන්. පස්සේ ඒක free server එකකට upload කරලා ඒ බොරු පේජ් එක අපිට පාස්වර්ඩ් ගන්න ඒනේ කෙනාට යවනවා ලොග් වෙන්න. එයා ඒ බොරු පේජ් එකට එයාගේ username, password ඇතුළත් කරපු ගමන් අර server එකේ ඔයාගේ account එකට සෙට් කරපු  notepad එකේ දෙයියනේ කියලා ඒ විස්තර සටහන් වෙනවා. ඔන්න ඕකයි සංක්ෂිප්තය.

ඉතින් හිතන්න මේ වගේ දෙයක් පොල්ලෙන් ගැහුවා වගේ ඉගැන්නුවාම මොකද වෙන්නේ කියලා. මම විස්වාස කරනවා 95% මේ දේ කරන්න උත්සහ කරොත් කරන්නේ fb එකට විතරක් වෙන්න පුළුවන්. හැබැයි 5%ක් වත් මේ දේ වෙන වෙන දේවල් වලටත් යොදා ගන්න බැරි නෑ.(මොකද හැම සිංහලයම ගිරවෙක් නෙමේ කියලා මම විශ්වාස කරනවා.95% ක් නම් එහමයි කියලා හිතන්නේ). හිතන්න බැංකුවක වැඩ කරන කෙනෙක් මේ දේ අත්හදා බැලුවා කියලා. විනාශය කොහෙන් නවතීද? තව ඔයිට වඩා දේවල් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා අපි දැනුමක් බොදා හදා ගන්නවානම් අනිවා ඒ ගැන , අපි කියන්න යන දේ ගැන සැළකිලිමත් වෙන්නම ඒනේ. අපිට අපේ සයිට් එක හිට් කරගන්න හැම කුනුගොඩම සමාජය පුරා බොදා හරින් බෑ.ඒ දේ බ්ලොග් හෝ වෙබ් අඩවි කරන අපි හැමෝම දැනුවත් වෙන්නත් ඕනේ. මොකද අර අවු 17 පාසැල් සිසුවත් මම විශ්වාස කරන විදියට ක්ෂේත්‍රයේ පලපුරුදු කෙනෙක් නෙමේ. ඒක මම තදින් විශ්වස කරන දෙයක්. ඒ සිදුවීම පෙළඹවීමක් මත සිදුඋන දෙයක්. ඔන තරම් හැකින් ෆෝරම් තියෙනවා. කාටද බැරි ඒකකට ලොගින් වෙලා කට්ටියක් එක්ක දුර්වල සර්වර් එකක් කඩලා දාන්න. හැබැයි ඒක නෙමේ සමාජ වගකීම.තව දෙයක් තමයි හැමදේම හොඳට ඉගෙන ගන්න. පරිණත වෙන්න.එතකන් වැඩ දාන්න යන්න එපා.

හැකින් කියලා කිව්වද අපේ අයියලා එක එක විදික්‍රම භාවිතා කරනවා. සරලව භාවිතා කරන දේවල් තමයි කලින් කිව්ව phishing තව keylogger, Dos/DDos, Virus, Passive Attack වගේ එව්ව. ඒවායිනුත් keylogger එහෙම අපේ කට්ටික අතරේ ජනප්‍රියයි.මතක තියා ගන්න keylogger එක ලිව්ව හාදයා ඒ ලියන්නේ ඔයාලාව අත් ඇරලා අනික් අය අල්ල ගන්න නෙමේ මහත්වරුනේ.ඔයාලාත් ඒ හාදයගේ දැලට අහුවෙලා තමයි අනික් එවුන්ට ගේම දෙන්න ඔයා උත්සහ කරන්නේ. ඊට පස්සේ ඔයත් අනුන්ගේ bot net එකක දාසයෙක් වගේ තමයි ඉන්නේ.

දැන් සරලව කියලා දෙන්නම් කොහොමද page එකක් phishing page එකක්ද කියලා දැනගන්නේ කියලා. අපි සාමාන්‍යෙයන් මොකක් හරි page එකකට යද්දී url box එකේ ඒ page එකට අදාල web address එක පෙන්නනවා ඔයාලා දැකලා ඇති නේද.උදා facebook නම් මේ විදියට 


https://www.facebook.com/ මේ විදියට fb page එක තියෙනවා නම් ඔයා දැනටමත් ඉන්නේ ආරක්ෂිත සහ ඔරිජිනල් fb page එකේ කියලා බල නැතිව කියන්න පුළුවන්.ඔන්න ඒ page එකට අදාළ ආරක්ෂිත සහතිකය


දැක්කද? කොල පාටින් Secure කියලා ඉස්සරහින් තියෙනවා කියන්නේ google ලා විසින් ආරක්ෂිතයැයි ලේඛන ගත කරන ලද වෙඩ් අඩවියකට තමයි ඔයාලා ඇතුළත් වෙලා තියෙන්නේ. හැබැයි තාම හැම වෙඩ් අඩවියම මෙහෙම නෑ. ඒහෙමයි කියලා අනික්වට නොයා ඉන්න එපා. ගොඩාක් ප්‍රසිද්ධ සයිට් වල ඔයාලට මේ Secure ටැග් එක දැක ගන්න පුළුවන් වෙයි. එවායේ බය නැතුව ගණුදෙනු කරන්න පුළුවන් කියන දේ කියන්න ඕනේ.

දැන් බලමු මොකක්ද phishing page එකක් කියන්නේ කියලා. ඒකටත් උදාහරනේ fb එකම ගමුකෝ.අපි අර කලින් සඳහන් කළ https://www.facebook.com/ කියල web address එක තියනේන පුළුවන් ඔරිජිනල් fb site එකේ විතරයි නේද. ඔව් ඒක ඇත්ත. ආයේ එක වගේ web address 02ක් ලෝකේ තියෙන්න බෑ. ඒක නිසා https://www.facebook.com/ කියන web address එක මොන ජගතෙකුටවත් පාවිච්චි කරන්න බෑ. ඒක නිසා කවුරුහරි කෙනෙක් ඔරිජින් fb page එකේ page source එක අරන් ඒක නොට් පැඩ් එකක දාලා html විදියට සේව් කරලා free server එකක අප්ලොඩ් කරද්දී එයාට අර නමින් web address එක හදන්න බෑ.server එකෙන් generate වෙන address එක තමයි වැටෙන්නේ url box එකේ. දැන් page එකනම් හැම අතින්ම සමානයි. නමුත් web address එක වෙනස්. මේ වගේ

දැක්කද.මතක තියාගන්න මේ කියන දේ facebook වලට සීමාවෙලා නෑ. හැම සයිට් එකටම මේ කියන  phishing attack දෙන්න පුළුවන්.උදා- ඔයාලගේ gmail account, yahoo, whatapps, viber ...etc. ඉතින් මේ වගේ දේවල් අපේ කට්ටිය ඉගෙන ගත්තම කොහොම පාවිච්චි කරයිද කියලා හිතන්න. අන්න ඒකයි භයානක කම.

