sticky_note_PNG18952.jpg

Sunday, October 9, 2016

IP Address

අද නම් කතා කරන්නේ හැමෝම ජීවිතේ එක පාරක් හරි අහලා තියෙන වචනයක් ගැන.මේක මේ තරම් කලින් කතා කරන එක සැර වැඩිද මන්දා.එත් මේක කතා කරන්නම හිතුන හින්දා ඔන්න පටන් ගත්තා. මොකක්ද මේ IP Address එකක් කියලා කියන්නේ 

IP Address = Internet Protocol

කලින් පෝස්ට් එකකත් මේ වචනේ කියවුණා.හැබැයි වැඩිදුර පැහැදිලි කලේනම් නෑ.IP Address එකක් කියන්නේ පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ වන විට එම පරිගණකයට ලැබෙන ලිපිනය කිව්වොත් වඩාත් නිවැරදි.ඒ කියන්නේ එම පරිගණකයේ අනන්‍යතාවය අන්තර්ජාලය තුළින් හදුනාගැනීමට ලැබෙන්නේ මෙම IP Address එක පිරික්සීමෙන් තමයි. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන ඕනෑම මැෂින් එකකට IP Address එකක් අනිවා තියෙනවා.

ඔයාලගේ මැෂින් එකෙත් IP Address එක මෙතනින් බලන්න

දැක්කා නේද  IP Address එක ගැහුවම සම්පුර්ණ කතාවක්ම පෙන්නනවා.හරි දැන්  IP Address එක ගැන වැඩිදුර කතා කරගෙන යමු.

ප්‍රධාන වශයෙන්  IP Address කොටස් දෙකකින් යුක්තයි.
එනම්
IPv4
IPv6

කියලා තමයි මේ කොටස් දෙක හැදෙන්නේ. ඇයි මේ කොටස් 02ක්. දැවෙන ප්‍රශ්ණ නේද. හරි ඒකට හේතුව මේකයි.IPv4 කියන IP Address ප්‍රභේදය තමයි ලෝකෙට මුලින්ම හදුන්වා දුන්නේ. එකියන්නේ 1980 වගේ තමයි IPv4 මේ ලෝකෙට ආවේ.මේකෙන් තමයි මෑතක් වෙනකම්ම ලෝකේ තියෙන හැම පරිගණකයටම ඉඩ හදලා දෙමින් IP Address ගබඩා කර ගත්තේ.හැබැයි මේයාටත් සීමාවක් තියෙනවා.එ කියන්නේ මෙයාගේ ගබඩා කරගත හැකි ධාරීතාවක් තියෙනවා IP Address. ආසන්න වශයෙන් කියනවානම් මෙයාගේ IP Address ධාරිතාව 4,294,967,296 වගේ ගානක් තමයි දැනගන්න ලැබුණ විදියට. මේකෙනුත් 14% -15% වගේ ප්‍රමාණයක් විවිධ හේතු නිසා අත්අරින් වෙනවා. එකියන්නේ ලොකු ගාණක්. අන්න එක නිසා මෙයා එතියන්නේ IPv4 වෙනුවට ලෝකෙට ආදේශකයක් ඕන උනා. අන්න ඒක නිසා තමයි IPv6 කියන internet protocol version 6එක කරළියට ආවේ.IPv4 ක්‍රියාත්මක උනේ 32bit ක්‍රමයට. හැබැයි IPv6 නම් ක්‍රියාත්මක වෙන්නේ 128 bit විදියට. එකියන්නේ IPv4 වගේ කිහිප ගුණයකින් IP Address ලබා දෙන්න IPv6  ට හැකියාව තියෙනවා.ඒකත් ආසන්න වශයෙන් කියනවානම් අද ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම IP ඇඩ්‍රස් හාර කෝටියක් දීමේ හැකියාව IPv6 වලට තියෙනවා කියලා තමයි ලොක්කෝ (Irish IPv6 task force) නම් කියන්නේ.

හැබැයි අදටත් වැඩිපුරම භාවිතා වෙන්නේ IPv4 නිසා මම දැන් IPv4 ගැන ආයෙම කතා කරන්න පටන් ගන්නම්. 
IPv4 ගත්තම මේ IP Address වර්ගය කොටස් 02 කට කැඩෙනවා
එකියන්නේ 
Network ID
Host ID කියලා.

මොනාද මේ . දැවෙන ප්‍රශ්ණ නේද? හරි Network ID එකෙන් තමයි අපේ IP Address එක අයිති වෙන Network එක අදුරගන්නේ.මතක තියාගන්න network එකේදී network id එක වෙනස් වෙන්නේ නැත.

