sticky_note_PNG18952.jpg

Thursday, April 27, 2017

කාලෙකින් ආයේම හමුඋනා අපි ......

ඉතින් යාළුවනේ ඔන්න විභාග එහෙමත් ඉවර වෙලා නිදහසේ පාඩුවේ ඉන්න ගමන් අපි ායේම හමු උනා එකෙන්ම. මම අවුරුද්දට කලින් සුභ පතන ගමන් කිව්වා ඊළග පාර වෙනසකුත් අරන් තමයි එන්නේ කියලා. එකෙන්ම සමා වෙන්න ඔනේ ඒ දේ කරන්න බැරි උනාට. මට තාමත් මේ නෙට්වර්ක් සම්බන්ධව ලියාගෙන යන බ්ලොග් එකට වෙන වෙන වැල්වටාරම් එකතු කරන්න හිත දුන්නේ නෑ යාළුවනේ. ඒකයි තාමත් මේ විදියටම තියෙන්නේ.

හරි දැන් මේ තකහනියක් ආවේ අත් දෙක වන වන මේක කියලා යන්නද? අනේ නෑ. අද මම ඔයාලට මම ලියපු අළුත්ම අළුත් පුංචි ඇප් කෑල්ලක් තැගී දීලා යන්න කියලා හිතාගෙන තමයි මේ පැත්තට ගොඩ උනේ. මේක chat app එකක්. මේක භාවිතා කරලා ඔයාලට පුළුවන් නිදහසේ පාඩුවේ චැට් කරගන්න ඔයාලගේ හිතාදරයන් එක්ක(ඔව් ඔව් ඒ කට්ටිය එක්ක චැට් කරන්නත් පුළුවන්).

මම මේක නම් කරෙනම් MS Chat කියලා. MS කියන කොටස මම මගේ හැම ඇප් එකකම බ්‍රෑන්ඩ් නේම් එක විදියට පාවිච්චි කරනවා. ඒක මගේ නමේ කොටසක් නිසා.ගණන් ගන්න එපා. මේ පහලින් තියෙන්නේ ඇප් එකේ ඉමේජස් ටිකක්. සරලයි වගේම ඔයාලගේ කාර්යයත් මේක ඉෂ්ඨ කරයි. ට්‍රයි කරලා බලන්න. ඇප් එකේ ෆයිල් සයිස් එකත් Kb වලින් යන්නේ.

මෙන්න පින්තූර



මෙන්න ලින්ක් එක

මෙතැන ක්ලික් කරන්න

ඔන්න එහෙනම් අදට ගිහින් එන්නම්

Thursday, April 13, 2017

කිරි ඉතිරේවා නව වසරේ...!



ඔන්න අද නම් පෝස්ට් එකක් දාන්න හිතාගෙන නෙමේ ආවේ.යාළුවෝකට්ටියටම හා හපුරා කියලා අවුරුද්ද ලබන්න කලින් සුභ පත්නන. යාළුවනේ ඔයාලා සියළු දෙනාටම ලබන්නා වූ නව වසර 

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා..!

කියලා එකසිතින් සුභ පතනවා.දිගටම බ්ලොග් එකත් එක්ක රැඳිලා ඉන්න යාළුවනේ. මම හිතාන ඉන්නවා ඉදිරියට විශාල වෙනස් කමක් මේ බ්ලොග් එකේ සිද්ධ කරන්න. ඊලඟ පෝස්ට් එකෙන් හමුවෙනකන් බුදු සරණයි ඔයාලා ඔක්කොටොම..

Monday, April 3, 2017

Deep Web & Dark Web ගැන දන්න සිංහලෙන්





මොකක්ද මේ කියන්න යන කථාව. මේක නෙට්වර්ක් වලට අදාළද .අපොයි නෑ හැබැයි මට මතකයි මම හැකින් සම්බන්ධ පොස්ට් එකේදී මේ ගැන ඉදිරියට කතා කරනවා කියලා ඉඟියක් දුන්නා. ඇත්තටම මොකක්ද මේ කියන්නේ. සරලව මේකයි