ඒක නිසා මතක තියා ගන්න ඔයාලා පොදු, කාර්යාලීය හෝ වෙනත් කෙනෙකුගේ පරිගණකයකින් ලොග් වෙනවා නම් මේ මම කියපු දේ හොඳට ඔළුවේ තියාගන්න.මතක ඇතුව web address එක චෙක් කරන්න. හැකිතාක් තමන්ගේ පුද්ගලික ගිණුම් පොදු පරිගණක වලින් විවෘත නොකර ඉන්න උත්සහ ගන්න. මොකද හැම බ්‍රවුසරේම අපේ පහසුවට පාස්වර්ඩ් එහෙමත් මතක තියාගෙන ඉන්න කාලයක් මේක. ඒක නිසා තමන්ගේ පරිගණකය තමයි තමන්ට ආරක්ෂිතම තැන. මේ දේවල් පුංචි සරල දේවල් වගේ පෙනුනට මේ දේවල් වලින් තමයි අපේ අහිංසක නංගිලා ගොඩාක් වහ බිව්වේ, සියදිවි නසා ගත්තේ.තමන්ගේ පුද්ගලික දේවල් සියල්ල එකතු කරපු ගිණුමක් පිටකෙනෙක්ගේ පාලනයට ගියා කියන්නේ ඇත්තටම සංවේදී කෙනෙක්ට ඒකම ඇති තමන්ගේ ජීවිතයේ පැවැත්ම ගැන තීරණයක් ගන්න. විශේෂයෙන්ම අපේ වගේ සංස්කෘතියක් තියෙන රටක කාන්තාවකට එහෙම දෙයක් උනොත් වෙන දේ ඔයාලම හිතන්න.

අන්න ඒක නිසා Facebook හැක් කලා කියලා වැඩර් කෙනෙක් වගේ ඉන්න පුළුවන් කියලා හිතන බාල පරපුරක් ඉන්න අපේ වගේ රටක මේ දේවල් ගෙඩිපිටින් කියලා දෙන එක ගැන අනිවා 02ක් 03ක් නෙමේ සිය පාරක් හරි හිතන්න යාළුවනේ. මොකද ඔයා කියලා දෙන දෙයින් දැනුම ලබාගෙන අනික් අතින් ඒක අත්හදා බලන්නේ ඔයාගේ නංගිගේ හෝ අක්කාගේ Facebook accout එකට වෙන්න පුළුවන් නිසා

Sunday, January 22, 2017

Network Types (ජාල වර්ග)..

අද මම කියන්න යන්නේ network එහෙමත් නැත්නම් ජාල පිහිටන්න පුළුවන් විදි ගැන.ඒ කියන්නේ මොනවද මේ network types කියලා.මේ කෙන් එකක් නම් ඔයාලා නිතරම අහලා ඇති .අනික්වනම් ටිකක් විතර අමුතුත් ඇති.හරි අපි බලමු මේ වර්ග ගැන.මූලිකව කථාවෙන network types 04ක් මම කියන්නම් කෙටි විස්තරයක් ඇතිව

LAN   (Local Area Network)
MAN  (Metropolitan Area Network)
WAN  (Wide Area Network)
PAN   (Personal Area Network)

LAN   (Local Area Network)






මම කියන්නම් මුලින්ම LAN   (Local Area Network) ගැන.මේක තමයි අපි අතරේ නිතරම කනට වැටෙන වචනේ.එහෙම කිව්වොත් නිවැරදියි නේද. මේක භෙෘතික වශයෙන් කුඩා වපසරියක පැතිර යන Network එකක් කියලා මූලික වශයෙන්ම හඳුන්වා දෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදියට එක බිල්ඩිමක් ආවරණය වන පරිදි, පුංචි ඔෆිස් එකක් අවරණය වන පරිදි මේ වගේ Network එකක් පිහිටවනන පුළුවන්. Ethernet එකයි wifi යි තමයි LAN   (Local Area Network) එකක් හදන්න පුළුවන් මූලිකම මාර්ග 02 වෙන්නේ. මේ LAN   (Local Area Network) එක peer to peer network කියන ආකාරයටයි client server network කියන ආකාරයටයි පිහිටවුගන්න පුළුවන්.දැන් අහයි මොනාද මේ 
peer to peer network
client server network කියනනේ කියලා

peer to peer network  - කියන්නේ ජාලයට සම්බන්ධ සෑම පරිගණකයක්ම එක හා සමාන අයිතිවාසිකම් සහිත නොඩ් එකක් විදියටයි සලකන්නේ.මෙතැන අපි (server )කියලා හඳුන්වන ලොක්කෙක් නෑ. ඒ කියන්නේ ජාලය පාලනය කරන්න වෙනම ඒකකයක් මේ වගේ network එකක නෑ.මෙන්න මේ වගේ



client server network - මෙතැනදී network එකතුළ server එකක් සිථාපනය කරලා තියෙන්නේ.ඒක තමයි නෙට්වර්ක් එක පාලනය කරනු ලබන්නේ.නොඩ් එකක් මඟින් කරන විමසීමයකදී ප්‍රතිචාර දැක්වීම, නීති පද්ධති ක්‍රියාත්මක කිරීම වැනි සියළු කටයුතු කරන්නේ server ඔක මඟින්. නොඩ් වලට සලකන්නේ clients ලා විදියට .තේරුණද?

ඇත්තටම Local Area Network එකක් තුළ සාමාන්‍යෙයන් අපරිම 10Gbps වගේ ස්පීඩ් එකක් වෙනකම් දත්ත සම්ප්‍රේක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා.දැනටත් බහුල වශයෙන්ම twisted pair cable තමයි මේ Local Area Network ගහන්න එහෙමත් නැත්නම් හදන්න භාවිතාකරන්නේ.මේ කියන Local Area Network එලන්න බහුලව භාවිතා කරන ක්‍රම විධි තමයි Ethernet, Token Ring, FDDI වගේ ක්‍රම.FDDI කිව්වෙ Fiber Distributed Data Interface කියලා සරලව. මේක ANSI සහ OSI කලවම් වෙච්චි Fiber optic විදියට 200km වගේ දුරක් අදින්න පුළුවන් Local Area Network විදියක්.ටිකක් ඇඩ්වාන්ස් නේද?


MAN  (Metropolitan Area Network)

මේ කියන්නේ Local Area Network එකට වඩා භූමි වපසරියෙන් විශාල වඩා පුළුල්ව එලන්න පුළුවන් network එකක් ගැන.මේක ඇත්තටම නගරයක් වගේ area එකක් ආවරණය කරන්න පුළුවන් network එකක්.ඇත්තටම මේ කියන Metropolitan Area Network එක අපි කලින් කථාකළ Local Area Network කිහිපයක් backbone lines වලින් එකතුවී නිර්මාණය වෙලා තිබෙන්නත් පුළුවන්.



WAN  (Wide Area Network)

මේක තමයි දැන්ට ලෝකේ භාවිතා වන පුළුල්ම ජාලය විදියට හඳුන්වන්නේ. ඒ කිව්වේ අපි ඉහතදී කථා කළ Local Area Network හා Metropolitan Area Network වැනි ජාල එකතු වෙලා තමයි මේ කියන Wide Area Network බිහිවෙන්නේ. මේවා ආයතන , විශ්ව විද්‍යාල, රටවල්, මහද්වීප පුරා පැතිර යන විදියේ විශාල පරිගණක ජාල ලෙසින් හඳුන්වා දෙන්න පුළුවන්. මේ කියන WAN ජාලය සඳහා දෙන්න පුළුවන් සරලම උදාහරණය තමයි අපි මේ හැමදෙනාම භාවිතා කරන අන්තර්ජාලය.එකෙන්ම අන්තර්ජාලය තමයි ලෝකේ තියෙන ලොකුම Wide Area Network එක.මෙකට මම කලින් කිව්වා LAN, MAN වලට අමතරව තව ගොඩාක් ජාල ක්‍රම භාවිතයට ගන්නවා සහ ගත්තා.උදා - ATM, ISDN, ADSL,DSL,X.25 මේවා හඳුන්වා දෙන්න පුළුවන්.


