sticky_note_PNG18952.jpg

Saturday, October 8, 2016

Network Topology (පරිගණක ජාලගත කිරීමේ ක්‍රමවේද)


අද මම හිතුවා කලින් දවසේ පොරොන්දු උනා වගේම පරිගණක ජාලගත කිරීමේ ක්‍රම එහෙමත් නැත්නම් Network Topology ගැන කතා කරන්න.Topology කියන වචනය සිංහල ඩික්ෂනරියක ටයිප් කලාමනම් දෙන්නේ ස්ථලකය කියලා තේරුමක්.එක තේරුම් ගන්න සිංහල සිංහල ඩික්ෂනරියක් ඔන වෙනවා.නැත්නම් දිව උලුක් වෙන නිසා.හරි ඒක අමතක කරලා මාතෘකාවට එමු ආයේම. මේකේ සරලම අර්ථය ගත්තොත් අපි අපේ නෙට්වර්ක් එක සැළසුම් කරන්නේ සහ ස්ථාපිත කරන්නේ කොහොමද කියන එක තමයි මේ මාතෘකාවෙන් විස්තර වෙන්නේ.

ප්‍රධාන Network Topology කිහිපයක් අපිට ප්‍රායෝගිකව දැකගන්න පුළුවන්.

Bus Topology
Mesh Topology
Star Topology
Ring Topology
Line Topology
Tree Topology
Hybrid Topology

අපි මේ ප්‍රධාන Network Topology වලින් කිහිපයක් (වර්තමානයේ බෙහෙවින් භාවිතා වන) විස්තර සහිතව කතා කරමු.

Bus Topology

මොකක්ද මේ Bus Topology කියන්නේ. බස් වල තියෙන එකක්ද?? අනේ නෑ. මේ පෝස්ට් එකේ මුල්ම ඉමේජ් එක ආයේම බලන්න පුළුවන්ද? අන්න ඒක තමයි බස් සිස්ටම් එකට නෙට්වර්ක් එකක් establish කරනවා කියන්නේ.




මේ තියෙන්නේ පෙන්නලා.මැදින් යන කේබල් එකට පරිගණක ඈඳලා තමයි මේ Topology එක implement කරලා තියෙන්නේ. ඔය දෙපැත්තෙන් තියෙන ඉරි කෑලි දෙකෙන් කියන්නේ ඒවා තමයි terminaters. එකියන්නේ ටර්මිනේටර් ෆිල්ම් එකේ වගේ Network එකේ end points. දැන් මේ Topology එක යල් පැනලා ගිය එක්ක විදියට තමයි සලකන්නේ.මොකද මේකේ වාසි වලට වඩා අවාසි පැත්ත ටිකක් විතර වැඩි නිසා. මේකේ වාසි විදියට දකින්න පුළුවන් -
හරිම සරලයි. ඕනෑම ආධුනික අයෙකුට උනත් මේක ස්ථාපිත කරගන්න පුළුවන්
නඩත්තුව පහසුයි
එ වගේම අළුත් නොඩ් (node) එකක් සම්බන්ධ කරගන්නත් හරිම ලේසියි.

අවාසි ගත්තොත් -

මේක සීමා සහිතයි.හේතුව කේබල් එකේ දිගට මේක සීමා වෙනවා
සම්බන්ධතාව කොහෙන් හඑි බිදුනොත් Network එකම ඩවුන් (අකර්මණ්‍යයි)
සම්බන්ධ කරන්න පුළුවන් නොඩ් (node) සිමාසහිතයි.
සංකීර්ණ අවශ්‍යතාවන් සදහා සුදුසු නොවේ.

මේ ගැන මීටත් වඩා ඉංග්‍රිසියෙන් කියවන්න ඕනෙනම් මෙන්න විකිපීඩියාව ගෙඩිපිටින්


රතු පාටින් දාපු වචන ගැනත් අපි කතා කරනවා කිව්වනේ
නොඩ් (node) -  ඇත්තටම ලමයිනේ Network එකකදී පරිගණකයකට අපි කියන්නේ නොඩ් (node) එකක්                            කියලා.මෙයා සේවා ලාභියෙක්නම් නොඩ් (node) එකක් හෝ client කෙනෙක් විදියට                                  ආමන්ත්‍රණය කරනවා. සේවා දායකයෙක්නම් මෙයා server එකක් විදියට ඇමතුම් ලබනවා

 මෙන්න මේ විදියට

Star Topology

හරි එහෙනම් Bus Topology එක ගැන දැන් ඔයාලට අදහසක් තියෙනවනේ සෑහෙන මට්ටමක. දැන් කතා කරමු වර්තමානයේ බෙහෙවින් ප්‍රචලිත සහ සාර්ථක මට්ටමේ Topology එකක් ගැන.ඒ තමයි Star Topology. මොකක්ද මේ Star Topology කියන්නේ. මෙන්න මේ රූපසටහන දිහා බලන්න