ඔයාලා ඉන්ටර්නෙට් එනවා, එහෙමත් නැත්නම් සප්ත මහා සාගරයක් වගේ තියෙන ඉන්ටර්නෙට් එක පීරනවා , සැරිසරනවා කියලා කියන්නේ අමුම අමු මෝඩ කථාවක් කියලා අද මම බය නැතිව ඔයාලට කියනවා. මොකද දන්නවද අපි මේ ගූගල් ‍ක්‍රෝම්, මොසිල්ලා ෆයර්ෆොක්ස්, සෆාරි, තව එකී නොකී මෙකී බහුබූත බ්‍රවුසර් වලින් ඇවිල්ලා මහ ලොකුවට හොයලා හොයලා කාලේ කාලා දමන්නේ සමස්ථ ප්‍රමාණයෙන් 1% -3% ත් අතර ප්‍රමාණයක් කිව්වොත් ඇත්තටම පිස්සු වගේ නේද? ඔව් . ඇත්තටම ඒක තමයි ඇත්තම කතාව. එතකොට කෝ අනික් 99 %- 97% ප්‍රමාණය ??? ඒක බහිරවයා ගිල්ලද?? ඒක කෝ??

කථාව මේකයි. ඇත්තටම අපිට සැරිසරන්න පුළුවන් එහෙමත් නැතිනම් surf web එකේ ප්‍රමාණය තමයි ඉහතින් කී කුඩා ප්‍රමාණය. අනික් විශාලතම ප්‍රමාණය අයිති වෙන්නේ deep web එකට හා dark web එකට. අපි අතපත ගාන surf web එකේ ආසන්න වශයෙන් වෙඩ් අඩවි (මගේ මේ හිච්චං සයිට් එකත් ඇතුළුව)  බිලියන 04ක් විතර තියෙනවලු. ඒ කියන්න 1% ක ප්‍රමාණයක් නම් හිතන්න deep & dark web වල කොච්චර ඇත්ද කියලා?? අහන්න එපා .තේරුමක් නෑ කොහෙත්ම. ඒක කාටවත් ගණනය කරන්න බැරි දෙයක් කියලා තමයි වැඩ්ඩෝ කියන්නේ. හරි මම මේ සප්ත මහා සාගරෙ ගැන කෙටියෙන් පහදන්නම් දිගටම. අහගෙන ඉන්න හරිද. මුලින්ම ඉල්ලීමක් ඉල්ලනවා දැනගත්තට කමක් නෑ ඒ පැත්තට යන්න එපා කියලා. මොකද මේ හැම මගුලින්ම ඔයාගේ අයිපී එක ට්‍රැක් වෙනවා මහත්වරුනේ. හරියට FBI එකට ගෙදර ඇඩ්‍රස් එක ලියලා තැපැල් කළා වගේ. අනිවා මාට්ටු වෙනවා ගියොත් නොදැන.අනික මේ තැන්වල අපරාධ මිසක් හොඳක් නම් නැත.


මුලින්ම කතා කරන්නම් DEEP WEB එක ගැන. මොකද ඒක සාපේක්ෂව DARK WEB එකට වඩා විශාල නිසා.

Deep Web එක කියලා කියන්නේ අපිට සමාන්‍ය බ්‍රවුසරයකින් බලන්න බැරි විදියට දත්ත හංගලා තියෙන සයිබර් අවකාශයකට. මතක තියාගන්න Deep Web එකේ නීති විරෝධි මෙන්න නීත්‍යානූකූල දේවලුත් තියෙනවා. හැබැයි හොරෙන් රිංගලා බලලා මාට්ටු උනොත් උස්සන් යන්නේ ඉන්ටර්පොල් එකෙන් තමයි. මොකක්ද මේ නීත්‍යානූකූල සහ නොවන කිව්වේත මම ගන්නම් උදාහරණයක්. මොකක් හරි ප්‍රසිද්ධ සමාගමක් ..උදා - SSBC Company කියලා කියමු (උදාහරණයක් විතරයි). මේ SSBC Company එකේ වෙබ් පිටුවට ඔයා ලොග් උනාම ඔයාට පෙන්නන්නේ පිටු 10 ක් පමණයි. ගූගල් හරි ෆයර්ෆොක්ස් හරි වෙන ඔන එකනින්. හරිද. හැබැයි මේ SSBC Company වෙබ් පිටුවේ ඇත්තටම පිටු 20ක් තියෙනවා. ඉතිරි පිටු 10 ඔයාලට සමාන්‍ය වෙබ් බ්‍රවුසරයකින් ගිහින් බලන්න පුළුවන් පහසුකම ලබාදීලා නෑ. මොකද ඒ පිටු ටික රඳවලා තියෙන්නේ dark web එකේ නිසා. ඒ පිටු වලට access කරන්න පුළුවන් අයිතිකරුවන්ට , කොටස් හිමියන්ට හෝ වෙනත් පාර්ශව වලට වෙන්න පුළුවන්. ඔයා මේවට මොන ක්‍රමේකින් හරි access කලොත්, ඒ බව SSBC Company එකේ අය දැනගත්තොත් අන්න අර මුලින් මම කිව්ව ඉන්ටර්පෝල් අයියලා එනවා අපේ කථාවට.මම ඉහතින් පෙන්නලා තියෙන රූපේ බලන්න ආයේ සැරයක්. ඒක හරියටම හරි. හැබැයි Deep Web එකේ නිත්‍යානූකූල නොවන දේවලුත් තියෙනවා කියන එක මෙහිදී මතක් කරන්න ඔනේ. මොකද මේක ඇත්තටම සැඟවිලා තියෙන අවකාශයක් නිසා.එතකොට කොහොමද මේ කියන අවකාශයට access කරන්නේ. හරි ඒ දේවල් අන්තිමට කියන්නම්. ඇයි හදිසි???

