sticky_note_PNG18952.jpg

Tuesday, September 12, 2017

මරුවා සමග වාසේ - Blue Whales



මාසෙකින් මේ පැත්තේ එන්න බැරිඋනා රාජකාරි අධික වීම හේතුවෙන්. එකෙන්ම සමාවෙන්න ඕනේ ඒකට. අර කාලයක් තියෙනවනේ ජීවිතේ කිසිම අළුත් දෙයක් කරන්න ඉඩක් ලැබෙන්නේ නැති, අළුත් අදහස් පහල වෙන්නේ නැති. ඔං මාත් දැන් ඒ වගේ කාලයක් පහුකරමින් සිටි with 49 others (හිකැස්. ඕව්වා මුණු පොතේ නම් දාන්නේ නෑ), අළුත් දේවල් පටන් ගන්නේ නෑ කිව්වට බ්ලොග් එක පරණයිනේ. ඒක නිසා කම්මැලිකමින් හරි හිතුවා කාලයේ තාලයට ගැලපෙන පොස්ට් එකක් දාන්න කියලා. තව මගේ යෝජනාවකුත් තියේ ඉස්සරහට කියන්නම් එක.

අද මොකක්ද දාන පොස්ට් එක. කල්පනා කලාම ඔළුවට ආවේ ගේම් එකක් ගැන. මේක ටිකක් ඉන්ටරස්ටින් නිසා හොයලා හොයලා ගත්තා විස්තර ටිකක්. මේක තමයි Blue Whales (නිල් තල්මසා) කියන ගේම් එක. මේක නිකම්ම නිකම් ගේම් එකක්ද? නෑ මේක මරණීය ගේම් එකක් (ලූ). මොකද මේක නිසා පිස්සු හැදිලා (මානසික ව්‍යාකූලතත්වයට පත්වෙලා -Depression) ජිවිතය දාලා ගිය පට්ට සෙට් එකක් ඉන්න නිසා.ගේම් එක සරල උණාට රිසාල්ට් එක සංකිර්ණයි.

දිගටම ඉන්න.. 

Sunday, July 23, 2017

Botnet (බොට් නෙට්)



මොකක්ද අප්පා මේ අළුත් වචනේ. ඒ ගැන කියන්න කලින් අපි හිතමු මෙහෙම දෙයක්."ලෝකේ පුරා පාවිච්චි කරන සෑම පරිගණක 3කින් එකක් මේ පරිගණකයට කිසිත්ම සම්බන්ධකමක් නැති බාහිරම පුද්ගලයෙකු විසින් පාවිච්චි කරනු ලැබේ " කියලා කවුරුහරි කිව්වොත් ඒක විශ්වාස කරන්න පුළුවන්ද??

ඒත් ඒක අවාසනාවට ඇත්ත කථාවක්. ඒක තමයි ඇත්ත.අන්න එතැන්දී තමයි අපි මාතෘකාවට එන්ටර් වෙන්නේ.ඒ විදියට කෙනෙක් කෝටි ගාණක් සම්බන්ධ පරිගණක ජාලයක් මෙහෙයවන්නේ බොට්නෙට් එකක් හරහා. අද මම ඔයාලත් එක්ක බෙදාහදා ගන්න උත්සහ කරන්නේ අන්න ඒදේ තමයි.

අපි සරලව බලමු මොකක්ද මේ බොට්නෙට් (Botnet) එකක් කියන්නේ කියලා. Bot කියලා හඳුන්වන්නේ රොබෝ කියන එකනේ. ඒක අපි හැමෝම දන්නවා. මෙැනදී කතා කරන්නේ මැෂින් ගැනනෙමේ. කෙනෙක් විසින් හසුරුවනු ලබන කියන තේරුම ගන්න. ඒ වගේම කෙනෙක් විසින් හසුරුවනු ලබන  රොබෝ ජාලය තමයි මේ කියන බොට් නෙට් එක කියලා කියන්නේ. බොට් නෙට් එකේ ක්‍රියා කලාපය හසුරුවන්නාගේ අරමුණු අනුව යහපත් හෝ අයහපත් ස්වරූපයක් ගන්නවා.

මම කියන්නම් යහපත් ආකාරයට ක්‍රියාකරන රොබෝ වැඩසටහනක්. අපි වෙබ් පිටුවක් ඉල්ලද්දී, එහෙමත් නැතිනම් සර්ච් කරද්දී සර්ච් එන්ජිම දඩ බඩ ගාලා අපිට අදාළ වෙබ් පිටු ටික වැඩර් වගේ හොයලා දෙන්නේ මේ වගේ ස්පයිඩර් (Spider) කියන රොබෝ වැඩසටහනකට පින් සිද්ධ වෙන්න. බලන්න ඒ ගැන වැඩි විස්තර මෙතැනින්

එතකොට කොහොමද කවුරුහරි බුලට් එකක් මේ විදියෙ බොට්නෙට් එකක් නිර්මාණය කරන්නේ. මේ වගේ ලෝකයේ විවිධ ඇත්තෝ පාවිච්චි කරන පරිගණක තමන්ගේ අණසකට ගන්න පුළුවන් විදියේ ඇප්ලිකේෂන් ලියන පට්ට වැඩ්ඩෝ ඉන්නවා සහ ඒවා සල්ලි වලට ගන්න තියෙනවා. දෙන්නද ලින්ක් එකක්?? ආස ඇති නේද! . හරි. ඒ විදියේ බොට්නෙට් එකක් බිල්ඩ් අප් කරන්න ඕනේ කෙනා අර වැඩසටහනක් සල්ලි වලට අරන් හරි ලියලා හරි තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරගන්නවා. සරලයි. අන්තර්ජාලය හරහා වෙනත් මෘදුකාංගයක් එක්ක බැදිලා ඇවිත් අපේ පරිගණකයේ ස්ථාපනය වෙලා දෙයියනේ කියලා දැකලත් නැති අහලත් නැති හිට්ලර් කෙනෙක්ගේ වහලෙක් බවට අපිව පත්කරගෙන අපිට කෙලවලා යනකම්ම අපි දෙයියන්ගේ පිහිටෙන් කිසිම දෙයක් දන්නේ නැත. ඒ වගේම කියන්න සන්තෝෂයි කොච්චර වයිරස්ගාඩ් යාවත් කාලීන කළත් මේවා ලේසියෙන් අහුවෙන්නේ නම් නැත. මේක malicious කැටගරියට අයත් උනත් අනික් මෝඩ වයිරස් වගේ සද්දේ දාගෙන ඇවිත් ඩිලීට් වෙන්නේ නැතිව සද්දයක් නැතිව අයිතිකාරයා කියන දේ කරන වැඩසටහනක් තමයි මේක.

දැන් පහදන්නම් පරිගණක ඇසින්.මේ කියන බොට්නෙට් වැඩසටහන දුවන්නේ, ඒහෙමත් නැතිනම් ක්‍රියාත්මක වන්නේ IRC Bot වැඩසටහනක් හරහා. මොකක්ද IRC Bot එකක් කියන්නේ. Internet Relay Chat කියලා තමයී මේකේ දීර්ඝ යෙදීම.මේක මේ බ්ලොග් එකේ මුල්ම කාලේ කථා කරපු protocol එකක් එක්තරා විදියක. මේකට කෙනෙක්ට සම්බන්ධ වෙලා නිදහසේ තමන්ට අවශ්‍ය කමාන්ඩ් ටික රන් කරගන්න පුළුවන් නිදහසේ. මම මුලින්ම දාලා තියෙන පින්තූරේ දිහා බලන්න ආයේම. ඒකේ ඔයාලට පේනවා නේද පුද්ගලයෙක් ඉස්සරහා තනි පරිගණකයක් තියෙනවා. අන්න ඒක තමයි මේ කථාවේ ප්‍රධාන පරිගණකය (main computer ) එක. ඒක හරහා රන් වෙන බොට් වැඩසටහන අනික් පරිගණක වල ස්ථාපිත වෙන්න පටන් ගත්තම රන් කරන පුද්ගලයා ඒ පරිගණක සියතය ගන්නවා. මේ පරිගණක (වහල් එව්වා) ඊට පස්සේ හඳුන්වන්නේ සොම්බි පරිගණක කියලා. අපේ භාෂාවෙන්නම් පිල්ලි කියලා කිව්වත් කමක් නෑ මයේහිතේ. 

එතකොට බොට් නෙට් එකකට කරන්න පුළුවන් මොනවැයි.

හිතන්න මොනාහරි දෙයක් ප්‍රසිද්ධ කරගන්න ඕනේ කියලා. මෙන්න ඒකට බොට්නෙට් එක කදිම විසඳුමක්. කෝටියක් විතර පරිගණක තියෙන බොට්නෙට් එකකට ඇඩ් එකක් ඊමේල් හරහා එව්වොත් නිකම්ම ප්‍රසිද්ධයි නේද

තව හිතන්න වෙබ් එකක ට්‍රැෆික් එක වැඩි කරන්න ඕකේ කියලා. දුන්නා බොට්නෙට් එකකට ඕඩර් එකක්. සයිට් රැන්ක් එක පට්ටම හිට් නේද

තව හිතන්න සයිට් එකක් ඩවුන් කරන්න ඕනේ කියලා. දෙනවා ඒවර්ලොඩ් වෙන්න ට්‍රැෆික් එකක් සයිට් එකට. අයේ අයිතිකාරයටවත් ලොග් වෙන්න බැ. බඩු ඩවුන්.

තවත් හිතන්න වයිරස් එකක් spread කරනවා කියලා ලෝකෙටම. දෙනවා මේන් computer එක හරහා කමාන්ට් එක සියළුම සොම්බි පරිගණක වලට. එක ක්ෂණිකයෙන් මුළු පරිණක කෝටියම සොරි.com නේද

තව මේ වගේ අනන්ත අපරිමාණ වැඩ සමූහයක් බොට්නෙට් හිමිකාරයෙක්ට කරන්න පුළුවන්.

ලිපිය දිග වැඩි උණා.අදට ඇති කියලා හිතෙනවා.ගිහින් එන්නම්...

Monday, July 10, 2017

ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology)



ඔන්න එහෙනම් අද අළුත් ලිපියකින් අපි ආයේම හමු උනා. ටිකක් විතර අමුතු කථාවකුත් එක්ක තමයි අද ඔයාලා ලඟට ආවේ. මේක ටිකක් විතර ඔයාලට නුපුරුදු අළුත් (අළුත් කිව්වට මහා ලොකු අළුත්ම නෑ) තාක්ෂණයක් පිළිබද සංසිද්ධියක් තමයි කියන්න තටමන්නේ.

