sticky_note_PNG18952.jpg

Monday, July 10, 2017

ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology)



ඔන්න එහෙනම් අද අළුත් ලිපියකින් අපි ආයේම හමු උනා. ටිකක් විතර අමුතු කථාවකුත් එක්ක තමයි අද ඔයාලා ලඟට ආවේ. මේක ටිකක් විතර ඔයාලට නුපුරුදු අළුත් (අළුත් කිව්වට මහා ලොකු අළුත්ම නෑ) තාක්ෂණයක් පිළිබද සංසිද්ධියක් තමයි කියන්න තටමන්නේ.

මොකක්ද මේ ට්‍රාන්ස්ෆර්ජෙට් (Transferjet) කියන්නේ. ඇත්තටම පැහැදිලි සිංහලෙන් කිව්වොත් මේක දත්ත එහෙමත් නැත්නම් Data හුවමාරු කරන්න හොයාගෙන තියෙන අළුත්ම සන්නිවේදන ක්‍රමයක්. මේක මේ හැටි වැදගත් වෙන්න හේතුව තමයි මේකේ තියෙන වේගය. ඒ කියන්නේ තප්පරයක ප්‍රමාණයකදී හුවමාරු කරන්න පුළුවන් දත්ත සංඛ්‍යාව. ඇත්තටම කිව්වොත් කෑ ගැස්සෙයි. මේකේ උපරිමය තත්පරයට ගිගාබිට් 10 දක්වා සම්මත තත්වයන් යටතේ යවන්න පවවන් කියලා තමයි පර්යේෂකයන් කියන්නේ. හිතාගන්න පුළුවන්ද. ඒ තරම් ස්පීඩ් එකෙන් යවන්න නම් මගේ මැෂින් එකේ data ත් නෑ. මේ තාක්ෂණය භාවිතා වෙන්නේ තාම කෙටි පරාසයක් තුළ කියලා හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ NFC, Bluetooth , Infrared වගේම ඊට වඩා සිය ගුණයකින් වේගත් තාක්ෂණයක් තමයි මේක. මම නිකමට ඔයාලට පෙන්වන්නම් NFC එක්ක සංසන්දනය කරලා විකිපීඩියාවේ දාලා තියෙන ටේබල් එක.
බලන්න මේක

මේ ටේබල් එක දිහා බැලුවම මම හිතන්නේ ඔයාලට තේරුම් ගන්න ඒ හැටි අමාරු වෙන්නේ නෑ මේක හිට් වෙන්න හේතුව.අපි Infrared තියෙන කාලේ ඩිවයිස් ලං කරලා කිලෝ බයිට් ගණන් ෆයිල් හුවමාරු කලා වගේ පස්සේ Bluetooth වලින් එදේම කරලා ඊටත් පස්සේ NFC වලින් වැඩ කරනවා වගේ අපිට සරලව ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) එක හරහා අදික වේගයෙන් යුක්තව දත්ත හුවමාරු කරගැනීමේ අවකාශය මේ වෙද්දී ලැබිලා තියෙනවා.ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) පහසුකම තියෙන ඩිවයිස් 02ක් ලංකිරීම තුළින් දත්ත හුවමාරු කරගන්න පුළුවන් කම මේ තාක්ෂණය සතුව පවතිනවා. මෙහි දුර පරාසය සෙන්ටිමීටර් 3-5 අතර බවයි පැවසෙන්නේ.

මම ඔයාලට මේක පිළිබඳ රූප සටහන් මඟින් පැහැදිලි කරන්නම්
මේ විදියට විවිධ වූ ඩිවයිස් වලින් දත්ත හුවමාරු කරන්න පුළුවන් මේ හරහා


මේ තියෙන්නේ ටොෂිබා සමාගම විසින් නිර්මාණය කරන ලද ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) සහිත බාහිරින් සම්බන්ධ කළ හැකි Gadget එකක්



දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) අයිතමය

දැක්කා නේද ගැජට් එක. කාඩ් රීඩර් එකක් වගේ නේද. හැබැයි පට්ට ස්පීඩ්.මේකෙදී භාවිතා වෙන්නේ වයිඩ් බෑන්ඩ් එකක්. ඒ කියන්නේ සමාන්‍ය රේඩියෝ තරංග තමයි මෙයා බාවිතා කරනු ලබන්නේ. මෙහි සංඛ්‍යාතය 4.48Ghz වගේ තමයි.ඒක නිසාම අනෙකුත් සන්නිවේදන මාර්ග වලට (තරංග භාවිතා කරන) මෙයාගෙන් කිසිම බාධාවක් (Interference ) නම් ලොවෙත් වෙන්න විදියක් නම් නැත.