එතකොට Dark Web කියන්නේ??

ඇත්තටම මේක නම් වෙන්වෙලා තියෙන්නේ අමුම අමු මොන්ගල්, පිස්සු, දරුණු, විකාර , අසහනකාරයන්ට කිව්වොත් වඩාත නිවැරදියි.විකෘති මනසවල් ඇත්තවුන් සඳහාම වෙන්උන මේ කියන Dark Web එකේ සාමාන්‍ය මිනිහෙකුට ගිහින් ගන්න වැඩක් නම් නැත. ඒක නිසා යන්නත් එපා.මතක තියාගන්න Dark Web එක ප්‍රමාණයෙන් Deep Web එකට වඩා කුඩායි සහ සැරිසරන ප්‍රමාණය අඩුයි. හැබැයි බිහිසුණු කම අතින් අන්තිම දරුණුයි Dark Web එක. දැන් අපි කතා කරමු Dark Web එකේ බිහිසුණු කම ගැන.

1. මේ තැන මීනී මස් එහෙමත් නැතිනම් මිනිස් මස් විකුණන්න අසහන කාරයින් භාවිතා කරන ස්ථානයක්. මෙහෙම කිව්වම කුණුහරුප වගේ නේද?ගණන් ගන්න එපා. Dark Web එකේදී ඔයා මේ විදියේ ස්ටෝල් එකකට ඇතුළු උනොත් ඔයාට පුලුවන් ඒ ස්ටෝල් එකේ ඉන්න පණ සහිත තමන් කැමති මනුස්සයෙක් තමන් කැමති ආකාරයට මරණ දර්ශණය සජිවීව නරඹන්න. ඒ වගේම තමන්ගේ ලිපිනයට ඒ මස් ගෙන්නා ගැනීමටත් පහසුකම් සපයනවා එයාලා.මේක අමුම දරුණුයි. ඒකයි ඒකකින් විස්තර කරන්න පටන් ගත්තේ (Cannibalism). සමාවෙන්න


මේ බ්ලොග් එකේදී ලියන්න පුළුවන් සීමාවක් තියෙන නිසා මම අනිවා ඒ සීමාව තුළ ඉදන් තමයි ලියන්න ට්‍රයි කරන්නේ යාළුවනේ.

2. කුලියට මිනී මරණ කණ්ඩායම් සහිත අඩවි. මේතැනකට ඔයා ඇතුළත් උනොත් ඔයාට මේ කුලී ඝාතකයින්ගේ සේවාව ලබා ගැනීමට අවකාශය සැලසෙනවා. මෙයාලා අනිවා පට්ටම ඒස්පටීස්ලා මේ සබ්ජෙක්ට් එකට. ලෝකේ අනික් කෙළවරට ඕඩර් එකක් දුන්නත් පිළිවෙලට අහුනොවෙන්න ගේමක් දෙන්න මෙයා ලැස්තීයි. ඔයාලාට අවශය නම් සජිවී දර්ශණ උනත් මෙයා පිළියෙල කරලා දෙන සයිස්. ඒ කිව්වේ හැකර්ලා ,මිනීමරුවෝ ඔක්කෝම එකට සෙට් වෙලා තමයි ඉන්නේ (Hitmans)

3.රතු කාමර. මේවායේ අමුම අමු විකාර සහිත අසහන කාරයින්ට අමානුෂිය මිනිමැරීම්, දුෂණය කිරීම්, කැපීම් කෙටීම් සහිත විඩියෝස් එහෙම (පටිගත කරපු සහ සජිවී) බලා ගන්න අවස්ථාව සැලසෙනවා. ඇත්තටම මම පටන්ගනිද්දීම කිව්වේ ඒකයි දැනගත්තට කමක් නෑ පැත්ත පලාතෙනම් යන්න එපා කියලා. (Red Room)

තව මේ වගේ එකී නොකී මෙකී දහසකුත් දේවල් මේ කියන Dark Web එකේදී මුණගැහෙනවා. හැබැයි නීත්‍යානූකූල කිසිම දෙයක් නම් නැත.යන්නත් එපා.