මොකක්ද මේ ට්‍රාන්ස්ෆර්ජෙට් (Transferjet) කියන්නේ. ඇත්තටම පැහැදිලි සිංහලෙන් කිව්වොත් මේක දත්ත එහෙමත් නැත්නම් Data හුවමාරු කරන්න හොයාගෙන තියෙන අළුත්ම සන්නිවේදන ක්‍රමයක්. මේක මේ හැටි වැදගත් වෙන්න හේතුව තමයි මේකේ තියෙන වේගය. ඒ කියන්නේ තප්පරයක ප්‍රමාණයකදී හුවමාරු කරන්න පුළුවන් දත්ත සංඛ්‍යාව. ඇත්තටම කිව්වොත් කෑ ගැස්සෙයි. මේකේ උපරිමය තත්පරයට ගිගාබිට් 10 දක්වා සම්මත තත්වයන් යටතේ යවන්න පවවන් කියලා තමයි පර්යේෂකයන් කියන්නේ. හිතාගන්න පුළුවන්ද. ඒ තරම් ස්පීඩ් එකෙන් යවන්න නම් මගේ මැෂින් එකේ data ත් නෑ. මේ තාක්ෂණය භාවිතා වෙන්නේ තාම කෙටි පරාසයක් තුළ කියලා හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ NFC, Bluetooth , Infrared වගේම ඊට වඩා සිය ගුණයකින් වේගත් තාක්ෂණයක් තමයි මේක. මම නිකමට ඔයාලට පෙන්වන්නම් NFC එක්ක සංසන්දනය කරලා විකිපීඩියාවේ දාලා තියෙන ටේබල් එක.
බලන්න මේක

මේ ටේබල් එක දිහා බැලුවම මම හිතන්නේ ඔයාලට තේරුම් ගන්න ඒ හැටි අමාරු වෙන්නේ නෑ මේක හිට් වෙන්න හේතුව.අපි Infrared තියෙන කාලේ ඩිවයිස් ලං කරලා කිලෝ බයිට් ගණන් ෆයිල් හුවමාරු කලා වගේ පස්සේ Bluetooth වලින් එදේම කරලා ඊටත් පස්සේ NFC වලින් වැඩ කරනවා වගේ අපිට සරලව ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) එක හරහා අදික වේගයෙන් යුක්තව දත්ත හුවමාරු කරගැනීමේ අවකාශය මේ වෙද්දී ලැබිලා තියෙනවා.ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) පහසුකම තියෙන ඩිවයිස් 02ක් ලංකිරීම තුළින් දත්ත හුවමාරු කරගන්න පුළුවන් කම මේ තාක්ෂණය සතුව පවතිනවා. මෙහි දුර පරාසය සෙන්ටිමීටර් 3-5 අතර බවයි පැවසෙන්නේ.

මම ඔයාලට මේක පිළිබඳ රූප සටහන් මඟින් පැහැදිලි කරන්නම්
මේ විදියට විවිධ වූ ඩිවයිස් වලින් දත්ත හුවමාරු කරන්න පුළුවන් මේ හරහා


මේ තියෙන්නේ ටොෂිබා සමාගම විසින් නිර්මාණය කරන ලද ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) සහිත බාහිරින් සම්බන්ධ කළ හැකි Gadget එකක්



දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) අයිතමය

දැක්කා නේද ගැජට් එක. කාඩ් රීඩර් එකක් වගේ නේද. හැබැයි පට්ට ස්පීඩ්.මේකෙදී භාවිතා වෙන්නේ වයිඩ් බෑන්ඩ් එකක්. ඒ කියන්නේ සමාන්‍ය රේඩියෝ තරංග තමයි මෙයා බාවිතා කරනු ලබන්නේ. මෙහි සංඛ්‍යාතය 4.48Ghz වගේ තමයි.ඒක නිසාම අනෙකුත් සන්නිවේදන මාර්ග වලට (තරංග භාවිතා කරන) මෙයාගෙන් කිසිම බාධාවක් (Interference ) නම් ලොවෙත් වෙන්න විදියක් නම් නැත.

අතීත කථාව -

මම දැන් කියන්න හදන්නේ ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) එකේ අතීත කථාව ටිකක්. මේක මුළින්ම එලි දක්වලා තියෙන්නේ සෝනි සමාගම (Sony Company) විසින් 2008 අගෝස්තු මස 21 වැනි දින ජපානයේ ටෝකියෝ නුවර පිහිටි එයාලගේ විද්‍යාගාරයේදී ඩිජිටල් කැමරාවකින් පින්තූර වගයක් පරිගණකයක් හුවමාරු කරමින්.ඊට පස්සේ සියළුම සමාගම් විසින් මේම ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) යේ වැඩි දියුණු කිරීම් කටයුතු සඳහා නන් අයුරින් දායක වෙලා තියෙනවා. තව දෙයක් තමයි IEEE  (The Institute of Electrical and Electronics Engineers) ආයතනය මඟින් ජාත්‍යන්තර වශයෙන් මෙම තාක්ෂණයට අදාලව ප්‍රමීතීන් සකස් කලත්, 2011 වර්ෂයේදී මේ සම්බන්ධයෙන් නියාමන කටයුතු සිදු කිරීම සඳහාම ට්‍රාන්ස්ෆර්ජෙට් කොන්සෝටියම් නමින් ආයතනයක් පිහිටුවා අඛණ්ඩව දියුණුකිරීම් සිදුකරනු ලබනවා.

අදට එහෙනම් ගිහින් එන්නම්. සියළු දෙනාටම බුදු සරණයි..!

Thursday, June 29, 2017

Ransomware (රැන්සම්වෙයා)

අද මේ ගෙඩි පිටින් උස්සලා දාන්නේ දඩි බිඩියේ ටයිප් කරපු එකක් නම් නෙමේ. සුද්දා හැක් කොරන්න පටන් ගත්ත කාලේ ගහපු පෝස්ට් එකක් මේක මගේ පරණ බ්ලොග් එකේ දාපු. මම මේ පෝස්ට් එක මගේ පරණ බ්ලොග් එකේ දාලා තියෙන්නේ 

Monday, June 20, 2016 කියන දවසේ. මට ඒ දවස් වල නිකමට හිතුනා මේ කියන Ransomware නම් පට්ටම ඇණයක් වෙයි කියලා. ඔන්න ඒක දැන් වෙලා යාළුවනේ.මේ තියෙන්නේ මම එදා දාපු සම්පුර්ණ පෝස්ට් එක. බලන්න. අදට ගැලපෙන විදියට වෙනස් කරගන්න. ඒක ඔයාලට බාරයි.Ransomware ගැන ලස්සනට කියවෙන ඉමේජ් එකකුත් සෙට් උනා. ඔන්න ඒකත් දැම්මා. 






අර වෛරස්, මේ වෛරස් කියලා එක එක ජාතියේ පරිගණක වෛරස් අපිට මේ වෙද්දී හම්බු වෙලා තියෙනවානේ නේද? හැබැයි එ් එකම වෛරස් එකක්වත් අපිට ආදරේට අපේ පරිගණකයට ආව එව්වනම් නෙමේ.පැහැදිලිවම අපිට ඇණයක් වෙන්න, පරිගණකය ෆෝමැට් කරන තත්වයට ගෙන එන තරමටම ඇණයක් වෙන්න පෙළක් වෛරස් දක්ෂතාවක් දක්වන බවත් ඔයාලා අත්දැකීමෙන්ම දන්නවා ඇතිනේද? වෛරස් ගාඩ් දාලා, රේස්කියු ඩිස්ක් හදලා , බැකප් ගහලා පට්ට ගේම්ස් දීලා වෛරස් වලට ගේම දෙන්න අපි හූගාක් ට්‍රයි කරලත් ඇති. හැබැයි මම මේ අද කියන්න යන වෛරස් එක ගැනනම් එ විදියට සෙලලම් ආලා ගොඩ දාගන්න පුළුවන් එකක් නෙමේ.

Ransomware කියන වෛරස් එකට තියෙන්නේ අමුතුම මුහුණුවරක්. හිතන්න කෙනෙක් ඔයාලාගේ ගෙදරට ඇවිත් වටිනා කියන බඩු සියල්ලම ගේ ඇතුලේ තියෙද්දී ගෙයි යතුරු දාලා ලොක් කරලා යතුර අපසු දෙන්න සල්ලි වලින් කප්පමක් ඉල්ලනවා කියලා. එතකොට ඔයාලට මොකද්ද හිතෙන්නේ? අම්බානෙක ඇඩෙනවා නේ. සිංහලෙන් කියනවානම් Ransomware කියන වෛරස් එකේ සිංහලෙන් කථාව ඔන්න ඕකයි. මෙයා (වෛරස් එක) අපේ මැෂින් එක ඇතුලට ඊමේල් එකක් හෝ පෙන් ඩ්‍රයිව් එකක් හෝ * ඇප් එකක් සමඟ * අපේ මැෂින් එකට පැමිණිමේ බෙහෙවින් ඉහළ ඉඩ කඩක් තියෙනවා.

මෙතැනදී සිදුවන්නේ අපි බෙහෙවින් පාවිච්චි කරන පොදු හා හොදින් හඳුනන ප්‍රසිද්ධ ඇප්ලිකේෂන් වලට හැකර්ලා විසින් තමන්ගේ වෛරස් ප්‍රෝගැම්ස් එකතු කරනු ලබනවා.එවිට අපි ඉහතින් සඳහන් කල මෘදුකාංගය ඉන්ස්ටෝල් කරද්දී නොදැනුවත්වම වෛරස් මෘදුකාංගය ක්‍රියාත්මක වී හැකර් විසින් ලබා දී ඇති උපදෙස් මත ක්‍රියාකාරී වීමට පටන් ගනි. බෝහෝ විට මෙවන් වෛස් ඇප් වලට අපේ පරිගණකයේ විස්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කර ඇති කොටස ක්ෂේම භූමියක්. මුලින්ම ඔවුන් ආක්‍රමණය කරන්නේ සිස්ටම් ෆයිල්ස්.*

රැන්සම්වෙයා වලින් ආක්‍රමණය කළ අපේ මැෂින් එකේ ඇති ලිපිගොණු, ෆයිල්ස් වැනි දෑ එන්ක්‍රිප්ට් (encrypt) කිරීමක් සිදු කරනු ලබනවා. එ කියන්නේ අපි භාවිතා කරන අපේ පෞද්ගලික ගොණු හැකර් විසින් තමන්ගේ භාරයට ගනු ලබනවා.එවිට අපට එම ගොණු විවර කිරීමට, වෙනස් කිරීමට, ඩිලිට් කිරීමට කිසිම අවසරයක් නෑ. අපි හරියට අනුන්ගේ පරිගණකය අඳේට වැඩ කරනවා වගේ තමයි දැනෙන්නේ.

මෙම රැන්සම්වෙයා කෙතරම් වේගයෙන් ලොව පුරා පැතිරෙමින් තිබෙන්නේද කියා පෙන්වන වාර්තාවක් පසුගියදා ඕස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඉන් කියවුණේ, ඔවුන් 2015 දී සමීක්ෂණයට ලක් කළ වෙළද ව්‍යාපාර අතරින් 71%ක් පමණ රැන්සම්වෙයා ප්‍රහාරවලට ලක්ව ඇති බවයි. වසර 2013දී මෙම ප්‍රතිශතය 13%ක් වීමෙන්ම එහි පැතිරීමේ වේගය පෙනේ.

