sticky_note_PNG18952.jpg

Monday, October 17, 2016

Fiber Optic Technology

ඔන්න අදත් කතා කරන්න ගත්තා අපිට හුරුපුරුදු ඇහිලා තියෙන තාක්ෂණයක් එහෙමත් නැත්නම් කේබල් වර්ගයක් Fiber Optic Cable ගැන. මේ වචන කලින් ඇහිලා ඇති නේද? ඔව් හැබැයි මේක ටිකක් විතර advance technology එකක්. කතා කරමු නිදහසේ ඒ ගැන

මොකද්ද මේ Fiber Optic තාක්ෂණය කියන්නේ. සරල විදියට දෙන්න පුළුවන් උත්තරේ තමයි රටවල් අතර , එහෙමත් නැත්නම් රටවල් පුරා අන්තර්ජාලය බෙදා හැරීම උදෙසා පාවිච්චි කරන තාක්ෂණයක්. එ කියන්නේ කලින් අපි කතා කරපු කේබල් වගේ අඩි ගණන් මීටර් ගණන් වගේ කෙටි දුර දත්ත සම්ප්‍රේෂණය කරන්න භාවිතා කරන්න නෙමේ.කෙලින්ම කිලෝමීටර් දස දහස් ගණන පුරා දත්ත බෙදා හැරීමට යොදා ගන්නා විදියක් තමයි මේ. සාගර හරහා අන්තර්ජාල සේවා සැපයීම උදෙසා එලා ඇති කේබල්ද මේ ගණයට අයත් වෙනවා.

ලංකාවේ ඕගොල්ලෝ දැකලා ඇති ඔය පොලොව හාරලා මග දෙපස ෆයිබර් කේබල් ඇදලා තියෙනවා කොළඹ හරියේ එහෙම මෙන්න මේ විදියට
හරි දැන් අපි තාක්ෂණික පැත්ත ගැන කතා කරන්න පටන් ගනිමු. මේ කේබල් වල දත්ත සම්ප්‍රේෂණ වේගය එහෙමත් නැත්නම් data transfer speed  එක මනින්නේ GB වලින්.හොදට මතක තියාගන්න GB කියලා කියන්නේ ගිගා බයිට් (Giga Byte) නෙමේ ගිගා බිට් හොදද(Giga Bit). තත්පරේට ගිගා බිට් ස්පීඩ් එකෙන් තමයි වේගය මනින්නේ.කොහොමට ඇත්ද නේද වේගේ? (Gbps) මේකේ ස්පීඩ් එක

  • කේබල් එකේ ප්‍රමාණය
  • වර්ගය
  • තන්තුවේ ප්‍රමාණය 

                              කියන සාධක මත වෙනස් වීමට ඉඩ තියෙනවා.

අපි මේ කියන Optical Fiber නැත්නම්  Fiber Optic  ගැන ගැඹුරට කතා කරගෙන යමු. හරි මේ කියන Optical Fiber එකක් හරියටම මිනිස් හිසකෙස් ගසක විෂ්කම්භයට සමාන කිලොමීටර් ගානක් දිග අති පිරිසිදු වීදුරු මාදිලියකින් තනන ලද කඹයක් වගේ එකක්



හොදින් මතක තියාගන්න මෙහිදී ගමන් කරන්නේ ආලෝක ධාරාවක්. එකියන්නේ දත්ත ගමන් කරන්නේ ආලෝක සංඥාවක් විදියට. ඒ සංඥාව වීදුරු නාලය දිගේ එහි බිත්ති මත වර්තනය වෙමින් එක දිගට ගමන් කිරීමක් සිදුවෙනවා. මෙන්න මේ වගේ



ඔන්න ඔය විදියට වීදුරු නාලය දිගේ වර්තනය වෙමින් එක දිගට ගමන් කරනවා.තවත් දෙයක් තමයි කොච්චර බාහිරින් වංගු වගේ තිබ්බත් මේ රූපේ විදියට නාලයට ඇස් මට්ටම තියලා බලන්න හැකියාවක් තියේනම් අනිත් කෙලවර පැහැදිලිව දැක ගැනීමේ හැකියාව තියෙනවා. පුදුමයි නේද. හැබැයි මේ Optical Fiber  ශරීරයටනම් බෙහෙවින් අහිතකරයි කියලා තමයි පැවසෙන්නේ.මොකද ලේසර් බීම් එකක් තමයි ගමන් කරන්නේ.එක නිසා අපි ඒකට නිරාවරණය උනොත් බෙහෙවින් දරුණු පිළිකා තත්වයන් පවා ඇති වීමේ ඉඩකඩ සහිතයි.ඒ හේතුව නිසාම තමයි ගුවන්මගින් කණු මත පිහිටවන්නේ නැතුව සෑමවිටම භුගත ක්‍රමේට මේ කේබල් එලන්නේ.

දැන් බලමු කොහොමද මේ Optical Fiber හැදිලා තියෙන්නේ කියලා


මෙන්න තියෙනවා Optical Fiber එකක හරස්කඩක්. බලන්න මේක දිහා.
මේකේ core කියලා හදුන්වලා තියෙන වීදුරු නාල මගින් තමා ආලෝක සංඥා හරහා දත්ත සම්ප්‍රේෂණය වන්නේ. ඒක තමයි දත්ත ගමන් කරන මාධ්‍යය මේ කේබල් එකේ.

සැයු- Optical Cable එකක් කියලා කියන්නේ ලමයිනේ හැම තිස්සෙම තනි (එක්) ප්‍රකාශ තන්තුවක් වෙන අතර,  Fiber Optical කේබල් එකක් කියලා හදුන්වන්නේ මේවගේ ප්‍රකාශ තන්තු සිය ගාණකින් සමන්විත කේබල් එකක් කියලා තදින් හිතට ගන්න.

