sticky_note_PNG18952.jpg

Tuesday, September 12, 2017

මරුවා සමග වාසේ - Blue Whales

මාසෙකින් මේ පැත්තේ එන්න බැරිඋනා රාජකාරි අධික වීම හේතුවෙන්. එකෙන්ම සමාවෙන්න ඕනේ ඒකට. අර කාලයක් තියෙනවනේ ජීවිතේ කිසිම අළුත් දෙයක් කරන්න ඉඩක් ලැබෙන්නේ නැති, අළුත් අදහස් පහල වෙන්නේ නැති. ඔං මාත් දැන් ඒ වගේ කාලයක් පහුකරමින් සිටි with 49 others (හිකැස්. ඕව්වා මුණු පොතේ නම් දාන්නේ නෑ), අළුත් දේවල් පටන් ගන්නේ නෑ කිව්වට බ්ලොග් එක පරණයිනේ. ඒක නිසා කම්මැලිකමින් හරි හිතුවා කාලයේ තාලයට ගැලපෙන පොස්ට් එකක් දාන්න කියලා. තව මගේ යෝජනාවකුත් තියේ ඉස්සරහට කියන්නම්...

Sunday, July 23, 2017

Botnet (බොට් නෙට්)

මොකක්ද අප්පා මේ අළුත් වචනේ. ඒ ගැන කියන්න කලින් අපි හිතමු මෙහෙම දෙයක්."ලෝකේ පුරා පාවිච්චි කරන සෑම පරිගණක 3කින් එකක් මේ පරිගණකයට කිසිත්ම සම්බන්ධකමක් නැති බාහිරම පුද්ගලයෙකු විසින් පාවිච්චි කරනු ලැබේ " කියලා කවුරුහරි කිව්වොත් ඒක විශ්වාස කරන්න පුළුවන්ද?? ඒත් ඒක අවාසනාවට ඇත්ත කථාවක්. ඒක තමයි ඇත්ත.අන්න එතැන්දී තමයි අපි මාතෘකාවට එන්ටර් වෙන්නේ.ඒ විදියට කෙනෙක් කෝටි ගාණක් සම්බන්ධ පරිගණක ජාලයක් මෙහෙයවන්නේ බොට්නෙට් එකක් හරහා. අද මම ඔයාලත් එක්ක බෙදාහදා...

Monday, July 10, 2017

ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය (Transferjet Technology)

ඔන්න එහෙනම් අද අළුත් ලිපියකින් අපි ආයේම හමු උනා. ටිකක් විතර අමුතු කථාවකුත් එක්ක තමයි අද ඔයාලා ලඟට ආවේ. මේක ටිකක් විතර ඔයාලට නුපුරුදු අළුත් (අළුත් කිව්වට මහා ලොකු අළුත්ම නෑ) තාක්ෂණයක් පිළිබද සංසිද්ධියක් තමයි කියන්න තටමන්නේ. මොකක්ද මේ ට්‍රාන්ස්ෆර්ජෙට් (Transferjet) කියන්නේ. ඇත්තටම පැහැදිලි සිංහලෙන් කිව්වොත් මේක දත්ත එහෙමත් නැත්නම් Data හුවමාරු කරන්න හොයාගෙන තියෙන අළුත්ම සන්නිවේදන ක්‍රමයක්. මේක මේ හැටි වැදගත් වෙන්න හේතුව තමයි මේකේ...

Thursday, June 29, 2017

Ransomware (රැන්සම්වෙයා)

අද මේ ගෙඩි පිටින් උස්සලා දාන්නේ දඩි බිඩියේ ටයිප් කරපු එකක් නම් නෙමේ. සුද්දා හැක් කොරන්න පටන් ගත්ත කාලේ ගහපු පෝස්ට් එකක් මේක මගේ පරණ බ්ලොග් එකේ දාපු. මම මේ පෝස්ට් එක මගේ පරණ බ්ලොග් එකේ දාලා තියෙන්නේ  Monday, June 20, 2016 කියන දවසේ. මට ඒ දවස් වල නිකමට හිතුනා මේ කියන Ransomware නම් පට්ටම ඇණයක් වෙයි කියලා. ඔන්න ඒක දැන් වෙලා යාළුවනේ.මේ තියෙන්නේ මම එදා දාපු සම්පුර්ණ පෝස්ට් එක. බලන්න. අදට ගැලපෙන විදියට වෙනස් කරගන්න. ඒක ඔයාලට බාරයි.Ransomware...