මේක දිහා බැලුවම තරුවක් වගේ පේනවද?? නැද්ද. ඒ උනත් මෙන්න මේ විදියට පරිගණක ජාලගත කරනවානම් ඒ සිස්ටම් එකට කියන්නේ Star Topology එකක් කියලා. ඔය මැද තියෙන්නේ ස්විච්(switch) එකක් හෝ හබ් එකක්(hub) වෙන්න පුළුවන්. ඒවා ගැන වැඩි විස්තර ඉස්සරහට කියලා දෙන්නම්. බලන්න මේක දිහා. මේකෙ සරලයි වගේනේද. හැබැයි කොයි තරම් සරල උනත් බස් සහ අනෙක් Topology වලට වඩා මේක සාර්ථකයි. ඇයි මම එහෙම කියන්නේ, මොකද මේකෙන් නොඩ් එකක් අපි අයින් කලා කියමු, එහෙමත් නැත්නම් එක කේබල් එකක් ඩැමේජ් උනා කියමු. හැබැයි Network එකට කිසිම අවුලක් නෑ.අනෙක් මැෂින් ටික ලස්සනට වැඩකරනවා.එවගේම ස්විච්(switch) එකේ හෝ හබ් එකේ(hub) තියෙන පෝට් ගානට බය නැතිව ඩිවයිසස් සෙට් කර ගන්නත් පුළුවන්.වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය method එකක් මේක.

හැබැයි මේකේ දකින් පුළුවන් ලොකුම අවාසිය තමයි මේකේ central connection device එක විදියට වැඩ කරන ස්විච් එක හරි හබ් එක බිද වැටුනොත් entire network එකම නවතිනවා.මේ ක්‍රමයේ දකින්න තියෙන ලොකුම අවාසිය අන්න එක. එ හැරුණ විට අරක්ෂාව, සරල කම, කල් පැවැත්ම යනාදි සියළු ගුණාංග අතින් Star Topology ඉස්සරහින් ඉන්නවා.

Mesh Topology

මේකත් තවත් එක් Topology වර්ගයක්. වැඩිය පාවිච්චියට ගත්තේ නැතත් Topology කියන සම්මතයේ ලා පිළිගැනෙන ක්‍රමවිධියක් තමයි මේක.බැලූ බැල්මටම සංකීර්ණයි වගේ නේද අනික් දෙකටම වඩා.ඔව් ඇත්ත තමයි. මේ තියෙන්නේ ඒක



මේකෙදී Star Topology එකේ වගේ ස්විච් එකක් හරි හබ් එකක් හරි කතාව මැද්දට එන්නේ නෑ.හැබැයි හැම නොඩ් එකක්ම අනේකුත් සියළුම නොඩ් එක්ක අන්තර් සම්බන්ධතා පවත්වනවා. එ කියන්නේ එක ලින්ක් එකක් බිද වැටුනත් අනෙකුත් ලින්ක් වලින් සම්බන්ධ වෙලා තියෙන නිසා A route  එකෙන් ඩේටා යවන්න බැරිනම් B,C,D ආදී වශයෙන් වෙන වෙන පාරවල් ඔස්සේ ඩෙටා යවාගන්න පහසුකම මේකේ ලබා දීලා තියෙනවා.ඉතින් ඇයි මේතරම් පහසුකම් මේකේ තියෙනවානම් මේක ජනප්‍රිය නැත්තේ.? හේතුව සංකීර්ණත්වය. හිතන්න cost එක ගැන. හැම දේම double, triple  නේදග අන්න ඒකයි මේ concept එක ප්‍රචලිත නොවෙන්න හේතුව.

හ්ම්ම් දැනට අපි ප්‍රසිද්ධ Topology 03 ගැන කතා කළා.එ වගේම තව Topology කිහිපයක් තියෙනවා.මන් ඒවාත් මේකේ දාලා තියන්නම් රූප සටහන් එක්ක.හැබැයි විස්තර කරන්න නම් අදහසක් නෑ.රූපසටහන දැක්කම ඔයාලට තේරුම් ගන්න පුළුවන් එකෙන්ම

Ring Topology




බලන්න නොඩ් සම්බන්ධ වෙලා තියෙන විදිය. එක නොඩ් එකක connection එක බිද වැටුනොත් network එකම ඉවරයි.

Tree Topology





මේකෙදී අපි කලින් කතා කරපු Topology කිහිපයක එකතුවක් දකින්න පුළුවන්. ඒ කියන්නේ Star Topology දෙකක් තුනක් හෝ Star and bus Topology එකතුවක් වෙන්නත් පුළුවන්. මේක Topology  කිහිපයකින් සැදුම්ලද්දක් කියලා කිව්වොත් වඩාත් නිවැරදියි.සමහරු මේකටම Hybrid Topology කියන නමත් පාවිච්චි කරනවා.හැබැයි එක ගැනනම් මට ස්ථිර වචනයක් දෙන්න අමාරුයි.

කොහොම උනත් ඔයාලට මීට වඩා මේ ගැන දැනගන්න ආසයිනම් හොදම දේ විකිපීඩියාව පරිහරණය කරන එක තමයි. ඊලග මාතෘකාවෙන් හමු වෙනකම් ගිහින් එන්නම්

0 අදහස්:

Post a Comment

 
Angry Birds -  Help