Cladding - මේක තමයි core නමින් හැදින්වෙන වීදුරුනාලය වටේ දිවෙන ආරක්ෂක පටලය තමයි මේ. මේකේ ක්‍රියාවලිය තමයි core නමින් හඳුන්වනු ලබන වීදුරු නාල දීගේ ගමන් කරන ආලෝක ධාරා මේ cladding කියන ආරක්ෂක පටලයේ වැදිලා නැවතත් core එක තුළටම පරාවර්ථනය වෙනවා. ඔන්න ඕකයි සිස්ටම් එක. නැවත නැවතත් cladding එකේ වැදිලා වැදිලා පරාවර්ථනය වීම නිසා ආලෝක ධාරා අඩු වීමක් (lose) සිදු වෙන්නේ නෑ.දිගටම මේ ක්‍රියාවලිය ස්ථායීව සිදුවීම නිසා බොහෝ දුරක් දත්ත ක්ෂය වීමකින් තොරව ගමන් කරවන්න පුළුවන්.

Strength Member - මේක Optical කේබල් එකේ ආරක්ෂාවට යොදන ආවරණයක් කිව්වෝත් වඩාත් නිවැරදියි. ඒ කියන්නේ තෙතමනයෙන් හා ජල කාන්දුවලින් ආරක්ෂා වීමට තමයි මේ ආවරණය තියෙන්නේ.

Outer Jacket - Optical කේබල් සිය දහස් ගණනක් එකතු වෙලා තමයි Fiber Optical කේබල් එක හැදිලා තියෙන්නේ.ඒ වගේ සැදුම් ලත් කේබල් එකක ආරක්ෂාවට තමයි මේ Outer Jacket එක නිපදවලා තියෙන්නේ.

‍මේ විදියට සදහන් කරපු Optical ‍Fiber කේබල් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය


  1. Single Mode Fiber
  2. Multi Mode Fiber


මෙන්න තියෙනවා මේ කියන මාදිලි දෙක පිළිබද සවිස්තර සටහනක්. මේක කියවලා බලන්න පුළුවන් නේද. ආයේ මම මේකම ටයිප් කරන්න ඕනේ නෑනේ.


මේ විදියට කතා කරපු Fiber Optical කේබල් වලින් මොනවද අපි ගන්න වැඩ කියලා බලමුද?

  • පරිගණක ජාල ගත කිරීම් සිදුකිරීම සදහා 
  • කේබල් ටීවී පහසුකම් ව්‍යාප්ත කිරීම 
  • විදුලි සංදේශ කටයුතු ව්‍යාප්ත කිරීම සදහා
  • සාගර මාර්ග ඔස්සේ අන්තර්ජාල රැහැන් පද්ධති සකස් කිරීම සදහා
  • cctv කැමරා පද්ධති සදහා
                                                     තව මේ වගේ එකී මෙකී නොකී දහසකුත් දේවල් සදහා මේ කියන Fiber Optical  කේබල් භාවිතා කරනවා.

ප.ලි -
මේක තව පොඩි අප්ඩේට් එකක්. එකතු කරන්නේ 2017.02.19
WDM නොහොත් wave division multiplexing කියන්නේ එක් fiber optic එකක් තුලින් අපි කලින් කථා කලාවගේ එක් සිග්නල් එකකට අමතරව සිග්නල් කිහිපයක් එක එක තරංග ආයාමයෙන් යුතුව (wave length )ගමන් කරවීම.මෙන්න සෙනාරියෝ එක


Monday, October 10, 2016

Transmission Media (හුවමාරු මාධ්‍යය)

මේ කියන්න යන්නේ ඔයාලගේ පරිගණක පද්ධතියේ පරිගණක සම්බන්ධවන මාධ්‍යය ගැන විස්තරයක්. එ් කියන්නේ මොන විදියටද පරිගණක ජාල පද්ධතිය සකස් වෙලා තියෙන්නේ, එහෙමත් නැත්නම් මොන මාධ්‍යය හරහාද පරිගණක සම්බන්ධ වෙලා තියෙන්නේ යන වග මේකෙන් විස්තර කරන්න තමයි මම අදහස් කරන්නේ. හරි වැඩි කතා බහ නැතිව කාරනේට බහිමු. අපිට මේ Transmission Media මූලික වශයෙන්ම කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. ඒ කියන්නේ
Guided Media
Unguided Media  
                          කියලා. හරි මොනවද මේ Guided Media / Unguided Media කියන්නේ.සරලව පැහැදිලි කරගමු.

Guided Media ගණයට වැටෙන්නේ wired items. ඒ කියන්නේ කේබල් වගේ දේවල් තමයි අපිට Guided Media කියලා හදුනා ගන්න පුළුවන් වෙන්නේ

Unguided Media ගණයට වැටෙන්නේ wireless items. ඒ කියන්නේ wifi , wi-max, bluetooth  වගේ දේවල් තමයි අපිට Unguided Media කියලා හදුනා ගන්න පුළුවන් වෙන්නේ

දැන් අපි සරලව මේ එක එක දේවල් ගැන හිමීට කතා කරගෙන යමු. මම පටන් ගන්නම් Guided Media වලින්. එකියන්නේ කේබල් වර්ග ගැන තමයි මුලින්ම කතා කරන්න යන්නේ. කේබල්. මොනවද මේ කේබල්?? මොකටද කේබල් ගන්නේ. හරිම සරලයිනේ.ඔයාලා ඕනැතරම් දැකලා ඇති ඉන්ටනෙට් සම්බන්ධ පරිගණක පද්ධති වල කේබල් ඇදලා තියෙන විධි.ඔෆිස් වල එහෙම එහෙන් මෙහෙන් කේබල් ගිහින් තියෙන දර්ශණ ඕනැ තරම් දැකලා ඇති. අන්න ඒ විදියට තියෙන network system හදුන්වන්නේ Guided Media කියලයි.