#මෙම රැන්සම් වෙයා ක්‍රියාත්මකවීමේදී මූලික වශයෙන්ම අවවාදාත්මක දැනුම්දීම් සිදකරයි. විටෙක පරිගණකයේ හොර ලයිසන් සහිත ඇප්ලිකේෂන් ඇතැයි කියයි. තවත් විටෙක පරිඝනකයේ අසැබි විඩියෝ ,ෆෝටෝ ඇතැයි කියමින් අවවාදාත්මක නිවේදන නිකුත් කරමින් පරිගණකය අකර්මණ්‍ය කිරීමෙන් වැලැක්වීමට අසවල් ගණනක මුදලක් ගෙවිය යුතුයැයි යෝජනා කෙරේ.

#තවත් විටෙකදී පරිගණකය මන්දගාමි කිරීම හෝ ක්‍රියාවිරහිත තත්වයට පත් කිරීම සිදුවේ. මෙහිදි පරිගණකය යථා තත්වයට ගෙන ඒමට නම් අදාල කප්පම් මුදල ලබා දිය යුතුයැයි හැකර් විසින් යෝජනා කෙරේ.

$ නොඑසේනම් පරිගණකයේ වින්ඩෝස් ස්ථාපිත කර ඇති ඒකකයට පහර දී එක කොටස අක්‍රිය කොට සම්පුර්ණ පරිගණකයම සියතට ගැනීමට හැකර් පෙළඹේත මෙවිට තමන්ගේ පෞද්ගලික දත්ත , පින්තුර, වීඩියෝ යනාදිය ප්‍රසිද්දියට පත්වීමේ අනතුරුදායක තත්වයෙන් බේරීම සඳහා පරිගනකයේ හිමිකරු විසින් අදාළ කප්පම් මුදල ගෙවීමට පෙළඹෙන්නේ නිතැතින්මය.

බලන්න එදා දාපු පෝස්ට් එක අදට කොච්චර ගැලපෙනවද කියලා.රැවුල ඉදුනේ නිකමටද නේද? හහ් හහ්. එහෙනම් අදට ගිහින් එන්නම්. මොනවා උනත් හැකර්ලා ආයේ එනවා. ඇස් ඇරගෙන ඉන්න. අපි 3වෙනි ලෝකේ සිඟන ආදයම් ලබන්නෝ නිසා තර්ජන අඩුයි. ඒත් නැත්තෙම නෑ. අවදියෙන් ඉන්න. ආරක්සාව තරකරගන්න. එච්චරයි

Saturday, May 27, 2017

HTML පාඩම් මාලාව දිගටම

සමාවෙන්න යාළුවනේ අළුතින් පෝස්ට් එකක් එහෙම නොද කාලයක් ගත උනාට. අද මම කියන්න හදන්නේ ඔයාලට මම සම්පුර්ණ පාඩම් මාලාවක් උගන්නන්න ලැස්ති වෙනවා HTML සම්බන්ධව. හැබැයි ඒක මෙ විදියට main page එකේ නෙමෙයි තියෙන්නේ. ඔය උඩින් තියෙන මෙනු බාර් එකේ තියෙන" HTML මුුල සිට සරලව" කියන ටැබ් එකේ තමයි ඒක තියෙන්නේ. ඊගෙන ගන්න පාඩුවක් වෙන්නේ නෑ ලොවෙත්. ඒ වගේම ඉස්සරහට CSS / JavaScript වගේ සුන්දර දේවල් ගැනත් ඉස්සරහට කථා කරමු මේ බ්ලොග් එකෙන්ම. මම වීඩියෝ ටියුටෝරියල් ටිකක් දාන්නම්.මොකද ලියන්න ගියාම සීමාවක් නැති නිසා සහ වීඩියෝ වලින් ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන් නිසා. මේ සම්බන්ධව ඔයාලගේ අදහස් උදහස් ලියලා කමෙන්ට් කලොත් පට්ටම වටිනවා යාළුවනේ.


එහෙනම් ගිහින් එන්නම්.

Thursday, April 27, 2017

කාලෙකින් ආයේම හමුඋනා අපි ......

ඉතින් යාළුවනේ ඔන්න විභාග එහෙමත් ඉවර වෙලා නිදහසේ පාඩුවේ ඉන්න ගමන් අපි ායේම හමු උනා එකෙන්ම. මම අවුරුද්දට කලින් සුභ පතන ගමන් කිව්වා ඊළග පාර වෙනසකුත් අරන් තමයි එන්නේ කියලා. එකෙන්ම සමා වෙන්න ඔනේ ඒ දේ කරන්න බැරි උනාට. මට තාමත් මේ නෙට්වර්ක් සම්බන්ධව ලියාගෙන යන බ්ලොග් එකට වෙන වෙන වැල්වටාරම් එකතු කරන්න හිත දුන්නේ නෑ යාළුවනේ. ඒකයි තාමත් මේ විදියටම තියෙන්නේ.

හරි දැන් මේ තකහනියක් ආවේ අත් දෙක වන වන මේක කියලා යන්නද? අනේ නෑ. අද මම ඔයාලට මම ලියපු අළුත්ම අළුත් පුංචි ඇප් කෑල්ලක් තැගී දීලා යන්න කියලා හිතාගෙන තමයි මේ පැත්තට ගොඩ උනේ. මේක chat app එකක්. මේක භාවිතා කරලා ඔයාලට පුළුවන් නිදහසේ පාඩුවේ චැට් කරගන්න ඔයාලගේ හිතාදරයන් එක්ක(ඔව් ඔව් ඒ කට්ටිය එක්ක චැට් කරන්නත් පුළුවන්).

මම මේක නම් කරෙනම් MS Chat කියලා. MS කියන කොටස මම මගේ හැම ඇප් එකකම බ්‍රෑන්ඩ් නේම් එක විදියට පාවිච්චි කරනවා. ඒක මගේ නමේ කොටසක් නිසා.ගණන් ගන්න එපා. මේ පහලින් තියෙන්නේ ඇප් එකේ ඉමේජස් ටිකක්. සරලයි වගේම ඔයාලගේ කාර්යයත් මේක ඉෂ්ඨ කරයි. ට්‍රයි කරලා බලන්න. ඇප් එකේ ෆයිල් සයිස් එකත් Kb වලින් යන්නේ.

මෙන්න පින්තූර



මෙන්න ලින්ක් එක

මෙතැන ක්ලික් කරන්න

ඔන්න එහෙනම් අදට ගිහින් එන්නම්

Thursday, April 13, 2017

කිරි ඉතිරේවා නව වසරේ...!



ඔන්න අද නම් පෝස්ට් එකක් දාන්න හිතාගෙන නෙමේ ආවේ.යාළුවෝකට්ටියටම හා හපුරා කියලා අවුරුද්ද ලබන්න කලින් සුභ පත්නන. යාළුවනේ ඔයාලා සියළු දෙනාටම ලබන්නා වූ නව වසර 

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා..!

කියලා එකසිතින් සුභ පතනවා.දිගටම බ්ලොග් එකත් එක්ක රැඳිලා ඉන්න යාළුවනේ. මම හිතාන ඉන්නවා ඉදිරියට විශාල වෙනස් කමක් මේ බ්ලොග් එකේ සිද්ධ කරන්න. ඊලඟ පෝස්ට් එකෙන් හමුවෙනකන් බුදු සරණයි ඔයාලා ඔක්කොටොම..

Monday, April 3, 2017

Deep Web & Dark Web ගැන දන්න සිංහලෙන්





මොකක්ද මේ කියන්න යන කථාව. මේක නෙට්වර්ක් වලට අදාළද .අපොයි නෑ හැබැයි මට මතකයි මම හැකින් සම්බන්ධ පොස්ට් එකේදී මේ ගැන ඉදිරියට කතා කරනවා කියලා ඉඟියක් දුන්නා. ඇත්තටම මොකක්ද මේ කියන්නේ. සරලව මේකයි

ඔයාලා ඉන්ටර්නෙට් එනවා, එහෙමත් නැත්නම් සප්ත මහා සාගරයක් වගේ තියෙන ඉන්ටර්නෙට් එක පීරනවා , සැරිසරනවා කියලා කියන්නේ අමුම අමු මෝඩ කථාවක් කියලා අද මම බය නැතිව ඔයාලට කියනවා. මොකද දන්නවද අපි මේ ගූගල් ‍ක්‍රෝම්, මොසිල්ලා ෆයර්ෆොක්ස්, සෆාරි, තව එකී නොකී මෙකී බහුබූත බ්‍රවුසර් වලින් ඇවිල්ලා මහ ලොකුවට හොයලා හොයලා කාලේ කාලා දමන්නේ සමස්ථ ප්‍රමාණයෙන් 1% -3% ත් අතර ප්‍රමාණයක් කිව්වොත් ඇත්තටම පිස්සු වගේ නේද? ඔව් . ඇත්තටම ඒක තමයි ඇත්තම කතාව. එතකොට කෝ අනික් 99 %- 97% ප්‍රමාණය ??? ඒක බහිරවයා ගිල්ලද?? ඒක කෝ??

කථාව මේකයි. ඇත්තටම අපිට සැරිසරන්න පුළුවන් එහෙමත් නැතිනම් surf web එකේ ප්‍රමාණය තමයි ඉහතින් කී කුඩා ප්‍රමාණය. අනික් විශාලතම ප්‍රමාණය අයිති වෙන්නේ deep web එකට හා dark web එකට. අපි අතපත ගාන surf web එකේ ආසන්න වශයෙන් වෙඩ් අඩවි (මගේ මේ හිච්චං සයිට් එකත් ඇතුළුව)  බිලියන 04ක් විතර තියෙනවලු. ඒ කියන්න 1% ක ප්‍රමාණයක් නම් හිතන්න deep & dark web වල කොච්චර ඇත්ද කියලා?? අහන්න එපා .තේරුමක් නෑ කොහෙත්ම. ඒක කාටවත් ගණනය කරන්න බැරි දෙයක් කියලා තමයි වැඩ්ඩෝ කියන්නේ. හරි මම මේ සප්ත මහා සාගරෙ ගැන කෙටියෙන් පහදන්නම් දිගටම. අහගෙන ඉන්න හරිද. මුලින්ම ඉල්ලීමක් ඉල්ලනවා දැනගත්තට කමක් නෑ ඒ පැත්තට යන්න එපා කියලා. මොකද මේ හැම මගුලින්ම ඔයාගේ අයිපී එක ට්‍රැක් වෙනවා මහත්වරුනේ. හරියට FBI එකට ගෙදර ඇඩ්‍රස් එක ලියලා තැපැල් කළා වගේ. අනිවා මාට්ටු වෙනවා ගියොත් නොදැන.අනික මේ තැන්වල අපරාධ මිසක් හොඳක් නම් නැත.


