sticky_note_PNG18952.jpg

Wednesday, March 22, 2017

Subnet Mask ගැන කථා කරමුද

මම අද කථා කරන්න හදන මාකෘකාවට අඩිතාලම දාලා තියෙන්නේ මේ බ්ලොග් එකේ මුලම හරියේ පළ කරපු IP Address කියන පෝස්ට් එකෙන්. ඒකෙන් කිව්වා හැකි ඉක්මනින් මේ කියන subnet mask එක ගැන කියලා දෙනවා කියලා. කොහෙද ඉතින් ඒකට වෙලාවක් හම්බු උනේ නෑනේ. ඔන්න අද හිතාගත්තා ඒ කථාවත් කියලා ඉවරයක් කරන්න ඕනේ කියලා.මුලින්ම කියනවා මට මේක එක දවසින් නම් ලියලා ඉවරයක් කරන්න බැරිවෙයි.ඒකට තරහ අවසර.මොකද විභාගේ අත ලඟ.අත පොත ලඟ. ඒක නිසා.මොකක්ද මේ subnet mask එක. මොකටද ඒක භාවිතා කරන්නේ. ප්‍රශ්ණ නේද

Subnet mask එකක් අපිට වැදගත් වෙන්නේ අපි නෙට්වර්ක් එකක් ඩිසයින් කරද්දී ඒකේ ඇතුළත් කරන්න පුළුවන් host ගණන (ඔව්.නොඩ්ස් කිව්වෙත් ඒකටම තමයි) තීරණය කරන්න අපිට මේ subnet mask එක භාවිතයට ගන්න පුළුවන්. කොහෙමද ඒ කියලා අපි ටිකින් ටික කතාව පැහැදිලි කරගෙන යමු.

මේ පහලින් දාලා තියෙන කථාව දැන් වෙද්දි ක්ලියර් නේද.මේක ඉස්සුවේ කලින් පොස්ට් එකෙන්

අපි A Class එක උදාහරණයක් විදියට ගම්මු. අපි A Class එකේ network id එකයි host id එකයි වෙන වෙනම වෙන් කලොත් ඒක එන්නේ මේ විදියට නේද

network id     host id       host id        host id

අපි ඒක binary no වලින් කන්වර්ට් කරලා කිව්වොත් මේ විදියට තමයි එන්නේ
11111111      00000000       00000000       00000000

එතකොට මේ binary nos ටික values වලට කන්වර්ට් කලොත් එහෙම මෙන්න මේ විදියටයි පෙන්නන්නේ.

255.0.0.0

හරියටම මේ පහල තියෙන රූපේ වගේ

කථාව clear උනා නේද. මම හිතන්නේ මේක හොදටම පැහැදිලි වෙන්න ඇති කියලා. මේ තියරියම අනෙක් class වලටත් අප්ලයි කරලා බලන්න.ඒවාටත් මේ වගේම හදලා බලන්න.

මෙන්න class B එකට ඒක ඇප්ලයි කළාම


අදට ගිහින් එන්නම් තාම ඉවර නෑ හොඳේ. තව ටිකක් තියෙනවා නිරස උනාට ❤❤❤❤

මොනවද මේ Broadband ?



ඔන්න අද මම කථා කරන්න හිතුවා තවත් ලස්සන වචනයක් ගැන. මේකත් නිතරම ටීවී එකේ පත්තරේ සහ එක එක තැන්වල බහුලව කියවෙන වචනයක්. ඒ තමයි Broadband කියන වචනේ. හරි ඒ ගැන කථා කරන්න කලින් අපි පහුගිය පාඩම් වල කතා කරපු තවත් වචන කිහිපයක් ගැනත් කෙටියෙන් දැනගනිමුකෝ නේද එකෙන්ම.
Bandwidth - මොකක්ද මේ හරුපේ. සෑහෙන්න කතා කලා කලින් පාඩම් වල. මේකෙන් කියන්නේ අප විසින් බාවිතා කරනු ලබන ජාල මාධ්‍යයේ(කම්බියේ) ගෙන යා හැකි දත්ත ප්‍රමාණය කියලා කිව්වොත් වඩාත් පැහැදිලි වෙයි කියලා හිතනවා. මේක Hz (හර්ට්ස්) වලින් හෝ b/s (තත්පරේට කිලෝ හෝ මෙගා හෝ ගිගා හෝ ටෙරා බිට් වේගයෙන්) ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා.
ඒකත් ඉවරයි. දැන් කථා කරමු media ගැන. මොනවද මේ bandwidth එක ගෙන යාහැකි මාධ්‍යයන්. සරලයි. අපි කලින් පාඩම් වලින් කථා කලා වගේ
·         Twisted pair copper cable
·         Fiber optic
·         Wave
වගේ මාධ්‍යයන් බාවිතා කරනවා. සමහ තැන්වල Bandwidth කියන පදේ Band කියලා කෙටි කරලත් කියනවා වචන ඉතුරු කරගන්න වෙනටැති.දැන් එමු Broadband වලට. මේකෙන් කියන්නේ විශාල Bandwidth සහිත සම්බන්ධතාවය කියලයි. ඒ කියන්නේ Bandwidth එක විශාල වශයෙන් ඇති ජාල කරණයක් මේ නමින් හඳුන්වනු ලබනවා. සරලයි නේද.ඔයාලත් අහලා ඇතිනේ ඇඩ් යනවා අධීවේගී Broadband අන්තර්ජාල සම්බන්ධතාව ඔබත් අදම මිලදී ගන්න කියනවා එකෙන්ම SLT ලා එහෙම.
අන්තර්ජාල සම්බන්ධතාව සහිතව ඉදිරිපත් කරන Broadband සම්බන්ධතා පහත විදියට බෙදලා වෙන් කරනවා
·  Narrow Broadband   - ඒ කියන්නේ ස්පීඩ් එක අවම Kb/s වලින් යන Broadband connections
· Broadband  - ස්පීඩ් එක මධ්‍යම Mb/s වලින් යන Broadband connections
·  Ultra Broadband    - හරියටම කිව්වොත් ස්පීඩ් එක පට්ට උපරිම Gb/s වලින් යන Broadband connection