තරහා වෙන්න එපා.ඔෆිස් එකක් හොයා ගන්න බැරි උනාට සම්බන්ධ වෙන්නේ මැසින් එකට මේ වගේ නේද? හරි මේ විදියට වයර් මගින් සම්බන්ධ වෙන network එක ගැන තමයි අපි දැන් කතා කරන්න පටන් ගන්න යන්නේ. අපි ඇහැට දැකලා තියෙන්නේ සමස්ථයක් විදියට කේබල්නේ. ඒත් මේ කේබල් වල විවිධ ප්‍රෙබ්ද තියෙනවා. එක අදුරගන්න එක network වලින් ඉස්සරහට යන්න ඉන්න ඔයාට ගොඩාක් වැදගත්. මම මුලින්ම ගන්නම් පරණම කේබල් විශේෂයක් වන Coaxial Cable  ගැන කතා කරන්න

Coaxial Cable

මෙන්න coaxial cable එකකට දෙන්න පුළුවන් හොදම උදාහරණය. බලන්න හොදට මේක දිහා.


මේ තියෙන්නේ  coaxial cable එකක හරස්කඩක්.මේකෙන් තේරුම් ගන්න පුළුවන් නේද මේ cable එක නිශ්පාදන වෙලා තියෙන විදිය ගැන.කාලයක පටන් network වලට ඉහලින්ම යොදා ගත්ත කේබල් ජාතියක් තමයි මේ. coaxial cable වල විවිධ මාදිලි ගණනාවක්ම දකින්න ලැබුණත් වඩාත් ප්‍රචලිත වර්ග කිහිපයක් තියෙනවා.එ්වා RG-6 ,  RG-59 වගේ වර්ග විදියට පෙන්වා දෙන්න පුළුවන්.



නමුත් මෑත කාලීනව ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වෙනවා විවිධ හේතූන් නිසා. පැහැදිලිවම අනෙක් කේබල් වලට සාපේක්ෂව ඩේටා ලොස්ට් වීම නම් මේකෙදී වැඩියි. ඊට අමතරව තවත් හේතුන් දකින්න ලැබුණා වැඩිදුර ගවේශණය කිරීමේදී
එවා තමයි

  1. ජලයට ඉක්මනින්ම විනාශ වීම
  2. උණුසුම මත ඇතිවන හානි
  3. කනෙක්ටරයට වන හානි ප්‍රතිශතය ඉහල යාම
  4. කේබල් එක මතුපිට ලේයරයට ඉක්මනින්ම හානි සිදුවීම
මෙන්න මේ වාගේ හේතුන් නිසා තමයි මෙම කේබල් ජාතිය භාවිතයෙන් ඈත්වීම සිදුවෙලා තියෙන්නේ.

Twisted Pair Cable

 මෙහිදී පෙර සදහන් කළ coaxial cable වගේ එක තනි තඹ කම්බියක් නෙමේ, සිහින් තඹ කම්බි කිහිපයකින් සමන්විත කේබල් එකක් විදියට තමයි twisted pair cable එක පැමිණෙන්නේ. twisted pair cable එක coaxial cable වලට වඩා සෑම අතින්ම ඉදිරියෙන් සිටින අතර ප්‍රධාන වශයෙන් twisted pair cable කොටස් 02කට බෙදෙනවා.
ඒ තමයි
STP - Shielded twisted pair cable
UTP - Unshielded twisted pair cable කියලා

STP Cable

මෙම මාදිලියේදී බාහිර ආවරණය ඇතුළතින් කේබල් 08ක් යුගල වශයෙන් වෙන් වෙන් ආවරණ වලින් යුක්තව තමයි නිපදවලා තියෙන්නේ.

UTP Cable



මේකෙදී බලන්න බාහිර ආවරණය ඇතුළතින් තනි තනිව තමයි කේබල් පිහිටවලා තියෙන්නේ. ආයේම යුගල වශයෙන් ආවරණය කරලා නෑ.

මෙහිදී වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය කේබල් වර්ගයක් විදියට හදුනා ගන්න පුළුවන් මේ UTP කේබල්. මේ කේබල් එකෙත් විවිධ මාදිලි තියෙනවා.දැන්නම් ටිකක් වැඩියි වගේ නේද. ඒ උනාට දැනගන්නම වෙනවා. මම දාන්නම් UTP මාදිලි ටිකක්.


හරි දැන් මේ කේබල් එක ගත්තැයි කියමුකෝ. මේ කේබල් එක මැෂින් එකටයි නෙට්වර් එකටයි සම්බන්ධ වෙන්න ඕනා නේද?අන්න එතැනදී කනෙක්ටරයක් ගැනත් කතා වෙන්න වෙනවා නේද. අන්න එතැනදී තමයි RJ45 Connector එක කරලියට පැමිණෙන්නේ

RJ45 Connector

අපි ඉහතින් සදහන් කළ twisted pair cable එක නෙට්වර්ක් එකට සහ මැෂින් එකට සම්බන්ධ කිරීම සදහා යොදා ගන්නා කනෙක්ටර් එක තමයි RJ45 කියන නමින් හදුන්වන්නේ.

මේ තියෙන්නේ
ඕන කෙනෙක් දැකලා තියෙන සෑහෙන්න සුලභ කනෙක්ටර් එකක් මේක. පින් 08 කින් සමන්විත වන අතර crossover and straight through කියන ක්‍රම දෙකින්ම කේබල් එක සමඟින් සම්බන්ධ කළහැකිය.