මුලින්ම කතා කරන්නම් DEEP WEB එක ගැන. මොකද ඒක සාපේක්ෂව DARK WEB එකට වඩා විශාල නිසා.

Deep Web එක කියලා කියන්නේ අපිට සමාන්‍ය බ්‍රවුසරයකින් බලන්න බැරි විදියට දත්ත හංගලා තියෙන සයිබර් අවකාශයකට. මතක තියාගන්න Deep Web එකේ නීති විරෝධි මෙන්න නීත්‍යානූකූල දේවලුත් තියෙනවා. හැබැයි හොරෙන් රිංගලා බලලා මාට්ටු උනොත් උස්සන් යන්නේ ඉන්ටර්පොල් එකෙන් තමයි. මොකක්ද මේ නීත්‍යානූකූල සහ නොවන කිව්වේත මම ගන්නම් උදාහරණයක්. මොකක් හරි ප්‍රසිද්ධ සමාගමක් ..උදා - SSBC Company කියලා කියමු (උදාහරණයක් විතරයි). මේ SSBC Company එකේ වෙබ් පිටුවට ඔයා ලොග් උනාම ඔයාට පෙන්නන්නේ පිටු 10 ක් පමණයි. ගූගල් හරි ෆයර්ෆොක්ස් හරි වෙන ඔන එකනින්. හරිද. හැබැයි මේ SSBC Company වෙබ් පිටුවේ ඇත්තටම පිටු 20ක් තියෙනවා. ඉතිරි පිටු 10 ඔයාලට සමාන්‍ය වෙබ් බ්‍රවුසරයකින් ගිහින් බලන්න පුළුවන් පහසුකම ලබාදීලා නෑ. මොකද ඒ පිටු ටික රඳවලා තියෙන්නේ dark web එකේ නිසා. ඒ පිටු වලට access කරන්න පුළුවන් අයිතිකරුවන්ට , කොටස් හිමියන්ට හෝ වෙනත් පාර්ශව වලට වෙන්න පුළුවන්. ඔයා මේවට මොන ක්‍රමේකින් හරි access කලොත්, ඒ බව SSBC Company එකේ අය දැනගත්තොත් අන්න අර මුලින් මම කිව්ව ඉන්ටර්පෝල් අයියලා එනවා අපේ කථාවට.මම ඉහතින් පෙන්නලා තියෙන රූපේ බලන්න ආයේ සැරයක්. ඒක හරියටම හරි. හැබැයි Deep Web එකේ නිත්‍යානූකූල නොවන දේවලුත් තියෙනවා කියන එක මෙහිදී මතක් කරන්න ඔනේ. මොකද මේක ඇත්තටම සැඟවිලා තියෙන අවකාශයක් නිසා.එතකොට කොහොමද මේ කියන අවකාශයට access කරන්නේ. හරි ඒ දේවල් අන්තිමට කියන්නම්. ඇයි හදිසි???

එතකොට Dark Web කියන්නේ??

ඇත්තටම මේක නම් වෙන්වෙලා තියෙන්නේ අමුම අමු මොන්ගල්, පිස්සු, දරුණු, විකාර , අසහනකාරයන්ට කිව්වොත් වඩාත නිවැරදියි.විකෘති මනසවල් ඇත්තවුන් සඳහාම වෙන්උන මේ කියන Dark Web එකේ සාමාන්‍ය මිනිහෙකුට ගිහින් ගන්න වැඩක් නම් නැත. ඒක නිසා යන්නත් එපා.මතක තියාගන්න Dark Web එක ප්‍රමාණයෙන් Deep Web එකට වඩා කුඩායි සහ සැරිසරන ප්‍රමාණය අඩුයි. හැබැයි බිහිසුණු කම අතින් අන්තිම දරුණුයි Dark Web එක. දැන් අපි කතා කරමු Dark Web එකේ බිහිසුණු කම ගැන.

1. මේ තැන මීනී මස් එහෙමත් නැතිනම් මිනිස් මස් විකුණන්න අසහන කාරයින් භාවිතා කරන ස්ථානයක්. මෙහෙම කිව්වම කුණුහරුප වගේ නේද?ගණන් ගන්න එපා. Dark Web එකේදී ඔයා මේ විදියේ ස්ටෝල් එකකට ඇතුළු උනොත් ඔයාට පුලුවන් ඒ ස්ටෝල් එකේ ඉන්න පණ සහිත තමන් කැමති මනුස්සයෙක් තමන් කැමති ආකාරයට මරණ දර්ශණය සජිවීව නරඹන්න. ඒ වගේම තමන්ගේ ලිපිනයට ඒ මස් ගෙන්නා ගැනීමටත් පහසුකම් සපයනවා එයාලා.මේක අමුම දරුණුයි. ඒකයි ඒකකින් විස්තර කරන්න පටන් ගත්තේ (Cannibalism). සමාවෙන්න


මේ බ්ලොග් එකේදී ලියන්න පුළුවන් සීමාවක් තියෙන නිසා මම අනිවා ඒ සීමාව තුළ ඉදන් තමයි ලියන්න ට්‍රයි කරන්නේ යාළුවනේ.

2. කුලියට මිනී මරණ කණ්ඩායම් සහිත අඩවි. මේතැනකට ඔයා ඇතුළත් උනොත් ඔයාට මේ කුලී ඝාතකයින්ගේ සේවාව ලබා ගැනීමට අවකාශය සැලසෙනවා. මෙයාලා අනිවා පට්ටම ඒස්පටීස්ලා මේ සබ්ජෙක්ට් එකට. ලෝකේ අනික් කෙළවරට ඕඩර් එකක් දුන්නත් පිළිවෙලට අහුනොවෙන්න ගේමක් දෙන්න මෙයා ලැස්තීයි. ඔයාලාට අවශය නම් සජිවී දර්ශණ උනත් මෙයා පිළියෙල කරලා දෙන සයිස්. ඒ කිව්වේ හැකර්ලා ,මිනීමරුවෝ ඔක්කෝම එකට සෙට් වෙලා තමයි ඉන්නේ (Hitmans)

3.රතු කාමර. මේවායේ අමුම අමු විකාර සහිත අසහන කාරයින්ට අමානුෂිය මිනිමැරීම්, දුෂණය කිරීම්, කැපීම් කෙටීම් සහිත විඩියෝස් එහෙම (පටිගත කරපු සහ සජිවී) බලා ගන්න අවස්ථාව සැලසෙනවා. ඇත්තටම මම පටන්ගනිද්දීම කිව්වේ ඒකයි දැනගත්තට කමක් නෑ පැත්ත පලාතෙනම් යන්න එපා කියලා. (Red Room)

තව මේ වගේ එකී නොකී මෙකී දහසකුත් දේවල් මේ කියන Dark Web එකේදී මුණගැහෙනවා. හැබැයි නීත්‍යානූකූල කිසිම දෙයක් නම් නැත.යන්නත් එපා.


මතක තියා ගන්න Dark Web හෝ වේවා Deep Web එක හෝ වේවා මේවට ඇතුළු වෙන්න සරලව නම් බෑ. මේවට පට්ටම සිකුරිටි ස්ටෙප්ස් තියෙනවා. ඒවා ඔක්කොම positive උනොත් තමයි පුතේ ඔයාට ඇතුළුට යන්න අවකාශය ලැබෙන්නේ සරියා. තව දෙයක් මතක තියා ගන්න මේ හැම තැනකදීම ඔයාට ගෙවලා තමයි සේවාවක් ලබා ගන්න වෙන්නේ. මේවායේ කිසිම දෙයක් ෆ්‍රී නම් නැත. ඒක නිසා ඔයාගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් ගහලා නම් මේවායේ සල්ලි ගෙවන්න බෑ. මේ තැන් වලදී ගණුදෙණු සිද්ධ වෙන්නේ බිට් කොයින්ස් (Bit Coins) වලින් විතරමයි.මොකද අනිත් හැම ගෙවීම් ක්‍රමයක්ම track and trace කරන්න පුළුවන් නමුත් බිට් කොයින්ස් (Bit Coins) නම් ලොවෙත් ට්‍රැක් කරන්න බැරිය. ඒ නිසා අපරාධ ලෝකේ නිළ මුදල් මාධ්‍යය වෙන්නේ බිට් කොයින්ස් (Bit Coins) ම තමා.(අන්තර්ජාල මුදල් වර්ගයක්.පාඩමට අදාළ නොවන නිසා විස්තර නොකරමි.)

හරි දැන්ම කියන්නම් කොහොමද ආසාවට හරි මේ කියන Deep Web & Dark Web වල සැරි සරන්නේ කියලා. මේකට ඔයාලට සියළු පහසුකම් සහිතව (ආරක්ෂාව, පහසුව ඇතුළු සියල්ල) සේවා සපයන්න වඩාත්ම ඉදිරියෙන් තියෙන්නේ Tor කියන වෙබ් බ්‍රවුසර් එක (Tor Browser). මෙන්න ලින්ක් එක බ්‍රවුසරේ.මෙතැනින් යන්න. මේකෙන් යද්දී ඔයාලගේ අයීපී ඇඩ්‍රස් එක track වෙන එක  වලක්වා ගැනීමට හැකියාව තියෙනවා.මම Tor බ්‍රවුසර් එක ගැනනම් ලොකුවට කියන්න යන්නේ නෑ. මොකද පනින රිලවුන්ට ඉනිමං බඳීන් හොඳ නැති නිසා. ඒක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගෙනම බලන්න. හැබැයි පුතේ මේකේ අර chrome, firefox වගේ වචන search කරලානම් ඉහතින් කිව්ව සයිට් වලට යන්න බෑ. ලින්ක් එකම අවශ්‍ය වෙනවා හොඳේ.