සරලයි නේද වැඩේ. අදට ගිහින් එන්නම් යාළුවනේ..

ප.ලි - මේක ඔයාලගේ අමතර දැනුමට. මේ වෙනකම් හැක් කරලා තිබුනේ නැති ඒත් විද්‍යාඥයින් නිරතුරුවම අනතරු අඟවලා තිබුණු අන්තර්ජාලයට සම්බන්ධිත මුද්‍රණ යන්ත්‍ර එහෙමත් නැතිනම් PRINTERS විශාල ප්‍රමාණයක් පසුගිය පෙබරවාරි මාසයේදී හැක් කිරිල්ලකට යටත් වෙලා තිබ්බා කියලා ආරංචියක් ආවා. හොයලා බැලුවම කතාව ඇත්ත. හැබැයි මේ හැකර් දරුණු දෙයක් නම් කරලා තිබ්බේ නෑලූ. එයාගේ TWITTER එකවුන්ට් එකයි EMAIL ලිපිනයයි තව සංකේත වලින් අදිනු ලැබූ රොබෝවෙකුයි මේ හැක් කිරිල්ලට ලක් උණ මුද්‍රණ යන්ත්‍ර වලින් මුද්‍රණය වෙන විදියට ක්‍රියා කරලා විතරලු තිබුණේ. බලන්නකෝ එකෙත් හැටි. හරියට එයා මෙහෙමත් අවදානමක් ලෝකෙට තියෙනවා කියලා පෙන්නන්න කළ වගේද කියලත් හිතෙනවා. 

Thursday, March 9, 2017

කවුරුත් දන්න ඒත් නොදන්න ADSL

මොකක්ද අප්පා මේ කවුරුත් දන්න ඒත් නොදන්න ADSL කියන්නේ.? දන්නේ කියලා කිව්වේ ADSL කියන වචනේ අද ඉන්න පුංචිම ලමයත් අහලා තියෙන නිසා. ඒත් ගොඩාක් දෙනෙක් ADSL ගැන හරියට දන්නේ නෑ නේද? දන්න එකම දේ මේකෙන් ඉන්ටනෙට් යනවා කියන එක විතරනේ.

ඇත්ත තමයි. මේකෙන් Internet යන්න පුළුවන් තමයි. හැබැයි මේ තාක්ෂණය ඇතුලේ ගොඩාක් කථා තියෙනවා අපි නොදන්න. උදාහරණයක් විදියට කොහොමද මේ තඹ කම්බිය දිගේ ටෙලිෆෝන් ලයින් එක, ඉන්ටනෙට් සහ පියෝටීවී(IPTV) කියන තාක්ෂණ 03ම ගමන් කරන්නේ? ප්‍රශ්ණ නේද? හරි දැන් පිළිවෙලට ඉගෙන ගම්මු.

ADSL එහෙමත් නැත්නම් දිගට ඇදලා කිව්වම Asymmetric digital subscriber line කියලා අපි හඳුන්වන තාක්ෂණය ISDN කියන තාක්ෂණයට පස්සේ (ඇත්තටම කිව්වොත් ISDN විනාශ කරමින්) කරළියට ආව සහ තවමත් දෙයියනේ කියලා තැනක ඉන්න තාක්ෂණයක්. ඒකට හේතුව ඉහතින් සඳහන් කළ 03 in 01 සීන් එක.ඔයාලා දැකලා ඇති slt වගේ ISP කෙනෙක්ගෙන් දුරකථන ,අන්තර්ජාල පහසුකම් ගත්තහම වයර් මාර්ගයෙන් (රැහැන් මාර්ගයෙන්) සම්බන්ධතාවය ලබාදෙනවා. හරි ඒ රැහැන් ඇතුලේ තඹ කම්බි 02ක්. සමහරවිට ඔයාලා දැකලත් ඇති. අන්න තඹ කම්බි වලින් තමයි ඔය ඔක්කොම ගේම් දෙන්නේ.මේ කිව්ව copper cable එකේ bandwidth එක විදියට පෙන්වලා දෙන්න පුළුවන් 4Khz. එවගේම මතක තියාගන්න අපේ කටහඩේ ප්‍රමාණය 04Khz. එතකොට අපි මේ කථා කරන තඹ කම්බි දිගේ දෙයියනේ කියලා කටහඩ යවන්න එහෙමත් නැත්නම් දුරකථන ඇමතුමකට සෑහෙනවා නේද? හැබැයි එතනින් එහාට විශේෂිත වූ සේවාවන් සදහා මේ කියන සංඛ්‍යාතය ප්‍රමාණවත් වෙන්නේ නම් නෑ. අන්න එතැනදී තමයි මේ කියන තාක්ෂණික පැත්ත දිගහැරෙන්නේ.

