sticky_note_PNG18952.jpg

Thursday, April 27, 2017

කාලෙකින් ආයේම හමුඋනා අපි ......

ඉතින් යාළුවනේ ඔන්න විභාග එහෙමත් ඉවර වෙලා නිදහසේ පාඩුවේ ඉන්න ගමන් අපි ායේම හමු උනා එකෙන්ම. මම අවුරුද්දට කලින් සුභ පතන ගමන් කිව්වා ඊළග පාර වෙනසකුත් අරන් තමයි එන්නේ කියලා. එකෙන්ම සමා වෙන්න ඔනේ ඒ දේ කරන්න බැරි උනාට. මට තාමත් මේ නෙට්වර්ක් සම්බන්ධව ලියාගෙන යන බ්ලොග් එකට වෙන වෙන වැල්වටාරම් එකතු කරන්න හිත දුන්නේ නෑ යාළුවනේ. ඒකයි තාමත් මේ විදියටම තියෙන්නේ.

හරි දැන් මේ තකහනියක් ආවේ අත් දෙක වන වන මේක කියලා යන්නද? අනේ නෑ. අද මම ඔයාලට මම ලියපු අළුත්ම අළුත් පුංචි ඇප් කෑල්ලක් තැගී දීලා යන්න කියලා හිතාගෙන තමයි මේ පැත්තට ගොඩ උනේ. මේක chat app එකක්. මේක භාවිතා කරලා ඔයාලට පුළුවන් නිදහසේ පාඩුවේ චැට් කරගන්න ඔයාලගේ හිතාදරයන් එක්ක(ඔව් ඔව් ඒ කට්ටිය එක්ක චැට් කරන්නත් පුළුවන්).

මම මේක නම් කරෙනම් MS Chat කියලා. MS කියන කොටස මම මගේ හැම ඇප් එකකම බ්‍රෑන්ඩ් නේම් එක විදියට පාවිච්චි කරනවා. ඒක මගේ නමේ කොටසක් නිසා.ගණන් ගන්න එපා. මේ පහලින් තියෙන්නේ ඇප් එකේ ඉමේජස් ටිකක්. සරලයි වගේම ඔයාලගේ කාර්යයත් මේක ඉෂ්ඨ කරයි. ට්‍රයි කරලා බලන්න. ඇප් එකේ ෆයිල් සයිස් එකත් Kb වලින් යන්නේ.

මෙන්න පින්තූර



මෙන්න ලින්ක් එක

මෙතැන ක්ලික් කරන්න

ඔන්න එහෙනම් අදට ගිහින් එන්නම්

Related Posts:

  • කිරි ඉතිරේවා නව වසරේ...! ඔන්න අද නම් පෝස්ට් එකක් දාන්න හිතාගෙන නෙමේ ආවේ.යාළුවෝකට්ටියටම හා හපුරා කියලා අවුරුද්ද ලබන්න කලින් සුභ පත්නන. යාළුවනේ ඔයාලා සියළු දෙනාටම ලබන්නා වූ නව වසර  කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා..! කියලා … Read More
  • HTML පාඩම් මාලාව දිගටම සමාවෙන්න යාළුවනේ අළුතින් පෝස්ට් එකක් එහෙම නොද කාලයක් ගත උනාට. අද මම කියන්න හදන්නේ ඔයාලට මම සම්පුර්ණ පාඩම් මාලාවක් උගන්නන්න ලැස්ති වෙනවා HTML සම්බන්ධව. හැබැයි ඒක මෙ විදියට main page එකේ නෙමෙයි තියෙන්නේ. ඔය උඩින් තියෙන මෙනු බා… Read More
  • මොනවද මේ Broadband ? ඔන්න අද මම කථා කරන්න හිතුවා තවත් ලස්සන වචනයක් ගැන. මේකත් නිතරම ටීවී එකේ පත්තරේ සහ එක එක තැන්වල බහුලව කියවෙන වචනයක්. ඒ තමයි Broadband කියන වචනේ. හරි ඒ ගැන කථා කරන්න කලින් අපි පහුගිය පාඩම් වල කතා කරපු තවත් වචන කිහිපයක් … Read More
  • Subnet Mask ගැන කථා කරමුද මම අද කථා කරන්න හදන මාකෘකාවට අඩිතාලම දාලා තියෙන්නේ මේ බ්ලොග් එකේ මුලම හරියේ පළ කරපු IP Address කියන පෝස්ට් එකෙන්. ඒකෙන් කිව්වා හැකි ඉක්මනින් මේ කියන subnet mask එක ගැන කියලා දෙනවා කියලා. කොහෙද ඉතින් ඒකට වෙලාවක් හම්බු උනේ නෑ… Read More
  • කාලෙකින් ආයේම හමුඋනා අපි ...... ඉතින් යාළුවනේ ඔන්න විභාග එහෙමත් ඉවර වෙලා නිදහසේ පාඩුවේ ඉන්න ගමන් අපි ායේම හමු උනා එකෙන්ම. මම අවුරුද්දට කලින් සුභ පතන ගමන් කිව්වා ඊළග පාර වෙනසකුත් අරන් තමයි එන්නේ කියලා. එකෙන්ම සමා වෙන්න ඔනේ ඒ දේ කරන්න බැරි උනාට. මට තාම… Read More

0 අදහස්:

Post a Comment

 
Angry Birds -  Help