මතක තියා ගන්න Dark Web හෝ වේවා Deep Web එක හෝ වේවා මේවට ඇතුළු වෙන්න සරලව නම් බෑ. මේවට පට්ටම සිකුරිටි ස්ටෙප්ස් තියෙනවා. ඒවා ඔක්කොම positive උනොත් තමයි පුතේ ඔයාට ඇතුළුට යන්න අවකාශය ලැබෙන්නේ සරියා. තව දෙයක් මතක තියා ගන්න මේ හැම තැනකදීම ඔයාට ගෙවලා තමයි සේවාවක් ලබා ගන්න වෙන්නේ. මේවායේ කිසිම දෙයක් ෆ්‍රී නම් නැත. ඒක නිසා ඔයාගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් ගහලා නම් මේවායේ සල්ලි ගෙවන්න බෑ. මේ තැන් වලදී ගණුදෙණු සිද්ධ වෙන්නේ බිට් කොයින්ස් (Bit Coins) වලින් විතරමයි.මොකද අනිත් හැම ගෙවීම් ක්‍රමයක්ම track and trace කරන්න පුළුවන් නමුත් බිට් කොයින්ස් (Bit Coins) නම් ලොවෙත් ට්‍රැක් කරන්න බැරිය. ඒ නිසා අපරාධ ලෝකේ නිළ මුදල් මාධ්‍යය වෙන්නේ බිට් කොයින්ස් (Bit Coins) ම තමා.(අන්තර්ජාල මුදල් වර්ගයක්.පාඩමට අදාළ නොවන නිසා විස්තර නොකරමි.)

හරි දැන්ම කියන්නම් කොහොමද ආසාවට හරි මේ කියන Deep Web & Dark Web වල සැරි සරන්නේ කියලා. මේකට ඔයාලට සියළු පහසුකම් සහිතව (ආරක්ෂාව, පහසුව ඇතුළු සියල්ල) සේවා සපයන්න වඩාත්ම ඉදිරියෙන් තියෙන්නේ Tor කියන වෙබ් බ්‍රවුසර් එක (Tor Browser). මෙන්න ලින්ක් එක බ්‍රවුසරේ.මෙතැනින් යන්න. මේකෙන් යද්දී ඔයාලගේ අයීපී ඇඩ්‍රස් එක track වෙන එක  වලක්වා ගැනීමට හැකියාව තියෙනවා.මම Tor බ්‍රවුසර් එක ගැනනම් ලොකුවට කියන්න යන්නේ නෑ. මොකද පනින රිලවුන්ට ඉනිමං බඳීන් හොඳ නැති නිසා. ඒක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගෙනම බලන්න. හැබැයි පුතේ මේකේ අර chrome, firefox වගේ වචන search කරලානම් ඉහතින් කිව්ව සයිට් වලට යන්න බෑ. ලින්ක් එකම අවශ්‍ය වෙනවා හොඳේ.

අන්තිමේ මේ ලිපියෙන් අදහස් කලේ මෙහෙමත් ලෝකයක් අපි ඉස්සරහ තියෙනවා කියලා දැනුවත් කරන්න විතරයි. වැරදිලාවත් යන්න එපා. ගියොත් විනාශයක් තමයි. ඒ අවදානමේ වගකීම තමන් සතුයි කියලා නැවත නැවතත් මතක් කරමින් අදට ගිහින් එන්නම් තව ලිපියක් අරන් ඉක්මනටම

ඉතිරිටික ඉක්මනට කියන්නම්.අදට ගිහින් එන්නම්

Wednesday, March 22, 2017

Subnet Mask ගැන කථා කරමුද

මම අද කථා කරන්න හදන මාකෘකාවට අඩිතාලම දාලා තියෙන්නේ මේ බ්ලොග් එකේ මුලම හරියේ පළ කරපු IP Address කියන පෝස්ට් එකෙන්. ඒකෙන් කිව්වා හැකි ඉක්මනින් මේ කියන subnet mask එක ගැන කියලා දෙනවා කියලා. කොහෙද ඉතින් ඒකට වෙලාවක් හම්බු උනේ නෑනේ. ඔන්න අද හිතාගත්තා ඒ කථාවත් කියලා ඉවරයක් කරන්න ඕනේ කියලා.මුලින්ම කියනවා මට මේක එක දවසින් නම් ලියලා ඉවරයක් කරන්න බැරිවෙයි.ඒකට තරහ අවසර.මොකද විභාගේ අත ලඟ.අත පොත ලඟ. ඒක නිසා.මොකක්ද මේ subnet mask එක. මොකටද ඒක භාවිතා කරන්නේ. ප්‍රශ්ණ නේද