PAN   (Personal Area Network) 

මේ කියන්නේ මීටර් කිහිපයක් දුරට අන්තර්පුද්ගල සන්නිවේදනය සඳහා යොදාගනු ලබන නෙට්වර්ක් ලෙසට අර්ථ දැක්විය හැකිය.මේ විදියේ Networks අපිට cabels, Bluetooth, Wifiල ,In-fared වැනි මාධ්‍යයක් තෝරා ගෙන ස්ථාපනය කරන්න පුළුවන් කම තියෙනවා.එකෙන්ම හිතාගන්න පුළුවන් නේද මේක කුඩා වපසරිියක් තුළ එලන්න පුළුවන් නෙට්වර්ක් එකක් කියලා.



ඔන්න ඒ ලිපියත් ඉවරයක් කලා.අළුත් ලිපියකින් හමුවෙමු..

Monday, January 16, 2017

Networking Devices ගැන ටිකක්

ඔන්න අද කියන්න යන්නේ නෙට්වර්ක් වලට අදාල වෙන Devices ටිකක් ගැන හඳුන්වා දෙන්න.මේ දේවල් නෙට්වර්ක් එකක මූලිකාංග කිව්වොත් වඩාත් නිවැරදියි. මේ දේවල් ටිකත් ඉදිරියට යන්න අපිට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා එකෙන්ම. එහෙනම් ඒ මොනවද කියලා දැන් බලමු

Network Interface Card (NIC)



මේක ගැන අළුතෙන් කියන්න දෙයක් නෑනේ. මේක හැමෝම දැකලා තියෙනවනේ. මේක ගැන ටිකක් විතර දන්නවත් ඇති.මේක හරහා තමයි නේද ඔයාලා අන්තර්ජාලේ යන්නේ.මේ ඩිවයිස් එක කාලෙකට ඉහතදී අපි අතරේ ජනප්‍රිය උනේ මේ විදියේ කාඩ් එකකින්. හැබැයි දැන් එන අළුත් පරිගණක වලනම් මේක on-board තමයි දැකගත හැකිවන්නේ.ඒ කියන්නේ ඉස්සරහට මේ කියන නෙට්වර්ක් කාඩ් එක වඳ වෙලා යයි කියලා තමයි හිතන්නේ. ඒ වෙනුවට RJ45 port එක මවුපුවරුවට සම්බන්ධ වෙලා එයි මේ විදියට 


හරි අපි දැන් මේකේ technical side එකට එමු. අපි මේ කථා කරන Network Card එකට නිශ්පාදකයා විසින් කාවද්දන ලද Hardware address එකක් තියෙනවා. එකට අපි කියන්නේ MAC Address එක කියලා. මොකක්ද මේ කියන MAC Address එක.කලින් කිව්වා වගේම මේක Network Card හදන නිශ්පාදකයා විසින් කාඩ්පතට කාවද්දන බැවින් වෙනස් කරන්න බෑ කියලා තමයි කිව්වේ(අවාසනාව කියන්නේ දැන් මේකත් හැක් කොරනවලූ) .මේක තමයි.OSI Layer එකේ පරිගණකය Network interface එකත් එක්ක සන්නිවේදනය කරන්න උපයෝගී කරගන්නේ මේ අපි කථා කරපු MAC Address එක. IEEE 802 ජාලකරණ තාක්ෂණය තුළ ජාල ලිපිනය (Network Address) එක විදියට ගන්නෙත් මේ කියන MAC Address එකම තමයි.(Ethernet , wifi වගේ). MAC Address එක දිගට කියෙව්වොත් එහෙම Media Access Control කියලා තමයි කියන්නේ. මේ කියන MAC Address එක NIC (Network Interface Card) එකේ read only memory එකේ හෝ firmware එකේ තමයි දාලා එවනවා කියලා කියන්නේ. මේ තියෙන්නේ MAC Address එකක්.


MAC Address ගණනය කිරීම් වෙන්නේ Hexa-Decimal වලින් තමයි. ඒ කියන්නේ 16 පාදයෙන්. මේක බැලුවම පේනවනේ ඉංග්‍රිසි අකුරු ටික එක්ක.9 පාදයෙන් පස්සේ  A,B,C,D,E,F  කියලනේ එන්නේ.

මේ කියන NIC වල වේගයන් පහත ආකාරයෙන් දක්වන්න පුළුවන්. මේ එක එක ස්පීඩ් එකෙන් නෙට්වර්ක් සපෝට් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ.

10 Mbit/s
100 Mbit/s

1 Gbit/s
10 Gbit/s
up to 160 Gbit/s


මම මුල්ම කාලේ කිව්වා වගේ මේ ස්පීඩ් එක කැල්කියුලේට් කරන්නේ Megabit Per Second කියලා හොදේ.ඒ කියන්නේ අපේ අයියලා 42Mbps කියලා කිව්වොත් ඇත්තටම

42Bits/8 = 5.25 Mb

42Bits මම 8න් බෙදුවේ ඇයි . මොකද Bit 08 = Byte කියන තියරිය නිසා මට මෙගාබයිට් වලින් ස්පීඩ් එක හදාගන්න තමයි 42 කියන සංඛ්‍යාව 8න් බෙදුවේ. අපේ අන්තර්ජාල සපයන කොම්පැණි 42Mbps කියලා දාහක් උඩ පැන පැන කිව්වට ඇත්තටම ලයින් එක සපෝට් කරන උපරිම වේගය මෙගා බයිට් වලින් නම් 5.25mb වගේ තමයි තත්පරේට. දැන් තේරුනද මගඩිය.කතාව පටන් ගත්තේ NIC වලින්. ඉවර උනේ ISP ලගෙන්

මොනවද මේ NIC හදන ආයතන

Intel
Realtek
Broadcom
QLogic
Mervell Technologies මේ ආයතන මේවා හදන්න ප්‍රසිද්ධයිලූ.. (මේ ලිපියට කනින් කොනින් විකියෙත් සපෝට් එක ගත්තා හරිය)
දැනට මේ ටික ඇති නේද NIC සම්බන්ධව.ඊ ලඟට Hub ගැන කතා කරමුද??



Network Hub 




මොකක්ද මේ hub එකක් කියන්නේ. ඇත්තටම මේක නෙට්වර්ක් එකේ Central Connection Point එකක්, ඒ කියන්නේ ජාලය තුළ සියළු ඩිවයිස් / උපාංග සම්බන්ධ කරන අයිතමය විදියට තමයි ක්‍රියාකරන්නේ. හැබැයි මේක ප්‍රාථමික උපාංගයක් විදියට තමයි පිළිගැනෙන්නේ.එහෙම කියන්න සෑහෙන්න හේතුනම් තියෙනවා. හරි මුළින්ම කියන්න ඕනේ අපේ අර OSI Layers වල මේ හාදයා වැඩ කරන්නේ Physical Layer එකේ. අපි අර Duplex Communication ගැන කතා කරද්දී කිව්ව Half Duplex method එක තමයි මෙයා දත්ත සන්නිවේදනය කරන්න භාවිතා කරන්නේ.මේ හාදයා ප්‍රාථමිකයි කියලා කිව්වේ එක Nod එකක ඉදන් කිසියම් data packet එකක් hub එකට ලැබුණොත් මේ හාදයා (Hub) තමන්ට සම්බන්ධ වෙලා තියෙන හැම device එකටම මේ data packet එක යවනවා. ඒ කියන්නේ මේයා ලඟ management method එකක් නෑ. ඒකෙන් අපේ Network එකේ Bandwidth එක නිකරුනේ බෙදිලා ගිහින් Line එක මන්දගාමී වෙන එක විතරයි සිදුධ වෙන්නේ. මොකද මෙයාට බුද්ධියක් නෑ data packet එක ඇත්තටම යැවිය යුත්තේ මොන device එකටද කියලා තීරණයක් ගන්න.බලන්න පහත රූප සටහන



