sticky_note_PNG18952.jpg

Sunday, January 22, 2017

Network Types (ජාල වර්ග)..

අද මම කියන්න යන්නේ network එහෙමත් නැත්නම් ජාල පිහිටන්න පුළුවන් විදි ගැන.ඒ කියන්නේ මොනවද මේ network types කියලා.මේ කෙන් එකක් නම් ඔයාලා නිතරම අහලා ඇති .අනික්වනම් ටිකක් විතර අමුතුත් ඇති.හරි අපි බලමු මේ වර්ග ගැන.මූලිකව කථාවෙන network types 04ක් මම කියන්නම් කෙටි විස්තරයක් ඇතිව

LAN   (Local Area Network)
MAN  (Metropolitan Area Network)
WAN  (Wide Area Network)
PAN   (Personal Area Network)

LAN   (Local Area Network)






මම කියන්නම් මුලින්ම LAN   (Local Area Network) ගැන.මේක තමයි අපි අතරේ නිතරම කනට වැටෙන වචනේ.එහෙම කිව්වොත් නිවැරදියි නේද. මේක භෙෘතික වශයෙන් කුඩා වපසරියක පැතිර යන Network එකක් කියලා මූලික වශයෙන්ම හඳුන්වා දෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදියට එක බිල්ඩිමක් ආවරණය වන පරිදි, පුංචි ඔෆිස් එකක් අවරණය වන පරිදි මේ වගේ Network එකක් පිහිටවනන පුළුවන්. Ethernet එකයි wifi යි තමයි LAN   (Local Area Network) එකක් හදන්න පුළුවන් මූලිකම මාර්ග 02 වෙන්නේ. මේ LAN   (Local Area Network) එක peer to peer network කියන ආකාරයටයි client server network කියන ආකාරයටයි පිහිටවුගන්න පුළුවන්.දැන් අහයි මොනාද මේ 
peer to peer network
client server network කියනනේ කියලා

peer to peer network  - කියන්නේ ජාලයට සම්බන්ධ සෑම පරිගණකයක්ම එක හා සමාන අයිතිවාසිකම් සහිත නොඩ් එකක් විදියටයි සලකන්නේ.මෙතැන අපි (server )කියලා හඳුන්වන ලොක්කෙක් නෑ. ඒ කියන්නේ ජාලය පාලනය කරන්න වෙනම ඒකකයක් මේ වගේ network එකක නෑ.මෙන්න මේ වගේ



client server network - මෙතැනදී network එකතුළ server එකක් සිථාපනය කරලා තියෙන්නේ.ඒක තමයි නෙට්වර්ක් එක පාලනය කරනු ලබන්නේ.නොඩ් එකක් මඟින් කරන විමසීමයකදී ප්‍රතිචාර දැක්වීම, නීති පද්ධති ක්‍රියාත්මක කිරීම වැනි සියළු කටයුතු කරන්නේ server ඔක මඟින්. නොඩ් වලට සලකන්නේ clients ලා විදියට .තේරුණද?

ඇත්තටම Local Area Network එකක් තුළ සාමාන්‍යෙයන් අපරිම 10Gbps වගේ ස්පීඩ් එකක් වෙනකම් දත්ත සම්ප්‍රේක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා.දැනටත් බහුල වශයෙන්ම twisted pair cable තමයි මේ Local Area Network ගහන්න එහෙමත් නැත්නම් හදන්න භාවිතාකරන්නේ.මේ කියන Local Area Network එලන්න බහුලව භාවිතා කරන ක්‍රම විධි තමයි Ethernet, Token Ring, FDDI වගේ ක්‍රම.FDDI කිව්වෙ Fiber Distributed Data Interface කියලා සරලව. මේක ANSI සහ OSI කලවම් වෙච්චි Fiber optic විදියට 200km වගේ දුරක් අදින්න පුළුවන් Local Area Network විදියක්.ටිකක් ඇඩ්වාන්ස් නේද?


MAN  (Metropolitan Area Network)

මේ කියන්නේ Local Area Network එකට වඩා භූමි වපසරියෙන් විශාල වඩා පුළුල්ව එලන්න පුළුවන් network එකක් ගැන.මේක ඇත්තටම නගරයක් වගේ area එකක් ආවරණය කරන්න පුළුවන් network එකක්.ඇත්තටම මේ කියන Metropolitan Area Network එක අපි කලින් කථාකළ Local Area Network කිහිපයක් backbone lines වලින් එකතුවී නිර්මාණය වෙලා තිබෙන්නත් පුළුවන්.



WAN  (Wide Area Network)

මේක තමයි දැන්ට ලෝකේ භාවිතා වන පුළුල්ම ජාලය විදියට හඳුන්වන්නේ. ඒ කිව්වේ අපි ඉහතදී කථා කළ Local Area Network හා Metropolitan Area Network වැනි ජාල එකතු වෙලා තමයි මේ කියන Wide Area Network බිහිවෙන්නේ. මේවා ආයතන , විශ්ව විද්‍යාල, රටවල්, මහද්වීප පුරා පැතිර යන විදියේ විශාල පරිගණක ජාල ලෙසින් හඳුන්වා දෙන්න පුළුවන්. මේ කියන WAN ජාලය සඳහා දෙන්න පුළුවන් සරලම උදාහරණය තමයි අපි මේ හැමදෙනාම භාවිතා කරන අන්තර්ජාලය.එකෙන්ම අන්තර්ජාලය තමයි ලෝකේ තියෙන ලොකුම Wide Area Network එක.මෙකට මම කලින් කිව්වා LAN, MAN වලට අමතරව තව ගොඩාක් ජාල ක්‍රම භාවිතයට ගන්නවා සහ ගත්තා.උදා - ATM, ISDN, ADSL,DSL,X.25 මේවා හඳුන්වා දෙන්න පුළුවන්.


PAN   (Personal Area Network) 

මේ කියන්නේ මීටර් කිහිපයක් දුරට අන්තර්පුද්ගල සන්නිවේදනය සඳහා යොදාගනු ලබන නෙට්වර්ක් ලෙසට අර්ථ දැක්විය හැකිය.මේ විදියේ Networks අපිට cabels, Bluetooth, Wifiල ,In-fared වැනි මාධ්‍යයක් තෝරා ගෙන ස්ථාපනය කරන්න පුළුවන් කම තියෙනවා.එකෙන්ම හිතාගන්න පුළුවන් නේද මේක කුඩා වපසරිියක් තුළ එලන්න පුළුවන් නෙට්වර්ක් එකක් කියලා.



ඔන්න ඒ ලිපියත් ඉවරයක් කලා.අළුත් ලිපියකින් හමුවෙමු..

0 අදහස්:

Post a Comment

 
Angry Birds -  Help