Subnet mask එකක් අපිට වැදගත් වෙන්නේ අපි නෙට්වර්ක් එකක් ඩිසයින් කරද්දී ඒකේ ඇතුළත් කරන්න පුළුවන් host ගණන (ඔව්.නොඩ්ස් කිව්වෙත් ඒකටම තමයි) තීරණය කරන්න අපිට මේ subnet mask එක භාවිතයට ගන්න පුළුවන්. කොහෙමද ඒ කියලා අපි ටිකින් ටික කතාව පැහැදිලි කරගෙන යමු.

මේ පහලින් දාලා තියෙන කථාව දැන් වෙද්දි ක්ලියර් නේද.මේක ඉස්සුවේ කලින් පොස්ට් එකෙන්

අපි A Class එක උදාහරණයක් විදියට ගම්මු. අපි A Class එකේ network id එකයි host id එකයි වෙන වෙනම වෙන් කලොත් ඒක එන්නේ මේ විදියට නේද

network id     host id       host id        host id

අපි ඒක binary no වලින් කන්වර්ට් කරලා කිව්වොත් මේ විදියට තමයි එන්නේ
11111111      00000000       00000000       00000000

එතකොට මේ binary nos ටික values වලට කන්වර්ට් කලොත් එහෙම මෙන්න මේ විදියටයි පෙන්නන්නේ.

255.0.0.0

හරියටම මේ පහල තියෙන රූපේ වගේ

කථාව clear උනා නේද. මම හිතන්නේ මේක හොදටම පැහැදිලි වෙන්න ඇති කියලා. මේ තියරියම අනෙක් class වලටත් අප්ලයි කරලා බලන්න.ඒවාටත් මේ වගේම හදලා බලන්න.

මෙන්න class B එකට ඒක ඇප්ලයි කළාම


අදට ගිහින් එන්නම් තාම ඉවර නෑ හොඳේ. තව ටිකක් තියෙනවා නිරස උනාට ❤❤❤❤

මොනවද මේ Broadband ?



ඔන්න අද මම කථා කරන්න හිතුවා තවත් ලස්සන වචනයක් ගැන. මේකත් නිතරම ටීවී එකේ පත්තරේ සහ එක එක තැන්වල බහුලව කියවෙන වචනයක්. ඒ තමයි Broadband කියන වචනේ. හරි ඒ ගැන කථා කරන්න කලින් අපි පහුගිය පාඩම් වල කතා කරපු තවත් වචන කිහිපයක් ගැනත් කෙටියෙන් දැනගනිමුකෝ නේද එකෙන්ම.
Bandwidth - මොකක්ද මේ හරුපේ. සෑහෙන්න කතා කලා කලින් පාඩම් වල. මේකෙන් කියන්නේ අප විසින් බාවිතා කරනු ලබන ජාල මාධ්‍යයේ(කම්බියේ) ගෙන යා හැකි දත්ත ප්‍රමාණය කියලා කිව්වොත් වඩාත් පැහැදිලි වෙයි කියලා හිතනවා. මේක Hz (හර්ට්ස්) වලින් හෝ b/s (තත්පරේට කිලෝ හෝ මෙගා හෝ ගිගා හෝ ටෙරා බිට් වේගයෙන්) ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා.
ඒකත් ඉවරයි. දැන් කථා කරමු media ගැන. මොනවද මේ bandwidth එක ගෙන යාහැකි මාධ්‍යයන්. සරලයි. අපි කලින් පාඩම් වලින් කථා කලා වගේ
·         Twisted pair copper cable
·         Fiber optic
·         Wave
වගේ මාධ්‍යයන් බාවිතා කරනවා. සමහ තැන්වල Bandwidth කියන පදේ Band කියලා කෙටි කරලත් කියනවා වචන ඉතුරු කරගන්න වෙනටැති.දැන් එමු Broadband වලට. මේකෙන් කියන්නේ විශාල Bandwidth සහිත සම්බන්ධතාවය කියලයි. ඒ කියන්නේ Bandwidth එක විශාල වශයෙන් ඇති ජාල කරණයක් මේ නමින් හඳුන්වනු ලබනවා. සරලයි නේද.ඔයාලත් අහලා ඇතිනේ ඇඩ් යනවා අධීවේගී Broadband අන්තර්ජාල සම්බන්ධතාව ඔබත් අදම මිලදී ගන්න කියනවා එකෙන්ම SLT ලා එහෙම.
අන්තර්ජාල සම්බන්ධතාව සහිතව ඉදිරිපත් කරන Broadband සම්බන්ධතා පහත විදියට බෙදලා වෙන් කරනවා
·  Narrow Broadband   - ඒ කියන්නේ ස්පීඩ් එක අවම Kb/s වලින් යන Broadband connections
· Broadband  - ස්පීඩ් එක මධ්‍යම Mb/s වලින් යන Broadband connections
·  Ultra Broadband    - හරියටම කිව්වොත් ස්පීඩ් එක පට්ට උපරිම Gb/s වලින් යන Broadband connection