අපි මේ කථා කරපු කිලෝ හර්ට් 04 (Khz)තඹ කම්බිය තුළින් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙන විශේෂිත වූ සේවාවන් ලබා ගන්න මේ copper cable එක හරහා යන 4khz සිග්නල් එක අනිවා වැඩි කරගන්න ඕනේ. එ කියන්නේ කම්බියේ bandwidth එක expand කරගන්න සිද්ධ වෙනවා. එතකොට මොකක්ද කරන්නේ තාක්ෂණික පැත්තෙන්. මේකයි වෙන්නේ. ADSL Modem 02 ක් මගින් මේ copper cable එක modulate සහ demodulate කිරිම කරනු ලබනවා.ඒ කියන්නේ exchange එකෙ සිට subscriber (user) දක්වා සහ subscriber (user) සිට exchange එක දක්වා මේ කියපු modulate / demodulate ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න රූපසටහන පැහැදිලි කරගන්න

එතකොට අර කලින් කියපු 4khz පමණක් ගමන් ගත්ත කම්බියේ bandwidth එක විශාල ප්‍රමාණයකින් වැඩි කරගැනීමේ හැකියාව ලැබෙනවා. හැබැයි මේ කියපු modulate / demodulate ක්‍රියාවලියට දුර ප්‍රමාණය කියන සාධකය බෙහෙවින් බලපානූ ලබනවා. එ කිව්වේ khz ප්‍රමාණය(සංඛ්‍යාතය) වැඩි වෙන්න වැඩි වෙන්න ගමන් කළ හැකි දුර අඩුවන අතර, සංඛ්‍යාතය අඩුවන්න අඩුවන්න ගමන් කළහැකි දුර ප්‍රමාණය වැඩිවෙනවා. මෙන්න මේ වගේ.


දැක්කද ඒ කේස් එක. ඒ කියන්නේ වැඩි සංඛ්‍යාතයක් ගනු ලබන විශේෂිත සේවාවන් (ip ටීවි සම්බන්ධතා, අන්තර්ජාල) වැනි සේවාවන් ආවරණය කළ හැකි පරාසය අඩු සීමාවක් විදියට තමයි දක්වන්න පුළුවන්.අපි මේ කථාකරපු ADSL තාක්ෂණය භාවිතා කළත් copper cable එකේ තියෙන limitation එක නවත්තන්න නම් බෑ පුතේ එකෙනුත්.ඒක නිසා ADSL service එකේ පරාසය කිලෝමීටර් 05 ට අඩු වපසරියකට සීමා වෙලා තියෙනවා.ඊට වැඩි සේවාවන් (ඒ කියන්නේ විශාල සංඛ්‍යාතයක් ඉල්ලන සේවාවන්) තවත් අඩු වපසරියකින් යුතුව තමයි බෙදා හැරීම සිදුවෙන්නේ.

පල්ලෙහා තියෙන ප්‍රස්ථාරයෙන් බලාගන්න පුළුවන් කොහොමද තනි ලයින් එකේ කටහඩ සහ දත්ත බෙදිලා යන්නේ කියලා


දැක්කා නේද සිද්ධිය. මේකේ නිල් පාටින් දක්වලා තියෙන්නේ voice පරාසය.හරි දැන් බලන්න data කියලා තියෙන කොටසේ upstream හා downstream කියලා 02ක් තියෙනවා නේද? හැබැවි ඒ 02කේ ප්‍රමාණයන් අසසමිතිකයි නේද? මොකක්ද ඒකට හේතව කියලා හිතන්නේ. හරිම සරලයි. ඔයාලා මොකක් හරි ඉන්ටර්නෙට් පැකේජ් එකක් ගත්තොත් ඔයාලට ඒකෙන් වැඩිපුරම අවශ්‍ය වෙන්නේ දත්ත නැත්නම් data ඩවුන්ලොඩ් කරගන්න නේද? අපි හැමෝම අප්ලෝඩ් (upload) එහෙමත් නැත්නම් පිරිසිදු සිංහලෙන් කියනවා නම් උඩුගත කරන ප්‍රමාණය අවමයි නේද? අන්න ඒක නිසා තමයි upstream එකට ලබා දෙන ප්‍රමාණය අඩු කරලා downstream එකේ ප්‍රමාණය වැඩි කරලා තියෙන්නේ.දැන් තේරුණද නියමෙටම.