නියමිත පරිදි කනෙක්ටර් එක තුළට කේබල් එක සවිකර ක්‍රිම්පින් ටූල් එක මගින් සීල් කර ගැනීම සිදුකරගනු ලබනවා.මේ තියෙන්නේ ක්‍රිම්පින් ටූල් එක

පොස්ට් එක දිග උනා. නමුත් තව කේබල් ජාතියක් නම් ඉතුරුයි.ෆයිබර් ඔප්ටික් ගැනත් කතා කරන්න ඕනේ නේද. මම ඒක ඊලග ලිපියෙන් විස්තර එක්කම දාන්නම්

Sunday, October 9, 2016

IP Address

අද නම් කතා කරන්නේ හැමෝම ජීවිතේ එක පාරක් හරි අහලා තියෙන වචනයක් ගැන.මේක මේ තරම් කලින් කතා කරන එක සැර වැඩිද මන්දා.එත් මේක කතා කරන්නම හිතුන හින්දා ඔන්න පටන් ගත්තා. මොකක්ද මේ IP Address එකක් කියලා කියන්නේ 

IP Address = Internet Protocol

කලින් පෝස්ට් එකකත් මේ වචනේ කියවුණා.හැබැයි වැඩිදුර පැහැදිලි කලේනම් නෑ.IP Address එකක් කියන්නේ පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ වන විට එම පරිගණකයට ලැබෙන ලිපිනය කිව්වොත් වඩාත් නිවැරදි.ඒ කියන්නේ එම පරිගණකයේ අනන්‍යතාවය අන්තර්ජාලය තුළින් හදුනාගැනීමට ලැබෙන්නේ මෙම IP Address එක පිරික්සීමෙන් තමයි. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන ඕනෑම මැෂින් එකකට IP Address එකක් අනිවා තියෙනවා.

ඔයාලගේ මැෂින් එකෙත් IP Address එක මෙතනින් බලන්න

දැක්කා නේද  IP Address එක ගැහුවම සම්පුර්ණ කතාවක්ම පෙන්නනවා.හරි දැන්  IP Address එක ගැන වැඩිදුර කතා කරගෙන යමු.

ප්‍රධාන වශයෙන්  IP Address කොටස් දෙකකින් යුක්තයි.
එනම්
IPv4
IPv6

කියලා තමයි මේ කොටස් දෙක හැදෙන්නේ. ඇයි මේ කොටස් 02ක්. දැවෙන ප්‍රශ්ණ නේද. හරි ඒකට හේතුව මේකයි.IPv4 කියන IP Address ප්‍රභේදය තමයි ලෝකෙට මුලින්ම හදුන්වා දුන්නේ. එකියන්නේ 1980 වගේ තමයි IPv4 මේ ලෝකෙට ආවේ.මේකෙන් තමයි මෑතක් වෙනකම්ම ලෝකේ තියෙන හැම පරිගණකයටම ඉඩ හදලා දෙමින් IP Address ගබඩා කර ගත්තේ.හැබැයි මේයාටත් සීමාවක් තියෙනවා.එ කියන්නේ මෙයාගේ ගබඩා කරගත හැකි ධාරීතාවක් තියෙනවා IP Address. ආසන්න වශයෙන් කියනවානම් මෙයාගේ IP Address ධාරිතාව 4,294,967,296 වගේ ගානක් තමයි දැනගන්න ලැබුණ විදියට. මේකෙනුත් 14% -15% වගේ ප්‍රමාණයක් විවිධ හේතු නිසා අත්අරින් වෙනවා. එකියන්නේ ලොකු ගාණක්. අන්න එක නිසා මෙයා එතියන්නේ IPv4 වෙනුවට ලෝකෙට ආදේශකයක් ඕන උනා. අන්න ඒක නිසා තමයි IPv6 කියන internet protocol version 6එක කරළියට ආවේ.IPv4 ක්‍රියාත්මක උනේ 32bit ක්‍රමයට. හැබැයි IPv6 නම් ක්‍රියාත්මක වෙන්නේ 128 bit විදියට. එකියන්නේ IPv4 වගේ කිහිප ගුණයකින් IP Address ලබා දෙන්න IPv6  ට හැකියාව තියෙනවා.ඒකත් ආසන්න වශයෙන් කියනවානම් අද ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම IP ඇඩ්‍රස් හාර කෝටියක් දීමේ හැකියාව IPv6 වලට තියෙනවා කියලා තමයි ලොක්කෝ (Irish IPv6 task force) නම් කියන්නේ.

හැබැයි අදටත් වැඩිපුරම භාවිතා වෙන්නේ IPv4 නිසා මම දැන් IPv4 ගැන ආයෙම කතා කරන්න පටන් ගන්නම්. 
IPv4 ගත්තම මේ IP Address වර්ගය කොටස් 02 කට කැඩෙනවා
එකියන්නේ 
Network ID
Host ID කියලා.

මොනාද මේ . දැවෙන ප්‍රශ්ණ නේද? හරි Network ID එකෙන් තමයි අපේ IP Address එක අයිති වෙන Network එක අදුරගන්නේ.මතක තියාගන්න network එකේදී network id එක වෙනස් වෙන්නේ නැත.

Host Id කියන්නේ host එකකින් එකකට IP Address එකේ වෙනස් වන කොටසට.මේක Network එක තුළදී හොස්ට් එකෙන් හොස්ට් එකට වෙනස් වෙනවා.