අන්තිමේ මේ ලිපියෙන් අදහස් කලේ මෙහෙමත් ලෝකයක් අපි ඉස්සරහ තියෙනවා කියලා දැනුවත් කරන්න විතරයි. වැරදිලාවත් යන්න එපා. ගියොත් විනාශයක් තමයි. ඒ අවදානමේ වගකීම තමන් සතුයි කියලා නැවත නැවතත් මතක් කරමින් අදට ගිහින් එන්නම් තව ලිපියක් අරන් ඉක්මනටම

ඉතිරිටික ඉක්මනට කියන්නම්.අදට ගිහින් එන්නම්

Wednesday, March 22, 2017

Subnet Mask ගැන කථා කරමුද

මම අද කථා කරන්න හදන මාකෘකාවට අඩිතාලම දාලා තියෙන්නේ මේ බ්ලොග් එකේ මුලම හරියේ පළ කරපු IP Address කියන පෝස්ට් එකෙන්. ඒකෙන් කිව්වා හැකි ඉක්මනින් මේ කියන subnet mask එක ගැන කියලා දෙනවා කියලා. කොහෙද ඉතින් ඒකට වෙලාවක් හම්බු උනේ නෑනේ. ඔන්න අද හිතාගත්තා ඒ කථාවත් කියලා ඉවරයක් කරන්න ඕනේ කියලා.මුලින්ම කියනවා මට මේක එක දවසින් නම් ලියලා ඉවරයක් කරන්න බැරිවෙයි.ඒකට තරහ අවසර.මොකද විභාගේ අත ලඟ.අත පොත ලඟ. ඒක නිසා.මොකක්ද මේ subnet mask එක. මොකටද ඒක භාවිතා කරන්නේ. ප්‍රශ්ණ නේද

Subnet mask එකක් අපිට වැදගත් වෙන්නේ අපි නෙට්වර්ක් එකක් ඩිසයින් කරද්දී ඒකේ ඇතුළත් කරන්න පුළුවන් host ගණන (ඔව්.නොඩ්ස් කිව්වෙත් ඒකටම තමයි) තීරණය කරන්න අපිට මේ subnet mask එක භාවිතයට ගන්න පුළුවන්. කොහෙමද ඒ කියලා අපි ටිකින් ටික කතාව පැහැදිලි කරගෙන යමු.

මේ පහලින් දාලා තියෙන කථාව දැන් වෙද්දි ක්ලියර් නේද.මේක ඉස්සුවේ කලින් පොස්ට් එකෙන්

අපි A Class එක උදාහරණයක් විදියට ගම්මු. අපි A Class එකේ network id එකයි host id එකයි වෙන වෙනම වෙන් කලොත් ඒක එන්නේ මේ විදියට නේද

network id     host id       host id        host id

අපි ඒක binary no වලින් කන්වර්ට් කරලා කිව්වොත් මේ විදියට තමයි එන්නේ
11111111      00000000       00000000       00000000

එතකොට මේ binary nos ටික values වලට කන්වර්ට් කලොත් එහෙම මෙන්න මේ විදියටයි පෙන්නන්නේ.

255.0.0.0

හරියටම මේ පහල තියෙන රූපේ වගේ

කථාව clear උනා නේද. මම හිතන්නේ මේක හොදටම පැහැදිලි වෙන්න ඇති කියලා. මේ තියරියම අනෙක් class වලටත් අප්ලයි කරලා බලන්න.ඒවාටත් මේ වගේම හදලා බලන්න.

මෙන්න class B එකට ඒක ඇප්ලයි කළාම


අදට ගිහින් එන්නම් තාම ඉවර නෑ හොඳේ. තව ටිකක් තියෙනවා නිරස උනාට ❤❤❤❤

මොනවද මේ Broadband ?



ඔන්න අද මම කථා කරන්න හිතුවා තවත් ලස්සන වචනයක් ගැන. මේකත් නිතරම ටීවී එකේ පත්තරේ සහ එක එක තැන්වල බහුලව කියවෙන වචනයක්. ඒ තමයි Broadband කියන වචනේ. හරි ඒ ගැන කථා කරන්න කලින් අපි පහුගිය පාඩම් වල කතා කරපු තවත් වචන කිහිපයක් ගැනත් කෙටියෙන් දැනගනිමුකෝ නේද එකෙන්ම.
Bandwidth - මොකක්ද මේ හරුපේ. සෑහෙන්න කතා කලා කලින් පාඩම් වල. මේකෙන් කියන්නේ අප විසින් බාවිතා කරනු ලබන ජාල මාධ්‍යයේ(කම්බියේ) ගෙන යා හැකි දත්ත ප්‍රමාණය කියලා කිව්වොත් වඩාත් පැහැදිලි වෙයි කියලා හිතනවා. මේක Hz (හර්ට්ස්) වලින් හෝ b/s (තත්පරේට කිලෝ හෝ මෙගා හෝ ගිගා හෝ ටෙරා බිට් වේගයෙන්) ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා.
ඒකත් ඉවරයි. දැන් කථා කරමු media ගැන. මොනවද මේ bandwidth එක ගෙන යාහැකි මාධ්‍යයන්. සරලයි. අපි කලින් පාඩම් වලින් කථා කලා වගේ
·         Twisted pair copper cable
·         Fiber optic
·         Wave
වගේ මාධ්‍යයන් බාවිතා කරනවා. සමහ තැන්වල Bandwidth කියන පදේ Band කියලා කෙටි කරලත් කියනවා වචන ඉතුරු කරගන්න වෙනටැති.දැන් එමු Broadband වලට. මේකෙන් කියන්නේ විශාල Bandwidth සහිත සම්බන්ධතාවය කියලයි. ඒ කියන්නේ Bandwidth එක විශාල වශයෙන් ඇති ජාල කරණයක් මේ නමින් හඳුන්වනු ලබනවා. සරලයි නේද.ඔයාලත් අහලා ඇතිනේ ඇඩ් යනවා අධීවේගී Broadband අන්තර්ජාල සම්බන්ධතාව ඔබත් අදම මිලදී ගන්න කියනවා එකෙන්ම SLT ලා එහෙම.
අන්තර්ජාල සම්බන්ධතාව සහිතව ඉදිරිපත් කරන Broadband සම්බන්ධතා පහත විදියට බෙදලා වෙන් කරනවා
·  Narrow Broadband   - ඒ කියන්නේ ස්පීඩ් එක අවම Kb/s වලින් යන Broadband connections
· Broadband  - ස්පීඩ් එක මධ්‍යම Mb/s වලින් යන Broadband connections
·  Ultra Broadband    - හරියටම කිව්වොත් ස්පීඩ් එක පට්ට උපරිම Gb/s වලින් යන Broadband connection

සරලයි නේද වැඩේ. අදට ගිහින් එන්නම් යාළුවනේ..

ප.ලි - මේක ඔයාලගේ අමතර දැනුමට. මේ වෙනකම් හැක් කරලා තිබුනේ නැති ඒත් විද්‍යාඥයින් නිරතුරුවම අනතරු අඟවලා තිබුණු අන්තර්ජාලයට සම්බන්ධිත මුද්‍රණ යන්ත්‍ර එහෙමත් නැතිනම් PRINTERS විශාල ප්‍රමාණයක් පසුගිය පෙබරවාරි මාසයේදී හැක් කිරිල්ලකට යටත් වෙලා තිබ්බා කියලා ආරංචියක් ආවා. හොයලා බැලුවම කතාව ඇත්ත. හැබැයි මේ හැකර් දරුණු දෙයක් නම් කරලා තිබ්බේ නෑලූ. එයාගේ TWITTER එකවුන්ට් එකයි EMAIL ලිපිනයයි තව සංකේත වලින් අදිනු ලැබූ රොබෝවෙකුයි මේ හැක් කිරිල්ලට ලක් උණ මුද්‍රණ යන්ත්‍ර වලින් මුද්‍රණය වෙන විදියට ක්‍රියා කරලා විතරලු තිබුණේ. බලන්නකෝ එකෙත් හැටි. හරියට එයා මෙහෙමත් අවදානමක් ලෝකෙට තියෙනවා කියලා පෙන්නන්න කළ වගේද කියලත් හිතෙනවා. 

Thursday, March 9, 2017

කවුරුත් දන්න ඒත් නොදන්න ADSL

මොකක්ද අප්පා මේ කවුරුත් දන්න ඒත් නොදන්න ADSL කියන්නේ.? දන්නේ කියලා කිව්වේ ADSL කියන වචනේ අද ඉන්න පුංචිම ලමයත් අහලා තියෙන නිසා. ඒත් ගොඩාක් දෙනෙක් ADSL ගැන හරියට දන්නේ නෑ නේද? දන්න එකම දේ මේකෙන් ඉන්ටනෙට් යනවා කියන එක විතරනේ.

ඇත්ත තමයි. මේකෙන් Internet යන්න පුළුවන් තමයි. හැබැයි මේ තාක්ෂණය ඇතුලේ ගොඩාක් කථා තියෙනවා අපි නොදන්න. උදාහරණයක් විදියට කොහොමද මේ තඹ කම්බිය දිගේ ටෙලිෆෝන් ලයින් එක, ඉන්ටනෙට් සහ පියෝටීවී(IPTV) කියන තාක්ෂණ 03ම ගමන් කරන්නේ? ප්‍රශ්ණ නේද? හරි දැන් පිළිවෙලට ඉගෙන ගම්මු.

ADSL එහෙමත් නැත්නම් දිගට ඇදලා කිව්වම Asymmetric digital subscriber line කියලා අපි හඳුන්වන තාක්ෂණය ISDN කියන තාක්ෂණයට පස්සේ (ඇත්තටම කිව්වොත් ISDN විනාශ කරමින්) කරළියට ආව සහ තවමත් දෙයියනේ කියලා තැනක ඉන්න තාක්ෂණයක්. ඒකට හේතුව ඉහතින් සඳහන් කළ 03 in 01 සීන් එක.ඔයාලා දැකලා ඇති slt වගේ ISP කෙනෙක්ගෙන් දුරකථන ,අන්තර්ජාල පහසුකම් ගත්තහම වයර් මාර්ගයෙන් (රැහැන් මාර්ගයෙන්) සම්බන්ධතාවය ලබාදෙනවා. හරි ඒ රැහැන් ඇතුලේ තඹ කම්බි 02ක්. සමහරවිට ඔයාලා දැකලත් ඇති. අන්න තඹ කම්බි වලින් තමයි ඔය ඔක්කොම ගේම් දෙන්නේ.මේ කිව්ව copper cable එකේ bandwidth එක විදියට පෙන්වලා දෙන්න පුළුවන් 4Khz. එවගේම මතක තියාගන්න අපේ කටහඩේ ප්‍රමාණය 04Khz. එතකොට අපි මේ කථා කරන තඹ කම්බි දිගේ දෙයියනේ කියලා කටහඩ යවන්න එහෙමත් නැත්නම් දුරකථන ඇමතුමකට සෑහෙනවා නේද? හැබැයි එතනින් එහාට විශේෂිත වූ සේවාවන් සදහා මේ කියන සංඛ්‍යාතය ප්‍රමාණවත් වෙන්නේ නම් නෑ. අන්න එතැනදී තමයි මේ කියන තාක්ෂණික පැත්ත දිගහැරෙන්නේ.