(එච්චර දෙයක්  කරගන්න පුළුවන් උනානම් මේ හාදයා මෙච්චර අඩු වෙන්නෙත් නෑනේ නේද). හරි තව දෙයක් තමයි මේ විදියට Hub ඔකකින් වැඩ ගනිද්දී මෙයා එක පාරටම අවුල් යන සීන්(Collisions) එහෙමත් තියෙනවා. ඒ කියන්නේ මේ විදියට Hub එකක් ගහලා කියෙන නෙට්වර්ක් එකක එක් වර Devices කිහිපයක් දත්ත යවන්න ගත්තොත් මේ හදයා ප්‍රාථමික ගණයේ නිසා අනිවා අන්දුන් කුන්දුන් වෙනවා.අන්න ඒ තැන්වලදී නම් නෙට්වර්ක් එකත් අන්දොස් වෙනවා තමයි.දැන් ඔයාලට හබ් එක ගැන දළ අදහසක් ලැබුණා නේද? මේක කුඩා පරිමාණ නෙට්වර්ක් වලට ගැලපුණත් එකෙන්ම ලොකු නෙට්වර්ක් වලටනම් set වෙන්නේ නැත යාළුවනේ. 



Monday, January 9, 2017

Protocol පිළිබද හැඳින්වීම


මම කලින් දාපු පෝස්ට් වලත් මේ කියන වචනේ සැරටම ඇහුණා නේද.අනිත් තැන් වලත් මේ කියන වචනේ නිතර ඇහිලා ඇති.පෙළක් කට්ටිය මේ ගැන දන්නවත් ඇති.නොදන්න අයත් අම්බානෙක ඇති.හරි මොකක්දමේ කියන්නේ.මොකක්ද Protocol එකක් කියන්නේ.දැවෙන ප්‍රශ්ණ මෙන්න

මේක සිංහල ඉංග්‍රිසි ඩික්ෂනරියක බැලුවොත් නම් දෙන්නේ මූලපත්‍රය කියලා.හැබැයි නෙට්වර්ක් වලදි නම් එහෙම තේරුමක් නෑ.විකිපීඩියාවට අනුව Protocol කියලා කියන්නේ

විදුලි සංදේශ හෝ ජාලගතකරණය කුමන ආකාරයෙන් සිදුවිය යුතුද යන්න තීරණය කිරීම සඳහා යොදා ගනු ලබන නීති රෙකුලාසි වල එකතුවකි. 

ඒ කියන්නේ නෙට්වර්ක් එක කොයි ආකාරයෙන් කුමන විදියෙන් පවත්වාගත යුතුදැයි යන්න පැහැදිලි කිරීමට යොද ගනු ලබන නිතිරීති වල එකතුවකි. මේ කියන Protocol ඇත්තටම hardware හෝ software කියන එක් ආකාරයකින් හෝ මේ කියන ආකාර 2කින්ම කියාත්මක වෙන්න පුළුවන්.සන්නිවේදන පද්ධති මේ කියන Protocol බහුලව භාවිතා කරනු ලබනවා ඔවුන්ගේ විවිධාකාර වූ පණිඩිව සන්නිවේදනය කිරීම සඳහා.


මේ විධියට අන්තර්ජාලයට හා ජාලගත කිරීම් වලට විවිධාකාර වූ protocols එකතු වෙලා තියෙනවා.ඒ කියන්නේ එක් එක් කාර්යයන් සිද්ධ කිරීම සදහා විශේෂිත වූ එක් එක් නීති පද්ධති හඳුන්වාදීම තමයි මෙහිදී සිද්ධවෙන්නේ. ඒ එක් එක් protocol එක තමන්ට අදාළ රාජකාරිය සිදුකිරීම මඟින් කාර්යයන් නිසියාකාරව සිද්ධවෙනවා.අපි කලින් OSL ලේයර් එකේදී කථාකළ ලේයර් 07දී එක් එක් අවස්ථාවන්ට වෙනවෙනම protocols එකතු වෙනවා ඒ ඒ ස්ථරයෙන් සිදුවිය යුතු කාර්යයන් සාර්ථක කරදීම සඳහා.


අපි කථ කරමු සමාජයේ බහුලව භාවිතා වන protocol කිහිපයක් සම්බන්ධයෙන් කථා කරන්න. අපිට මුලින්ම කතා කරන්න පුළුවන් TCP/IP ගැන. මොකද මේක නිරන්තරයෙන් කථා කරන මාතෘකාවක් නෙට්වර්ක් පාඩම් වල. හරි TCP කියන්නේ (Transmission Control Protocol)  සහ  IP කියන්නේ (Internet Protocol)  කියන එක තමයි. මෙතැනදී අපි කළින් කථා කළ OSI Layers වගේම මොඩල් එකක් විදියට තමයි මේක හදුන්වන්නේ(සැයු. osi පාඩමේදී මම කිව්වා TCP/IP කියන්නේ protocolසමූහයක එකතුවක් කියලා.)   මේකට අරවගේම ලේයර් 04ක් ඇතුළත් වෙනවා. බලන්න පහත රූපසටහනින් OSI සහ TCP/IP සංසන්දනය කරලා.



ඇත්තටම දැන්වත් උණ ආකාරයට OSI Model එක එන්න කළින් භාවිතා කරලා තියෙන්නේ මෙන්න මේ TCP/IP ක්‍රෙම් තමයි.තාමත් සමහර තැන් වල පාවිච්චි කරනවලූ.මොක උණත් එක මැෂින් එකක ඉඳන් යවන දත්තයක් තවත් මැෂින් එකක ඉන්න යූසර් කෙනෙක්ට පෙන්වීම වෙනකන් වෙන සම්පුර්ණ ක්‍රියාවලිය තමයි මේකෙත් සිදුවෙන්නේ.ඔන්න පහත රූපසටහනේ තියෙනවා මේ TCP/IP මොඩලය ඒ ඒ ලෙවල් එකේදී භාවිතා කරන protocol list එක.



මම තව ප්‍රසිද්ධprotocol කිහිපයක් සහ ඒවායින් කරන කාර්යයන් කිහිපයක් මෙතැන දාන්නම් දැනගන්න.

FTP - මේක ෆයිල් එහා මෙහා ගෙනියන PROTOCOL එක.මේකේ නමින්ම ඒක කියවෙනවා. File Transfer Protocol කියන්නේ මේකට තමයි.

HTTP - මේක තමයි World wide web එක එහෙමත් නැතිනම් අන්තර්ජාලයේ පවතින වෙබ් අඩවී server එකේ ඉඳින් ග්‍රාහකයාගේ browser වෙතට ගෙන එන්නේ.

SMTP - මේක ඊමේල් සම්බන්ධ PROTOCOL එකක්. කවුරුහරි Outllook එකේ තමන්ගේ ඊමේල් එක config කරන්න ගියානම් අනිවා එයාට මේක සෙට් වෙලා ඇති.මේක servers අතර මේල් යවනු ලබන protocol එකක් විදියට හඳුන්වන්න පුළුවන්.

IMAP - මේක ඉමේල් සඳහා භාවිතා වන තවත් protocol එකක්. මේකෙන් ග්‍රාහකයා වෙනුවෙන් mail download ,save ,reading  කියන ජොබ් ටික කරලා දෙනවා.