තව දෙයක් මතක තියාගන්න මේක ADSL කියලා කියන එකේ A අකුරෙන් හඳුන්වනු ලබන්නේ Asymmetric එහෙමත් නැතිනම් අසසමිතිකයි කියන තේරුම. ඒ කියන්නේ up & down streams සමාන නෑ කියන එක. එක හින්දා තමයි ප්‍රමාණයන් 02කින් එම streams යුක්ත වෙන්නේ. හැබැයි ඔයාලට අවශ්‍ය නම් SDSL ලයින් උනත් ගන්න බැරිකමක් නෑ. ඒ කියන්නේ Symmetric එහෙමත් නැත්නම් ඉහතින් සඳහන් කළ streams 02ක එක සමාන ලයින්ස්.ඒ කියන්නේ අප්ලොඩ් ස්පීඩ් එක සහ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක සමාන කියන එක.

මේ කථාවම මම දිගටම ඉස්සරහට ගෙනියන්නම්. ඔයාලා දන්නවනේ ටෙලිෆෝන් ලයින් එක exchange එකට ගිහින් සම්බන්ධ වෙනවා කියලා. එතකොට data line එකට මොකද වෙන්නේ. දෙයියන්ගේ පිහිටෙන් data line එක voice line එකත් එක්ක කලවම් වෙලා දෙකම එකට යන්නේ නැත. ඒ කියන්නේ DSLAM (digital subscriber line access multiplexer)  නමින් හදුන්වනු ලබන වෙනම ඒකකයකට තමයි මෙම data line එක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ එතැනින් තමයි core network එකට සහ ISP ගේ network එකට සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ රූපය බලන්න(මතක ඇතිව දකුණේ ඉඳලා වමට බලාගෙන එන්න)


දැන් වැඩේ ක්ලික් නේද. හරි ඔන්න ඔය විදියට තමයි ADSL ලයින් එක වැඩ කරන්නේ. හැබැයි මතක තියා ගන්න මේ ලයින් එකේ අදටත් ගොඩාක් දුවන්නේ තඹ කම්බි.(twisted pair) ඉතින් ඒක නිසා කොච්චර කළත් විවිධාකාර බාධක (crosstalks, interferences, attenuation  ) අම්බානෙක තියෙන්න පුළුවන්. ඒ නිසා ලයාන් එකෙන් සපොට් කරන වේගය සීමා වෙන්නත් පුළුවන්. මෙකට හොඳම විසඳුමක් විදියට හඳුන්වලා දෙන්න පළුවන් fiber optic තමයි. මොකද fiber වල අපි ඉහතින් සඳහන් කළ බාධක (crosstalks, interferences, attenuation  )  වගේ දේවල් ඉතාමත් සීමිත ප්‍රමාණයක් පමණයි ඇතිවීමට හැකියාවක් තියෙන්නේ. ඒක නිසා ගෙදරට කේසේ වෙතත් අඩු ගානේ exchange එක වෙනකම් වත් core network එකේ ඉඳන් fiber වලින් ඇඳගන්න පුළුවන් උනොත් ටිකක් හරි ස්පීඩ් එක වැඩිකරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හැබැයි ඉතින් exchange එකෙන් සේවාව බෙදා හරින ග්‍රාහක පිරිස අනුව තමයි මේකේ වේගය ඉහලින්ම තීරණය වෙන්නේ කියලත් මතක තියාගන්න.

එහෙනම් මේ ලිපිය මේ විදියට හමාර කරන්නම්. තව මොකක් හරි මතක් උනොත් අනිවා මේ පොස්ට් එක අප්ඩේට් කරන්නම්. අළුත් ලිිපියකින් ඉක්මනටම හමුවෙමු..

Tuesday, February 21, 2017

TCP හා UDP Protocols ගැන වැඩිදුරටත්..

කාලෙකට එන්නේ නෑ කිව්වට තැපැලෙන් ආයෙම ඇවිත් නේද? ඇත්තටම ආසාවෙන් කරන දෙයක් වෙනුවෙන් කෙනෙක් කොහොම හරි තමන්ගේ කාලයෙන් කොටසක් වෙන් කරගන්නවා ඒ දේ කරන්න. ඒක අනිවා සත්‍යයක්.

හරි දැන් අපි කතා කරමු මාතෘකාව ගැන. මම මේ TCP හා UDP Protocols ගැන OSL Layers හා Protocols මාතෘකා වලදී ටික ටික කලා. නමුත් සැරටම කථා කෙරුනේ නෑ කියලා තමයි හිත කියන්නේ. ඒක නිසා අද ඒ ගැන ගැඹුරට කතා කරමු.