අපි මේ කථා කරපු කිලෝ හර්ට් 04 (Khz)තඹ කම්බිය තුළින් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙන විශේෂිත වූ සේවාවන් ලබා ගන්න මේ copper cable එක හරහා යන 4khz සිග්නල් එක අනිවා වැඩි කරගන්න ඕනේ. එ කියන්නේ කම්බියේ bandwidth එක expand කරගන්න සිද්ධ වෙනවා. එතකොට මොකක්ද කරන්නේ තාක්ෂණික පැත්තෙන්. මේකයි වෙන්නේ. ADSL Modem 02 ක් මගින් මේ copper cable එක modulate සහ demodulate කිරිම කරනු ලබනවා.ඒ කියන්නේ exchange එකෙ සිට subscriber (user) දක්වා සහ subscriber (user) සිට exchange එක දක්වා මේ කියපු modulate / demodulate ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න රූපසටහන පැහැදිලි කරගන්න

එතකොට අර කලින් කියපු 4khz පමණක් ගමන් ගත්ත කම්බියේ bandwidth එක විශාල ප්‍රමාණයකින් වැඩි කරගැනීමේ හැකියාව ලැබෙනවා. හැබැයි මේ කියපු modulate / demodulate ක්‍රියාවලියට දුර ප්‍රමාණය කියන සාධකය බෙහෙවින් බලපානූ ලබනවා. එ කිව්වේ khz ප්‍රමාණය(සංඛ්‍යාතය) වැඩි වෙන්න වැඩි වෙන්න ගමන් කළ හැකි දුර අඩුවන අතර, සංඛ්‍යාතය අඩුවන්න අඩුවන්න ගමන් කළහැකි දුර ප්‍රමාණය වැඩිවෙනවා. මෙන්න මේ වගේ.


දැක්කද ඒ කේස් එක. ඒ කියන්නේ වැඩි සංඛ්‍යාතයක් ගනු ලබන විශේෂිත සේවාවන් (ip ටීවි සම්බන්ධතා, අන්තර්ජාල) වැනි සේවාවන් ආවරණය කළ හැකි පරාසය අඩු සීමාවක් විදියට තමයි දක්වන්න පුළුවන්.අපි මේ කථාකරපු ADSL තාක්ෂණය භාවිතා කළත් copper cable එකේ තියෙන limitation එක නවත්තන්න නම් බෑ පුතේ එකෙනුත්.ඒක නිසා ADSL service එකේ පරාසය කිලෝමීටර් 05 ට අඩු වපසරියකට සීමා වෙලා තියෙනවා.ඊට වැඩි සේවාවන් (ඒ කියන්නේ විශාල සංඛ්‍යාතයක් ඉල්ලන සේවාවන්) තවත් අඩු වපසරියකින් යුතුව තමයි බෙදා හැරීම සිදුවෙන්නේ.

පල්ලෙහා තියෙන ප්‍රස්ථාරයෙන් බලාගන්න පුළුවන් කොහොමද තනි ලයින් එකේ කටහඩ සහ දත්ත බෙදිලා යන්නේ කියලා


දැක්කා නේද සිද්ධිය. මේකේ නිල් පාටින් දක්වලා තියෙන්නේ voice පරාසය.හරි දැන් බලන්න data කියලා තියෙන කොටසේ upstream හා downstream කියලා 02ක් තියෙනවා නේද? හැබැවි ඒ 02කේ ප්‍රමාණයන් අසසමිතිකයි නේද? මොකක්ද ඒකට හේතව කියලා හිතන්නේ. හරිම සරලයි. ඔයාලා මොකක් හරි ඉන්ටර්නෙට් පැකේජ් එකක් ගත්තොත් ඔයාලට ඒකෙන් වැඩිපුරම අවශ්‍ය වෙන්නේ දත්ත නැත්නම් data ඩවුන්ලොඩ් කරගන්න නේද? අපි හැමෝම අප්ලෝඩ් (upload) එහෙමත් නැත්නම් පිරිසිදු සිංහලෙන් කියනවා නම් උඩුගත කරන ප්‍රමාණය අවමයි නේද? අන්න ඒක නිසා තමයි upstream එකට ලබා දෙන ප්‍රමාණය අඩු කරලා downstream එකේ ප්‍රමාණය වැඩි කරලා තියෙන්නේ.දැන් තේරුණද නියමෙටම.

තව දෙයක් මතක තියාගන්න මේක ADSL කියලා කියන එකේ A අකුරෙන් හඳුන්වනු ලබන්නේ Asymmetric එහෙමත් නැතිනම් අසසමිතිකයි කියන තේරුම. ඒ කියන්නේ up & down streams සමාන නෑ කියන එක. එක හින්දා තමයි ප්‍රමාණයන් 02කින් එම streams යුක්ත වෙන්නේ. හැබැයි ඔයාලට අවශ්‍ය නම් SDSL ලයින් උනත් ගන්න බැරිකමක් නෑ. ඒ කියන්නේ Symmetric එහෙමත් නැත්නම් ඉහතින් සඳහන් කළ streams 02ක එක සමාන ලයින්ස්.ඒ කියන්නේ අප්ලොඩ් ස්පීඩ් එක සහ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක සමාන කියන එක.

මේ කථාවම මම දිගටම ඉස්සරහට ගෙනියන්නම්. ඔයාලා දන්නවනේ ටෙලිෆෝන් ලයින් එක exchange එකට ගිහින් සම්බන්ධ වෙනවා කියලා. එතකොට data line එකට මොකද වෙන්නේ. දෙයියන්ගේ පිහිටෙන් data line එක voice line එකත් එක්ක කලවම් වෙලා දෙකම එකට යන්නේ නැත. ඒ කියන්නේ DSLAM (digital subscriber line access multiplexer)  නමින් හදුන්වනු ලබන වෙනම ඒකකයකට තමයි මෙම data line එක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ එතැනින් තමයි core network එකට සහ ISP ගේ network එකට සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ රූපය බලන්න(මතක ඇතිව දකුණේ ඉඳලා වමට බලාගෙන එන්න)


දැන් වැඩේ ක්ලික් නේද. හරි ඔන්න ඔය විදියට තමයි ADSL ලයින් එක වැඩ කරන්නේ. හැබැයි මතක තියා ගන්න මේ ලයින් එකේ අදටත් ගොඩාක් දුවන්නේ තඹ කම්බි.(twisted pair) ඉතින් ඒක නිසා කොච්චර කළත් විවිධාකාර බාධක (crosstalks, interferences, attenuation  ) අම්බානෙක තියෙන්න පුළුවන්. ඒ නිසා ලයාන් එකෙන් සපොට් කරන වේගය සීමා වෙන්නත් පුළුවන්. මෙකට හොඳම විසඳුමක් විදියට හඳුන්වලා දෙන්න පළුවන් fiber optic තමයි. මොකද fiber වල අපි ඉහතින් සඳහන් කළ බාධක (crosstalks, interferences, attenuation  )  වගේ දේවල් ඉතාමත් සීමිත ප්‍රමාණයක් පමණයි ඇතිවීමට හැකියාවක් තියෙන්නේ. ඒක නිසා ගෙදරට කේසේ වෙතත් අඩු ගානේ exchange එක වෙනකම් වත් core network එකේ ඉඳන් fiber වලින් ඇඳගන්න පුළුවන් උනොත් ටිකක් හරි ස්පීඩ් එක වැඩිකරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හැබැයි ඉතින් exchange එකෙන් සේවාව බෙදා හරින ග්‍රාහක පිරිස අනුව තමයි මේකේ වේගය ඉහලින්ම තීරණය වෙන්නේ කියලත් මතක තියාගන්න.

එහෙනම් මේ ලිපිය මේ විදියට හමාර කරන්නම්. තව මොකක් හරි මතක් උනොත් අනිවා මේ පොස්ට් එක අප්ඩේට් කරන්නම්. අළුත් ලිිපියකින් ඉක්මනටම හමුවෙමු..

Tuesday, February 21, 2017

TCP හා UDP Protocols ගැන වැඩිදුරටත්..

කාලෙකට එන්නේ නෑ කිව්වට තැපැලෙන් ආයෙම ඇවිත් නේද? ඇත්තටම ආසාවෙන් කරන දෙයක් වෙනුවෙන් කෙනෙක් කොහොම හරි තමන්ගේ කාලයෙන් කොටසක් වෙන් කරගන්නවා ඒ දේ කරන්න. ඒක අනිවා සත්‍යයක්.

හරි දැන් අපි කතා කරමු මාතෘකාව ගැන. මම මේ TCP හා UDP Protocols ගැන OSL Layers හා Protocols මාතෘකා වලදී ටික ටික කලා. නමුත් සැරටම කථා කෙරුනේ නෑ කියලා තමයි හිත කියන්නේ. ඒක නිසා අද ඒ ගැන ගැඹුරට කතා කරමු.

මොනවද මේ කියන මහ ලොකු Protocols දෙක. ඇත්තටම මේ Protocols 02 අපිට හම්බු වෙන්නේ OSL Layers වල තියෙන Transport Layer එකේදී තමයි.බලන්න මේ පහත රූපසටහන. මේකෙන් ඔයාලට පෙන්නනවා ඒ ඒ ලේයර් එකට අදාල  Protocols ටික.


දැන් දැක්කා නේද Transport Layer එකේ තියෙනවා TCP හා UDP කියලා Protocols 02ක්. මොනවද මේ  Protocols? ඇත්තටම මේවා Transport  Protocols.හරි අපි දැන් කථා කරමු මොනවද මේ සහ මොකටද ඕනේ වෙන්නේ කියලා. අන්තර්ජාලයේදී අපි එහා මෙහා යවන data packet එක හැදිලා තියෙනනේ මම පහතින් දක්වලා තියෙන structure එකට අනුව. 


මෙතැනදී අපි කතා කරන Transport layer එක ඇයි මේ structure එකට වැදගත් වෙන්නේ. අන්න ඒක තමයි මම දැන් පැහැදිලි කරන්න හදන්නේ. අපි ජාලය තුළ applications දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් භාවිතා කරමින් එක්වර කටයුතු කිරීමේදී ඒ කාර්යය සඳහා භාවිතයට ගැනෙන data packets එකම මොහොතක (semulataneously ) එහා මෙහා ගෙන යෑම  තමයි මෙන්න මේ ලේයර් එකෙන් සිද්ධ වෙන කාර්යය සරලම සිංහලෙන් කිව්වොත්. දැන් කොහොමද මේ කථාව වෙන්නේ. කියන්නම් සරලව

ඔන්න අමාරුවෙන් ඔයාලට මේ කථාව හගිස්සවන්න කියලා ඇනිමේෂන් Gif එකකුත් ගැටගහගත්තා.ඇත්තටම මේ දත්ත යැවීම කියන කතාව සිද්ධ වෙන්නේ ඉහතින් සඳහන් කරලා තියෙන විදියට කියලා දැන් ඔයාලට පැහැදිලි නේද.මතක තියාගන්න Transport layer එක විසින් එක නෙට්වර්ක් කනෙක්ෂන් එකක් සඳහා Ports 65000 පමණ ප්‍රමාණයක් ඇතිකරනු ලබනවා.මේ ports අතුරෙන් තෝරාගත් port එකට හෝ ports කිහිපය වෙත දත්ත යැවීම තමයි ඉහතින් සඳහන් කර රූපසටහනින් දක්වලා තියෙන්නේ.

දැන් මේ කියන Transport layer එක නියෝජනය කරන TCP හා UDP Protocols ගැන වෙන වෙනම කතා කරලා බලමු.