Saturday, May 27, 2017

HTML පාඩම් මාලාව දිගටම

සමාවෙන්න යාළුවනේ අළුතින් පෝස්ට් එකක් එහෙම නොද කාලයක් ගත උනාට. අද මම කියන්න හදන්නේ ඔයාලට මම සම්පුර්ණ පාඩම් මාලාවක් උගන්නන්න ලැස්ති වෙනවා HTML සම්බන්ධව. හැබැයි ඒක මෙ විදියට main page එකේ නෙමෙයි තියෙන්නේ. ඔය උඩින් තියෙන මෙනු බාර් එකේ තියෙන" HTML මුුල සිට සරලව" කියන ටැබ් එකේ තමයි ඒක තියෙන්නේ. ඊගෙන ගන්න පාඩුවක් වෙන්නේ නෑ ලොවෙත්. ඒ වගේම ඉස්සරහට CSS / JavaScript වගේ සුන්දර දේවල් ගැනත් ඉස්සරහට කථා කරමු මේ බ්ලොග් එකෙන්ම. මම වීඩියෝ ටියුටෝරියල් ටිකක් දාන්නම්.මොකද...

Thursday, April 27, 2017

කාලෙකින් ආයේම හමුඋනා අපි ......

ඉතින් යාළුවනේ ඔන්න විභාග එහෙමත් ඉවර වෙලා නිදහසේ පාඩුවේ ඉන්න ගමන් අපි ායේම හමු උනා එකෙන්ම. මම අවුරුද්දට කලින් සුභ පතන ගමන් කිව්වා ඊළග පාර වෙනසකුත් අරන් තමයි එන්නේ කියලා. එකෙන්ම සමා වෙන්න ඔනේ ඒ දේ කරන්න බැරි උනාට. මට තාමත් මේ නෙට්වර්ක් සම්බන්ධව ලියාගෙන යන බ්ලොග් එකට වෙන වෙන වැල්වටාරම් එකතු කරන්න හිත දුන්නේ නෑ යාළුවනේ. ඒකයි තාමත් මේ විදියටම තියෙන්නේ. හරි දැන් මේ තකහනියක් ආවේ අත් දෙක වන වන මේක කියලා යන්නද? අනේ නෑ. අද මම ඔයාලට මම ලියපු අළුත්ම...

Thursday, April 13, 2017

කිරි ඉතිරේවා නව වසරේ...!

ඔන්න අද නම් පෝස්ට් එකක් දාන්න හිතාගෙන නෙමේ ආවේ.යාළුවෝකට්ටියටම හා හපුරා කියලා අවුරුද්ද ලබන්න කලින් සුභ පත්නන. යාළුවනේ ඔයාලා සියළු දෙනාටම ලබන්නා වූ නව වසර  කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා..! කියලා එකසිතින් සුභ පතනවා.දිගටම බ්ලොග් එකත් එක්ක රැඳිලා ඉන්න යාළුවනේ. මම හිතාන ඉන්නවා ඉදිරියට විශාල වෙනස් කමක් මේ බ්ලොග් එකේ සිද්ධ කරන්න. ඊලඟ පෝස්ට් එකෙන් හමුවෙනකන් බුදු සරණයි ඔයාලා ඔක්කොටොම....

