sticky_note_PNG18952.jpg

Friday, October 7, 2016

Network (පරිගණක ජාල) ගැන පුංචි හැදින්වීමක්

මොකක්ද මේ Network ? ඇයි අපිට Network අවශ්‍ය??

මේවා දැවෙන ප්‍රශ්ණ නේද කතාව පටන් ගනිද්දිම.හරි එහෙනම් අපි හිමීට කතා කරගෙන යමු මේ හැම දේම ගැන.
අපිට Network එකක් අවශ්‍ය වන්නේ ඇත්තටම
1.සන්නිවේදනය පහසුකරගන්න
2.සම්පත් බෙදාහදාගෙන පාවිච්චි කරගන්න
3.දැනුම වර්ධනය කරගැනීමට හා සියළු දෙනා සමගින් සම්බන්ධවීමට
                             වගේ කරුණු වලට නේද.අපි උදාහරණයකට ගමු ඔයාලගේ ඉස්කෝලේ එහෙම නැත්නම් විශ්ව විද්‍යාලයේ එහෙමත් නැත්නම් කාර්යාලයේ දෛනික කටයුතු.පුංචි අවස්ථාවක් ගමු මේවගේ. පරිගණක දෙකක වැඩකරන දෙදෙනෙකුට ඕනේ වෙනවා ප්‍රින්ට් ගන්න.අපි තනි මැෂින් වල වැඩ කලානම් එක්කෝ මැෂින් 2ට ප්‍රින්ටර් 02ක් ඕනේ.නැත්නම් එක මැෂින් එකක දෙයක් පෙන් එකක හෝ සීඩී එකක දාගෙන ප්‍රින්ටරය සම්බන්ද මැෂින් එකට connect කරලා ප්‍රින්ට් ගන්න ඕනේ සරලයි නේද මේදේ Network වල වාසි ගැන ඔලුවට ගන්න.මේ අවස්ථාවේ Network එකක් තුළ මේ පරිගණක 02 තිබ්බානම් 02ක් නෙමේ ඒ Network එක ඇතුලේ තියෙන පරිගණක 100කට උනත් තනි ප්‍රින්ටරයකින් ප්‍රින්ට්ස් ගන්න අවස්ථාව තිබුණා.කාලය, ශ්‍රමය, මුදල් කොච්චර නම් ඉතුරුද නේද?

සන්නිවේදනය පහසුකරන්න එදා වගේ තැපැල් මාමා ලියුම් ගේන කන් බලන් ඉන්න අපිට Network තාක්ෂණය ඉඩ දීලා නෑ.එයා Emails, Chat Services, Live Meetings, Social networks, VOIP වැනි සේවා හරහා කිලෝමීටර් 100000 ගණනක් ඈත ඉන්න අපේම කෙනෙක් තත්පර ගානක කාලෙකින් අපේ දෑස් ඉදිරියට ගේන්න ඉඩකඩ ලබාදීලා තියෙනවා.හිතන්න Network තාක්ෂණය කොච්චර විශ්මිතද, සරලද කියලා.

VOIP - voice over IP තමයි මේකේ තේරුම.අපේ කට්ටියට අළුත් වගේනේද.නෑ නෑ.මේක පරණ තාක්ෂණයක්.Skype, වැඩකරන්නේ මේ ක්‍රමවේදයෙන් තමයි.


Network ගැන මූලික වශයෙන්ම කියලා දෙන්න තියෙන්නේ ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි.ආ.. තව දෙයක් IP ගැන කතාවක් ඇහුනා නේද? මේ කාලේ සෑහෙන්න කතාවෙන දෙයක්.මොකද අපි හොරෙන් ෆිල්ම් එකක් හරි , සොෆට්වෙයා කෑල්ලක් හරි බාගන්න ටොරන්ට් සයිට් එකකට ගියොත් දැන් කියනවා ඔයාගේ IP එක මෙන්න මේක කියලා ඉලක්කම් වගයක් කියනවා.මම උඩින් VOIP  කියලා දේකුත් කිවා.එකෙත් IP තියෙනවනේ. හිකස්... ඇත්තටම IP කියන්නේ Internet Protocol  කියනදේ.මේ IP එක සම්බන්ධකම් පවත්වන්නේ අපේ NIC (network interface card) එකත් එක්ක.Protocol ගැනයි හාඩ්වෙයා ගැනයි කතා කරද්දී අපි මේගැන ටිකක් ගැඹුරට කතා කරමු.සරලව දැනගන්න IP එක නෙට්වර්ක් කාඩ්එකේ Identification Address එක කියලා. 

ලිපිය ටික ටික දික් වෙනවා අදට ගිහින් එන්නම්. හෙට කතා කරමු Network එකකට පරිගණක සම්බන්ධ කරන විදි එහෙමත් නැත්නම් (Topology ) ගැන.

Related Posts:

  • Transmission Ways (සම්ප්‍රේක්ෂණ විධි) හැකින් වලින් පස්සේ ඔන්න අද ආයේම පාඩමට ආවා.අද මොනවද ඉගෙන ගන්නේ. අද අපි Transmission ක්‍රම පිළිබඳ ඉගෙන ගම්මු. ඒ කියන්නේ දත්ත සම්ප්‍රේක්ෂණය කරන ක්‍රම ගැන ඉගෙන ගමු. මේ විදියේ Transmission ways 03ක් අපිට අඳුරගන්න පුළු… Read More
  • MAC Address එක ගැන දන්න හැමදේම අපි කලින් පොස්ට් එකෙන් කථා කලා නේද Ethernet එක ගැන.හරි මේ Ethernet පරිසරයේ තියෙන host එකක් වෙන් කරලා අඳුරගන්න බාවිතා කරන ලිපිනය තමයි MAC Address එක කියලා කියන්නේ.මේ ගැන කලිනුත් ටිකක් කතා කලා කියලා මේ බ්ලොග් එකේ හැම දේම… Read More
  • Fiber Optic Technology ඔන්න අදත් කතා කරන්න ගත්තා අපිට හුරුපුරුදු ඇහිලා තියෙන තාක්ෂණයක් එහෙමත් නැත්නම් කේබල් වර්ගයක් Fiber Optic Cable ගැන. මේ වචන කලින් ඇහිලා ඇති නේද? ඔව් හැබැයි මේක ටිකක් විතර advance technology එකක්. කතා කරමු නිදහසේ ඒ ගැන මොක… Read More
  • TCP හා UDP Protocols ගැන වැඩිදුරටත්.. කාලෙකට එන්නේ නෑ කිව්වට තැපැලෙන් ආයෙම ඇවිත් නේද? ඇත්තටම ආසාවෙන් කරන දෙයක් වෙනුවෙන් කෙනෙක් කොහොම හරි තමන්ගේ කාලයෙන් කොටසක් වෙන් කරගන්නවා ඒ දේ කරන්න. ඒක අනිවා සත්‍යයක්. හරි දැන් අපි කතා කරමු මාතෘකාව ගැන. මම මේ TCP හා UDP … Read More
  • Ethernet ගැන දන්න සිංහලෙන් ටික දවසකින් මේ පැත්තට එන්න බැරි උනේ විභාගයක් අතලඟ නිසා, අම්බානෙක කාර්යබහුල උන නිසා හා අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම දුෂ්කර උන නිසා. හරි ඔන්න අද සුපිරි මාතෘකාවක් අරන් ආවා. මම අද කියන්න යන්නේ අපි හැමෝම අහලා තියෙන ඒත් හරිහමන් අද… Read More

0 අදහස්:

Post a Comment

 
Angry Birds -  Help