රතුපාට වචන 02ක් තිබ්බට අන්තිමට දාපු එක ගැන දැන් කියන්නම්.Host එකක් යනු network එකේ තියෙන නොඩ් එකක් වේ. බලන්න වචන වෙනස් වන විදිය. කලින් නොඩ්. දැන් හෝස්ට්.



ඔන්න සරලවම දෙන්න පුවවන් උදාහරණේ. ඔය උඩ තියෙන්නේ සම්පුර්ණ IP Address එකක් දෙකට කැඩෙන විදිය. දැන් තේරුනා නේද ලමයිනේ.

හරි. දැන් මම කියලා දෙන්නම් අර 32bit  කතන්දරේ. එක මෙහෙමයි වෙන්නේ
අපි මෙතැන ගත්ත IP Address එකම උදාහරණෙට ගමු. 
192.168.10.1 =IP Address
මේකේ මුලින්ම තිවෙන 192 කියන class එක හැදිලා තියෙන්නේ binary numbers වලින්. එකියන්නේ 02 පාදයේ ඉලක්කම් වලින්. මෙන්න මෙහෙමයි.
192 = 11000000 මෙන්න මෙහෙමයි          128+64+0+0+0+0+0+0
168 = 10101000 මෙන්න මෙහෙමයි          128+0+32+0+8+0+0+0 
10   = 00001010 මෙන්න මෙහෙමයි          0+0+0+0+8+0+2+0
1     = 00000001 මෙන්න මෙහෙමයි          0+0+0+0+0+0+0+1

ඔන්න දැන් සම්පුර්ණ binary numbers ගාණ එකතු කරලා බලන්න. එක්කොම අගය 32යි නේද. අන්න දැක්කද 32bit හැදුන විදිය


දැන් මම හිතන්නේ IP Address එකක් හැදෙන විදිය ගැන ඔයාලට දළ අදහසක් ඇති. දැන් මම කියන්න යන්නේ ලෝක සම්මතයන්ට අනුව IP Address එක Class වලට කැඩෙන විදිය ගැන

සම්මත Class 03ක් දැනට හදුනාගෙන තියෙනවා
එවා තමයි

Class A
Class B
Class C

මොනද මේ IP Classes කියන්නේ. හරි. ඒක හැදෙන්නේ මෙහෙමයි

Class A = 1- 126 වෙනකම් තිබෙන IP Addresses
උදා - 30.22.3.4  /  20.4.4.3

Class B = 128 - 191 වෙනකම් තිබෙන IP Addresses
උදා - 170.5.3.2   /    145.4.6.2

Class C = 192 - 223 වෙනකම් තිබෙන IP Addresses
උදා - 192.168.2.6   / 193.3.2.3

ඔන්න දැන් වැඩේ තේරුණා නේද  IP Classes ගැන. හැබැයි ඒ උනාට මේ අපි උඩින් කතා කරපු IP Classes වලට අයිති IP Address වල Network ID හා Host ID වලට බොදෙන විදිය ගැනත් දැනගන්නම ඕනේ.මොකද අපි මුලින් කිව්වා වගේ නෙට්වර්ක් එකෙන් නෙට්වර්ක් එකට Network ID හා Host ID ගන්න විදිය වෙනස් වෙනවා. මේක තේරුම් කරන්න මම පුංචි රූපසටහනක් හැදුවා. ඔයාලාට එකෙන් මේ කියන කතා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බලන්නකෝ ඒකත්.

  

බැලුවද උඩ තියෙන රූප සටහන.අන්න ඒකේ විදියට තමයි  IP Classes වලට අයිති IP Address වල Network ID හා Host ID බෙදිලා යන්නේ.

හරි ඔන්න එහෙනම් දීග පාඩමක් අපි පොඩ්ඩක් ඉවර කර ගත්තා. තව මේකේ තියෙනවා Subnet mask එක ගැන කතා කරන්න. ඒක ගැන ඉදිරි ලිපියකින් කතා කරමු. එක දිගට ගණන් හදන කොට එපා වෙන නිසා ඊලග ලිපියෙන් වෙන මාතෘකාවක් කතා කරමු. අදට ගිහින් එන්නම්


Saturday, October 8, 2016

Network Topology (පරිගණක ජාලගත කිරීමේ ක්‍රමවේද)


අද මම හිතුවා කලින් දවසේ පොරොන්දු උනා වගේම පරිගණක ජාලගත කිරීමේ ක්‍රම එහෙමත් නැත්නම් Network Topology ගැන කතා කරන්න.Topology කියන වචනය සිංහල ඩික්ෂනරියක ටයිප් කලාමනම් දෙන්නේ ස්ථලකය කියලා තේරුමක්.එක තේරුම් ගන්න සිංහල සිංහල ඩික්ෂනරියක් ඔන වෙනවා.නැත්නම් දිව උලුක් වෙන නිසා.හරි ඒක අමතක කරලා මාතෘකාවට එමු ආයේම. මේකේ සරලම අර්ථය ගත්තොත් අපි අපේ නෙට්වර්ක් එක සැළසුම් කරන්නේ සහ ස්ථාපිත කරන්නේ කොහොමද කියන එක තමයි මේ මාතෘකාවෙන් විස්තර වෙන්නේ.

ප්‍රධාන Network Topology කිහිපයක් අපිට ප්‍රායෝගිකව දැකගන්න පුළුවන්.

Bus Topology
Mesh Topology
Star Topology
Ring Topology
Line Topology
Tree Topology
Hybrid Topology

අපි මේ ප්‍රධාන Network Topology වලින් කිහිපයක් (වර්තමානයේ බෙහෙවින් භාවිතා වන) විස්තර සහිතව කතා කරමු.