UDP - (User Datagram Protocol)

මේ Protocol එකේ විශේෂත්වය කුමක්ද? මේක connection less, Light weight Protocol එකක්. මේ Protocol එක හදලා තියෙන්නේ David.P.Reed කියන මහත්තයා විසින් 1980 දී පමණ.අර කිව්වත් වගේ මේ Protocol එක සරල කම නිසා තමයි ජනප්‍රිය වෙලා තියෙන්නේ. හැබැයි මේ කියන Protocol එක 100% විශ්වසය තියන්න පුළුවන් සහ Feedback එහෙම දෙන Protocol එකක් නම් නෙමේ.ඒ කියන්නේ අපි යවද්දී මොකක් හරි packet  එකක් මිසින් උනා හරි corrupt උනා හරි කියලා හිතන්න. දෙයියන්ගේ පිහිටයි ඒ ගැන කිසිම ආරංචියක් නම් ඔයාට ලොවෙත් ලැබෙන්නේ නෑ. ඒකාන්තයි. ඒක නිසා File, softwareවගේ දේවල් ඩවුන්ලෝඩ් කිරිල්ල හෝ database වගේ දේවල් සඳහා නම් මේ කියන UDP කියන Protocol එක භාවිතය කොහෙත්ම සුදුසු නෑ. මොකද මේ වගේ දේවල් වල සුළු දත්තයක් හරි වෙනස් වීමක් හෝ loss වීමක් සිදු උනොත් ඒ කතාව එතනින්ම නිමා වෙන නිසා තමයි UDP මේ කටයුතු සඳහා භාවිත නොකරන්නේ.තව දෙයක් මතක තියාගන්න UDP file header එක TCP file header එකට සාපේක්ෂව පොඩියි. ඒ කියන්නේ UDP packet එක TCP packet එකට වඩා පොඩියි
UDP File Header - 8 bytes
TCP File Header - 20 bytes

එතකොට UDP භාවිතා කරන්නේ? අන්න පොයින්ට් එක. ඔයා Youtube එකෙන් පට්ට වීඩියෝ එකක් බලනවා කියලා හිතන්න. ඒකේ එක බිට් එකක් හෝ දෙකක් හෝ loss විම නිසා ඔයා බලන වීඩියෝ එකට ලොකූ හානියක් සිදු වෙන්නේ නෑ. ඒ වගේම ඔයාට ඒක දැනීමක් වෙන්නෙත් නෑ. අනික feedback දිදී ඉන්න ගියොත් ඔයාට වීඩියෝ එක ලොඩ් වෙලා ඒක බලන්න වෙන්නේ තැපෑලෙන්.මොකද request කරන හැම packet එකටම feedback දෙන්න ගියොත් ඒක විකාරයක්නේ. හරි ඒ වගේම හිතන්න skype call එකක් ගන්නවා කියලා. ඒ වගේ අවස්ථාවකදී bit කිහිපයක loss වීමක් ඔයාගේ සංවාදයට ඒ හැටි බාදාවක් නෙමේ. එතැනදී ඔයාට වැදගත් වෙන්නේ ඉක්මනින් අනිත් කෙනොගේ ප්‍රතිචාරය දැනගැනීම. ඒක තැපෑලෙන් සිදු නොවීමට UDP protocol එකේ සරලකම වැදගත් වෙනවා. දැක්කා නේද UDP protocol එක ඔයාට එදිනෙදා වැඩවලට support කරන ආකාරය.

ඊලඟට TCP - (Transmission Control Protocol )

මේ Protocol එකේ විශේෂත්වය කුමක්ද? මේක Connection oriented සහ reliable Protocol එකක්. අපි දැන් කථා කරමු මේ protocol එකේ සුවිශේෂිතාවයන් පිළිබඳ. මේ protocol තුලින් ජාලය තුල නොඩ් 02ක් අතර සම්බන්ධතාවය ගොඩනඟා ගැනීමේදී 3-way handshake එකක් සිද්ධ වෙනවා පහත රූපසටහනේ දක්වලා තියෙන පරිදි.

තේරූණද වැඩේ. දැන් මේ විදියට දත්ත යැවීමට පටන් ගත්තම යවන නොඩ් එකේ(A) ඉදන් ලැබෙන නොඩ් එකට (B) දත්ත ගලාගෙන යාම ආරම්භ වෙනවා. එතැනදී B විසින් A වෙත Acknowledgement එකක් එවනවා ලැබුණු දත්ත පිලිබඳව. මෙතැනදී error detection එකක් සිද්ධ වෙනවා. හැබැයි මතක තියා ගන්න TCP හාදයා error correction වගේ ඇක්ෂන් එකක් නම් කරන්නේ නෑ. තව වැදගත් දෙයක් තමයි මෙයා in-order delivery කියන දේ.මන් දෙන්නම් උදාහරණයක්

හිතන්න abcd  efgh කියලා packet දෙකක් A කියන නොඩ් එකේ ඉදන් B කියන නොඩ් එකට යනවා කියලා. වැඩේ කියන්නේ කලවම් වෙලා efgh කියන packet එක තමයි මුලින්ම යැවිලා තියෙන්නේ. හැබැයි TCP protocol එකෙන් එහෙම mix උන packets ටික in-order හදා ගෙන තමයි B නොඩ් එකට deliver කරන්නේ. සාධාරණ හාදයෙක් නේද (ඒ කිව්වේ මුලින් deliver කරන්නේ abcd කියන packet එක හොඳේ)

තව දෙයක් තමයි මෙයා නෙට්වර්ක් එක ට්‍රැෆික් සහිතනම් ට්‍රැෆික් එක ඉවර වෙනකම් delay කරගෙන ඉදලත් delivery එක කරනවා. ඒ අතින් නම් සුපිරි නේද (congestion). මේ ගැන වැඩිදුර කතා කරමු ඉස්සරහට.

මේකේ තියන අවාසි තමයි header size එක ප්‍රමාණයෙන් වැඩියි. ඒක නිසා packet එක බරින් වැඩියි. තව දෙයක් තමයි මේක හරහා ක්ෂණික ප්‍රතිචාර, පියවරයන් ගැනීම අපහසුයි. මොකද feedback එක්ක එන නිසා. ඒ නිසා මුලින් UDP වල වගේ දේවල් කරන්න මේ protocol එකෙන් අමාරුයි. තේරුණාද වැඩේ සරලව. file transfer වගේ දේවල් remote access (ssh) වගේ වැඩ, database updating/maintains තව දහසකුත් කාර්යයන් සඳහා TCP protocol එක මිනිස්සු බහුලව භාවිතා කරනවා.

ඔන්න සරලව කතාව ආරම්භ කරපු protocol 02 ගැන කතා කළා.දන්න විස්තරත් ගොඩාක් කියලා දැම්මා. අදට ගිහින් එන්නම්





Friday, February 17, 2017

MAC Address එක ගැන දන්න හැමදේම

අපි කලින් පොස්ට් එකෙන් කථා කලා නේද Ethernet එක ගැන.හරි මේ Ethernet පරිසරයේ තියෙන host එකක් වෙන් කරලා අඳුරගන්න බාවිතා කරන ලිපිනය තමයි MAC Address එක කියලා කියන්නේ.මේ ගැන කලිනුත් ටිකක් කතා කලා කියලා මේ බ්ලොග් එකේ හැම දේම බැලුව අය දන්නවා ඇති. අද ටිකක් විතර වැඩිපුර කතා කරමු MAC Address එක ගැන.

අපි හැමෝටම තමන්ගේ අනන්‍යතාවය අඳුගන්න තියෙනවා නේද identity card එකක්. මේකත් ඒ වගේ තමයි Ethernet එකේදී නොඩ් එකක් අඳුරගන්න භාවිතා වෙන්නේ අපි මේ කතා කරන්න යන MAC Address එක. මේ කියන ඇඩ්‍රස් එක  කොහෙද තියෙන්නේ. මේක තියෙන්නේ පරිගණකයට සම්බන්ධ කරන ලද නෙට්වර්ක් කාඩ් එකේ.NIC (Network Interface Card) මේ කියන MAC Address එක මේ NIC එක නිශ්පාදනය කරන හාදයාම (Manufacturer) ම කාඩ් එකේ Firmware එකට බට් කරලා (ඇතුළත් කරලා )තමයි වෙලඳපලට එවන්නේ.මේ කියන MAC Address එකටම පෙලක් කට්ටිය Hardware Address කියනවා.

අපි මේ කතා කරන MAC Address එක බයිට් (bytes) 06 ක ප්‍රමාණයකින් සමන්විතයි. ඇත්තටම මේනවද මේ බයිට් (bytes) 06 යේ තියෙන්නේ. බයිට් (bytes) 06ක් කිව්වේ බිට් 48ක් නේ නේ.....ද?(මතකනේ ගණනය කරන විදිය . Byte 01 = Bit 08 යි). මේ කියපු 06 Bytes ඇත්තටම කොටස් 02කට බෙදෙනවා. මේ NIC එක හදන හාදයා (Manufacturer) මේකට අන්තර්ජාතික වශයෙන් සම්මත කේතයන් (IEEE) සඳහා 03 bytes යොදා ගන්නවා.එ කේතයට කියන්නේ Organizationally Unique Identifier කියලා. කෙටියෙන් කියනවා නම් සහ ෆීල්ඩ් එකේ බාවිතා වෙන්නේ (OUI) කියන වචනේ කෙටි කරලා.ඉතිරි 03 bytes වල තමයි නිශ්පාදකයා ඇතුළත් කරන කේත සඳහා බාවිතා කරනු ලබන්නේ.ඒ කේතයන් නම් කරනවා Globally Administered Address කියන තාක්ෂණික වචනේ. මෙන්න මේක බලන්න



දැන් කතාව තේරුණා නේද මේ වෙනකම්.මේ කියන MAC Address එක සමාන්‍යෙයන් ලියනු ලබන්නේ නම් hexadecimal digits 12කින් තමයි.hexadecimal කිව්වේ 16 පාදයේ ඕං. හරියට මේ වගේ සීන් එකක්.
D8-D3-85-EA-1B-EE

මේ හැම hexadecimal digit එකක්ම බ්ට් 04 ක ප්‍රමාණයකින් සමන්විතයිලූ. මුල් hexadecimal digits 06න් තමයි මේ MAC Address එක නිශ්පාදනය කරපු නිශ්පාදකයාව විස්තර කරන්නේ .මේකේ විදියට නම් Hewlett Packard නොහොත් කවුරුත් දන්න hp Brand එක)

දැන් මම කියන්නම් ඔයාලා කොහොමද තමුන්ගේ මැෂින් එකේ MAC Address එක අඳුරගන්නේ කියලා

1. මුලින්ම යන්න start menu එකට----> ගිහින් එකේ search box එකේ ටයිප් කරන්න cmd කියලා
2. දැන් ඔයාලට command prompt එක ලැබෙයි-----> එකේ ටයිප් කරන්න ipconig/all කියලා


ඔයාලට මෙන්න මේ වගේ සීන් එකක් ඩිස්ප්ලේ වෙයි. මම මේකේ පොඩි පොඩි ෆිගර් ටිකක් මැකුවා මතු ආරක්ෂාවට කියලා.එකෙන්ම සමා වෙන්න හොඳේ. දැන් එතකොට ලිනක් වගේ එවා පාවිච්චි කරන ප්‍රබුද්ධ පුද්ගලයින්ට (එහෙම කිව්වට සමාවෙන්න.ඇත්තටම ලිනක්ස් ආතල් වින්ඩෝස් උන් දන්නේ නෑ ලොවෙත්.sudo තමයි නේද)

එයාලත් යන්න shell එකට----->.ගිහින් ගහන්න ipconfig කියලා.එකකොට එයි ලස්සනට පේලියට මේ වගේ 


මෙන්න මේ කියන HWaddr සටහනෙන් පෙන්නන්නෙත්  MAC Address එකම තමයි.කට්ටියම  MAC Address එක ගැන මොනාම හරි ඉගෙන ගත්ත නේද. එහෙනම් එකෙන්ම සන්තෝෂයි. 