Monday, April 3, 2017

Deep Web & Dark Web ගැන දන්න සිංහලෙන්

මොකක්ද මේ කියන්න යන කථාව. මේක නෙට්වර්ක් වලට අදාළද .අපොයි නෑ හැබැයි මට මතකයි මම හැකින් සම්බන්ධ පොස්ට් එකේදී මේ ගැන ඉදිරියට කතා කරනවා කියලා ඉඟියක් දුන්නා. ඇත්තටම මොකක්ද මේ කියන්නේ. සරලව මේකයි ඔයාලා ඉන්ටර්නෙට් එනවා, එහෙමත් නැත්නම් සප්ත මහා සාගරයක් වගේ තියෙන ඉන්ටර්නෙට් එක පීරනවා , සැරිසරනවා කියලා කියන්නේ අමුම අමු මෝඩ කථාවක් කියලා අද මම බය නැතිව ඔයාලට කියනවා. මොකද දන්නවද අපි මේ ගූගල් ‍ක්‍රෝම්, මොසිල්ලා ෆයර්ෆොක්ස්, සෆාරි, තව එකී නොකී...

Wednesday, March 22, 2017

Subnet Mask ගැන කථා කරමුද

මම අද කථා කරන්න හදන මාකෘකාවට අඩිතාලම දාලා තියෙන්නේ මේ බ්ලොග් එකේ මුලම හරියේ පළ කරපු IP Address කියන පෝස්ට් එකෙන්. ඒකෙන් කිව්වා හැකි ඉක්මනින් මේ කියන subnet mask එක ගැන කියලා දෙනවා කියලා. කොහෙද ඉතින් ඒකට වෙලාවක් හම්බු උනේ නෑනේ. ඔන්න අද හිතාගත්තා ඒ කථාවත් කියලා ඉවරයක් කරන්න ඕනේ කියලා.මුලින්ම කියනවා මට මේක එක දවසින් නම් ලියලා ඉවරයක් කරන්න බැරිවෙයි.ඒකට තරහ අවසර.මොකද විභාගේ අත ලඟ.අත පොත ලඟ. ඒක නිසා.මොකක්ද මේ subnet mask එක. මොකටද ඒක භාවිතා කරන්නේ. ප්‍රශ්ණ...

මොනවද මේ Broadband ?

ඔන්න අද මම කථා කරන්න හිතුවා තවත් ලස්සන වචනයක් ගැන. මේකත් නිතරම ටීවී එකේ පත්තරේ සහ එක එක තැන්වල බහුලව කියවෙන වචනයක්. ඒ තමයි Broadband කියන වචනේ. හරි ඒ ගැන කථා කරන්න කලින් අපි පහුගිය පාඩම් වල කතා කරපු තවත් වචන කිහිපයක් ගැනත් කෙටියෙන් දැනගනිමුකෝ නේද එකෙන්ම. Bandwidth - මොකක්ද මේ හරුපේ. සෑහෙන්න කතා කලා කලින් පාඩම් වල. මේකෙන් කියන්නේ අප විසින් බාවිතා කරනු ලබන ජාල මාධ්‍යයේ(කම්බියේ) ගෙන යා හැකි දත්ත ප්‍රමාණය කියලා කිව්වොත් වඩාත් පැහැදිලි වෙයි...

Thursday, March 9, 2017

කවුරුත් දන්න ඒත් නොදන්න ADSL

මොකක්ද අප්පා මේ කවුරුත් දන්න ඒත් නොදන්න ADSL කියන්නේ.? දන්නේ කියලා කිව්වේ ADSL කියන වචනේ අද ඉන්න පුංචිම ලමයත් අහලා තියෙන නිසා. ඒත් ගොඩාක් දෙනෙක් ADSL ගැන හරියට දන්නේ නෑ නේද? දන්න එකම දේ මේකෙන් ඉන්ටනෙට් යනවා කියන එක විතරනේ. ඇත්ත තමයි. මේකෙන් Internet යන්න පුළුවන් තමයි. හැබැයි මේ තාක්ෂණය ඇතුලේ ගොඩාක් කථා තියෙනවා අපි නොදන්න. උදාහරණයක් විදියට කොහොමද මේ තඹ කම්බිය දිගේ ටෙලිෆෝන් ලයින් එක, ඉන්ටනෙට් සහ පියෝටීවී(IPTV) කියන තාක්ෂණ 03ම ගමන් කරන්නේ?...