සරලයි නේද වැඩේ. අදට ගිහින් එන්නම් යාළුවනේ..

ප.ලි - මේක ඔයාලගේ අමතර දැනුමට. මේ වෙනකම් හැක් කරලා තිබුනේ නැති ඒත් විද්‍යාඥයින් නිරතුරුවම අනතරු අඟවලා තිබුණු අන්තර්ජාලයට සම්බන්ධිත මුද්‍රණ යන්ත්‍ර එහෙමත් නැතිනම් PRINTERS විශාල ප්‍රමාණයක් පසුගිය පෙබරවාරි මාසයේදී හැක් කිරිල්ලකට යටත් වෙලා තිබ්බා කියලා ආරංචියක් ආවා. හොයලා බැලුවම කතාව ඇත්ත. හැබැයි මේ හැකර් දරුණු දෙයක් නම් කරලා තිබ්බේ නෑලූ. එයාගේ TWITTER එකවුන්ට් එකයි EMAIL ලිපිනයයි තව සංකේත වලින් අදිනු ලැබූ රොබෝවෙකුයි මේ හැක් කිරිල්ලට ලක් උණ මුද්‍රණ යන්ත්‍ර වලින් මුද්‍රණය වෙන විදියට ක්‍රියා කරලා විතරලු තිබුණේ. බලන්නකෝ එකෙත් හැටි. හරියට එයා මෙහෙමත් අවදානමක් ලෝකෙට තියෙනවා කියලා පෙන්නන්න කළ වගේද කියලත් හිතෙනවා. 

Thursday, March 9, 2017

කවුරුත් දන්න ඒත් නොදන්න ADSL

මොකක්ද අප්පා මේ කවුරුත් දන්න ඒත් නොදන්න ADSL කියන්නේ.? දන්නේ කියලා කිව්වේ ADSL කියන වචනේ අද ඉන්න පුංචිම ලමයත් අහලා තියෙන නිසා. ඒත් ගොඩාක් දෙනෙක් ADSL ගැන හරියට දන්නේ නෑ නේද? දන්න එකම දේ මේකෙන් ඉන්ටනෙට් යනවා කියන එක විතරනේ.

ඇත්ත තමයි. මේකෙන් Internet යන්න පුළුවන් තමයි. හැබැයි මේ තාක්ෂණය ඇතුලේ ගොඩාක් කථා තියෙනවා අපි නොදන්න. උදාහරණයක් විදියට කොහොමද මේ තඹ කම්බිය දිගේ ටෙලිෆෝන් ලයින් එක, ඉන්ටනෙට් සහ පියෝටීවී(IPTV) කියන තාක්ෂණ 03ම ගමන් කරන්නේ? ප්‍රශ්ණ නේද? හරි දැන් පිළිවෙලට ඉගෙන ගම්මු.