Bus Topology

මොකක්ද මේ Bus Topology කියන්නේ. බස් වල තියෙන එකක්ද?? අනේ නෑ. මේ පෝස්ට් එකේ මුල්ම ඉමේජ් එක ආයේම බලන්න පුළුවන්ද? අන්න ඒක තමයි බස් සිස්ටම් එකට නෙට්වර්ක් එකක් establish කරනවා කියන්නේ.




මේ තියෙන්නේ පෙන්නලා.මැදින් යන කේබල් එකට පරිගණක ඈඳලා තමයි මේ Topology එක implement කරලා තියෙන්නේ. ඔය දෙපැත්තෙන් තියෙන ඉරි කෑලි දෙකෙන් කියන්නේ ඒවා තමයි terminaters. එකියන්නේ ටර්මිනේටර් ෆිල්ම් එකේ වගේ Network එකේ end points. දැන් මේ Topology එක යල් පැනලා ගිය එක්ක විදියට තමයි සලකන්නේ.මොකද මේකේ වාසි වලට වඩා අවාසි පැත්ත ටිකක් විතර වැඩි නිසා. මේකේ වාසි විදියට දකින්න පුළුවන් -
හරිම සරලයි. ඕනෑම ආධුනික අයෙකුට උනත් මේක ස්ථාපිත කරගන්න පුළුවන්
නඩත්තුව පහසුයි
එ වගේම අළුත් නොඩ් (node) එකක් සම්බන්ධ කරගන්නත් හරිම ලේසියි.

අවාසි ගත්තොත් -

මේක සීමා සහිතයි.හේතුව කේබල් එකේ දිගට මේක සීමා වෙනවා
සම්බන්ධතාව කොහෙන් හඑි බිදුනොත් Network එකම ඩවුන් (අකර්මණ්‍යයි)
සම්බන්ධ කරන්න පුළුවන් නොඩ් (node) සිමාසහිතයි.
සංකීර්ණ අවශ්‍යතාවන් සදහා සුදුසු නොවේ.

මේ ගැන මීටත් වඩා ඉංග්‍රිසියෙන් කියවන්න ඕනෙනම් මෙන්න විකිපීඩියාව ගෙඩිපිටින්


රතු පාටින් දාපු වචන ගැනත් අපි කතා කරනවා කිව්වනේ
නොඩ් (node) -  ඇත්තටම ලමයිනේ Network එකකදී පරිගණකයකට අපි කියන්නේ නොඩ් (node) එකක්                            කියලා.මෙයා සේවා ලාභියෙක්නම් නොඩ් (node) එකක් හෝ client කෙනෙක් විදියට                                  ආමන්ත්‍රණය කරනවා. සේවා දායකයෙක්නම් මෙයා server එකක් විදියට ඇමතුම් ලබනවා

 මෙන්න මේ විදියට

Star Topology

හරි එහෙනම් Bus Topology එක ගැන දැන් ඔයාලට අදහසක් තියෙනවනේ සෑහෙන මට්ටමක. දැන් කතා කරමු වර්තමානයේ බෙහෙවින් ප්‍රචලිත සහ සාර්ථක මට්ටමේ Topology එකක් ගැන.ඒ තමයි Star Topology. මොකක්ද මේ Star Topology කියන්නේ. මෙන්න මේ රූපසටහන දිහා බලන්න



මේක දිහා බැලුවම තරුවක් වගේ පේනවද?? නැද්ද. ඒ උනත් මෙන්න මේ විදියට පරිගණක ජාලගත කරනවානම් ඒ සිස්ටම් එකට කියන්නේ Star Topology එකක් කියලා. ඔය මැද තියෙන්නේ ස්විච්(switch) එකක් හෝ හබ් එකක්(hub) වෙන්න පුළුවන්. ඒවා ගැන වැඩි විස්තර ඉස්සරහට කියලා දෙන්නම්. බලන්න මේක දිහා. මේකෙ සරලයි වගේනේද. හැබැයි කොයි තරම් සරල උනත් බස් සහ අනෙක් Topology වලට වඩා මේක සාර්ථකයි. ඇයි මම එහෙම කියන්නේ, මොකද මේකෙන් නොඩ් එකක් අපි අයින් කලා කියමු, එහෙමත් නැත්නම් එක කේබල් එකක් ඩැමේජ් උනා කියමු. හැබැයි Network එකට කිසිම අවුලක් නෑ.අනෙක් මැෂින් ටික ලස්සනට වැඩකරනවා.එවගේම ස්විච්(switch) එකේ හෝ හබ් එකේ(hub) තියෙන පෝට් ගානට බය නැතිව ඩිවයිසස් සෙට් කර ගන්නත් පුළුවන්.වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය method එකක් මේක.

හැබැයි මේකේ දකින් පුළුවන් ලොකුම අවාසිය තමයි මේකේ central connection device එක විදියට වැඩ කරන ස්විච් එක හරි හබ් එක බිද වැටුනොත් entire network එකම නවතිනවා.මේ ක්‍රමයේ දකින්න තියෙන ලොකුම අවාසිය අන්න එක. එ හැරුණ විට අරක්ෂාව, සරල කම, කල් පැවැත්ම යනාදි සියළු ගුණාංග අතින් Star Topology ඉස්සරහින් ඉන්නවා.

