sticky_note_PNG18952.jpg

Sunday, July 23, 2017

Botnet (බොට් නෙට්)



මොකක්ද අප්පා මේ අළුත් වචනේ. ඒ ගැන කියන්න කලින් අපි හිතමු මෙහෙම දෙයක්."ලෝකේ පුරා පාවිච්චි කරන සෑම පරිගණක 3කින් එකක් මේ පරිගණකයට කිසිත්ම සම්බන්ධකමක් නැති බාහිරම පුද්ගලයෙකු විසින් පාවිච්චි කරනු ලැබේ " කියලා කවුරුහරි කිව්වොත් ඒක විශ්වාස කරන්න පුළුවන්ද??

ඒත් ඒක අවාසනාවට ඇත්ත කථාවක්. ඒක තමයි ඇත්ත.අන්න එතැන්දී තමයි අපි මාතෘකාවට එන්ටර් වෙන්නේ.ඒ විදියට කෙනෙක් කෝටි ගාණක් සම්බන්ධ පරිගණක ජාලයක් මෙහෙයවන්නේ බොට්නෙට් එකක් හරහා. අද මම ඔයාලත් එක්ක බෙදාහදා ගන්න උත්සහ කරන්නේ අන්න ඒදේ තමයි.

අපි සරලව බලමු මොකක්ද මේ බොට්නෙට් (Botnet) එකක් කියන්නේ කියලා. Bot කියලා හඳුන්වන්නේ රොබෝ කියන එකනේ. ඒක අපි හැමෝම දන්නවා. මෙැනදී කතා කරන්නේ මැෂින් ගැනනෙමේ. කෙනෙක් විසින් හසුරුවනු ලබන කියන තේරුම ගන්න. ඒ වගේම කෙනෙක් විසින් හසුරුවනු ලබන  රොබෝ ජාලය තමයි මේ කියන බොට් නෙට් එක කියලා කියන්නේ. බොට් නෙට් එකේ ක්‍රියා කලාපය හසුරුවන්නාගේ අරමුණු අනුව යහපත් හෝ අයහපත් ස්වරූපයක් ගන්නවා.

මම කියන්නම් යහපත් ආකාරයට ක්‍රියාකරන රොබෝ වැඩසටහනක්. අපි වෙබ් පිටුවක් ඉල්ලද්දී, එහෙමත් නැතිනම් සර්ච් කරද්දී සර්ච් එන්ජිම දඩ බඩ ගාලා අපිට අදාළ වෙබ් පිටු ටික වැඩර් වගේ හොයලා දෙන්නේ මේ වගේ ස්පයිඩර් (Spider) කියන රොබෝ වැඩසටහනකට පින් සිද්ධ වෙන්න. බලන්න ඒ ගැන වැඩි විස්තර මෙතැනින්

එතකොට කොහොමද කවුරුහරි බුලට් එකක් මේ විදියෙ බොට්නෙට් එකක් නිර්මාණය කරන්නේ. මේ වගේ ලෝකයේ විවිධ ඇත්තෝ පාවිච්චි කරන පරිගණක තමන්ගේ අණසකට ගන්න පුළුවන් විදියේ ඇප්ලිකේෂන් ලියන පට්ට වැඩ්ඩෝ ඉන්නවා සහ ඒවා සල්ලි වලට ගන්න තියෙනවා. දෙන්නද ලින්ක් එකක්?? ආස ඇති නේද! . හරි. ඒ විදියේ බොට්නෙට් එකක් බිල්ඩ් අප් කරන්න ඕනේ කෙනා අර වැඩසටහනක් සල්ලි වලට අරන් හරි ලියලා හරි තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරගන්නවා. සරලයි. අන්තර්ජාලය හරහා වෙනත් මෘදුකාංගයක් එක්ක බැදිලා ඇවිත් අපේ පරිගණකයේ ස්ථාපනය වෙලා දෙයියනේ කියලා දැකලත් නැති අහලත් නැති හිට්ලර් කෙනෙක්ගේ වහලෙක් බවට අපිව පත්කරගෙන අපිට කෙලවලා යනකම්ම අපි දෙයියන්ගේ පිහිටෙන් කිසිම දෙයක් දන්නේ නැත. ඒ වගේම කියන්න සන්තෝෂයි කොච්චර වයිරස්ගාඩ් යාවත් කාලීන කළත් මේවා ලේසියෙන් අහුවෙන්නේ නම් නැත. මේක malicious කැටගරියට අයත් උනත් අනික් මෝඩ වයිරස් වගේ සද්දේ දාගෙන ඇවිත් ඩිලීට් වෙන්නේ නැතිව සද්දයක් නැතිව අයිතිකාරයා කියන දේ කරන වැඩසටහනක් තමයි මේක.