Telnet - මේකෙන් කරන්නේ අනෙකුත් network සමගින් Remote Connections ඇති කර ගැනීමයි.

ලිපිය තවම ඉවර නෑ හොදේ...

Sunday, January 8, 2017

Duplex Communication ගැන

අද මම මේක ගැන කථා කරන්න හිතුවේ කලින් දවසේ දාපු පෝස්ට් එකේ OSI Layers වල මේ ගැන පුංචියට කතා කරපු නිසා. මේක ඇත්තටම ලොකු ත්‍රෙඩ් එකක් වෙන්න ඔනේ නෑ සරලව කියලා දෙන්නම්.මෙතැනදී කතා කරන්නේ සන්නිවේදනය ගලා යන ආකාරය සම්බන්ධව. ඒ කියන්නේ මේ සන්නිවේදන කාර්යයට පාර්ශව දෙකක් සම්බන්ධයි කියලා අපි දැන් දන්නවා. ඒ දත්තය යවන කෙනා සහ ලබන කෙනා. මේ දෙන්නා අතර සිද්ධ වෙන සන්නිවේදනය අතර තුර දත්තය යැවීම සහ ඒ සම්බන්ධව ප්‍රතිපෝෂණ දැක්වීම යන කාරණා දෙක සිදු වීම සම්බන්ධව තමයි මේ කතාව ගොඩ නැගෙන්නේ. මුලින්ම මේ සම්බන්ධයෙන් අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ

Simplex Communication 

මෙතැනදී එක පැත්තකට පමණයි දත්ත යැවීම සිදුවන්නේ. දත්තය යවන කෙනා දිගින් දිගටම තම කාර්යය කරන අතර දත්තය ලබන කෙනා නිහඩ පිළිවෙතක් අනුගමනය කරයි. මෙන්න මේවගේ සිද්ධි වලදී තමයි Simplex Communication භාවිතා වෙන්නේ.


Half-Duplex Communication 

මෙතැනදී කථා කරන්නේ එක් වරකට එක් පැත්තකට පමණක් දත්ත යවන නමුත් දෙපාර්ශවයටම දත්ත හුවමාරු කිරීමට ඉඩ ලැබෙන අවස්ථාවකි.උදාහරණයක් විදියට වෝකිටෝකි යන්ත්‍රය ගෙන හැර දැක්විය හැකිය. මෙහිදි A හා B විසින් වෝකිටෝකි භාවිතාකරන්නේනම් A විසින් තම අදහස ප්‍රකාශ කර අවසන් වන තෙක් B හට තම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොමැත.A විසින් දත්තය යැවීම අවසන් කළ පසු B හට දත්ත යැවීමට අවස්ථාව උදාවේ.



Full-Duplex Communication 

මෙතැනදී දෙපාර්ශවයටම එක වර දත්ත හුවමාරු කිරීමේ අවකාශය ලැබෙනවා.ජංගම දුරකථනය, පරිගණක ජාල උදාහරණ ලෙස ගෙනහැර දැක්විය හැකිය.




ඔන්න සරලව ඒ පාඩම ඉවරයක් කළා.අදට ගිහින් එන්නම්.

Thursday, January 5, 2017

OSI Layers (Open System Interconnect)

මේ කියන්න යන්නේ ජාලයක එහෙමත් නැත්නම් නෙට්වර්ක් එකක තොරතුරු එහෙමත් නැත්නම් දත්ත ගලායන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඒ කියන්නේ කොහොමද පරිගණක ජාලයක තොරතුරු එකින්එක පියවරයන් ඔස්සේ ඉදිරියට ගමන්කරන්නේ කියන දේ තමයි අද පැහැදිලි කරන්න යන්නේ.මුලින්ම අපි අඳුරගමු මේ කියන තට්ටු එහෙමත් නැතිනම් ලේයර්ස් මොනවද කියලා.මේක ජාලගත පාඩම් වල වැදගත්ම පාඩමක් කියලා ඔළුවට දාගත්තත් වැරැද්දක් නෑ.

ඇත්තටම මේකේදී අපට ජාලය තුලින් දත්තය ගමන් කිරීම ආරම්භ කළ ස්ථානයේ සිට අවසන් වන ස්ථානය දක්වා සිදුවන ක්‍රියාවලිය පැහැදිලිව හඳුනාගන්න හැකියාව ලැබෙනවා වගේම අන්තර්ජාතික වශයෙන් පිළිගත්තු සම්මතයක් නිශ්පාදකයන්ට වගේම පාරිභෝගිකයන්ටත් ලබාදෙනවා.

මේ ලැයිස්තුවේ තට්ටු 07 ඔයාලට හඳුනගන්න පුළුවන්. එ වගේම බලන්න ඒ එක් එක් ලේයර්ස් වලට වෙන වෙනම නම් ලබා දී තියෙනවා.මේ ලැයිස්තුව කටපාඩමින් තියාගන්න ඔනේ වෙනවා ඔයාලා නෙට්වර්ක් ෆීල්ඩ් එකේ ඉන්නවානම්.

හරි අපි දැන් මේ ලේයර්ස් ටික වෙන වෙනම සාකච්ඡා කරමු.
මුලින්ම අපි යට ඉඳන් උඩට එමු පිළිවෙලට.ආහ් තව දෙයක්.මේ ලේයර්ස් ටික අමතක නෙවානම් මතක් කර ගන්න පුංචි සුත්‍රයක් කියලා දෙන්නම්.

Please Do Not Throw Sausage Pizza Away..මෙන්න මේ සුත්‍රයෙන් ඔයාලට මේ ලේයර්ස් ටික පැහැදිලිව මතක තියාගන්න පුළුවන්.

හරි.අපි දැන් ගම්මු මුල්ම ලේයර් එක.

Physical Layer (භෞතික ස්ථරය)

මෙන්න මේ ලෙයර් එක තමයි භෞතිකව ජාලය සම්බන්ධ කරන ලේයර් එක. මේකෙදි තමයි වයර් සහිතව හෝ වයර් රහිතව දත්ත ගමන් කිරීම පෙන්වන ලේයර් එක. ඒ කියන්නේ දත්ත bit(බිට්) ආකාරයට ගමන් කිරීම. 1,0 විදියට තමයි තමයි මේ දත්ත ගමන් කරන්නේ.වයර් සහිත නම් කම්බිය දිගේ විදුලි ධාරාවක් ලෙසින් හෝ වයර් රහිතව නම් තරංග ඔස්සේ තමයි මේ කියන දත්ත ගමන් කිරීම සිද්ධ වෙන්නේ.මෙන්න මේ කියන ලේයර් එකේදී තමයි අපිට Hub, Connectors, Repeaters, Cables මුණ ගැහෙන්නේ.

දැන් ඔයාලා අහයි ඇයි Hub විතරක්. Switch නැද්ද කියලා. අපි ඒ ගැන වෙනම ඉදිරි පාඩමකින් කථා කරමු.මතක තියා ගන්න Hub එක කියන ඩිවයිස් එක ප්‍රාථමිකයි.Hub එකෙන් කරන්නේ ප්‍රාථමික ආකාරයේ බෙදාහැරීමක් පමණයි කියලා.Switch එකෙන් ඊට වඩා සංකීර්ණ විදියට ජාලය කළමණාකරනය කිරීමක් සිදු වෙනවා වගේම දත්ත හුවමාරු කිරීමේදී වඩාත් සඵලදායී ලෙස බෙදා හැරීම සිදු කරනු ලබනවා.