මොනවද මේ කියන මහ ලොකු Protocols දෙක. ඇත්තටම මේ Protocols 02 අපිට හම්බු වෙන්නේ OSL Layers වල තියෙන Transport Layer එකේදී තමයි.බලන්න මේ පහත රූපසටහන. මේකෙන් ඔයාලට පෙන්නනවා ඒ ඒ ලේයර් එකට අදාල  Protocols ටික.


දැන් දැක්කා නේද Transport Layer එකේ තියෙනවා TCP හා UDP කියලා Protocols 02ක්. මොනවද මේ  Protocols? ඇත්තටම මේවා Transport  Protocols.හරි අපි දැන් කථා කරමු මොනවද මේ සහ මොකටද ඕනේ වෙන්නේ කියලා. අන්තර්ජාලයේදී අපි එහා මෙහා යවන data packet එක හැදිලා තියෙනනේ මම පහතින් දක්වලා තියෙන structure එකට අනුව. 


මෙතැනදී අපි කතා කරන Transport layer එක ඇයි මේ structure එකට වැදගත් වෙන්නේ. අන්න ඒක තමයි මම දැන් පැහැදිලි කරන්න හදන්නේ. අපි ජාලය තුළ applications දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් භාවිතා කරමින් එක්වර කටයුතු කිරීමේදී ඒ කාර්යය සඳහා භාවිතයට ගැනෙන data packets එකම මොහොතක (semulataneously ) එහා මෙහා ගෙන යෑම  තමයි මෙන්න මේ ලේයර් එකෙන් සිද්ධ වෙන කාර්යය සරලම සිංහලෙන් කිව්වොත්. දැන් කොහොමද මේ කථාව වෙන්නේ. කියන්නම් සරලව

ඔන්න අමාරුවෙන් ඔයාලට මේ කථාව හගිස්සවන්න කියලා ඇනිමේෂන් Gif එකකුත් ගැටගහගත්තා.ඇත්තටම මේ දත්ත යැවීම කියන කතාව සිද්ධ වෙන්නේ ඉහතින් සඳහන් කරලා තියෙන විදියට කියලා දැන් ඔයාලට පැහැදිලි නේද.මතක තියාගන්න Transport layer එක විසින් එක නෙට්වර්ක් කනෙක්ෂන් එකක් සඳහා Ports 65000 පමණ ප්‍රමාණයක් ඇතිකරනු ලබනවා.මේ ports අතුරෙන් තෝරාගත් port එකට හෝ ports කිහිපය වෙත දත්ත යැවීම තමයි ඉහතින් සඳහන් කර රූපසටහනින් දක්වලා තියෙන්නේ.

දැන් මේ කියන Transport layer එක නියෝජනය කරන TCP හා UDP Protocols ගැන වෙන වෙනම කතා කරලා බලමු.

UDP - (User Datagram Protocol)

මේ Protocol එකේ විශේෂත්වය කුමක්ද? මේක connection less, Light weight Protocol එකක්. මේ Protocol එක හදලා තියෙන්නේ David.P.Reed කියන මහත්තයා විසින් 1980 දී පමණ.අර කිව්වත් වගේ මේ Protocol එක සරල කම නිසා තමයි ජනප්‍රිය වෙලා තියෙන්නේ. හැබැයි මේ කියන Protocol එක 100% විශ්වසය තියන්න පුළුවන් සහ Feedback එහෙම දෙන Protocol එකක් නම් නෙමේ.ඒ කියන්නේ අපි යවද්දී මොකක් හරි packet  එකක් මිසින් උනා හරි corrupt උනා හරි කියලා හිතන්න. දෙයියන්ගේ පිහිටයි ඒ ගැන කිසිම ආරංචියක් නම් ඔයාට ලොවෙත් ලැබෙන්නේ නෑ. ඒකාන්තයි. ඒක නිසා File, softwareවගේ දේවල් ඩවුන්ලෝඩ් කිරිල්ල හෝ database වගේ දේවල් සඳහා නම් මේ කියන UDP කියන Protocol එක භාවිතය කොහෙත්ම සුදුසු නෑ. මොකද මේ වගේ දේවල් වල සුළු දත්තයක් හරි වෙනස් වීමක් හෝ loss වීමක් සිදු උනොත් ඒ කතාව එතනින්ම නිමා වෙන නිසා තමයි UDP මේ කටයුතු සඳහා භාවිත නොකරන්නේ.තව දෙයක් මතක තියාගන්න UDP file header එක TCP file header එකට සාපේක්ෂව පොඩියි. ඒ කියන්නේ UDP packet එක TCP packet එකට වඩා පොඩියි
UDP File Header - 8 bytes
TCP File Header - 20 bytes