අතීත කථාව -

මම දැන් කියන්න හදන්නේ ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) එකේ අතීත කථාව ටිකක්. මේක මුළින්ම එලි දක්වලා තියෙන්නේ සෝනි සමාගම (Sony Company) විසින් 2008 අගෝස්තු මස 21 වැනි දින ජපානයේ ටෝකියෝ නුවර පිහිටි එයාලගේ විද්‍යාගාරයේදී ඩිජිටල් කැමරාවකින් පින්තූර වගයක් පරිගණකයක් හුවමාරු කරමින්.ඊට පස්සේ සියළුම සමාගම් විසින් මේම ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology) යේ වැඩි දියුණු කිරීම් කටයුතු සඳහා නන් අයුරින් දායක වෙලා තියෙනවා. තව දෙයක් තමයි IEEE  (The Institute of Electrical and Electronics Engineers) ආයතනය මඟින් ජාත්‍යන්තර වශයෙන් මෙම තාක්ෂණයට අදාලව ප්‍රමීතීන් සකස් කලත්, 2011 වර්ෂයේදී මේ සම්බන්ධයෙන් නියාමන කටයුතු සිදු කිරීම සඳහාම ට්‍රාන්ස්ෆර්ජෙට් කොන්සෝටියම් නමින් ආයතනයක් පිහිටුවා අඛණ්ඩව දියුණුකිරීම් සිදුකරනු ලබනවා.

අදට එහෙනම් ගිහින් එන්නම්. සියළු දෙනාටම බුදු සරණයි..!

Related Posts:

  • HTML පාඩම් මාලාව දිගටම සමාවෙන්න යාළුවනේ අළුතින් පෝස්ට් එකක් එහෙම නොද කාලයක් ගත උනාට. අද මම කියන්න හදන්නේ ඔයාලට මම සම්පුර්ණ පාඩම් මාලාවක් උගන්නන්න ලැස්ති වෙනවා HTML සම්බන්ධව. හැබැයි ඒක මෙ විදියට main page එකේ නෙමෙයි තියෙන්නේ. ඔය උඩින් තියෙන මෙනු බා… Read More
  • කිරි ඉතිරේවා නව වසරේ...! ඔන්න අද නම් පෝස්ට් එකක් දාන්න හිතාගෙන නෙමේ ආවේ.යාළුවෝකට්ටියටම හා හපුරා කියලා අවුරුද්ද ලබන්න කලින් සුභ පත්නන. යාළුවනේ ඔයාලා සියළු දෙනාටම ලබන්නා වූ නව වසර  කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා..! කියලා … Read More
  • මොනවද මේ Broadband ? ඔන්න අද මම කථා කරන්න හිතුවා තවත් ලස්සන වචනයක් ගැන. මේකත් නිතරම ටීවී එකේ පත්තරේ සහ එක එක තැන්වල බහුලව කියවෙන වචනයක්. ඒ තමයි Broadband කියන වචනේ. හරි ඒ ගැන කථා කරන්න කලින් අපි පහුගිය පාඩම් වල කතා කරපු තවත් වචන කිහිපයක් … Read More
  • කාලෙකින් ආයේම හමුඋනා අපි ...... ඉතින් යාළුවනේ ඔන්න විභාග එහෙමත් ඉවර වෙලා නිදහසේ පාඩුවේ ඉන්න ගමන් අපි ායේම හමු උනා එකෙන්ම. මම අවුරුද්දට කලින් සුභ පතන ගමන් කිව්වා ඊළග පාර වෙනසකුත් අරන් තමයි එන්නේ කියලා. එකෙන්ම සමා වෙන්න ඔනේ ඒ දේ කරන්න බැරි උනාට. මට තාම… Read More
  • Ransomware (රැන්සම්වෙයා) අද මේ ගෙඩි පිටින් උස්සලා දාන්නේ දඩි බිඩියේ ටයිප් කරපු එකක් නම් නෙමේ. සුද්දා හැක් කොරන්න පටන් ගත්ත කාලේ ගහපු පෝස්ට් එකක් මේක මගේ පරණ බ්ලොග් එකේ දාපු. මම මේ පෝස්ට් එක මගේ පරණ බ්ලොග් එකේ දාලා තියෙන්නේ  Monday, June 20, 2… Read More

0 අදහස්:

Post a Comment

 
Angry Birds -  Help