ADSL එහෙමත් නැත්නම් දිගට ඇදලා කිව්වම Asymmetric digital subscriber line කියලා අපි හඳුන්වන තාක්ෂණය ISDN කියන තාක්ෂණයට පස්සේ (ඇත්තටම කිව්වොත් ISDN විනාශ කරමින්) කරළියට ආව සහ තවමත් දෙයියනේ කියලා තැනක ඉන්න තාක්ෂණයක්. ඒකට හේතුව ඉහතින් සඳහන් කළ 03 in 01 සීන් එක.ඔයාලා දැකලා ඇති slt වගේ ISP කෙනෙක්ගෙන් දුරකථන ,අන්තර්ජාල පහසුකම් ගත්තහම වයර් මාර්ගයෙන් (රැහැන් මාර්ගයෙන්) සම්බන්ධතාවය ලබාදෙනවා. හරි ඒ රැහැන් ඇතුලේ තඹ කම්බි 02ක්. සමහරවිට ඔයාලා දැකලත් ඇති. අන්න තඹ කම්බි වලින් තමයි ඔය ඔක්කොම ගේම් දෙන්නේ.මේ කිව්ව copper cable එකේ bandwidth එක විදියට පෙන්වලා දෙන්න පුළුවන් 4Khz. එවගේම මතක තියාගන්න අපේ කටහඩේ ප්‍රමාණය 04Khz. එතකොට අපි මේ කථා කරන තඹ කම්බි දිගේ දෙයියනේ කියලා කටහඩ යවන්න එහෙමත් නැත්නම් දුරකථන ඇමතුමකට සෑහෙනවා නේද? හැබැයි එතනින් එහාට විශේෂිත වූ සේවාවන් සදහා මේ කියන සංඛ්‍යාතය ප්‍රමාණවත් වෙන්නේ නම් නෑ. අන්න එතැනදී තමයි මේ කියන තාක්ෂණික පැත්ත දිගහැරෙන්නේ.

අපි මේ කථා කරපු කිලෝ හර්ට් 04 (Khz)තඹ කම්බිය තුළින් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙන විශේෂිත වූ සේවාවන් ලබා ගන්න මේ copper cable එක හරහා යන 4khz සිග්නල් එක අනිවා වැඩි කරගන්න ඕනේ. එ කියන්නේ කම්බියේ bandwidth එක expand කරගන්න සිද්ධ වෙනවා. එතකොට මොකක්ද කරන්නේ තාක්ෂණික පැත්තෙන්. මේකයි වෙන්නේ. ADSL Modem 02 ක් මගින් මේ copper cable එක modulate සහ demodulate කිරිම කරනු ලබනවා.ඒ කියන්නේ exchange එකෙ සිට subscriber (user) දක්වා සහ subscriber (user) සිට exchange එක දක්වා මේ කියපු modulate / demodulate ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න රූපසටහන පැහැදිලි කරගන්න

එතකොට අර කලින් කියපු 4khz පමණක් ගමන් ගත්ත කම්බියේ bandwidth එක විශාල ප්‍රමාණයකින් වැඩි කරගැනීමේ හැකියාව ලැබෙනවා. හැබැයි මේ කියපු modulate / demodulate ක්‍රියාවලියට දුර ප්‍රමාණය කියන සාධකය බෙහෙවින් බලපානූ ලබනවා. එ කිව්වේ khz ප්‍රමාණය(සංඛ්‍යාතය) වැඩි වෙන්න වැඩි වෙන්න ගමන් කළ හැකි දුර අඩුවන අතර, සංඛ්‍යාතය අඩුවන්න අඩුවන්න ගමන් කළහැකි දුර ප්‍රමාණය වැඩිවෙනවා. මෙන්න මේ වගේ.


දැක්කද ඒ කේස් එක. ඒ කියන්නේ වැඩි සංඛ්‍යාතයක් ගනු ලබන විශේෂිත සේවාවන් (ip ටීවි සම්බන්ධතා, අන්තර්ජාල) වැනි සේවාවන් ආවරණය කළ හැකි පරාසය අඩු සීමාවක් විදියට තමයි දක්වන්න පුළුවන්.අපි මේ කථාකරපු ADSL තාක්ෂණය භාවිතා කළත් copper cable එකේ තියෙන limitation එක නවත්තන්න නම් බෑ පුතේ එකෙනුත්.ඒක නිසා ADSL service එකේ පරාසය කිලෝමීටර් 05 ට අඩු වපසරියකට සීමා වෙලා තියෙනවා.ඊට වැඩි සේවාවන් (ඒ කියන්නේ විශාල සංඛ්‍යාතයක් ඉල්ලන සේවාවන්) තවත් අඩු වපසරියකින් යුතුව තමයි බෙදා හැරීම සිදුවෙන්නේ.

පල්ලෙහා තියෙන ප්‍රස්ථාරයෙන් බලාගන්න පුළුවන් කොහොමද තනි ලයින් එකේ කටහඩ සහ දත්ත බෙදිලා යන්නේ කියලා