එතකොට UDP භාවිතා කරන්නේ? අන්න පොයින්ට් එක. ඔයා Youtube එකෙන් පට්ට වීඩියෝ එකක් බලනවා කියලා හිතන්න. ඒකේ එක බිට් එකක් හෝ දෙකක් හෝ loss විම නිසා ඔයා බලන වීඩියෝ එකට ලොකූ හානියක් සිදු වෙන්නේ නෑ. ඒ වගේම ඔයාට ඒක දැනීමක් වෙන්නෙත් නෑ. අනික feedback දිදී ඉන්න ගියොත් ඔයාට වීඩියෝ එක ලොඩ් වෙලා ඒක බලන්න වෙන්නේ තැපෑලෙන්.මොකද request කරන හැම packet එකටම feedback දෙන්න ගියොත් ඒක විකාරයක්නේ. හරි ඒ වගේම හිතන්න skype call එකක් ගන්නවා කියලා. ඒ වගේ අවස්ථාවකදී bit කිහිපයක loss වීමක් ඔයාගේ සංවාදයට ඒ හැටි බාදාවක් නෙමේ. එතැනදී ඔයාට වැදගත් වෙන්නේ ඉක්මනින් අනිත් කෙනොගේ ප්‍රතිචාරය දැනගැනීම. ඒක තැපෑලෙන් සිදු නොවීමට UDP protocol එකේ සරලකම වැදගත් වෙනවා. දැක්කා නේද UDP protocol එක ඔයාට එදිනෙදා වැඩවලට support කරන ආකාරය.

ඊලඟට TCP - (Transmission Control Protocol )

මේ Protocol එකේ විශේෂත්වය කුමක්ද? මේක Connection oriented සහ reliable Protocol එකක්. අපි දැන් කථා කරමු මේ protocol එකේ සුවිශේෂිතාවයන් පිළිබඳ. මේ protocol තුලින් ජාලය තුල නොඩ් 02ක් අතර සම්බන්ධතාවය ගොඩනඟා ගැනීමේදී 3-way handshake එකක් සිද්ධ වෙනවා පහත රූපසටහනේ දක්වලා තියෙන පරිදි.

තේරූණද වැඩේ. දැන් මේ විදියට දත්ත යැවීමට පටන් ගත්තම යවන නොඩ් එකේ(A) ඉදන් ලැබෙන නොඩ් එකට (B) දත්ත ගලාගෙන යාම ආරම්භ වෙනවා. එතැනදී B විසින් A වෙත Acknowledgement එකක් එවනවා ලැබුණු දත්ත පිලිබඳව. මෙතැනදී error detection එකක් සිද්ධ වෙනවා. හැබැයි මතක තියා ගන්න TCP හාදයා error correction වගේ ඇක්ෂන් එකක් නම් කරන්නේ නෑ. තව වැදගත් දෙයක් තමයි මෙයා in-order delivery කියන දේ.මන් දෙන්නම් උදාහරණයක්

හිතන්න abcd  efgh කියලා packet දෙකක් A කියන නොඩ් එකේ ඉදන් B කියන නොඩ් එකට යනවා කියලා. වැඩේ කියන්නේ කලවම් වෙලා efgh කියන packet එක තමයි මුලින්ම යැවිලා තියෙන්නේ. හැබැයි TCP protocol එකෙන් එහෙම mix උන packets ටික in-order හදා ගෙන තමයි B නොඩ් එකට deliver කරන්නේ. සාධාරණ හාදයෙක් නේද (ඒ කිව්වේ මුලින් deliver කරන්නේ abcd කියන packet එක හොඳේ)

තව දෙයක් තමයි මෙයා නෙට්වර්ක් එක ට්‍රැෆික් සහිතනම් ට්‍රැෆික් එක ඉවර වෙනකම් delay කරගෙන ඉදලත් delivery එක කරනවා. ඒ අතින් නම් සුපිරි නේද (congestion). මේ ගැන වැඩිදුර කතා කරමු ඉස්සරහට.

මේකේ තියන අවාසි තමයි header size එක ප්‍රමාණයෙන් වැඩියි. ඒක නිසා packet එක බරින් වැඩියි. තව දෙයක් තමයි මේක හරහා ක්ෂණික ප්‍රතිචාර, පියවරයන් ගැනීම අපහසුයි. මොකද feedback එක්ක එන නිසා. ඒ නිසා මුලින් UDP වල වගේ දේවල් කරන්න මේ protocol එකෙන් අමාරුයි. තේරුණාද වැඩේ සරලව. file transfer වගේ දේවල් remote access (ssh) වගේ වැඩ, database updating/maintains තව දහසකුත් කාර්යයන් සඳහා TCP protocol එක මිනිස්සු බහුලව භාවිතා කරනවා.

ඔන්න සරලව කතාව ආරම්භ කරපු protocol 02 ගැන කතා කළා.දන්න විස්තරත් ගොඩාක් කියලා දැම්මා. අදට ගිහින් එන්නම්





Friday, February 17, 2017

MAC Address එක ගැන දන්න හැමදේම

අපි කලින් පොස්ට් එකෙන් කථා කලා නේද Ethernet එක ගැන.හරි මේ Ethernet පරිසරයේ තියෙන host එකක් වෙන් කරලා අඳුරගන්න බාවිතා කරන ලිපිනය තමයි MAC Address එක කියලා කියන්නේ.මේ ගැන කලිනුත් ටිකක් කතා කලා කියලා මේ බ්ලොග් එකේ හැම දේම බැලුව අය දන්නවා ඇති. අද ටිකක් විතර වැඩිපුර කතා කරමු MAC Address එක ගැන.