අයේම තව ටික කාලයක් යයි පෝස්ට් එකක් දාන්න.මොකද විබාගේ අත ලඟ. ඒ උනත් දිගටම බ්ලොග් එකත් එක්ක ඉන්න. නොදන්න දෙයක් තියෙනවා නම් chat එකේ ලියලා යන්න.මන් අනිවා රිප්ලයි කරන්නම්. නැත්නම් මේල් එකක් දාන්න. බුදු සරණයි..!

Thursday, February 16, 2017

Ethernet ගැන දන්න සිංහලෙන්

ටික දවසකින් මේ පැත්තට එන්න බැරි උනේ විභාගයක් අතලඟ නිසා, අම්බානෙක කාර්යබහුල උන නිසා හා අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම දුෂ්කර උන නිසා. හරි ඔන්න අද සුපිරි මාතෘකාවක් අරන් ආවා. මම අද කියන්න යන්නේ අපි හැමෝම අහලා තියෙන ඒත් හරිහමන් අදහසක් ගන්න බැරි තවත් ජාල සමඟ සම්බන්ධ වචනයක් ගැන කථාවක්. මේක නිකන් ගුගල් හොයලා බැලුවොත් නම් ලංකාවේ එක බ්ලොග් එකකවත් හොයාගන්න නෑ. ඇත්තටම ඇයි ඒ. මම අද කියන්න යන්නේ Ethernet ගැන.මුලින් දැන ගන්න ටිකක් අමාරු උණත් පස්සේ ආස උන මාතෘකාවක් තමයි මේක

ඇත්තටම මොකක්ද මේ Ethernet කියන්නේ.වචනේ පරිසමාප්ති අර්තයෙන්ම මේක network architecture එකක් හොදේ. ඒ කියන්නේ අපි මුලින් කතා කල topology ,FDDI, ATM වගේ මේක අද කාලේ ජනප්‍රිය network architecture එකක්.මේ ක්‍රමය 1980 වගේ කාලයේදී තමයි වානිජ වශයෙන් හඳුන්වා දීලා තියෙන්නේ. තේරුණද? මේ network architecture එක එහෙමත් නැතිනම් Ethernet බහුලවම භාවිතා කරන්නේ LAN, MAN සඳහා සහ WAN සඳහාත් භාවිතා කරනවා. මේක අන්තර්ජාතික වහයෙන් පිළිගැනීමකට ලක්වෙලා  IEEE 802.3 කියන සම්මතයෙන් ආවේ 1983 වර්ෂයේදී.මේ Ethernet බහුල වශයෙන් ජනප්‍රිය වෙන්න හේතුව තමයි විශාල දත්ත පරාසයක් (bit rate) හැසිරවිය හැකිවීම සහ දිගු දුර සබැඳියාවන් නිසා. 

ඔන්න Ethernet network එකකට දෙන්න පුළුවන් සරල උදාහරණයක්



මේ කියන Ethernet සංකල්පය පටන් ගත්ත යුගයේ 10base5 නෙට්වර්ක්ස් coaxial cable (අමු තඹ කම්බියෙන්) දිව්වත් කාලය මැව් වෙනසත් සමගින් twisted pair, fiber optic වැනි කේබල් සමඟින් Ethernet hub, switches වැනි උපාංග වලින් සන්නද්ධව ඉදිරියට ආවා. මෙතැනදී සරලව දක්වන්න පුළුවන් දේ තමයි විවිධාකාර වූ ජාල සමඟින් එක්ව අපි මේ කථා කරන Ethernet එක ගොඩනඟන්න හැකියාව ලැබීම තමයි මේ සංකල්පය ප්‍රචලිත වෙන්න හේතුව

දැන් අපි කතා කරමු Ethernet Frame එහෙමත් නැත්නම් payload එක ගැන. දන්න සිංහලෙන් කිව්වොත් මේ කියන Ethernet එකේ යවන හෝ එවන දත්තයක් (data packet ) එකක් ගමන් ගන්නා විදිය තමයි මන් මේ කිව්ව frame එක.


මේකතමයි Ethernet  එකේ අපි යවන packet එකක header එක.තව මේකත් එක්ක payload එක එහෙමත් නැත්නම් අපි යවන දත්තය යනවා හොඳේ.දැන් අපි බලමු මේ header එකේ විස්තර වෙන වෙනම.

preamble - මේ කියන field එකෙන් තමයි නෙට්වර්ක් එකට ඉඟියක් එහෙමත් නැත්නම් සංඥාවක් දෙන්නේ frame එක එහා මෙහා යන ගමන ආරම්භ කළා කියලා. ටෙක්නිකල් විදියට synchronization වෙනවා කියලා දන්වන්නේ මේ header කෑල්ලෙන්.

SFD - (Start Frame Delimiter) - මෙතැනදී ලකුනු කරගන්නවා අපිට යවන්න අවශ්‍ය නොඩ් එකේ එහෙමත් නැත්නම් ජාලයකනම් යවන්න ඒනේ පරිගනකයේ MAC Address එක



තවම ඉවර නෑ හොඳේ.....

Monday, January 30, 2017

Transmission Ways (සම්ප්‍රේක්ෂණ විධි)

හැකින් වලින් පස්සේ ඔන්න අද ආයේම පාඩමට ආවා.අද මොනවද ඉගෙන ගන්නේ. අද අපි Transmission ක්‍රම පිළිබඳ ඉගෙන ගම්මු. ඒ කියන්නේ දත්ත සම්ප්‍රේක්ෂණය කරන ක්‍රම ගැන ඉගෙන ගමු. මේ විදියේ Transmission ways 03ක් අපිට අඳුරගන්න පුළුවන්.

1. Uni-cast Transmission
2. Multicast Transmission
3. Broadcast Transmission

ඔන්න ජාති 03.අපි දැන් මුලින්ම ගමු බලන්න Uni-cast Transmission ගැන කථා කරන්න

Uni-cast Transmission -  මේකෙන් කියන්නේ මේ ජාතියේ ජාලයක සන්නිවේදනය සිදුවන්නේ එකක සිට තවත් එකකට බවයි. ඒ කියන්නේ පණිවිඩයක් හෝ දත්තයක් යැවීම සිදු කරනු ලබන්නේ එක් නොඩ් එකක සිට තවත් නොඩ් එකට පමණක් බවයි. හොඳම උදාහරණේ ඔයාගේ මොබයිල් එකෙන් කාට හරි කෝල් එකක් ගැනීම.එතකොට මේ කතාබහට සම්බන්ධ වෙන්නේ ඔයා සහ ඔයා ඇමතුම ලබා ගත් කෙනා විතරයි. තේරුණාද වැඩේ හරියට මේ වගේ. 

බලන්න මෙතැනදී නෙට්වර්ක් එකට නොඩ් කිහිපයක් සම්බන්ධ වෙලා තිබුණත් මේ රතු පාට ඊතලෙන් පෙන්වන නොඩ් 02 අතර තමයි දත්ත හුවමාරුව සිදුවෙන්නේ.අනික් නොඩ් මේ කතාවට සම්බන්ධ වෙන්නේ නෑ. මේ connection එක one to one එකක්.❤


Multicast Transmission - මෙතැනදී අපි කථා කරන්නේ කලින් එකට වඩා ටිකක් වැඩියෙන් ප්‍රමාණයක් එක්ක එකවර සම්බන්ධ වෙන අවස්ථාවක් ගැන.ඒ කියන්නේ එක්කෙනෙක් කිහිපදෙනෙක්ව ඇමතීම ගැන තමයි අපි මේ කථා කරන්නේ. තේරුණද. ඒ කියන්නේ එක නොඩ් එකක් නොඩ් කිහිපයක් වෙත එකවර දත්ත යැවීම. උදා - එක් නොඩ් එකක ඉදන් ඊමේල් පනිවිඩයක් එම ජාලයේ තවත් නොඩ් කිහිපයකට යැවීම ගන්න පුළුවන්.මෙතැනදී connection එක පෙන්වන්න පුළුවන් one to many විදියට. මේ වගේ


බලන්න එක නොඩ් එකක ඉඳන් නොඩ් 02කට එක්වර දත්ත යැවීම සිදුකරනු ලබනවා. කථාව තේරුණද ඔයාලාට.මේකේදී ජාලයේ පවතින සියළුම නොඩ්  වලට එකවර දත්ත සම්ප්‍රේක්ෂණය නොකරන අතර Uni-cast Transmission වලට වඩා වැඩි ප්‍රමාණයකට දත්ත සම්ප්‍රේක්ෂණය සිදුකරනු ලබනවා.

Broadcast Transmission - මේ කියන්නේ network එකක තියෙන එක ඩිවයිස් එකකට අනෙක් සියළුම ඩිවයිස් සමඟින් එකවර සම්බන්ධ වීමට හැකි අවස්ථාවයි. මෙහිදී එක වර සියළුම නොඩ් වෙත එක නොඩ් එකකට දත්ත යැවීමට ඇති හැකියාවයි.ඒක one to any කියන connection type එකයි. මේකටඋදාහරණයක් විදියට ඔයාලට ගුවන් විදුලි, රූපවාහිණී, දුරකථන වැනි සම්ප්‍රේක්ෂණ කුළුණු වලින් බෙදා හරින සංඥා සියළුම උපකරණ වලට ලැබීම ගෙන හැර දක්වන්න පුළුවන්.මෙන්න මේ වගේ


දැන් තේරුණද වැඩේ මොකක්ද කියලා.ඔන්න සමස්ථය එක රූපසටහනකින්. බලන්න මේක.සරලව තේරුම්ගන්න පුළුවන් ඔයාලට මේ කියන කථාව






ඔන්න අදට වැඩේ ඉවරයි.තවත් අළුත්ම පෝස්ට් එකකින් ඉක්මනට හමුවෙමු

 
Angry Birds -  Help