Mesh Topology

මේකත් තවත් එක් Topology වර්ගයක්. වැඩිය පාවිච්චියට ගත්තේ නැතත් Topology කියන සම්මතයේ ලා පිළිගැනෙන ක්‍රමවිධියක් තමයි මේක.බැලූ බැල්මටම සංකීර්ණයි වගේ නේද අනික් දෙකටම වඩා.ඔව් ඇත්ත තමයි. මේ තියෙන්නේ ඒක



මේකෙදී Star Topology එකේ වගේ ස්විච් එකක් හරි හබ් එකක් හරි කතාව මැද්දට එන්නේ නෑ.හැබැයි හැම නොඩ් එකක්ම අනේකුත් සියළුම නොඩ් එක්ක අන්තර් සම්බන්ධතා පවත්වනවා. එ කියන්නේ එක ලින්ක් එකක් බිද වැටුනත් අනෙකුත් ලින්ක් වලින් සම්බන්ධ වෙලා තියෙන නිසා A route  එකෙන් ඩේටා යවන්න බැරිනම් B,C,D ආදී වශයෙන් වෙන වෙන පාරවල් ඔස්සේ ඩෙටා යවාගන්න පහසුකම මේකේ ලබා දීලා තියෙනවා.ඉතින් ඇයි මේතරම් පහසුකම් මේකේ තියෙනවානම් මේක ජනප්‍රිය නැත්තේ.? හේතුව සංකීර්ණත්වය. හිතන්න cost එක ගැන. හැම දේම double, triple  නේදග අන්න ඒකයි මේ concept එක ප්‍රචලිත නොවෙන්න හේතුව.

හ්ම්ම් දැනට අපි ප්‍රසිද්ධ Topology 03 ගැන කතා කළා.එ වගේම තව Topology කිහිපයක් තියෙනවා.මන් ඒවාත් මේකේ දාලා තියන්නම් රූප සටහන් එක්ක.හැබැයි විස්තර කරන්න නම් අදහසක් නෑ.රූපසටහන දැක්කම ඔයාලට තේරුම් ගන්න පුළුවන් එකෙන්ම

Ring Topology




බලන්න නොඩ් සම්බන්ධ වෙලා තියෙන විදිය. එක නොඩ් එකක connection එක බිද වැටුනොත් network එකම ඉවරයි.

Tree Topology





මේකෙදී අපි කලින් කතා කරපු Topology කිහිපයක එකතුවක් දකින්න පුළුවන්. ඒ කියන්නේ Star Topology දෙකක් තුනක් හෝ Star and bus Topology එකතුවක් වෙන්නත් පුළුවන්. මේක Topology  කිහිපයකින් සැදුම්ලද්දක් කියලා කිව්වොත් වඩාත් නිවැරදියි.සමහරු මේකටම Hybrid Topology කියන නමත් පාවිච්චි කරනවා.හැබැයි එක ගැනනම් මට ස්ථිර වචනයක් දෙන්න අමාරුයි.

කොහොම උනත් ඔයාලට මීට වඩා මේ ගැන දැනගන්න ආසයිනම් හොදම දේ විකිපීඩියාව පරිහරණය කරන එක තමයි. ඊලග මාතෘකාවෙන් හමු වෙනකම් ගිහින් එන්නම්

Friday, October 7, 2016

Network (පරිගණක ජාල) ගැන පුංචි හැදින්වීමක්

මොකක්ද මේ Network ? ඇයි අපිට Network අවශ්‍ය??

මේවා දැවෙන ප්‍රශ්ණ නේද කතාව පටන් ගනිද්දිම.හරි එහෙනම් අපි හිමීට කතා කරගෙන යමු මේ හැම දේම ගැන.
අපිට Network එකක් අවශ්‍ය වන්නේ ඇත්තටම
1.සන්නිවේදනය පහසුකරගන්න
2.සම්පත් බෙදාහදාගෙන පාවිච්චි කරගන්න
3.දැනුම වර්ධනය කරගැනීමට හා සියළු දෙනා සමගින් සම්බන්ධවීමට
                             වගේ කරුණු වලට නේද.අපි උදාහරණයකට ගමු ඔයාලගේ ඉස්කෝලේ එහෙම නැත්නම් විශ්ව විද්‍යාලයේ එහෙමත් නැත්නම් කාර්යාලයේ දෛනික කටයුතු.පුංචි අවස්ථාවක් ගමු මේවගේ. පරිගණක දෙකක වැඩකරන දෙදෙනෙකුට ඕනේ වෙනවා ප්‍රින්ට් ගන්න.අපි තනි මැෂින් වල වැඩ කලානම් එක්කෝ මැෂින් 2ට ප්‍රින්ටර් 02ක් ඕනේ.නැත්නම් එක මැෂින් එකක දෙයක් පෙන් එකක හෝ සීඩී එකක දාගෙන ප්‍රින්ටරය සම්බන්ද මැෂින් එකට connect කරලා ප්‍රින්ට් ගන්න ඕනේ සරලයි නේද මේදේ Network වල වාසි ගැන ඔලුවට ගන්න.මේ අවස්ථාවේ Network එකක් තුළ මේ පරිගණක 02 තිබ්බානම් 02ක් නෙමේ ඒ Network එක ඇතුලේ තියෙන පරිගණක 100කට උනත් තනි ප්‍රින්ටරයකින් ප්‍රින්ට්ස් ගන්න අවස්ථාව තිබුණා.කාලය, ශ්‍රමය, මුදල් කොච්චර නම් ඉතුරුද නේද?

සන්නිවේදනය පහසුකරන්න එදා වගේ තැපැල් මාමා ලියුම් ගේන කන් බලන් ඉන්න අපිට Network තාක්ෂණය ඉඩ දීලා නෑ.එයා Emails, Chat Services, Live Meetings, Social networks, VOIP වැනි සේවා හරහා කිලෝමීටර් 100000 ගණනක් ඈත ඉන්න අපේම කෙනෙක් තත්පර ගානක කාලෙකින් අපේ දෑස් ඉදිරියට ගේන්න ඉඩකඩ ලබාදීලා තියෙනවා.හිතන්න Network තාක්ෂණය කොච්චර විශ්මිතද, සරලද කියලා.