අපි හැමෝටම තමන්ගේ අනන්‍යතාවය අඳුගන්න තියෙනවා නේද identity card එකක්. මේකත් ඒ වගේ තමයි Ethernet එකේදී නොඩ් එකක් අඳුරගන්න භාවිතා වෙන්නේ අපි මේ කතා කරන්න යන MAC Address එක. මේ කියන ඇඩ්‍රස් එක  කොහෙද තියෙන්නේ. මේක තියෙන්නේ පරිගණකයට සම්බන්ධ කරන ලද නෙට්වර්ක් කාඩ් එකේ.NIC (Network Interface Card) මේ කියන MAC Address එක මේ NIC එක නිශ්පාදනය කරන හාදයාම (Manufacturer) ම කාඩ් එකේ Firmware එකට බට් කරලා (ඇතුළත් කරලා )තමයි වෙලඳපලට එවන්නේ.මේ කියන MAC Address එකටම පෙලක් කට්ටිය Hardware Address කියනවා.

අපි මේ කතා කරන MAC Address එක බයිට් (bytes) 06 ක ප්‍රමාණයකින් සමන්විතයි. ඇත්තටම මේනවද මේ බයිට් (bytes) 06 යේ තියෙන්නේ. බයිට් (bytes) 06ක් කිව්වේ බිට් 48ක් නේ නේ.....ද?(මතකනේ ගණනය කරන විදිය . Byte 01 = Bit 08 යි). මේ කියපු 06 Bytes ඇත්තටම කොටස් 02කට බෙදෙනවා. මේ NIC එක හදන හාදයා (Manufacturer) මේකට අන්තර්ජාතික වශයෙන් සම්මත කේතයන් (IEEE) සඳහා 03 bytes යොදා ගන්නවා.එ කේතයට කියන්නේ Organizationally Unique Identifier කියලා. කෙටියෙන් කියනවා නම් සහ ෆීල්ඩ් එකේ බාවිතා වෙන්නේ (OUI) කියන වචනේ කෙටි කරලා.ඉතිරි 03 bytes වල තමයි නිශ්පාදකයා ඇතුළත් කරන කේත සඳහා බාවිතා කරනු ලබන්නේ.ඒ කේතයන් නම් කරනවා Globally Administered Address කියන තාක්ෂණික වචනේ. මෙන්න මේක බලන්න



දැන් කතාව තේරුණා නේද මේ වෙනකම්.මේ කියන MAC Address එක සමාන්‍යෙයන් ලියනු ලබන්නේ නම් hexadecimal digits 12කින් තමයි.hexadecimal කිව්වේ 16 පාදයේ ඕං. හරියට මේ වගේ සීන් එකක්.
D8-D3-85-EA-1B-EE

මේ හැම hexadecimal digit එකක්ම බ්ට් 04 ක ප්‍රමාණයකින් සමන්විතයිලූ. මුල් hexadecimal digits 06න් තමයි මේ MAC Address එක නිශ්පාදනය කරපු නිශ්පාදකයාව විස්තර කරන්නේ .මේකේ විදියට නම් Hewlett Packard නොහොත් කවුරුත් දන්න hp Brand එක)

දැන් මම කියන්නම් ඔයාලා කොහොමද තමුන්ගේ මැෂින් එකේ MAC Address එක අඳුරගන්නේ කියලා

1. මුලින්ම යන්න start menu එකට----> ගිහින් එකේ search box එකේ ටයිප් කරන්න cmd කියලා
2. දැන් ඔයාලට command prompt එක ලැබෙයි-----> එකේ ටයිප් කරන්න ipconig/all කියලා


ඔයාලට මෙන්න මේ වගේ සීන් එකක් ඩිස්ප්ලේ වෙයි. මම මේකේ පොඩි පොඩි ෆිගර් ටිකක් මැකුවා මතු ආරක්ෂාවට කියලා.එකෙන්ම සමා වෙන්න හොඳේ. දැන් එතකොට ලිනක් වගේ එවා පාවිච්චි කරන ප්‍රබුද්ධ පුද්ගලයින්ට (එහෙම කිව්වට සමාවෙන්න.ඇත්තටම ලිනක්ස් ආතල් වින්ඩෝස් උන් දන්නේ නෑ ලොවෙත්.sudo තමයි නේද)

එයාලත් යන්න shell එකට----->.ගිහින් ගහන්න ipconfig කියලා.එකකොට එයි ලස්සනට පේලියට මේ වගේ 


මෙන්න මේ කියන HWaddr සටහනෙන් පෙන්නන්නෙත්  MAC Address එකම තමයි.කට්ටියම  MAC Address එක ගැන මොනාම හරි ඉගෙන ගත්ත නේද. එහෙනම් එකෙන්ම සන්තෝෂයි. 