දැක්කා නේද සිද්ධිය. මේකේ නිල් පාටින් දක්වලා තියෙන්නේ voice පරාසය.හරි දැන් බලන්න data කියලා තියෙන කොටසේ upstream හා downstream කියලා 02ක් තියෙනවා නේද? හැබැවි ඒ 02කේ ප්‍රමාණයන් අසසමිතිකයි නේද? මොකක්ද ඒකට හේතව කියලා හිතන්නේ. හරිම සරලයි. ඔයාලා මොකක් හරි ඉන්ටර්නෙට් පැකේජ් එකක් ගත්තොත් ඔයාලට ඒකෙන් වැඩිපුරම අවශ්‍ය වෙන්නේ දත්ත නැත්නම් data ඩවුන්ලොඩ් කරගන්න නේද? අපි හැමෝම අප්ලෝඩ් (upload) එහෙමත් නැත්නම් පිරිසිදු සිංහලෙන් කියනවා නම් උඩුගත කරන ප්‍රමාණය අවමයි නේද? අන්න ඒක නිසා තමයි upstream එකට ලබා දෙන ප්‍රමාණය අඩු කරලා downstream එකේ ප්‍රමාණය වැඩි කරලා තියෙන්නේ.දැන් තේරුණද නියමෙටම.

තව දෙයක් මතක තියාගන්න මේක ADSL කියලා කියන එකේ A අකුරෙන් හඳුන්වනු ලබන්නේ Asymmetric එහෙමත් නැතිනම් අසසමිතිකයි කියන තේරුම. ඒ කියන්නේ up & down streams සමාන නෑ කියන එක. එක හින්දා තමයි ප්‍රමාණයන් 02කින් එම streams යුක්ත වෙන්නේ. හැබැයි ඔයාලට අවශ්‍ය නම් SDSL ලයින් උනත් ගන්න බැරිකමක් නෑ. ඒ කියන්නේ Symmetric එහෙමත් නැත්නම් ඉහතින් සඳහන් කළ streams 02ක එක සමාන ලයින්ස්.ඒ කියන්නේ අප්ලොඩ් ස්පීඩ් එක සහ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක සමාන කියන එක.

මේ කථාවම මම දිගටම ඉස්සරහට ගෙනියන්නම්. ඔයාලා දන්නවනේ ටෙලිෆෝන් ලයින් එක exchange එකට ගිහින් සම්බන්ධ වෙනවා කියලා. එතකොට data line එකට මොකද වෙන්නේ. දෙයියන්ගේ පිහිටෙන් data line එක voice line එකත් එක්ක කලවම් වෙලා දෙකම එකට යන්නේ නැත. ඒ කියන්නේ DSLAM (digital subscriber line access multiplexer)  නමින් හදුන්වනු ලබන වෙනම ඒකකයකට තමයි මෙම data line එක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ එතැනින් තමයි core network එකට සහ ISP ගේ network එකට සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ රූපය බලන්න(මතක ඇතිව දකුණේ ඉඳලා වමට බලාගෙන එන්න)


දැන් වැඩේ ක්ලික් නේද. හරි ඔන්න ඔය විදියට තමයි ADSL ලයින් එක වැඩ කරන්නේ. හැබැයි මතක තියා ගන්න මේ ලයින් එකේ අදටත් ගොඩාක් දුවන්නේ තඹ කම්බි.(twisted pair) ඉතින් ඒක නිසා කොච්චර කළත් විවිධාකාර බාධක (crosstalks, interferences, attenuation  ) අම්බානෙක තියෙන්න පුළුවන්. ඒ නිසා ලයාන් එකෙන් සපොට් කරන වේගය සීමා වෙන්නත් පුළුවන්. මෙකට හොඳම විසඳුමක් විදියට හඳුන්වලා දෙන්න පළුවන් fiber optic තමයි. මොකද fiber වල අපි ඉහතින් සඳහන් කළ බාධක (crosstalks, interferences, attenuation  )  වගේ දේවල් ඉතාමත් සීමිත ප්‍රමාණයක් පමණයි ඇතිවීමට හැකියාවක් තියෙන්නේ. ඒක නිසා ගෙදරට කේසේ වෙතත් අඩු ගානේ exchange එක වෙනකම් වත් core network එකේ ඉඳන් fiber වලින් ඇඳගන්න පුළුවන් උනොත් ටිකක් හරි ස්පීඩ් එක වැඩිකරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හැබැයි ඉතින් exchange එකෙන් සේවාව බෙදා හරින ග්‍රාහක පිරිස අනුව තමයි මේකේ වේගය ඉහලින්ම තීරණය වෙන්නේ කියලත් මතක තියාගන්න.

එහෙනම් මේ ලිපිය මේ විදියට හමාර කරන්නම්. තව මොකක් හරි මතක් උනොත් අනිවා මේ පොස්ට් එක අප්ඩේට් කරන්නම්. අළුත් ලිිපියකින් ඉක්මනටම හමුවෙමු..

 
Angry Birds -  Help