VOIP - voice over IP තමයි මේකේ තේරුම.අපේ කට්ටියට අළුත් වගේනේද.නෑ නෑ.මේක පරණ තාක්ෂණයක්.Skype, වැඩකරන්නේ මේ ක්‍රමවේදයෙන් තමයි.


Network ගැන මූලික වශයෙන්ම කියලා දෙන්න තියෙන්නේ ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි.ආ.. තව දෙයක් IP ගැන කතාවක් ඇහුනා නේද? මේ කාලේ සෑහෙන්න කතාවෙන දෙයක්.මොකද අපි හොරෙන් ෆිල්ම් එකක් හරි , සොෆට්වෙයා කෑල්ලක් හරි බාගන්න ටොරන්ට් සයිට් එකකට ගියොත් දැන් කියනවා ඔයාගේ IP එක මෙන්න මේක කියලා ඉලක්කම් වගයක් කියනවා.මම උඩින් VOIP  කියලා දේකුත් කිවා.එකෙත් IP තියෙනවනේ. හිකස්... ඇත්තටම IP කියන්නේ Internet Protocol  කියනදේ.මේ IP එක සම්බන්ධකම් පවත්වන්නේ අපේ NIC (network interface card) එකත් එක්ක.Protocol ගැනයි හාඩ්වෙයා ගැනයි කතා කරද්දී අපි මේගැන ටිකක් ගැඹුරට කතා කරමු.සරලව දැනගන්න IP එක නෙට්වර්ක් කාඩ්එකේ Identification Address එක කියලා. 

ලිපිය ටික ටික දික් වෙනවා අදට ගිහින් එන්නම්. හෙට කතා කරමු Network එකකට පරිගණක සම්බන්ධ කරන විදි එහෙමත් නැත්නම් (Topology ) ගැන.

Thursday, October 6, 2016

සියළු දෙනාටම ආයුබෝවන්,,,!







නෙට්වර්ක් අසපුව වෙත පැමිණි ඔබ සියළු දෙනාම ඉමහත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා.මම මේ බ්ලොග් සයිට් එකෙන් උත්සහයක් ගන්නේ මා සතු වූ ඒ අල්ප දැනුම ඔබ සමග බෙදා හදා ගන්නටයි. ඇත්තටම මේ කතාව ගොඩාක් දුරකට ගෙනියන්න අදහසක් නෑ .ඒ වගේම මේ සයිට් එකට එක එක ආටෝප දාලා ලොකු ලස්සනක් ගේන්න උනන්දුවකුත් නෑ ඕන්.දන්න දේවල් ටික ඔක්කොම මේකේ ටයිප් කරලා යන්නම්.එ දේවල් විතරක් ඔලුවට දාගන්න.හරි එහෙනම් ඉක්මනින් අපි පාඩම් ටික පටන් ගම්මු.ඒත් පොඩි දෙයක් කියලා ඉන්න එක වඩාත් හොදයි කියලා හිතනවා.

ඒ දේ තමයි ඇත්තටම අපිට රටක්, ජාතියක් විදියට තොරතුරු තාක්ෂණය කියන දේ හෝ වෙන යම් දෙයක් හෝ වේවා තුළින් ඉදිරියට යෑමට ඇත්තටම භාෂාව කියන දේ මහත් බධාවක් වෙලා තියෙනවා.එක අපි අත් දකින අමිහිරි ඇත්තක්.මොකද මේ ලෝකේ තියෙන දැනුමින් 99.99% ක් ම තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා.අපි කොච්චර උනන්දු උනත් භාෂාව කියන දේ අපේ ගමනට නිතැතින්ම හරස් වෙනවා.අපි පොඩි කාලේ ඉදන් ඉංග්‍රීසි පැත්තකින් තියපු නිසා අද අපි එකම තැන කැරකෙන ස්වරූපයක් අත් දකිනවා.මටත් එ දේ අත් දකින්න සිද්ධ උණා. මොකද මාත් අවශ්‍යතාවය අනුව සිංහල ටියුටෝරියල්, වීඩියෝස් නෙට් එකෙන් හොයපු කෙනෙක්.ඉතාමත් අල්පයි සිංහලෙන් ලියවිලා තියෙන දේ අන්තර්ජාලය තුළ.හැබැයි හම්බුනූනම නෙමේ.එත් ඉතාමත් අල්පයි.ශ්‍රි ලාංකිකයෝ, සිංහලයෝ විදියට (ජාති වාදී නෙමේ ජාති මාමක)අපිට දැනුම බෙදා ගන්න පුළුවන් නම් මම හිතනවා අපේ රටිනුත්, අපේ ජාතියෙනුත් හොද වැඩකරුවන් අනාගතයේදී බිහිවෙයි.ඉංග්‍රිසි අධ්‍යාපනය නිසි ලෙස ලබා ගන්න අමාරු අහිංසක දරුවන්ට දෙයක් දැන ගන්න, ඔවුන්ගේ නෙත් විවර කරන්න අපිට පුංචිම හරි දෙයක් රන්න පුළුවන් නම් ඒ දේ ජාතියට කරන නිහඪ සේවයක් වෙයි නොඅනුමානවම.

ඔබත් මේ අඩවිය නරඹනවානම් මෙන්න මේ පුංචි අදහස ඔළුවේ තියාගන්න.සිංහලෙන් රචිත එක හරවත් ලිපියක් හෝ සයිබර් අවකාශයට එක් කරන්න ඔබට පුළුවන් නම් තවත් අපේ කෙනෙක් නොඅනුමානවම එයින් ප්‍රයෝජනයක් ගනි අනාගතයේදී........

 
Angry Birds -  Help