sticky_note_PNG18952.jpg

C Programming Language පළමු පාඩම

ඔන්න අද අපි C Programming Language එක ආරම්භ කරන්න යන්නේ.ඒ කියන්නේ හා හපුරා කියලා මුල් පියවර එකෙන්ම තබන්න යන්නේ.මේ භාෂාව නෝට් පෑඩ් එකක එහෙම ටයිප් කරලා output එකක් run කරලා බලන්න බෑ.මේකට coding කරන්න සුවිශේෂි platform එකක් තියෙන්න ඕනේ.ඒ විදියට coding කරන්න හදපු මෘදුකාංග කිහිපයක් තියෙනවා ජනප්‍රිය.තව එව්වා ඇති.මේවා මම අත්හදා බලපුවා.මෙන්න ඒවා

Code blocks මෙතැනින් download කරගන්න
TurboC මෙතැනින් download කරගන්න
C-Free මෙතැනින් download කරගන්න

මෙතැන තියෙන තියෙන මෘදුකාංග වලින් මම නම් ටිකක් විතර වැඩිපුර ආස C-Free කියන මෘදුකාංගයට.මොකද ඒක ටිකක් අනික්වට වඩා සරල නිසා. ඒ වගේම මම ඉදිරියට ටියුට් ටික එහෙමත් දාන්න ඉන්නේ C-Free මෘදුකාංගය උපයෝගී කරගෙන.මේක ඇත්තටම free නම් නෙමේ හැබැයි.ඔයාලට key එකක් එහෙට ඕනෙනම් කියන්න.අනිවා බෑ නොකියා දෙනවා.හරි මේ ඇප් එක දීලා තියෙන ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගෙන install කරගන්න. ඊට පස්සේ ඕපන් කරගන්න. එතකොට ඔයාලට මෙහෙම වින්ඩෝ එකක් එයි.මතක තියාගන්න ඔයාලා code කරන්නේ මේ වින්ඩෝ එකේදී කියලා.


දැන් ඔයාලට මේකේ නිදහසේ කෝඩ් කරගෙන යන්න පුළුවන්.දැන් ඊලඟට එන ප්‍රශ්ණේ මොනවද කෝඩ් කියන එකනේ.හරි අද අපි ඕනෑම භාෂාවක් ඉගෙන ගන්න කොට මුලින්ම ඉගෙන ගන්න hello world කියන command එක print එකක් විදියට ගන්න විදිය ඉගෙන ගම්මු.ඒ එක්කම coding interface එක ගැනත් චුට්ටක් විතර ඉගෙන ගම්මු.

# include<stdio.h>
int main (){
printf("Hello world.!\n");
return 0;
}

මෙන්න මේ කියන සරලම code එක අපි  C-Freeමෘදුකාංගය යොදාගෙන ක්‍රියා කරවලා බලමු. මෙතැනදී මට output එක විදියට Hello world.! කියන දේ print කරගන්න තමයි අවශ්‍ය.

මෙන්න මම code එක C-Freeමෘදුකාංගයේ ටයිප් කලා මේ විදියට

දැන් ඔයාලට පේනවා ටූල් බාර් එකේ තියෙනවා කොට පාට තිකෝනයක් වගේ අයිකන එකක්.ඒක තමයි run කියන කමාන්ඩ් එක දෙන button එක.එක ක්ලික් කලාම ඔයාලගේ code එක built වෙලා ලස්සනට run වෙලා මේ විදියට output එකක් වෙයි.


දැන් ඔන්න ඔයාලට ඔයාලා ටයිප් කරපු code වලින් print එකක් ලැබුණා මේ විදියට.හරි දැන් ඇත්තටම මේ ඔක්කොම ග්‍රීක් වගේන .අපි දැන් සරලව ඉගෙන ගමු පියවරෙන් පියවර කොහොමද මේ විදියට code කරන්නේ.