Tuesday, February 21, 2017

TCP හා UDP Protocols ගැන වැඩිදුරටත්..

කාලෙකට එන්නේ නෑ කිව්වට තැපැලෙන් ආයෙම ඇවිත් නේද? ඇත්තටම ආසාවෙන් කරන දෙයක් වෙනුවෙන් කෙනෙක් කොහොම හරි තමන්ගේ කාලයෙන් කොටසක් වෙන් කරගන්නවා ඒ දේ කරන්න. ඒක අනිවා සත්‍යයක්. හරි දැන් අපි කතා කරමු මාතෘකාව ගැන. මම මේ TCP හා UDP Protocols ගැන OSL Layers හා Protocols මාතෘකා වලදී ටික ටික කලා. නමුත් සැරටම කථා කෙරුනේ නෑ කියලා තමයි හිත කියන්නේ. ඒක නිසා අද ඒ ගැන ගැඹුරට කතා කරමු. මොනවද මේ කියන මහ ලොකු Protocols දෙක. ඇත්තටම මේ Protocols 02 අපිට හම්බු...

Friday, February 17, 2017

MAC Address එක ගැන දන්න හැමදේම

අපි කලින් පොස්ට් එකෙන් කථා කලා නේද Ethernet එක ගැන.හරි මේ Ethernet පරිසරයේ තියෙන host එකක් වෙන් කරලා අඳුරගන්න බාවිතා කරන ලිපිනය තමයි MAC Address එක කියලා කියන්නේ.මේ ගැන කලිනුත් ටිකක් කතා කලා කියලා මේ බ්ලොග් එකේ හැම දේම බැලුව අය දන්නවා ඇති. අද ටිකක් විතර වැඩිපුර කතා කරමු MAC Address එක ගැන. අපි හැමෝටම තමන්ගේ අනන්‍යතාවය අඳුගන්න තියෙනවා නේද identity card එකක්. මේකත් ඒ වගේ තමයි Ethernet එකේදී නොඩ් එකක් අඳුරගන්න භාවිතා වෙන්නේ අපි මේ කතා...

Thursday, February 16, 2017

Ethernet ගැන දන්න සිංහලෙන්

ටික දවසකින් මේ පැත්තට එන්න බැරි උනේ විභාගයක් අතලඟ නිසා, අම්බානෙක කාර්යබහුල උන නිසා හා අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම දුෂ්කර උන නිසා. හරි ඔන්න අද සුපිරි මාතෘකාවක් අරන් ආවා. මම අද කියන්න යන්නේ අපි හැමෝම අහලා තියෙන ඒත් හරිහමන් අදහසක් ගන්න බැරි තවත් ජාල සමඟ සම්බන්ධ වචනයක් ගැන කථාවක්. මේක නිකන් ගුගල් හොයලා බැලුවොත් නම් ලංකාවේ එක බ්ලොග් එකකවත් හොයාගන්න නෑ. ඇත්තටම ඇයි ඒ. මම අද කියන්න යන්නේ Ethernet ගැන.මුලින් දැන ගන්න ටිකක් අමාරු උණත් පස්සේ ආස උන මාතෘකාවක්...

Monday, January 30, 2017

Transmission Ways (සම්ප්‍රේක්ෂණ විධි)

හැකින් වලින් පස්සේ ඔන්න අද ආයේම පාඩමට ආවා.අද මොනවද ඉගෙන ගන්නේ. අද අපි Transmission ක්‍රම පිළිබඳ ඉගෙන ගම්මු. ඒ කියන්නේ දත්ත සම්ප්‍රේක්ෂණය කරන ක්‍රම ගැන ඉගෙන ගමු. මේ විදියේ Transmission ways 03ක් අපිට අඳුරගන්න පුළුවන්. 1. Uni-cast Transmission 2. Multicast Transmission 3. Broadcast Transmission ඔන්න ජාති 03.අපි දැන් මුලින්ම ගමු බලන්න Uni-cast Transmission ගැන කථා කරන්න Uni-cast Transmission -  මේකෙන්...

 
Angry Birds -  Help