Datalink Layer 

අපේ නෙට්වර්ක් එකේ කලින් ලේයර් එකේ මොකක් හරි වැරැද්දක් සිද්ධ වෙලා නම් අපිට දැනුම් දෙන්නේ මෙන්න මේ ලේයර් එකේදී තමයි.මතක තියා ගන්න අපේ දත්ත සම්ප්‍රේක්ෂණය LAN එක හරහා ගමන් කිරීම ආරම්භ වෙන්නෙත් මෙන්න මේ ලේයර් එකේදී කමයි. ඒ යන්නේ NIC (Network Interface Card) එක හරහා.එතකොට තමයි මෙන්න මේ කතාවට MAC Address (Media Access Control) සම්බන්ධ වෙන්නේ. එ කිව්වේ?? එකිව්වේ Mac Address එක තමයි නෙට්වර්ක් කාඩ් එකේ Identification Address එක. මේ Address එක ඔයාටයි මටයි ඩිසයින් කරන්න නම් බෑ ඔන්න.මේක ඩිසයින් කරලා එවන්නේ NIC එකේ නිහ්පාදකයා තමයි.මම කලින් කිව්ව ඇඩ්වාන්ස් අයිටම්ස් ඒ කිව්වේ Switch, NIC, Bridges පාවිච්චි වෙන්නෙත් මෙන්න මේ ලේයර් එකේදී



Network Layer 

ඔන්න 03 වැනි ලේයර් එක ගැනත් කියන්න පටන් ගත්තා.මේක තමයි නෙට්වර්ක් එක තුල දත්ත යැවීම ආරම්භ කරන ලේයර් එක.ඒ කියන්නේ මේ හාදයා තමයි දත්තය යවන නොඩ් එකේ ඉදන් දත්තය ලබා ගන්නා නොඩ් එක වෙත යන ගමන ආරම්භ කරන ලේයර් එක.මේකේදී තමයි අපිට Routerඑක හම්බු වෙන්නේ.මෙන්න මේකෙදී තමයි IP Address එක සංවාදෙට එන්නේ. ඒ කියන්නේ නොඩ් එකක් හඳුනාගැනීමේ කේතය විදියට IPඑක යොදා ගැනීම පටන් ගන්නේ මේ ලේයර් එකෙන් තමයි.මේ ලේයර් එකෙදී තමයි අපිට ගොඩාක් Protocols එහෙමත් පාවිච්චි කරන්න වෙන්නේ. Protocol ගැන වෙනම කතා කරමු නේද.ටිකක් සංකීර්ණ විදියට.මතක තියා ගන්න මේ පියවරයන් වලින් සිද්ධ වෙන්නේ ජාලයක් හරහා දත්තයක් ගමන් කිරීම.ඒක සම්පුර්ණ වෙන්න මේ සියළු දේ සිදු විය යුතුයි කියලා.


Transport Layer 

මේ ලේ්යර් එකේදී තමයි නෙට්වර්ක් ෆ්ලෝ (Flow) එක පාලනය කරන්නේ. ඒ කියන්නේ Flow Control එක සිද්ධ වෙන්නේ.ඒ කියන්නේ දත්ත යවන හා ලබා ගන්නා නොඩ් හෝ ඩිවයිස් අතර කළමනාකරණය සිදු කරනු ලබන්නේ මේ කියන ලේයර් එකෙන් තමයි.මෙකෙන් තමයි දත්ත නිසිපරිදි ගමන් කලාද කියලා චෙක් කරලා බලන්නේ.ඇත්තටම මේකේදී භාවිතා කරන්නේ process to process සම්බන්ධතාවය.එහිදී අපි කලින් කථාකළ data packet එක segment වලට හැරවීම සිදුවන්නේ මේ ලේයර් එකේදී.(මේ segment වලට හැරවීම ඇතුළු අනිකුත් සියළු කතා වල එකතුවට භාවිතා කරන ටෙක්නිකල් වර්ඩ් එක තමයි data encapsulation & data decapsulation කියන්නේ.මේ ටේබල් එක උඩ සිට පහලට data encapsulation වන අතර පහල සිට ඉහලට data decapsulation වේ.) මෙතැනදී සැලකිල්ලට ගනු ලබන්නේ segment header එකයි.කලින් ලේයර් එකෙන් ලැබුණ දත්තය (data) segment වලට කඩලා තමයි header එක සකස් කරගනු ලබන්නේ.මේකත භාවිතා කරන ටෙක්නිකල් වර්ඩ් එක තමයි segmentation කියන්නේ.
මෙන්න මේ ක්‍රියාවලියට මූලිකවම උර දෙන ප්‍රධාන protocol සෙට් දෙකක් තියෙනවා. ඒවා තමයි TCP (Transmission Control Protocol) සහ UPD (User Datagram Protocol) කියන protocols. මේකෙනුත් TCP කියන protocol එක තමයි විශ්වාසනීයව ජොබ් එක කරන්නේ.ඒ කියන්නේ අවශ්‍ය දත්තය ඉල්ලීම, දත්තය ගමන් කරවීම හා දත්තය ලැබුණ බවට සනාථ කිරීම කරනු ලබන්නේ මේ කියන TCP කියන protocol එකෙන් තමයි.තව දෙයක් කියන්න ඕනේ TCP කියන්නේ protocols bundle එකක් කිව්වොත් නිවැරදියි.ඒ TCP වල තියෙන ICMP (Internet Control Message Protocol )කියන protocol එකෙන් තමයි ඉහත කියන ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ.

ඉහතින් සඳහන් කරනු ලැබූ UDP protocol එකෙන් සිදු කරනු ලබන්නේ දත්තය ඉක්මනින්ම යැවීම පමණයි.අනික් නොඩ් එකෙන් ලැබෙන ප්‍රතිචාරය ගැන සැලකීමක් UDP protocol එකෙන් සිද්ධ වෙන්නේ නෑ.හරි දන් එතකොට TCP කියන හාදයනේ නිවැරදිව මේ දත්ත ගමන් කිරීමේ කාර්යය භාර ගන්නේ.දැන් අපි බලමු කොහොමද මේකියන කාර්යය කොහොමද සිදු වෙන්නේ කියලා. මේකට පාවිච්චි කරන ටෙක්නිකල් වචනේ තමයි flow control කියන්නේ. flow control එක සඳහා Buffering, Windowing, Congestion, Avoidance කියන ක්‍රම භාවිතා කරනු ලබනවා. Buffering කියන්නේ කලින් ලැබෙන දත්තයන් ඉදිරියට භාවිතා කිරීම සඳහා තාවකාලික මතක තුළ ගබඩා කර තබා ගැනීම. අපි slow internet line එකකින් Youtube එකේ video එකක් බලද්දී අපිට ඒ video එක සැරින් සැරේ buffer වෙනවා වගේ අත්දැකීම් අනිවා තියෙනවා නේද.Windowing කියන්නේ දත්තය යවන නොඩ් එකට දත්තය ලැබෙන නොඩ් එකෙන් එන ප්‍රතිචාර අඩු කරලා හැකිතාක් ග්‍රාහකයාට දත්ත සම්ප්‍රේක්ෂණය කරන එක.Congestion, Avoidance වලින් ජාලයේ traffic එක අඩු කරන එක තමයි කරන්නේ.