# include<stdio.h> - මේ අපි කථ කරන්නේ header file එක ගැන.මේක ඇත්තටම කලින් සකස් කරන ලද මේ භාෂාව වැඩිදියුණූ කරනු ලැබූවන් විසින් කලින් ඇතුලත් කරන ලද library file එකක් කිව්වොත් වඩාත් නිවැරදියි.මෙහිදී stdio කියලා කියන්නේ සම්මත ආදාන හා ප්‍රතිදාන වලට පහසුකම් සැලසීම යන්නයි (standard input / output )h කියන්නේ header එක ගැන.එතකොට මේ header එක මඟින් අපිට ආදාන / ප්‍රතිදාන ලබාගැනීමට ඉඩ පහසුකම් සලසා දෙනවා.

int main () - මෙහිදී අපි int යන්න හා main යන්න වෙන වෙනම සලකා බැලිය යුතුයි. int යන්නෙන් integer වර්ගය නිරූපනය වේ.main යන්නෙන් අප විසින් භාවිතා කරන මූලික Function එක පෙන්වා දෙනු ලබයි. යම් වැඩසටහනක විවිධාකාර  Function ගෙඩාක් තිබුණද අනිවා main function එකක් සඳහන් විය යුතුමය. () මඟින් ඉදිරියෙන් ඇත්තේ function එකක් බව වැඩසටහනට දැනුම් දෙනු ලැබේ.එනම් main යනු function එකක් ලෙස හඳුනාගත හැක්කේ ()මඟිනි.{} මෙන්න මේ සඟල වරහනෙන් තමයි function එකට අදාල කොටස් ඒ කියන්නේ ගණිත කර්මය හෝ print වෙන දේවල් ඇතුළත් කරලා පෙන්වන්නේ. ඒ කියන්නේ මේ සඟල වරහන් දෙක ඇතුලේ තමයි coding part එකේ ඉතුරු සියල්ල සිද්ධ වෙන්නේ.අපේ මේ උදාහරනේ නම් Hello world.! කියන දේ print වෙන විදිය අපි ලියලා තියෙන්නේ මේ සඟල වරහන් ඇතුලේ

printf("Hello world.!\n"); - මේකේ අපි යම් දෙයක් print කිරීමක් කරනවානම් ඒහෙමත් නැතිනම් තිරය මත මුද්‍රණය කරනවානම් අපි යොදා ගනු ලබන්නේ මේ කියන print command එක.තව මේ වගේ එක එක දේවල් වලට වෙන වෙනම command තියේ. ඒවා ඉදිරියට ඉගෙන ගම්මු.අපිට ප්‍රින්ට් කරන්න අවශ්‍ය දේ අනිවා (" ") ඇතුලේ තමයි ලියවෙන්න ඔනේ.ඒවා සම්මතයන්. හරිද.මේව ලොවෙත් වෙනස් වෙන්නෙ නම් නෑ.එතකොට \n කියන්නේ මෙකක්ද.මේ කෙන් line එක break කරනවා. මේක නොදා code එක run කරලා බලන්න.දැක්කා නේද?  ; කියන සංකේතය අමතක උනොත් මුළු වැඩසටහනම වැරදී පුතේ.හැබැයි මෙයා ඔයාලට ලේසි වෙන්න වැරද්ද තියෙන තැන පෙන්නනවා මේ වගේ.

return 0; - මේකෙන් කියන්නේ අපි මේ ලියපු වැඩසටහනටint main යනුවෙන් භාවිතා කළ function මඟින් integer return එකක් ඇති බව පෙන්නුවා.නමුත් අපි display එකට print එකක් ගත්තා මිසක් පිටට out එකක් ගියේ නෑනේ. ඒ නිසා return 0 ලෙස ලියන්න පුළුවන් බය නැතුව. මේකටත් ; අනිවා භාවිතා කරන්න ඕනේ.

} -  අපි මුලින් ඕපන් කරපු සඟල වරහන මේ විදියට වහලා වැඩසටහන සම්පුර්ණ කළා. එච්චරයි . වැඩේ සරලයි නේද.

2වැනි පාඩමෙන් ඉක්මනට හමුවෙමු.ගැටළු තියේ නම් අනිවා අහන්න.

0 අදහස්:

Post a Comment

 
Angry Birds -  Help