Host Id කියන්නේ host එකකින් එකකට IP Address එකේ වෙනස් වන කොටසට.මේක Network එක තුළදී හොස්ට් එකෙන් හොස්ට් එකට වෙනස් වෙනවා.

රතුපාට වචන 02ක් තිබ්බට අන්තිමට දාපු එක ගැන දැන් කියන්නම්.Host එකක් යනු network එකේ තියෙන නොඩ් එකක් වේ. බලන්න වචන වෙනස් වන විදිය. කලින් නොඩ්. දැන් හෝස්ට්.



ඔන්න සරලවම දෙන්න පුවවන් උදාහරණේ. ඔය උඩ තියෙන්නේ සම්පුර්ණ IP Address එකක් දෙකට කැඩෙන විදිය. දැන් තේරුනා නේද ලමයිනේ.

හරි. දැන් මම කියලා දෙන්නම් අර 32bit  කතන්දරේ. එක මෙහෙමයි වෙන්නේ
අපි මෙතැන ගත්ත IP Address එකම උදාහරණෙට ගමු. 
192.168.10.1 =IP Address
මේකේ මුලින්ම තිවෙන 192 කියන class එක හැදිලා තියෙන්නේ binary numbers වලින්. එකියන්නේ 02 පාදයේ ඉලක්කම් වලින්. මෙන්න මෙහෙමයි.
192 = 11000000 මෙන්න මෙහෙමයි          128+64+0+0+0+0+0+0
168 = 10101000 මෙන්න මෙහෙමයි          128+0+32+0+8+0+0+0 
10   = 00001010 මෙන්න මෙහෙමයි          0+0+0+0+8+0+2+0
1     = 00000001 මෙන්න මෙහෙමයි          0+0+0+0+0+0+0+1

ඔන්න දැන් සම්පුර්ණ binary numbers ගාණ එකතු කරලා බලන්න. එක්කොම අගය 32යි නේද. අන්න දැක්කද 32bit හැදුන විදිය


දැන් මම හිතන්නේ IP Address එකක් හැදෙන විදිය ගැන ඔයාලට දළ අදහසක් ඇති. දැන් මම කියන්න යන්නේ ලෝක සම්මතයන්ට අනුව IP Address එක Class වලට කැඩෙන විදිය ගැන

සම්මත Class 03ක් දැනට හදුනාගෙන තියෙනවා
එවා තමයි

Class A
Class B
Class C

මොනද මේ IP Classes කියන්නේ. හරි. ඒක හැදෙන්නේ මෙහෙමයි

Class A = 1- 126 වෙනකම් තිබෙන IP Addresses
උදා - 30.22.3.4  /  20.4.4.3

Class B = 128 - 191 වෙනකම් තිබෙන IP Addresses
උදා - 170.5.3.2   /    145.4.6.2

Class C = 192 - 223 වෙනකම් තිබෙන IP Addresses
උදා - 192.168.2.6   / 193.3.2.3

ඔන්න දැන් වැඩේ තේරුණා නේද  IP Classes ගැන. හැබැයි ඒ උනාට මේ අපි උඩින් කතා කරපු IP Classes වලට අයිති IP Address වල Network ID හා Host ID වලට බොදෙන විදිය ගැනත් දැනගන්නම ඕනේ.මොකද අපි මුලින් කිව්වා වගේ නෙට්වර්ක් එකෙන් නෙට්වර්ක් එකට Network ID හා Host ID ගන්න විදිය වෙනස් වෙනවා. මේක තේරුම් කරන්න මම පුංචි රූපසටහනක් හැදුවා. ඔයාලාට එකෙන් මේ කියන කතා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බලන්නකෝ ඒකත්.

  

බැලුවද උඩ තියෙන රූප සටහන.අන්න ඒකේ විදියට තමයි  IP Classes වලට අයිති IP Address වල Network ID හා Host ID බෙදිලා යන්නේ.

හරි ඔන්න එහෙනම් දීග පාඩමක් අපි පොඩ්ඩක් ඉවර කර ගත්තා. තව මේකේ තියෙනවා Subnet mask එක ගැන කතා කරන්න. ඒක ගැන ඉදිරි ලිපියකින් කතා කරමු. එක දිගට ගණන් හදන කොට එපා වෙන නිසා ඊලග ලිපියෙන් වෙන මාතෘකාවක් කතා කරමු. අදට ගිහින් එන්නම්


0 අදහස්:

Post a Comment

 
Angry Birds -  Help