අයේම තව ටික කාලයක් යයි පෝස්ට් එකක් දාන්න.මොකද විබාගේ අත ලඟ. ඒ උනත් දිගටම බ්ලොග් එකත් එක්ක ඉන්න. නොදන්න දෙයක් තියෙනවා නම් chat එකේ ලියලා යන්න.මන් අනිවා රිප්ලයි කරන්නම්. නැත්නම් මේල් එකක් දාන්න. බුදු සරණයි..!

Thursday, February 16, 2017

Ethernet ගැන දන්න සිංහලෙන්

ටික දවසකින් මේ පැත්තට එන්න බැරි උනේ විභාගයක් අතලඟ නිසා, අම්බානෙක කාර්යබහුල උන නිසා හා අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම දුෂ්කර උන නිසා. හරි ඔන්න අද සුපිරි මාතෘකාවක් අරන් ආවා. මම අද කියන්න යන්නේ අපි හැමෝම අහලා තියෙන ඒත් හරිහමන් අදහසක් ගන්න බැරි තවත් ජාල සමඟ සම්බන්ධ වචනයක් ගැන කථාවක්. මේක නිකන් ගුගල් හොයලා බැලුවොත් නම් ලංකාවේ එක බ්ලොග් එකකවත් හොයාගන්න නෑ. ඇත්තටම ඇයි ඒ. මම අද කියන්න යන්නේ Ethernet ගැන.මුලින් දැන ගන්න ටිකක් අමාරු උණත් පස්සේ ආස උන මාතෘකාවක් තමයි මේක

ඇත්තටම මොකක්ද මේ Ethernet කියන්නේ.වචනේ පරිසමාප්ති අර්තයෙන්ම මේක network architecture එකක් හොදේ. ඒ කියන්නේ අපි මුලින් කතා කල topology ,FDDI, ATM වගේ මේක අද කාලේ ජනප්‍රිය network architecture එකක්.මේ ක්‍රමය 1980 වගේ කාලයේදී තමයි වානිජ වශයෙන් හඳුන්වා දීලා තියෙන්නේ. තේරුණද? මේ network architecture එක එහෙමත් නැතිනම් Ethernet බහුලවම භාවිතා කරන්නේ LAN, MAN සඳහා සහ WAN සඳහාත් භාවිතා කරනවා. මේක අන්තර්ජාතික වහයෙන් පිළිගැනීමකට ලක්වෙලා  IEEE 802.3 කියන සම්මතයෙන් ආවේ 1983 වර්ෂයේදී.මේ Ethernet බහුල වශයෙන් ජනප්‍රිය වෙන්න හේතුව තමයි විශාල දත්ත පරාසයක් (bit rate) හැසිරවිය හැකිවීම සහ දිගු දුර සබැඳියාවන් නිසා. 

ඔන්න Ethernet network එකකට දෙන්න පුළුවන් සරල උදාහරණයක්



මේ කියන Ethernet සංකල්පය පටන් ගත්ත යුගයේ 10base5 නෙට්වර්ක්ස් coaxial cable (අමු තඹ කම්බියෙන්) දිව්වත් කාලය මැව් වෙනසත් සමගින් twisted pair, fiber optic වැනි කේබල් සමඟින් Ethernet hub, switches වැනි උපාංග වලින් සන්නද්ධව ඉදිරියට ආවා. මෙතැනදී සරලව දක්වන්න පුළුවන් දේ තමයි විවිධාකාර වූ ජාල සමඟින් එක්ව අපි මේ කථා කරන Ethernet එක ගොඩනඟන්න හැකියාව ලැබීම තමයි මේ සංකල්පය ප්‍රචලිත වෙන්න හේතුව

දැන් අපි කතා කරමු Ethernet Frame එහෙමත් නැත්නම් payload එක ගැන. දන්න සිංහලෙන් කිව්වොත් මේ කියන Ethernet එකේ යවන හෝ එවන දත්තයක් (data packet ) එකක් ගමන් ගන්නා විදිය තමයි මන් මේ කිව්ව frame එක.


මේකතමයි Ethernet  එකේ අපි යවන packet එකක header එක.තව මේකත් එක්ක payload එක එහෙමත් නැත්නම් අපි යවන දත්තය යනවා හොඳේ.දැන් අපි බලමු මේ header එකේ විස්තර වෙන වෙනම.

preamble - මේ කියන field එකෙන් තමයි නෙට්වර්ක් එකට ඉඟියක් එහෙමත් නැත්නම් සංඥාවක් දෙන්නේ frame එක එහා මෙහා යන ගමන ආරම්භ කළා කියලා. ටෙක්නිකල් විදියට synchronization වෙනවා කියලා දන්වන්නේ මේ header කෑල්ලෙන්.

SFD - (Start Frame Delimiter) - මෙතැනදී ලකුනු කරගන්නවා අපිට යවන්න අවශ්‍ය නොඩ් එකේ එහෙමත් නැත්නම් ජාලයකනම් යවන්න ඒනේ පරිගනකයේ MAC Address එක



තවම ඉවර නෑ හොඳේ.....

 
Angry Birds -  Help