දැන් පහදන්නම් පරිගණක ඇසින්.මේ කියන බොට්නෙට් වැඩසටහන දුවන්නේ, ඒහෙමත් නැතිනම් ක්‍රියාත්මක වන්නේ IRC Bot වැඩසටහනක් හරහා. මොකක්ද IRC Bot එකක් කියන්නේ. Internet Relay Chat කියලා තමයී මේකේ දීර්ඝ යෙදීම.මේක මේ බ්ලොග් එකේ මුල්ම කාලේ කථා කරපු protocol එකක් එක්තරා විදියක. මේකට කෙනෙක්ට සම්බන්ධ වෙලා නිදහසේ තමන්ට අවශ්‍ය කමාන්ඩ් ටික රන් කරගන්න පුළුවන් නිදහසේ. මම මුලින්ම දාලා තියෙන පින්තූරේ දිහා බලන්න ආයේම. ඒකේ ඔයාලට පේනවා නේද පුද්ගලයෙක් ඉස්සරහා තනි පරිගණකයක් තියෙනවා. අන්න ඒක තමයි මේ කථාවේ ප්‍රධාන පරිගණකය (main computer ) එක. ඒක හරහා රන් වෙන බොට් වැඩසටහන අනික් පරිගණක වල ස්ථාපිත වෙන්න පටන් ගත්තම රන් කරන පුද්ගලයා ඒ පරිගණක සියතය ගන්නවා. මේ පරිගණක (වහල් එව්වා) ඊට පස්සේ හඳුන්වන්නේ සොම්බි පරිගණක කියලා. අපේ භාෂාවෙන්නම් පිල්ලි කියලා කිව්වත් කමක් නෑ මයේහිතේ. 

එතකොට බොට් නෙට් එකකට කරන්න පුළුවන් මොනවැයි.

හිතන්න මොනාහරි දෙයක් ප්‍රසිද්ධ කරගන්න ඕනේ කියලා. මෙන්න ඒකට බොට්නෙට් එක කදිම විසඳුමක්. කෝටියක් විතර පරිගණක තියෙන බොට්නෙට් එකකට ඇඩ් එකක් ඊමේල් හරහා එව්වොත් නිකම්ම ප්‍රසිද්ධයි නේද

තව හිතන්න වෙබ් එකක ට්‍රැෆික් එක වැඩි කරන්න ඕකේ කියලා. දුන්නා බොට්නෙට් එකකට ඕඩර් එකක්. සයිට් රැන්ක් එක පට්ටම හිට් නේද

තව හිතන්න සයිට් එකක් ඩවුන් කරන්න ඕනේ කියලා. දෙනවා ඒවර්ලොඩ් වෙන්න ට්‍රැෆික් එකක් සයිට් එකට. අයේ අයිතිකාරයටවත් ලොග් වෙන්න බැ. බඩු ඩවුන්.

තවත් හිතන්න වයිරස් එකක් spread කරනවා කියලා ලෝකෙටම. දෙනවා මේන් computer එක හරහා කමාන්ට් එක සියළුම සොම්බි පරිගණක වලට. එක ක්ෂණිකයෙන් මුළු පරිණක කෝටියම සොරි.com නේද

තව මේ වගේ අනන්ත අපරිමාණ වැඩ සමූහයක් බොට්නෙට් හිමිකාරයෙක්ට කරන්න පුළුවන්.

ලිපිය දිග වැඩි උණා.අදට ඇති කියලා හිතෙනවා.ගිහින් එන්නම්...

0 අදහස්:

Post a Comment

 
Angry Birds -  Help