Session Layer 

මේ ලෙයර් එකෙන් තමයි transport layer එකෙන් ගමන් කරවනු ලැබූ දත්ත සම්ප්‍රේක්ෂණ ක්‍රියාවලිය සිදුවනඅතරතුරේ ඒ නොඩ් 02 අතර ක්‍රියාත්මක applications මනා ලෙස කළමනාකරණය කරන්නේ.මෙම කළමනාකරණ ක්‍රියාවලිය සඳහා
simplex
half duplex
full duplex කිියන විධික්‍රම බාවිතා කරනු ලබනවා

මොනාද මේ කියන අමුතු වචන
simplex -  මේ කියන්නේ යවන එක පාර්ශවයක් විසින් දිගින් දිගටම තමන්ගේ කාර්යය සිදු කිරීම.මෙතැනදී අනික් කෙනා නිහඩව සිටින අතර ඒක පාර්ශවීයව දත්ත යැවීම සිදු වෙනවා.හරියට මෙන්න මේ වගේ.මෙතැනදී අම්බානෙක වැරදීම්, දත්ත ලොස් වීම් සිදු විය හැකිය.


half duplex - මෙතැනදී නොඩ් දෙක මාරුවෙන් මාරුවට දත්ත යැවීම සහ ප්‍රතිපෝෂණ දැක්වීම සිදුකරන බව පෙන්නුම් කරනවා.මෙන්න මේ වගේ.


full duplex - මෙතැනදී දත්ත යැවීම සහ ප්‍රතිපෝෂණ දැක්වීම එක වර සිද්ධ වෙනවා.මෙන්න මේ වගේ.



Presentation Layer 

මේ ලේයර් එකෙන් තමයි දත්තයන් එම දත්ත අදාළ වෙන වලට වෙන් කිරීම සිදු කරනු ලබන්නේ. හිතන්න යැවීම සිදුකළ පරිගණකය network එක දිගේ එව්වේ video ෆයිල් එකක් කියලා. මේ දත්තය session layer එකට එනකම්ම ආවේ packet හරි segment විදියටනේ.එතැන්වලදී මේ දත්තය කුමක්ද කියලා අඳුැගන්න බෑ ලොවෙත්. මෙන්න මේ ලේයර් එකේදී මේ video file එකට අදාල file format එක ලබාදීම සිදු කරනු ලබනවා.ඒ කියන්නේ video file එක අයත් වන file format එක Mpegද Avi ද Xvid ද Mkv ද කියලා වෙන් කරනු ලබන්නේ මෙන්න මේ ලේයර් එකෙදී තමා.මේකට භාවිතා කරන ටෙක්නිකල් වචනේ තමා data translation කියන්නේ.මේ විදියට දත්තය ආදාල form එකට translate කරලා ඒ දත්තය මීටත් උඩින් ලේයර් එකේ (application layer )එකේ ඉන්න පරිගණකය හසුරුවන කෙනාට කියවිය හැකිද කියලා චෙක් කරන එකත් මෙයාගේ කාර්යභාරයේ කොටසක්. තව මෙයාම Data Compression හා Data Encryption කිරිල්ලත් සිදු කරනු ලබනවා.

දැන් අනිවා අහනවා නේද මොනාද මේ Data Compression හා Data Encryption කියන්නේ කියලා.හරි කියලා දෙන්නම් මෙතැනදි සරලව.පස්සේ වෙනම පෝස්ට් එකක් දාන්නම්.

Data Compression කියලා කියන්නේ දත්ත හකුලුවා ලීම (හැකිලීම/සිප් කිරීම).මේ තුළින් දත්තයේ bit ගාණ අඩු කරන්න උත්සහ කළ හැකියි.

Data Encryption කියලා කියන්නේ යම් දත්තයක් පිටස්තර පුද්ගලයන්ට කියවිය නොහැකි පරිද්දෙන් වෙනස් කර ගෙනහැර දැක්වීම.කේතනය කිරීම.දත්තය යවන කෙනා මේ පණිවිඩයට digital signature එකක් ඇතුලත් කරලා යැවීම සිදු කළ විට එම පණිවිඩය ලැබිය යුතු කෙනාට එම digital signature එක ලබා දිය යුතු වෙනවා.එවිට පමණයි පණිවිඩය ලැබෙන කෙනාට එම දත්තය හෝ පණිවිඩය විකේතනය (decrypt ) කිරීමේ හැකියාව ඇත්තේ.පහල රූපසටහන බලන්න.මේ ලෙයර් එක උඩ ඉදන් පහලට හා පහල ඉඳන් උඩට දෙන සේවාව ඒකේ පැහැදිලිව දක්වලා තියෙනවා.


Application Layer 

ඔන්න අන්තිම ලේයර් එකටත් ආවා එහෙනම්.මේක තමයි ඔයාලා , මම වගේ පරිගණකය හෝ නෙට්වර්ක් එක පරිශීලනය කරන අය ඉන්න ලේයර් එක.මෙතැනදී තමයි එක එක  network සීන් වලට අවශ්‍ය වෙන programs එහෙම පාවිච්චි කරන්න පුළුවන් ඉසව්ව.ඒ කිව්වේ email බැලිල්ල වගේ එව්වා මෙව්වා. තව මේකේදී තමයි user authentication & privacy ගැන කට්ටිය කතා කරන්නේ.user authentication කිව්වේ තම අනන්‍යතාවය තහවුරු කිරීම account එකකට log වගේ.

මේ ලේයර් එකේදී බහුලව භාවිත වෙන protocol තමා HTTP, FTP,Telnet, SMTP, POP3,VOIP වගේ protocol.




සැ.යු - මේ ලේයර් තියෙන පිළිවෙල දත්තය යවන විට හා ලැබෙන විට උඩ යට මාරු විය යුතු බව අනිවා හිතට ගන්න ඔනේ.එක ඔළුවේ තියාගෙන වැඩ කරන්න.අන්තිමට ඇඩ් කරපු රූප සටහනෙන් එ්ක ඔයාලාට පැහැදිලි වෙයි කියලා හිතනවා

ඔන්න එහෙනම් දන්න සහ කියන්න පුළුවන් උපරිම සරල විදියට OSI Layers ගැන කථාව කියලා ඉවර ලකා.කට්ටියට අපැහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා ඇහුවත් කමක් නෑ.මොකද මේක Clear කරගන්න එක ඒතරම් වටින නිසා.අදට ගිහින් එන්නම්.

Sunday, January 1, 2017

වයර් රහිත දත්ත සම්ප්‍රේක්ෂණ සම්මතයන්

මාස ගානක් එකදිගට රස්සාව නිසා කාර්යබහුල උන නිසා මේ පැත්තේ එන්නවත් ඉඩක් ලැබුණේ නෑ.හරි ඒ කොහොම උනත් මම හිතුවා මේ බ්ලොග් එක පිළිවෙලට යනවට වඩා ඉඩක් ලැබෙන අවස්ථාවල දන්න උපරිම දේ ඔයාලට කියලා දෙන්න යොදා ගන්න එක ඵලදායී වෙයි කියලා.

අද මම කතා කරන්න හිතුවේ වයර් රහිත දත්ත සම්ප්‍රේක්ෂණ සම්මතයන් ගැන.මොකද අද මේ ක්‍රම විධි තමයි වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නේ.මේ වයර් රහිත දත්ත සම්ප්‍රේක්ෂණ මාධ්‍යයන් සංඛ්‍යාතය, තාක්ෂණය, වේගය හා වෙනත් සාධක මත එකින්එකට වෙනස් වෙනවා.හරි අපි දැන් වඩාත් ජනප්‍රිය වයර් රහිත දත්ත සම්ප්‍රේක්ෂණ සම්මතයන්/මාධ්‍යයන් කිහිපයක් ගැන කතා කරමු.


  • BlueTooth (බ්ලූටූත්)
  • Wifi (වයිෆයි)
  • Wi-Max (වයිමැක්ස්)
BlueTooth (බ්ලූටූත්)



මොකක්ද මේ බ්ලූටූත් කියන්නේ. මේ කියන්නේ කූඩා වපසරියක් තුල දත්ත සම්ප්‍රේක්ෂණය සඳහා භාවිතා කළ හැකි අන්තර්ජාතිකව පිළිගත් සම්ප්‍රේක්ෂණ මාධ්‍යයක් එහෙමත් නැතිනම් සම්මතයක්.මේ කියන බ්ලූටූත් වල අතීත කතාව මේන්න මෙහෙමයි.

බ්ලූටූත් තාක්ෂණය ලොවට හඳුන්වා දෙන ලද්දේ දුරකතන සඳහා සුප‍්‍රකට ස්වීඩන් සමාගමක් වන එරික්සන් සමාගමයි(දැන්නම් මේ සමාගම සෝනි සමාගම යටතේ තමයි තියෙන්නේ). ක‍්‍රි.ව.958 සිට 985 අතර කාලයේ ඩෙන්මාර්කයේ රජ කල හැරල්ඩ් ‘බ්ලූටූත්’ ගොම්සන් රජුගේ නමින් මෙම තාක්ෂණය නම් කර ඇත. මෙම රජතුමා ඩෙන්මාර්කය, ස්විඩනය, නෝර්වේ යන රටවල් තුන එක්සේසත් කර එකම රාජ්‍යයක් ලෙස පාලනය කර ඇත. හැරල්ඩ් ‘බ්ලූටූත්’ රජතුමා තමාගේ රාජධානිය එක්සේසත් කලා මෙන් විවිධ සංනිවේදන විධික‍්‍රම එකට සම්බන්ධ කරන මෙම තාක්ෂණයට රජුගේ නම වන බ්ලූටූත් යන්න යොදා තිබේ. බ්ලූටූත් සඳහා ලාංඡනය වශයෙන් තෝරාගෙන ඇත්තේ පැරණි ජර්මානු භාෂාවක් වූ රූන් භාෂාවෙන් ලියන ලද මේ රජුගේ නම් වල මුල් අකුරු දෙකෙහි එකතුවකි.

බ්ලූටූත් වලට වෙන්කරලා තියෙන සංඛ්‍යාත පරාසය ගිගාහර්ට්ස් 2.40 - 2.48 අතරේ තමයි තියෙන්නේ.බ්ලූටූත් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම සඳහා භාවිතා කරන්නේ ද ඉතා කුඩා බලයන් සහිත ගුවන් විදුලි සංඥාය.  ඇතැම් අවස්ථා සඳහා මිලි වොට් එකක බලයක් වුවද ප‍්‍රමාණවත් වේ. අඩු බලයක් සහිත තරංග භාවිතා කරන බැවින් බ්ලූටූත් මගින් ආවරණය කරන කලාපය අඩි 30 ත් අඩි 300 අතර ප්‍රමාණයකට කට පමණ සීමා වේ.එහෙම කිව්වට බොහෝවිට ඉතා කෙටි දුරකට පමණයි මේක මාධ්‍යය යොදා ගත හැකි වන්නේ.  එනිසාම බ්ලූටූත් උපකරණ ක‍්‍රියාත්මක කිරීම සඳහා කුඩා ප‍්‍රමාණයේ බැටරියක් සෑහේ. තවද එකම තැනක ඇති  රූපවාහිණි, ගුවන්විදුලි, ජංගම දුරකතන වැනි අනෙකුත් විද්‍යුත් උපකරණ භාවිතා කරන සංඥා වලටද මෙම සංඥා මගින් බලපෑමක් සිදුනොවේ.මෙම මාධ්‍යය මගින් දත්ත හුවමාරුව සඳහා ලබාදෙන උපරිම වේග සීමාව 1mbps - 2mbps අතරේ තමයි තියෙන්නේ.(mbps - කියන්නේ තත්පරේට මෙගා බිට් කියද යන්න (Mega bit per second).මේ සම්ප්‍රෙක්ෂණ මාධ්‍යයට ආරක්ෂාව යටතේ දත්ත සම්ප්‍රේක්ෂණය සඳහා 128 බිට් ආකාරයේ ගුප්ත කේතනයන්(Encryption - ඉදිරියේදී කියා දීමට නියමිතය) යොදා ගැනීමට හා මුරපද සහිත ප්‍රවේශ භාවිතා කළ හැකිය.බ්ලූටූත් සඳහා IEEE ( Institute of Electrical and Electronics Engineers )කට්ටිය එහෙමත් නැතිනම් අන්තර්ජාතික ලෙස සම්මතයන් සාදන මේ අය හඳුන්වාදුන් සම්මතය තමයි  IEEE 802.15.1. හැබැයි දැන්නම් මේක පවත්වාගෙන යෑමක් සිදුවෙන්නේ නෑ කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

Wifi (වයිෆයි)





මේ ක්‍රමය තමයි වර්තමානයේ ජාලගත කිරීම් වල බහුල ආකාරයෙන් යොදාගනු ලබන්නේ. ඒ මක් නිසාද යත් ඉහතින් සඳහන් කල බ්ලූටූත් මාදිලියට වඩා සෑම අතින්ම ඉදිරියෙන් සිටින සම්ප්‍රේක්ෂණ මාධ්‍යයක්  වන බැවිනි. මෙම මාධ්‍යය තුළින්ද දත්ත හුවමාරු කර ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙනු ලබන අතර එහිදී පරාසය හා බලය අතින් බ්ලූටූත් වලට සාපේක්ෂව ඉහළ තලයක රැදීසිටී. මෙම මාධ්‍යය භාවිතාකරන සංඛ්‍යාත පරාසය ගිගාහර්ට්ස් 2.4 පරාසය වන අතර මෙහි වේගය ලෙස 11mbps - 54mbps අතරේ අගයන් දැක්විය හැකිය.ඇත්තෙම්ම වර්තමාන සමාජය තුළ මෙම ජාල මාධ්‍යය ජනප්‍රිය වීමට වේගයද මහත් රුකුලක් වී තියෙනවා.බ්ලුටූත් වලට සාපේක්ෂව මෙම Wifi (වයිෆයි) මාධ්‍යය ආයතන , ගොඩනැගිලි, කර්මාන්තශාලා යනාදී අයිතමයන් ජාලගත කිරීම සඳහා පහසුවෙන් යොදාගනු ලබනවා.මෙම ජාලගත ක්‍රමයද අඩි 300 හා ඊට ඉහළ පරාසයන් සඳහා භාවිතා කිරීමට හැකියාව තියෙනවා.Wifi (වයිෆයි) සඳහාද ආරක්ෂිත ක්‍රම/මුරපද භාවිතා කිරීමේ හැකියාවක් පවති.එනම් WPA/WPA2 PSK ලෙසින් මුරපද භාවිතා කිරීමේ හැකියාව ඇත.Wifi (වයිෆයි) සඳහා IEEE ( Institute of Electrical and Electronics Engineers )කට්ටිය එහෙමත් නැතිනම් අන්තර්ජාතික ලෙස සම්මතයන් සාදන මේ අය හඳුන්වාදුන් සම්මතය තමයි  IEEE 802.11. බහුල වශයෙන් භාවිතා වන සම්මතයක් තමයි IEEE 802.11g☺☝

Wi-Max (වයිමැක්ස්)



ඉතිරිය ඉක්මනින්ම ලියන්නම්

 
Angry Birds -  Help